Divaina - රන්ජන්ට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

පුවත්

 

-----------------------------------------------------divaina

p1 2"ශ්‍රී ලංකාවේ විනිසුරුවන් බහුතරයක්‌ දූෂිතයන්" යෑයි රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසිද්ධ චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු වී ඇති බැවින් එම වරදට දඬුවම් නියම නොකිරීමට ඔහුගෙන් හේතු විමසීම සඳහා නීතිපති සකස්‌ කළ ආඥවේ කෙටුම්පත ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (30 වැනිදා) ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුවට අදාළව රන්ජන් රාමනායක මහතාට භාරදීම සඳහා නීතිපති සකස්‌ කළ චෝදනා පත්‍රයේ කෙටුම්පතද අතිරේක සොලිසිටර් ජනරාල් නවාන මහතා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම කෙටුම්පත් දෙකම ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් නඩු දිනයේ ශේ්‍රෂ්ඨාධිකරණය කළ දැනුම් දීමකට අනුවයි.

කෙටුම්පත් දෙක අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායකට එරෙහිව නඩුවක්‌ පවත්වාගෙන යැම පිළිබඳව ශේ්‍රෂ්ඨාධිකරණය ගන්නා තීරණය ලබන 08දා ඔහුට දැනුම් දෙන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සඳහන් කළේය.

රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක්‌ පැවැත්වීමට තීරණය කරනු ලැබුවහොත් ඊට පෙර ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා පත්‍රය කියවා භාරදීම සිදු කෙරනු ඇත. ඉන් අනතුරුව චෝදනාවලට වැරදිකරුද, නැද්aද යන්න ඔහුගෙන් විමසනු ඇත.

නි. ඇමැති රන්ජන් රාමනායක මහතා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවට කැඳවනු ලැබුවේ දැනට වසරකට පමණ පෙර ඔහු ප්‍රසිද්ධියේ කළැයි කියන ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදුව ඇති බවට ඉදිරිපත් වූ පැමිණිලි 2 ක්‌ සලකා බැලීමෙන් අනතුරුවයි.

විනිසුරුවන් හෙළා දකිමින් ඔවුන්ට අගෞරවයක්‌ වන ආකාරයට ඔහු කළ ප්‍රකාශයේ බරපතළකම ගැන සලකා ඔහු කළ වරදට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 105 (3) යටතේ ඔහුට එරෙහිව නඩු විභාගයක්‌ පවත්වා සුදුසු දඬුවමක්‌ නියම කරන ලෙසද පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ.

රන්ජන් රාමනායකට එරෙහිව එම පැමිණිල්ල කළේ මහගල්කන්ද සුදන්ත හිමි, ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු වන රණවක සුනිල් පෙරේරා මහතා විසිනි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් කේ. මලල්ගොඩ සහ දෙහිදෙනිය යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම විභාගය පැවැත්වේ.

අධිනීතිඥ රසික දිසානායක මහතා සහ නිසංසලා විඡේසිංහ මහත්මිය පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටිති.

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතායි.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

සරත් ධර්මසේන
 

Breaking News

kandos ad2

කතුවැකිය

විශේෂාංග

Singithi Web Banner

ක්‍රීඩා

කාටුන්

විදෙස් පුවත්

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles