Divaina - සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 

හසිත චාමිකර ගුණසිංහ
සහකාර අධ්‍යාපන අධ්‍යක්‌ෂ
අධ්‍යාපන අමාත්‍යාංශය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


f1නූතන බොදු පුනරුදයේ පුරෝගාමියා වශයෙන් හ`දුන්වන්නේ වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ය. එකල ක්‍රිස්‌තියානි මිෂනාරීන්ගේ සංස්‌කෘතික ආක්‍රමණයට පිළිතුරු වශයෙන් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් වාද කිහිපයක්‌ම පවත්වන ලද අතර ඉන් වඩාත් ප්‍රකට වූයේ වර්ෂ 1873 දී පැවැත්වූ පානදුරාවාදයයි. මෙම සෑම වාදයකදීම බුදුදහමේ සත්‍යතාව සනාථ කිරීමට ගුණානන්ද හිමියන් විසින් කටයුතු කරන ලද්දේ ක්‍රිස්‌තියානි පාර්ශ්වය දුර්මුඛ කරමිනි. මීට අමතරව ග්‍රන්ථ සම්පාදනය කරමින් හා අමුද්‍රිතව පැවති බෞද්ධ ග්‍රන්ථ මුද්‍රණය කරමින් විශිෂ්ට අන්දමේ ශාස්‌ත්‍රීය සේවාවක්‌ සිදුකිරීමට ද උන්වහන්සේ මූලික වූහ. මෙම සියලු කටයුතු සිදුවූයේ උන්වහන්සේ වැඩසිටි කොටහේනේ පිහිටි දීපදුත්තාරාමය නම් විහාරස්‌ථානයේ කේන්ද්‍ර කොටගෙන ය.

කොළඹ නගරයේ ඉදි වූ ප්‍රථම විහාරස්‌ථානය වශයෙන් සැලකෙන දීපදුත්තාරාමය වර්ෂ 1873 දී ආරම්භ වූ බව පිළිගැනේ. කොටහේනේ කුලතුංග විඡේසිරිවර්ධන වලව්වේ කොටසක පවුලේ පුද්ගලික විහාරය වශයෙන් පැවති මෙය වඩාත් විධිමත් අන්දමින් ඉදිකරවනු ලැබුවේ සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග විඡේසිරිවර්ධන මුදලිතුමා හෙවත් රටගිය මුදියන්සේගේ මූලිකත්වයෙනි. අනතුරුව සීනිගම ධීරක්‌ඛන්ධ හිමිපාණන් වහන්සේට පූජා කරන ලද මෙම විහාරස්‌ථානයේ අධිපතිත්වයට වර්ෂ 1844 දී පත් මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියෝ විහාරයට 'දීපදුත්තාරාමය' යනුවෙන් නම් තබමින් වඩ වඩාත් දියුණුවට පත්කරන්නට වූහ. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව කෙටි කලක්‌ වස්‌කඩුවේ ශ්‍රී සුභූති මහානාහිමියන්ගේ භාරකාරීත්වය යටතේ පැවති දීපදුත්තාරාමයේ විහාරාධිපතිත්වයට ඉන් අනතුරුව පත්වූයේ සියම් රාජ කුමාර ප්‍රිස්‌දාන් චුම්සායි ජිනවරවංස හිමිපාණන් වහන්සේ ය.

සියම් සිහසුන ඉසිලු තුන්වන රාම හෙවත් නංක්‌ලාඕ රජුගේ (1824-1851) සිවුවන පුත්‍රයා වූ ක්‍රොම් ඛුන් රාඡ් සිහවික්‍රොම් කුමරු (Prince Krom Khun Rajsihavikrom) සහ මොම් නොයි කුමරියට (Mom Noi Chumsai Na Ayudhya) දාව ප්‍රිස්‌දාන් චුම්සායි කුමරු උපත ලද්දේ වර්ෂ 1851 පෙබරවාරි මස 23 වනදා ය. පසුව සියම් සිහසුන ඉසිලු සතරවන රාම හෙවත් මොංකුට්‌ රජුගේ (1851-1868) ඥාති මුනුපුරකු වූ ප්‍රිස්‌දාන් කුමරු, පස්‌වන රාම හෙවත් චූලාලංකාර රජුගේ (1868-1910) ඥාති පුත්‍රයකු ද විය.

මොංකුට්‌ රජුගේ මෙන්ම චූලාලංකාර රජුගේ ද අනුග්‍රහය ඇතිව විශ්වවිද්‍යාල මට්‌ටම දක්‌වා සිය අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව ප්‍රිස්‌දාන් කුමරුට හිමිවූයේ රජ පවුලේ සාමාජිකයකු වීම හේතුවෙනි. ඒ යටතේ සිංගප්පූරුවේදී මූලික අධ්‍යාපන ලබාගත් කුමරු වර්ෂ 1871 දී උසස්‌ අධ්‍යාපන කටයුතු ස`දහා මහා බ්‍රිතාන්‍යයට පිටත් විය. එහිදී ඉංජිනේරු ශාස්‌ත්‍රය පිළිබ`ද උපාධියක්‌ වර්ෂ 1876 දී ඔහු හිමිකරගත්තේ එංගලන්තයේ ප්‍රකට උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ වූ King’s College මගිනි. එම වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී කුමරු ත්‍යාග රාශියක්‌ හිමිකරගන්නේ එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය විලියම් ග්ලැඩ්ස්‌ටෝන් මහතාගේ විශේෂ පැසසුමක්‌ සහිතව ය. මේ පිළිබ`ද වර්ෂ 1876 ජූලි මස 7 වනදා පළ වූ The Times පුවත්පතෙන් ද ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. බටහිර විශ්වවිද්‍යාලයකින් උපාධියක්‌ හිමිකරගත් ප්‍රථම සියම් ජාතිකයා වීමේ ගෞරවය ද මෙනිසා කුමරුට හිමිවිය.

පෙරළා සිය රටට පැමිණි ප්‍රිස්‌දාන් කුමරු නැවත වරක්‌ මහා බ්‍රිතාන්‍යයට පිටත්ව යන්නේ බ්‍රිතාන්‍ය ඉංජිනේරු සමාගම් කිහිපයක සේවයකොට වෘත්තීය අත්දැකීම් ලබාගැනීමේ අපේක්‌ෂාවෙනි. ඒ යටතේ ඕලන්දයේ Zuiderzee නම් වේලි ව්‍යාපෘතියට ද කුමරු සම්බන්ධව සිටි බව ස`දහන් වේ. වර්ෂ 1879 දී සියම වෙනුවෙන් රාජ තාන්ත්‍රික සේවය ස`දහා ප්‍රිස්‌දාන් කුමරු තෝරාගනු ලැබූ අතර මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් පළමු වරට පත්කරන ලද සියම් තානාපති ධුරය වර්ෂ 1880 දී ඔහුට හිමිවිය. ඒ යටතේ වර්ෂ 1881 දී සිය අක්‌ත පත්‍රය වික්‌ටෝරියා රැජණට පිළිගන්වමින් සිය රාජකාරි අරඹන ලද කුමරුට, වසර පහක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ යුරෝපා රටවල් 11 ක්‌ සහ ඇමරිකා එක්‌සත් ජනපදය වෙනුවෙන් පත්කරන ලද සියම් තානාපතිවරයා වශයෙන් භාරධුර වගකීමක්‌ ඉටුකිරීමට සිදුවිය.

සියම් තානාපතිවරයා වශයෙන් විදෙස්‌ රටවල සහයෝගය තම රටේ දියුණුව උදෙසා යොදාගැනීම පිළිබ`ද ප්‍රිස්‌දාන් කුමරුගේ අවධානය නිරතුරුව යොමුව තිබිණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් වර්ෂ 1855 දී බ්‍රිතාන්‍ය රජය සමග ඇතිකරගෙන තිබූ එක`ගතාවය සංශෝධන කොට සියම තුළ තැපැල් හා විදුලි පණිවුඩ සේවාව ස්‌ථාපනය කිරීමට සහ සියම ස`දහා විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකරන ලද්දේ ප්‍රිස්‌දාන් කුමරුන් විසිනි. ඒ වෙනුවෙන් වර්ෂ 1884 දී ලිස්‌බන් හා වර්ෂ 1885 දී බර්ලින්වල පැවති විශ්ව තැපැල් සංගමයේ මහ සමු`ඵ ස`දහා ද කුමරු සහභාගි විය. එපමණක්‌ නොව සියම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රදර්ශනවල (Universal Exposition) අවස්‌ථාවක්‌ ලබාගැනීමට ද කුමරු විසින් ප්‍රයත්න දරන ලද අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් වර්ෂ 1900 දී පැරීසියේ පැවති ජාත්‍යන්තර ප්‍රදර්ශනයෙන් (Exposition Universelle) සියම වෙනුවෙන් වෙන්කළ කොටසක්‌ ලබාගැනීමට හැකිවිය. මෙම කාලසීමාවේදී සියම් රජු විසින් චූල චොම් ක්‌ලාඕස්‌ (Royal Order of Chula Chom Klaos ) නම් සිවුවන ශේ්‍රණියේ රාජකීය ගෞරව පදවියට ප්‍රිස්‌දාන් කුමරුව පත්කරන ලද්දේ ඔහුගේ සේවය අගය කරමිනි.

මේ වන විට මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන වැඩපිළිවෙල පිළිබ`ද විදෙස්‌ රටවල පවා ප්‍රචාරය වෙමින් පැවතිණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මහා බ්‍රිතාන්‍යය බලා පිටත්වන අතරවාරයක වර්ෂ 1886 දී ප්‍රිස්‌දාන් කුමරු මෙරටට පැමිණෙන්නේ ගුණානන්ද හිමියන්ව ද හමුවීමේ අපේක්‌ෂාව ඇතිව ය. කොටහේන දීපදුත්තාරාමයට කුමරු පැමිණි අවස්‌ථාවේදී දෙස්‌ විදෙස්‌හි ශාස්‌ත්‍රඥයකු වශයෙන් ප්‍රකටව සිටි වස්‌කඩුවේ සුභූති නාහිමිපාණන් වහන්සේ හ`දුනාගැනීමට ද කුමරුට හැකිවිය. උන්වහන්සේ හා කුමරු අතර පැවති පිළිස`දර කෙතෙක්‌ වීද යත් තමාට විවේකයක්‌ ලැබුණු අවස්‌ථාවක ලංකාවට පැමිණ උන්වහන්සේ සමීපයේ පැවිදි වන බව කුමරු ප්‍රකාශ කළ බව කියෑවේ.

මෙම කාලසීමාවේදී යුරෝපා රටවල් ස`දහා පත්කළ සියම් තානාපතිවරයා වශයෙන් නව යටත් විජිත ඇතිකිරීමේ කාර්යයේ නියෑළී සිටි යුරෝපා රටවලින් සියම මුදා ගැනීම ස`දහා සියම් දේශයේ සිදුවිය යුතු ප්‍රතිසංස්‌කරණ පිළිබ`ද ප්‍රිස්‌දාන් කුමරුගේ අවධානය යොමුව තිබිණි. ඒ යටතේ වර්ෂ 1885 දී පළමු වරට සියම් දේශය වෙනුවෙන් ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත්කොට ව්‍යවස්‌ථානුකූල රාජාණ්‌ඩුවක්‌ ඇතිකිරීම ස`දහා යෝජනාවලියක්‌ ප්‍රිස්‌දාන් කුමරු විසින් සම්පාදනය කරන ලදී. සියම් කුමාරුවරුන් කිහිප දෙනෙක්‌ම ඒ ස`දහා එක`ගත්වය පළ කරමින් අත්සන් තබා තිබිණි. එහෙත් එවන් පු`ඵල් ප්‍රතිසංස්‌කරණයක්‌ සිදුකිරීමේ අපේක්‌ෂාවක්‌ සියම් රජුට නොවූ හෙයින් එම ව්‍යවස්‌ථා කෙටුම්පත හෝ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්‌ වූ බවක්‌ නොපෙනේ. ඒ වන විටත් එම ව්‍යවස්‌ථා කෙටුම්පත හා යෝජනාවලිය ප්‍රසිද්ධියට පත්ව තිබීම හා එමගින් බහු විවාහ ක්‍රමයට එරෙහි වීම වැනි කරුණු කෙරෙහි සියම් රජුගේ ප්‍රසාදයක්‌ නොතිබූ බව ද කියෑවේ.

