The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
 බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට අනුයුක්‌ත කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සියලුම ක්‍ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද (18 වැනිදා) අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයක නිරත වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය "දිවයින" ට ඊයේ (17 වැනිදා) පැවසුවාය.
 
 මෙම වැඩ වර්ජනය නිසා නුගේගොඩ, මහරගම, මොරටුව, පිළියන්දල, දෙහිවල, රත්මලාන, කොලොන්නාව, ගොතටුව, කහතුඩුව, කඩුවෙල, පාදුක්‌ක, පිටකෝට්‌ටේ, හෝමාගම ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18 ක වැඩකටයුතු ඇණ හිටින බව ද ඇය සඳහන් කර සිටියාය.
 
 මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේද කියා සිටියාය.
 
 "වසර පහකට වැඩි සේවා කාලයක්‌ ඇති ක්‍ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ස්‌ථාන මාරු අපේක්‍ෂාවෙන් ඉන්න කොට පහුගිය 02 වැනිදා පත්වීම් ලැබූ නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට කිසිදු ප්‍රතිපත්තියකින් තොරව ඔවුන්ගේ ස්‌ථිර පදිංචි ස්‌ථාන වන කළුතර දිස්‌ත්‍රික්‌කයට පත්වීම් ලබාදීලා තියෙනවා. මේක වැරදියි. අනිත් එක තමයි නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්a අනුයුක්‌ත කිරීමේදී ඔවුන් ලබා ගන්නා කුසලතාවය මත අනුයුක්‌ත කිරීම් සිදු කළත් යම් යම් පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් කුසලතාවන්a නොසලකා කළුතර දිස්‌ත්‍රික්‌කයට පත් වීම් ලබාදීලා තියෙනවා. මේවා හරි අසාධාරණයි. මෙන්න මේ නිසයි ක්‍ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වර්ජනයේ නිරත වන්නේ. බලධාරීන් මේකට කඩිනම් විසඳුමක්‌ ලබා නොදුන්නොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙනවා". "දැන් මේ වැඩ වර්ජනයට 370 කට අධික ක්‍ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එක්‌වෙනවා.
 

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles