Divaina - අගමැති අද ඉන්දියාවේ නිල සංචාරයක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

SC DM365x90 S

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21 දා) ඉන්දියාවේ නිල සංචාරයක්‌ සඳහා පිටත්ව යැමට නියමිතය.

මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලියේදී මුණගැසීමට නියමිත අතර වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම් නාත් කෝවින්ද් මහතා ද හමුවනු ඇත.

මෙම 23 වැනිදා නවදිල්ලියේ එරොසිටිහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වැනි ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද වික්‍රමසිංහ මහතා සහභාගි වනු ඇත. මෙවර සමුළුවේ තේමාව වනුයේ "සැමට සයිබර් ( තිරසර සංවර්ධනය සඳහා ආරක්‌ෂිත හා පරිපූර්ණ සයිබර් අවකාශයක්‌" යන්නය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වෙති.

අකිත පෙරේරා

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

puja250new

නවලිය

niranjala250

දියග

diyaga250

මීවිත

victor250

More Articles