මේනිසා වර්ෂ 1886 දී තානාපති සේවයෙන් ඉවත්ව වහාම සියමට පැමිණිය යුතු බවට ප්‍රිස්‌දාන් කුමරුට නියම කෙරිණි. ආපසු සිය රටට පැමිණි කුමරුව පරිපාලන කටයුතු ස`දහා සම්බන්ධ කරන ලද අතර ඒ යටතේ තැපැල් හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වශයෙන් ඔහුව පත්කෙරිණි. සියම තුළ තැපැල් හා විදුලි පණිවුඩ සේවාව ස්‌ථාපනය වීම තමාගේ මූලිකත්වයෙන් සිදු වූ කටයුත්තක්‌ වූ හෙයින් වඩාත් සක්‍රීයව ඒ ස`දහා සම්බන්ධවීමේ අවස්‌ථාව නව තනතුරත් සමග කුමරුට උදාවිය.

කෙසේ වෙතත් සියමේ ව්‍යවස්‌ථානුකූල රාජාණ්‌ඩුවක්‌ ඇතිකර ගැනීමේ අභිලාෂයෙන් සිටි කුමරුට වර්ෂ වර්ෂ 1890 දී චූලාලංකාර රජු බලයෙන් පහකර සිහසුන අත්කර ගැනීමේ උත්සහයක්‌ පිළිබ`ද රාජෙද්‍රdaහී චෝදනාවක්‌ එල්ල විය. එය ප්‍රතික්‌ෂේප කළ කුමරු සියමෙන් පිටත්වන්නට තීරණය කරන්නේ අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමේ අපේක්‌ෂාවෙනි. සියමෙන් පිටත් වූ කුමරු කලක්‌ ඉන්දියාවේ ගත කළ බව කියෑවේ.

ප්‍රිස්‌දාන් කුමරු සිය පැවිදිවීමේ බලාපොරොත්තුව සපුරා ගැනීම ස`දහා වර්ෂ 1896 දී ලංකාවට පැමිණෙන අතර ඒ වන විට මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් අපවත් වී වසර හයක්‌ ගතව තිබිණි. එවකට අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක පවර නේරුත්තිකාචාරිය මහා විභාවි වස්‌කඩුවේ ශ්‍රී සුභූති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් එම වර්ෂයේ නොවැම්බර් 5 වනදා වස්‌කඩුවේ අභිනවාරාමයේදී ප්‍රිස්‌දාන් කුමරු පැවිදි බිමට පිවිසෙන්නේ 'ජිනවරවංස්‌ නාමයෙනි. ලේඛනවල අත්සන් තැබීමේදී පී.සී. ජිනවරවංස නමින් උන්වහන්සේ භාවිත කළ හෙයින් සම්පූර්ණ පැවිදි නාමය වූයේ ප්‍රිස්‌දාන් චුම්සායි ජිනවරවංස වූ බව පෙනේ. මේ හැරෙන්නට 'සියම් කුමාර හාමුදුරුවෝ' යන අපර නාමයක්‌ ද උන්වහන්සේට භාවිත විය. සියම් රාජකීයයකු තමන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි කළ හෙයින් එතැන් පටන් වස්‌කඩුවේ ශ්‍රී සුභූති මාහිමියන්ට ද 'රාජගුරු' යන ගරු නාමය භාවිත වූ බව කියෑවේ.

f2සියම් රාජ කුමාරුවරුන්ට අදාළ සම්පූර්ණ නිල ඇ`දුමෙන් සැරසුණු ප්‍රිස්‌දාන් කුමරු පැවිදි පින්කම ස`දහා සහභාගි වූ තමාගේ සියලු ආභරණ, පදක්‌කම්, හිස්‌ වැසුම සහිත නිල ඇ`දුම තුනුරුවනට පූජා කරන ලද බව කියෑවේ. එහි වටිනාකම රන් පවුම් තුන් දහසක්‌ පමණ වෙතැයි කියනු ලැබේ. මීට අමතරව කුමරුගේ මුඩු කරන ලද හිස කෙස්‌, හැ`ද සිටි සිල් රෙදි ආදිය ඇතුළු සියලු දෑ ආවරණවල අසුරා වර්තමානය දක්‌වාම වස්‌කඩුවේ ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබේ.

පසුව එම වර්ෂයේදී ජිනවරවංස හිමියන් ඉන්දියාවේ පූජනීය ස්‌ථානය වැ`ද පුදා ගැනීමේ අපේක්‌ෂාවෙන් එහි වැඩම කරවන ලදී. ලුම්බිණි, බුද්ධගයා, බරණැස හා කුසිනාරා යන පුණ්‍ය භූමි වන්දනා කරන ලද උන්වහන්සේට ලුම්බිණියේදී අසල වතුයායක හිමිකරුට නටබුන්ව පැවති ස්‌තූපයක්‌ කොටස්‌ හමු වූ පුවත සැලවිණි.

ඉංගී්‍රසි ජාතික ඉංජිනේරුවරයකු වූ විලියම් ක්‌ලැක්‌ස්‌ටන් පෙප්පේ (W. C. Peppe) බ්‍රිද්පූර් ප්‍රදේශයේ වතු යායක්‌ මිලට ගෙන එහි වගා කටයුතු සිදුකරවමින් සිටි අතර ඔහුගේ අවධානය යොමුවූයේ වතුයායේ විශේෂ ලක්‌ෂණවලින් යුතු ක`දුගැටයක්‌ පිළිබ`දව ය. වර්ෂ 1897 දී ඔහු විසින් එම ක`දුගැටයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර එය ස්‌තූපයක්‌ බව හ`දුනාගැණුනු හෙයින් 'පිප්‍රාවා ස්‌තුපය' නමින් නම් කෙරිණි. කැණීම් අතරවාරයේදී ස්‌තූපයේ අභ්‍යන්තරයේ විශාල ප්‍රමාණයේ ශෛලමය මංජුසාවක තිබී කුඩා ධාතු කර`ඩු කිහිපයක්‌ සොයාගැනීමට පෙප්පේ මහතාට හැකිවිය. එම ධාතු කර`ඩුවල කොටා තිබූ අක්‌ෂර කියවීමේ කටයුතු ස`දහා වින්සන්ට්‌ ආතර් ස්‌මිත්, වස්‌කඩුවේ ශ්‍රී සුභූති මහානාහිමියන් ඇතුළු විද්වත් පිරිසකගේ දායකත්වය හිමි වූ අතර එමගින් තහවුරු වූයේ මෙම කර`ඩුවල අන්තර්ගත වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බවයි. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් දිනකට පසුව පැවති ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව ෙද්‍රdaණ බමුණාගේ මැදිහත්වීමෙන් සර්වඥ ධාතූන් වහන්සේලා රාජ්‍ය අටකට බෙදනු ලැබූ අතර ඉන් බුදුන්ගේ ඥාති ශාක්‍යයන්ට හිමි වූ කොටස තැන්පත් කරන ලද්දේ මෙම ස්‌තූපය අභ්‍යන්තරයෙහි බව ද හ`දුනාගැනිණි.

මේ පිළිබ`ද සැලවීමත් සමග පෙප්පේ මහතා සමග ලිපි සංවාදයක්‌ සිදුකරන ලද ජිනවරවංස හිමියෝ ධාතු කර`ඩු සොයාගැනීමෙන් සතියකට පමණ පසු බ්‍රිද්පූර් වතුයායට වැඩම කළහ. උන්වහන්සේගේ අපේක්‌ෂාව වූයේ පිප්‍රාවා ස්‌තූපයෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවාසී බෞද්ධයන්ට සහ ඒ වන විට සිටි ලොව සිටි එකම බෞද්ධ රජු වූ සියමේ චූලාලංකාර රජු වෙත ලබාගැනීමයි. වස්‌කඩුවේ ශ්‍රී සුභූති මහානාහිමියන් සහ පෙප්පේ මහතා අතර ද මේ පිළිබ`ද සාකච්ඡා කරමින් ලිපි ගනුදෙනු කිහිපයක්‌ ද සිදුවිණි. එහෙත් පෙප්පේ මහතාගේ අදහස වූයේ සර්වඥ ධාතූන් වහන්සේලාගේ හිමිකාරීත්වය පිළිබ`ද අවසන් තීරණය ගත යුත්තේ රජයේ බලධාරීන් බවයි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් එවකට ඉන්දියාවේ ප්‍රතිරාජ එල්ගින් සාමිවරයා සමග පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව පිප්‍රාවා ස්‌තූපයෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් හා ආභරණවලින් කොටසක්‌ සියමේ චූලාලංකාර රජුට ද, තවත් කොටස්‌ කිහිපයක්‌ ලංකාව, ජපානය, බුරුමය හා රුසියාවේ බෞද්ධ ජනතාවට ද ලබාදීමට ජිනවරවංස හිමියෝ සමත් වූහ. ඉතිරි සර්වඥ ධාතූන් වහන්සේලා ඒවා තැන්පත්ව තිබූ කර`ඩු ද සමග වර්තමානයේදී ද නව දිල්ලි ජාතික කෞතුකාගාරයේදී දැකගත හැකිය. සියම් රජුට හිමි වූ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්කොට බැංකොක්‌ නුවර ස්‌වර්ණ පර්වත මස්‌තකයේ Wat Saket විහාරස්‌ථානයේ ස්‌තූපයක්‌ කරවන ලදී. ලංකාවට හිමි වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ වස්‌කඩුවේ ශ්‍රී සුභූති මාහිමියන්ට ද, ජිනවරවංස හිමියන්ට ද, මහනුවර හා අනුරාධපුර විහාරස්‌ථාන කිහිපයකට ද හිමිවිය. සුභූති මාහිමියන්ට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ අද දක්‌වාම වස්‌කඩුවේ ශ්‍රී සුභූති විහාරයේදී වන්දනාමාන කිරීමේ අවස්‌ථාව හිමිකර දී තිබේ. ජිනවරවංස හිමියන් සතුව පැවති සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට කරවන ලද ස්‌තූපය පිළිබ`ද ඉදිරියේදී දැක්‌වේ.

වර්ෂ 1897 දී සියම් මහතෙරුන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ලාංකික භික්‌ෂූන් වහන්සේලා ස`දහා උපසම්පදා මංගල්‍යයක්‌ ලංකාවේ පවත්වන ලද්දේ ජිනවරවංස හිමියන් විසින් සියම් සංඝරාජ හිමියන්ගෙන් සිදුකරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ වශයෙනි. ඒ ස`දහා සියම් රජුගේ අනුග්‍රහය ඇතිව සියමේ ධම්මයුත්තික මහානිකායේ මහතෙරුන් වහන්සේලා වැඩකරවන ලදී. ජිනවරවංස හිමියන්ගේ උපසම්පදාව ද මේ සමග සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. වර්ෂ 1900 දී ආරණ්‍යවාසී දිවියක්‌ ගත කිරීමේ අපේක්‌ෂාව පෙරදැරි කරගත් ජිනවරවංස හිමියන් ඒ ස`දහා මාතර නගරයට ආසන්න ගල්ගොඩියාන ප්‍රදේශයේ කුඩා දූපතක්‌ තෝරාගන්නා ලදී. ප්‍රදේශවාසීන් විසින් විසකුරු සර්පයන් මුදාහැරීමට තෝරාගෙන තිබූ මෙම දූපතේ මිනිස්‌ ඇටකැබලි පවා තැන්පත්ව තිබිණි. ඒ සියල්ල මධ්‍යයේ උන්වහන්සේ පහසුවෙන් මෙහි වැඩසිටි බව කියෑවේ. ජිනවරවංස හිමියන් විසින් මෙම දූපත 'චූල ලංකා/චුල්ල ලංකා' යනුවෙන් හ`දුන්වන ලද්දේ එවකට සියම් රජු වූ චූලාලංකාර රජුට ගෞරව පිණිස මෙන්ම කුඩා ලංකාව යන අරුත ද ඇතිව ය. පසුව ඒ ප්‍රදේශයේ දායකයන් විසින් එම දූපත උන්වහන්සේට පූජා කරන ලද බව කියෑවේ.

ජිනවරවංස හිමියන් සමග මෙම දූපතේ වැඩ වාසය කිරීමට එක්‌ වූ තවත් භික්‌ෂූන් වහන්සේ නමක වූයේ ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් ය. බටහිර රටවල බුදුදහම ව්‍යාප්ත කිරීම ස`දහා පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කරන ලද්දේ උන්වහන්සේ විසිනි. ජිනවරවංස හිමියන් සමග චුල්ල ලංකා දූපතේ ගත කළ කාලසීමාව පිළිබ`ද ඤාණාතිලෝක හිමියන්ගේ චරිතාපදානයේ තොරතුරු රැසක්‌ අන්තර්ගත වේ. එහි දැක්‌වෙන අන්දමට පොල් අතු සෙවිලි කළ මඩුවල උන්වහන්සේලා වාසය කළ අතර විවිධ පිරිස්‌ උන්වහන්සේලා බැහැදැකීමට පැමිණ තිබේ. ඒ අතර සිටි ඕලන්ද හා ජර්මන් තරුණයන් දෙදෙනෙක්‌ පසුව ඤාණාතිලෝක හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි වූයේ සුණ්‌ණ හා සුමන යන නම්වලිනි. උන්වහන්සේලා ද වැඩ වාසය කරන ලද්දේ මෙම දූපතේම ය. මෙම කාලසීමාවේ ජිනවරවංස හිමියන්ගේ පැවිදි දිවිය පිළිබ`ද දැනගත් ලංකාණ්‌ඩුකාර ශ්‍රීමත් හෙන්රි බ්ලේක්‌ සහ ඊඩිත් බ්ලේක්‌ ආර්යාව සමග ද මෙම දූපතට පැමිණි බව කියෑවේ.

බටහිර ලෝකය සමග සබ`දතා රැසක්‌ තිබූ ජිනවරවංස හිමියන් හුදෙකලා දූපතක වැඩවාසය කිරීම වෙනුවට අගනුවර පිහිටි දීපදුත්තාරමයේ වැඩ සිටින්නේ වඩාත් පු`ඵල් ශාසනික මෙහෙවරක්‌ උන්වහන්සේට සිදුකළ හැකි හෙයින් දෝ වර්ෂ 1900 දී කොටහේනේ දීපදුත්තාරාමයට වැඩම කරවන ලෙස වස්‌කඩුවේ ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේ විසින් ජිනවරවංස හිමියන්ගෙන් ඉල්ලා සිටින ලදී. දීපදුත්තාරාමාධිපතිව වැඩ විසූ වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් අපවත්වන විට උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍යයන් වූ මිගෙට්‌ටුවත්තේ ජනානන්ද සහ මිගෙට්‌ටුවත්තේ ඉන්දසෝම යන හිමිවරුන් බාල වියේ පසු වූ හෙයින් කොටහේනේ දීපදුත්තාරාමයේ විහාරාධිපතිත්වය පවරන ලද්දේ ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේ වෙතට ය. උන්වහන්සේ වස්‌කඩුවේ අභිනවාරාමයේ වැඩ වාසය කළ හෙයින් දීපදුත්තාරාමයේ කටයුතු බොහොමයක්‌ සිදුකරන ලද්දේ මිගෙට්‌ටුවත්තේ ජනානන්ද හිමියන් විසිනි. තමන් වහන්සේගේ ආචාර්යවරයා මෙන්ම වාදීභසිංහයකු වූ ජනානන්ද හිමියන් විසින් වර්ෂ 1899 දී ඔරුගොඩවත්තේ වාදය පවත්වමින් ක්‍රිස්‌තියානි පාර්ශවය දුර්මුඛ කරමින් බෞද්ධ පාර්ශවයට ජය අත්කරදෙන ලදී. හදිසි අනතුරක්‌ හේතුවෙන් උන්වහන්සේ අකාලයේ අපවත් වූ අතර එය බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බවට එකල මත පැතිරිණි.

ජනානන්ද හිමියන් අපවත් වීමත් සමග දීපදුත්තාරාමයේ කටයුතු පවත්වාගෙන යමින් වඩාත් පු`ඵල් ශාසනික මෙහෙවරක්‌ සිදුකරගෙන යාම ස`දහා ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේගේ උපදෙස්‌ පරිදි වර්ෂ 1905 දී දීපදුත්තාරාමයට වැඩම කරවීමට ජිනවරවංස හිමියන්ට සිදුවිය. එතැන් පටන් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් දීපදුත්තාරාමය ගොඩනැගෙන්නට වූ අතර විහාරයේ පිළිසකර කළ යුතු තැන් පිළිසකර කරවමින් නව ඉදිකරවීම් රැසක්‌ සිදුකරවීමට උන්වහන්සේ පුරෝගාමී වූහ. ඒ යටතේ කෞතුකාගාරයක්‌ හා පුස්‌තකාලයක්‌ ඉදිකරවනු ලැබූ අතර ගුණානන්ද හිමියන් විසින් සම්පාදිත පුස්‌කොළ පොත් හා මුද්‍රිත ග්‍රන්ථ ආදිය එහි තැන්පත් කරන ලදී.

බාලක සහ බාලිකා පාසල් දෙකක්‌ ආරම්භ කිරීමට ද ජිනවරවංස හිමියන් කටයුතු කළ අතර ඉංගී්‍රසි මාධ්‍යයෙන් ඉගැන්වීමට පවා එහි කටයුතු සම්පාදනය වී තිබිණි. මින් එක්‌ පාසලක්‌ වර්ෂ 1930 දී කුමාර විද්‍යාලය නමින් නම් කිරීමට ජිනවරවංස හිමියන්ගේ ශිෂ්‍ය මාදම්පිටියේ ජිනානන්ද මහනාහිමියන් විසින් කටයුතු කරන ලදී. නව ලෝකය ස`දහා ගැලපෙන අධ්‍යාපනය කිසිදු පක්‌ෂග්‍රාහීත්වයකින් තොරව ලාංකික බෞද්ධයන් වෙත ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම විද්‍යාල ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්විය.

වර්ෂ 1904 දෙසැම්බර් මස 15 වනදා ජිනවරවංස හිමියන් විසින් 'කොටහේනේ නිදහස්‌ පාඨශාලාව' නමින් දීපදුත්තාරාම භූමියේදී පාසලක්‌ ආරම්භ කරන ලද අතර එය විවෘත කිරීම ස`දහා සහභාගි වූයේ එවකට ලංකාණ්‌ඩුකාර ශ්‍රීමත් හෙන්රි බ්ලේක්‌ සහ එම ආර්යාවයි. ඉංගී්‍රසි හා ස්‌වභාෂා, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අභ්‍යාස මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් මෙම පාසල ක්‍රියාත්මක විය.

සියම් තානාපතිවරයකු වශයෙන් කටයුතු කළ කාලසීමාවේදී විදෙස්‌ මිතුරන් රැසක්‌ ඇතිකරගෙන සිටි හෙයින් ඔවුන් ජිනවරවංස හිමියන් හමුවීම ස`දහා දීපදුත්තාරාමයට පැමිණීම සිරිතක්‌ කොට ගත් බව කියෑවේ. ඒ යටතේ එවකට ජර්මනියේ ඔටුන්න හිමි කුමරු සහ කුමරිය දීපදුත්තාරාමයට පැමිණීම විශේෂයෙන් ස`දහන් කළ හැකිය.

දීපදුත්තාරාමය කේන්ද්‍ර කොටගෙන ජිනවරවංස හිමියන් විසින් සිදුකරන ලද ශාසනික මෙහෙවර අගය කරමින් උන්වහන්සේ දීපදුත්තාරාමයේ විහාරාධිපති ධුරයට පත්කරන ලද අතර වර්ෂ වර්ෂ 1906 පෙබරවාරි මස 23 වනදා දීපදුත්තාරාමයට රැස්‌ වූ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සුධර්මා කාරක සංඝ සභාව මගින් කොළඹ දිසාවේ සංඝනායක ධුරය ද පිරිනමන ලදී.

දීපදුත්තාරාමයේ ඒ වන විට අඩුවක්‌ව පැවති ස්‌තූපයක්‌ නිර්මාණය කිරීමේ කාර්යය පිළිබ`ද ජිනවරවංස හිමියන්ගේ අවධානය යොමුව තිබූ අතර ඒ ස`දහා මූලික කටයුතු සම්පාදනය කරමින් පැවතිණි. සියම් රජුගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1907 දී එම ස්‌තූපය ඉදිකිරීමේ කටයුතු ස`දහා මුල්ගල් තැබීමට උන්වහන්සේ අපේක්‌ෂා කළ ද එය සිදුකරගැනීමට නොහැකි විය. මේ අතරවාරයේ වර්ෂ 1908 මාර්තු මාසයේදී මලයාසියේ පිනෑං නගරයේ සිට මෙරට වන්දනාවේ පැමිණි එල්. එල්. චීක්‌ මහත්මිය (L.L.Cheak) විසින් ජිනවරවංස හිමියන්ගේ ස්‌තූප කර්මාන්තය පිළිබ`ද තොරතුරු දැනගැනීමෙන් පසුව එහි කටයුතු ආරම්භ කිරීම ස`දහා රු. 5000 ක මුදලක්‌ පරිත්‍යාග කරන ලදී. ස්‌තූපයේ මූලික කටයුතු ආරම්භ කිරීමට එම මුදල ප්‍රමාණවත් වූයෙන් ජිනවරවංස හිමියන් විසින් එම වර්ෂයේම මාර්තු 20 වනදා ස්‌තූපය ඉදිකරවීම ස`දහා මුල්ගල් තැබීම සිදුකරන ලද්දේ චීක්‌ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මූලික ඉදිකිරීම් කටයුතු නිමාවට පත්වීමෙන් පසුව රත්න ෙච්තියේ ප්‍රථම සර්වඥ ධාතු නිධානෝත්ස්‌වය අභාවප්‍රාප්ත බණ්‌ඩාරනායක වාසල මුදලිතුමාගේ ආර්යාවගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර එතුමිය පූජා කරන ලද ඇත්දත් මංජුසාවක වඩා හි`දුවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා ධාතු ගර්භයේ තැන්පත් කරන ලදී. එම සර්වඥ ධාතූන් වහන්සේලා අතර ජිනවරවංස හිමියන්ට ප්‍රිපාවා ස්‌තූපයෙන් හිමි වූ සර්වඥ ධාතූන් වහන්සේලා සහ අභාවප්‍රාප්ත සැම්සන් රාජපක්‌ෂ වාසල මුදලිවරයාගේ ආර්යාව විසින් පූජා කරන ලද සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමක්‌ ද වූහ. මීට අමතරව ලංකාවේ වැඩ සිටි සර්වඥ ධාතූන් වහන්සේලා කිහිප නමක්‌ ද, සර්වඥ පාත්‍රා ධාතුවේ කොටසක්‌ සහ ජිනවරවංස හිමියන්ට ගිහි කල හිමිව තිබූ ආභරණ, පදක්‌කම් හා වටිනා ත්‍යාග කිහිපයක්‌ ද රත්න ෙච්තියේ නිධන් කරන ලද බව ස`දහන් වේ. රත්න ෙච්තියේ කටයුතු ස`දහා මුල් අවස්‌ථාවේ පටන් උපකාර කළ මලයාසියාවේ චීක්‌ මහත්මිය සහ එතුමියගේ ඥාතීන් විසින් ද රන් පිළිම කිහිපයක්‌ හා ආභරණ, මැණික්‌ ද ධාතු ගර්භයේ තැන්පත් කිරීම ස`දහා පූජා කරන ලදී.

මෙම ස්‌තූප කර්මාන්තයේ විශේෂත්වය වූයේ එය ජිනවරවංස හිමියන්ගේ සැලැස්‌මකට නිර්මාණය වීමයි. උන්වහන්සේගේ පියා දක්‌ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු සහ චිත්‍ර ශිල්පියකු වූයෙන් උන්වහන්සේට ද එහි ආභාසය ලැබී තිබුණු බව මෙමගින් පැහැදිලි වේ. ඉන්දියාවේ බුද්ධගයා සෑයේ අනුකෘතියකට අනුව කරන ලද රත්න ෙච්තිය අඩි 45 ක්‌ උසැති සත් මහල් ස්‌තූපයකි. පොළොවෙන් මතුවන පිපුණු නෙලුමක්‌ නිරූපිත පාදමට පළමු මහල වෙන් වූ අතර ඒ මැදින් මතුවන සතරැස්‌ කොටුව සහිත බුද්ධගයා සෑයේ ආකෘතියට දෙවන මහල වෙන්විය. හතරැස්‌ කොටුවේ සිට ඉහළට නැගෙන අටපට්‌ටම් කොටුව තට්‌ටු අටකින් සමන්විත වූ අතර එය තුන්වන මහලයි. අටපට්‌ටම් කොටුව මත ඝණ්‌ඨාකාර ධාතු ගර්භයක්‌ නිම වූ අතර එය සිවුවන මහලයි. පස්‌වන මහල ශ්වේත ඡත්‍රයට වෙන් වූ අතර රන් මුතු මැණික්‌ ආදියෙන් නිර්මිත එය එක පිට නැ`ගුණු තට්‌ටු නවයක්‌ සහිත එකකි. ඡත්‍රය මත වූ කොත අග බෙරලියන්තු හා වෙනත් වටිනා මැණික්‌වලින් නිර්මිත මල් පොකුර සයවන මහලයි. මීට අමතරව ප්‍රධාන ස්‌තූපය කේන්ද්‍ර කොටගෙන ප්‍රාසාද හතරක්‌ නිම වූ අතර ඒවායේ රාජ, දිව්‍ය, බ්‍රහ්ම හා බෝධිසත්ව විමාන ලෙස නිර්මාණය කරන ලදී. දෙව් බඹුන්ගේ පිළිරූවලට අමතරව බුදු සිරිතේ විවිධ අවස්‌ථා ද රත්න ෙච්තියේ නිරූපණය කර ඇති අතර බුරුම රටින් ගෙන්වන ලද ස්‌වර්ණාලේප හා තීන්තවලින් ඒවා සිත්තම් කරනු ලැබූ බව ස`දහන් වේ.

රත්න ෙච්තිය ඉදිකරවීමේ කටයුතු පිළිබ`ද තොරතුරු ඇතුළත් කුඩා අත්පොතක්‌ වර්ෂ 1910 ඔක්‌තෝබර් මාසයේදී ජිනවරවංස හිමියන් විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ ඒ පිළිබ`ද ලංකාවාසී, ලෝකවාසී බෞද්ධ ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ය. රත්න ෙච්තිය ඉදිකිරීමේ අරමුණු, එහි ව්‍යqහය, ප්‍රමාණ ආදිය පිළිබ`ද තොරතුරු ඇතුළත් එම කෘතිය මගින් ස්‌වකීය ව්‍යාපෘතිය පිළිබ`ද වැඩි මහජන අවධානයක්‌ යොමුකරවා ගැනීමට ජිනවරවංස හිමියන්ට හැකි වූ බව පෙනේ. එම කෘතියේ සෝදුපත් බැලීම සහ අන්තර්ගතය සකසා ගැනීම උන්වහන්සේට සහය වූයේ ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති එෆa. එල්. වුඩ්වර්ඩ් මහතා බව ස`දහන් වේ. රත්න ෙච්තිය හේතුවෙන් ඒ වන විට දීපදුත්තාරාමය කෙතරම් ජනප්‍රියව පැවතියේ ද යත් 'රත්න ෙච්තියාරාමය' නමින් අපර නමක්‌ ද එයට භාවිත වූ බවට සාධක හමු වේ.

වර්ෂ 1911 ජුලි මස මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පවත්වන ලද වාර්ගිකත්ව පිළිබ`ද පළමුවන ලෝක සමු`ඵව ස`දහා ජිනවරවංස හිමියන් වැඩම කරවන ලදී. ඒ ස`දහා ලංකාවෙන් සහභාගි වූ එකම නියෝජිතයා වූ උන්වහන්සේ බව සහභාගිවූවන්ගේ නාම ලේඛනය අනුව පැහැදිලි වේ.

අනතුරුව එම වර්ෂයේම ඔක්‌තෝබර් මාසයේදී උන්වහන්සේ සියමට වැඩම කරවන්නේ එවකට සියම් රජු වූ පස්‌වන රාම හෙවතA චූලාලංකාර රජුගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම ස`දහා ය. එහිදී උන්වහන්සේට උපැවිදි වීම ස`දහා එවකට තායි පාලනයේ බලවත් පුද්ගලයකුව සිටි දම්රොං කුමරු විසින් බල කෙරෙන අතර එයට හේතුවන්නට ඇත්තේ ජිනවරවංස හිමියන් පැවිදිව සිටීම රජයේ කටයුතුවලට බාධාවක්‌ වනු ඇතැයි විශ්වාස කිරීම බව පෙනේ. එපමණක්‌ නොව ජිනවරවංස හිමියන්ට සියම් චාරිත්‍ර අනුව පැවිදිවීමට පවා එවකට සියම් සංඝරාජ වජිරඤාණ හිමියන්ගෙන් අවසර නොලැබෙන අතර උන්වහන්සේට නැවත ලංකාවට පැමිණීමට පවා අවසරයක්‌ අභිනව සියම් රජුගෙන් නොලැබුණු බව කියෑවේ.

නැවත උන්වහන්සේ මෙරටට වැඩම නොකළ හෙයින් දීපදුත්තාරාමයේ කටයුතු පවත්වාගෙන යාම භාරවූයේ උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍ය මාදම්පිටියේ ජිනානන්ද හිමියන්ට ය. වර්ෂ 1902 දී ජිනවරවංස හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි වූ ජිනානන්ද හිමියන් පෙර අපරදිග භාෂා පිළිබ`ද දක්‌ෂයකු වූ අතර දිගින් දිගටම සියම් රාජකීයයන් සමග සබ`දතා පවත්වමින් දීපදුත්තාරාමයේ සංවර්ධනයට ඔවුන්ගේ සහය ලබාගැනීමට සමත් වූ බව කියෑවේ. ඒ යටතේ ජිනවරවංස හිමියන් විසින් ආරම්භ කරන ලද රත්න ෙච්තියේ කටයුතු නිමා කරමින් කොත් පැළ`දවීම ජිනානන්ද හිමියන්ගේ විසින් සිදුකරන ලද්දේ වර්ෂ 1925 දී ය. ජිනවරවංස හිමියන් විසින් ආරම්භ කරන ලද ශාසනික සමාජීය මෙහෙවර ජිනානන්ද හිමියන් විසින් ද අඛණ්‌ඩව සිදුකරනු ලැබූ අතර අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහානායක ධුරයට ද වර්ෂ 1959 දී උන්වහන්සේ පත්වූහ.

උපැවිදි කරවන ලද ප්‍රිස්‌දාන් කුමරුට පළමුව චෝදනා එල්ල කෙරුණේ රජුගේ අවසරයක්‌ නොමැතිව රාජ සේවය අත්හැර පැවිදිවීම සම්බන්ධවයි. කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය සමථයට පත්වීමෙන් පසුව සියම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිවර්තකයකු ලෙස කුමරුව සේවයේ යොදවන ලදී. අනතුරුව කලක්‌ ‘Siam Observer’ නම් ස`ගරාවේ සංස්‌කාරකවරයකු ලෙස කුමරු කටයුතු කළ ද කෙටි කලකින්ම සේවයෙන් පහ කරන ලද බව කියෑවේ. මේ කාලසීමාවේදී ප්‍රිස්‌දාන් කුමරු එවකට සියම් රජු වූ සයවන රාම හෙවත් වජ්‍රායුද්ගේ (1910-1926) සොයුරකු වූ රපී කුමරු (Raphi Phatthanasak) සමග විශාල හිතවත්කමක්‌ ගොඩන`ගා ගත් අතර එය වර්ෂ 1920 රපී කුමරුගේ අභාවය තෙක්‌ පැවතිණි. නවීන ලෝකය සමග සියම් දේශය ගමන් කළ යුතු ආකාරය පිළිබ`ද අදහස්‌ පැවති ඒ කුමරු නූතන තායි නීති පද්ධතියේ පියා වශයෙන් හැ`දින් වේ.

පසුව ප්‍රිස්‌දාන් කුමරු කලක්‌ ජපානයේ විසූ බව කියෑවෙන අතර එහිදී අලංකාර හා විශාලතම උඩු රැවුල තේරීමේ ජාත්‍යන්තර තරගයකින් ඔහුගේ උඩු රැවුලට ප්‍රථම ස්‌ථානයක හිමි වූ බව කියෑවේ. කුමරු පැවිදි වීමට පෙරාතුව Mom Talab Chumsai Na Ayudhya නම් කුමරියක සමග විවාහ වී සිටි බව ස`දහන් වෙතත් උපැවිදී වීමෙන් පසුව එම කුමරිය සමග ජීවත් වූ බවට තොරතුරු හමු නොවේ. අවසන් කාලසීමාවේ හුදෙකලා ජීවිතයක්‌ ගත කළ කුමරු ස්‌වයං ලිත චරිතාපදානය වෝඵම් තුනක්‌ වශයෙන් සකස්‌ කිරීමේ කටයුතුවල නියෑලෙමින් සිටියේ ය. එහෙත් එය අසම්පූර්ණව තිබියදී 84 වන වියේ පසු වූ ප්‍රිස්‌දාන් කුමරු වර්ෂ 1935 මාර්තු 16 දී බැංකොක්‌ නුවරදී අභාවයට පත්විය. ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කොට කුඩා ස්‌තූපයක්‌ Wat Kharuehabodi නම් විහාරස්‌ථානයේ ඉදිකරවන ලදී.

වර්ෂ 1932 දී සියමේ ව්‍යවස්‌ථානුකූල රාජාණ්‌ඩුවක්‌ ස්‌ථාපනය කරන ලැබූ අතර මරණයට පෙර එය දැකගත හැකිවීම ප්‍රිස්‌දාන් කුමරු ලැබූ ජයග්‍රහණයක්‌ වශයෙන් හැ`දින්විය හැක්‌කේ එය තරුණ වියේ පටන් ඔහු තුළ පැවති අපේක්‌ෂාවක්‌ වූ හෙයිනි. සියම් දේශය වෙනුවෙන් විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සහ එහි තැපැල් සහ විදුලි පණිවුඩ සේවාව ස්‌ථාපනය කිරීම ස`දහා ප්‍රිස්‌දාන් කුමරු විසින් දක්‌වන ලද දායකත්වය අගය කරමින් ඔහුගේ ප්‍රතිමාවක්‌ බැංකොක්‌ නගරයේ ස්‌ථාපනය කරන ලද අතර වර්ෂ 2010 ජාතික සන්නිවේදන දිනය වෙනුවෙන් කුමරුගේ රුව ඇතුළත් සමරු මුද්දරයක්‌ නිකුත් කිරීමට ද සියම් (තායිලන්ත) රජය විසින් කටයුතු කරන ලදී.

ආශ්‍රිත මූලාශ්‍රය

අභයසුන්දර, විමල් (1994), මොහොට්‌ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය, ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

Hecker, Hellmuth & Bhikkhu Nyanatusita (2008),The Life of Nyanatiloka Thera: The Biography of a Western Buddhist Pioneer, Buddhist Publication
Society, Kandy.

Jinavaravansa, P.C. & Jumsai, Sumet (2003), ‘The Ratna Chethiya Dìpaduttarama, Colombo’, Journal of Royal Asiatic Society of Sri Lanka New Series,Vol. 48, Royal Asiatic Society of Sri Lanka,Colombo.

Jumsai, Sumet (2004), ‘Prince Prisdang and the Proposal for the First Siamese Constitution, 1885’,Journal of the Siam Society Vol. 92, The Siam
Society, Bangkok.

‘The Life and Time of Prince Prisdang’,http://www.geocities.ws/RainForest/Vines/
8769/Prisdang.htm

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles