ලෝක විනාශය වෙත කැඳවන අධ්‍යාත්මික පිරිහීම

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ශ්‍රී ලාංකික ජන සමාජය බෙහෙවින් ජනශ්‍රැතිය හා බද්ධවූ සමාජයකි. මෙරට වැසියන්ගේ සෑම ආකල්පයක්‌ පාසාම විවිධ ස්‌වරූපයේ විශ්වාස ගැරීවී ඇත. ඒවා බොහෝ විට ආගමික මුහුණුවර ගන්නා බවද පෙනේ. එසේම විවිධ දේවතාවන් පිළිබඳ විශ්වාස ද මෙරට ජන සමාජය තුළ බොහෝ කලක පටන්ව පැවත එනබව කියවේ.බුදු දහම මෙරටට පැමිණීමට ප්‍රථමයෙන් පවා මෙම දේව විශ්වාස සම්බන්ධ ආකල්ප සාමාන්‍ය ජනවිඥානය හා බද්ධව පැවතිණ. කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් ලක්‌වාසී ජනයා විවේකය පාරම්පරික ජනශ්‍රැතිය සම්බන්ධ විවිධ අත්දැකීම් අනුන් සමඟ බෙදාහදා ගැනීමට වඩාත් රුචිකළ බව ශ්‍රී ලාංකික ජන සමාජය පුරා ප්‍රචලිත විවිධ ජනකථා, ප්‍රස්‌තා පිරුළු, උපමා වැනි සුවිශාල වූ ජන සාහිත්‍යය අනුව පැහැදිලිවේ. එසේම එදිනෙදා ජීවිතයේ සිය අත්දැකීම් රසවත්ව භාවාත්මකව ප්‍රකාශ කිරීමට යෝග්‍ය ප්‍රකාශනමාධ්‍යයක්‌ ලෙසද ජනශ්‍රැතිය බහුලව භාවිතා විය. මේ හේතුව නිසා මෙරට වාසීන්ගේ සාමාන්‍ය ජනජීවිතය පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු ගොනු කරන්නේකුට වුව ද ජනශ්‍රැති අධ්‍යයනය අදාළ කාර්යය වඩාත් පහසු කරන මාර්ගයක්‌ ලෙස දැක්‌විය හැකිය.

දුක්‌ කරදර හිරිහැර නින්දා පරිභවයට ලක්‌වීමට කිසිවෙකු කැමති නොවේ. සිය ජීවිතය හැකිතාක්‌ සැපවත්ව ගත කිරීම සෑම කෙනෙකුගේම බලාපොරොත්තුවයි. හැම දෙනම සැපයට ඉතා කැමතිය. සැප විඳීමට සැපසේ ජීවත්වීමට ආශා කළත් බොහෝ විට තමන් මහත් ආශාවෙන් ප්‍රාර්ථනා කළ දේ වෙනුවට බලාපොරොත්තු නොවූ සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවේ. බෞද්ධයෝ මෙබඳු සිදුවීම් නියාම ධර්ම පහෙන් එකකට අයත් කර්ම නියාමයට පැවරීමට රුචිකත්වයක්‌ දක්‌වති. කර්මය නිසා ද විවිධ හිරිහැර කරදර ආදිය මුහුණ පෑමට මිනිසාහට සිදුවේ. එසේම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ලැබෙන්නේ ද කර්මයෙහි බලපෑම නිසාය. මේ අනුව කර්මය නිසා බොහෝ දේ අහිමිවන හා ලැබෙනබව පෙනෙන්ට තිබේ. නමුත් සෑම දෙයක්‌ම සිදුවන්නේ ක_මය නිසාම නොවේ. කර්මයත් යම් යම් දේ සිදුවීමට එක්‌ හේතුවක්‌ පමණි. ක්‍රියාවට බද්ධ ෙච්තනාවේ ස්‌වරූපය අනුව ක_මය විවිධ හැඩතල ගනියි.

බොහෝ දෙනෙකු තමන්ගේ සැපය පිළිබඳව පමණක්‌ම උනන්දු වේ. අන්‍යයන්ගේ සැපය පිළිබඳව එලෙස උනන්දුවක්‌ නොදක්‌වනබව පෙනෙන්නට තිෙරී.තම සැපය පිළිබඳව පමණක්‌ නිතර සිතීමට කාලය වැයවී නිසා දෝ අනුන් ගැන සිතන්නට කාල වේලාවක්‌ බොහෝ දෙනෙකුට නැත. තමාගේ සිතය, කය හා වචනය යන තිදොර වෙහෙසවා මුදල් හදල් උපයා රැස්‌ කරන්නේ මෙලොව සුඛ විහරණ පිණිස හේතු වන ලෞකික ද්‍රව්‍යාත්මක දේ පමණි. අවම වශයෙන් සිත තුළ එදිනෙදා එක්‌රැස්‌ වන අපවිත්‍ර දේ පිරිසිදු කිරීම පිජිසත් මානසික පවිත්‍රකාරකයක්‌ සේ ආධ්‍යාත්මික සුවය පිජිසත් මිනිස්‌ මනස යොමු නොවේ.

තමාගේ මානසික පවිත්‍රතාවය ආරක්‌ෂා කර ගැනීම සේ අදහස්‌වෙන්නේ මුළු දවස පුරාම හැකිතාක්‌ නිසලව භාවනානුයෝගීව සිටීම නොවේ. ඔරසන්, පිරිත්, ස්‌තෝත්‍ර, බජන්, ගීතිකා ගායනය, යාඥා හෝ දේව මෙහෙයන්වල පමණක්‌ම නිරතවීම ද නොවේ. දිනකට නියමිත වේලාවක දී උපවාස, ශීල සමාදාන සිදු කිරීම තුළින් පමණක්‌මද නොවේ. ආගමික ස්‌ථානවල නිතර ගැවසෙමින් ආගමික සංස්‌කාර විධි පවත්වමින් කල්හැරීමෙන් පමණක්‌ සත්‍යයට මඟ හෙළි නොවේ. ඒවා ආගමික පිළිවෙත් ජීවිතයට එක්‌ කර ගැනීමේ එක්‌තරා ආකාරයක පූර්ව ප්‍රතිපදා බව නම් සත්‍යයකි. තමාගේ ජීවිතයට ළංකරගන්නා කවරක්‌ වුවත් ඒ දෙය ප්‍රයෝගික නොවුණහොත් එය සන්ධාන්තිකව හා න්‍යායිකව කෙතරම් අයස්‌කාන්ත වුවත් ඉන් ඵලක්‌ නොවේ. බුදුරදුන්ට, ක්‍රිස්‌තුස්‌ වහන්සේට, නබි නායක තුමාට කෙතරම් ගෞරව කළත් පක්‌ෂපාතී වුවත්, මුළු හදවතින් ආදරය නොකරන්නේ නම් ඒ පැවතුමෙහි සජීවි බවක්‌ නොමැත. එම සජීවී බව ලැබෙන්නේ කොතන හිටියත් කුමක්‌ කළත් තමන්ගේ සෑම කායික, වාචසික හා මානසික පැවතුමක්‌ම තමා පිළිපදිනු ලබන ආගමික කතෘවරයන් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුගත වන්නේ නම් පමණි.

සප්ත සූරියෝද්ගමන සූත්‍රය අනුව පෙනෙන්නේ අප අවට ඇති ද්‍රව්‍යාත්මක ලෝකය පවා දූෂිත වීමට මිනිස්‌ සිතිවිලි හා හැසිරීම් හේතු වන බවයි. ඒ අනුව පඨවි, අපෝ, වායෝ හා තේජෝ යන ධාතු සතරෙන්ම ලෝකය මුළුමින්ම වැනසීයාමට ඉඩ ඇති බව පෙන්වා දී තිෙරී. දූෂිත චිත්ත තරංග නිසා ලෝකය කෙතරම් රත්වීමකට බඳුන් වන්නේ ද යත් එය සූර්යයන් සතක්‌ පෑවූ විට ඇති වන රත්වීම හා සමාන යෑයි දක්‌වා තිබේ. දැනට ද මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා පෘථවිය ආසන්නයෙහි ඇති ඕසෝන් ස්‌ථරයට ඉතා බරපතළ ලෙස හානි වී ඇති බව දැනගන්නට තිබේ. විකිරණශීලී දුව්‍ය හා සූර්ය රශ්මියෙහි පාර ජම්බුල කිරණවලින් පෘථිවිය ආරක්‌ෂා වීමට ඕසෝන් ස්‌ථරය මහත් සේ පිටිවහලක්‌ වේ. ඉඳින් ඕසොන් ස්‌ථරයට හානි සිදුවීම යනු ඉහත කී විකිරණශීලී ද්‍රව්‍ය සෘජුවම මේ මහ පොළවට පතිත වී එහි විනාශකාරී බවෙන් මිහිතලය මත ජීවය අනුක්‍රමයෙන් වියෑකී යාමය.

භෞතික දියුණුව අද සමාජයට සාපේක්‌ෂකව අඩු මට්‌ටමක පැවති මුත් ආධ්‍යාත්මිකව එදා සමාජය තුළ මානසික සැපය නොඅඩුව ලැබිජි. පවුල් ඒකකය ශක්‌තිමත් විය. පුද්ගල හා සමාජ අන්තර් සබඳතා විධිමත් විය. කවුරුත් සිය යුතුකම් මනාව ඉටු කළහ. අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලා සටන් වැදීමට වඩා ප්‍රිය කළේ සමඟි සම්පන්නව කටයුතු කිරීමටය. කෘෂික_ර්මයට සෙසු වෘත්තීන් අතර මූලික ස්‌ථානය හිමි වී තිබිජි. මඩ සෝදාගත් ගොවියා රජකමට සුදුසුය යන අදහස බලපවත්වන ලද්දේ එවන් කාලවකවානුකය. ඉන් අදහස්‌ වූයේ රටේ රජු වුව ද කෘෂික_ර්මය හා බැඳුන අත්දැකීම් ඇති පුද්ගලයෙකු වීම යුගයෙහි සමාජයීය අවශ්‍යතාවයක්‌ ලෙස පැවති බවයි.

රාජකීය කුලය ලෙස ක්‌ෂත්‍රිය වංශය හැඳින්වෙන්නේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ බැඳීම නිසාය. කෙත යනුවෙන් හැඳින්වෙන්නේ අස්‌වද්දන භූමියයි. කෙතට අධිපති යන්නෙන් ක්‌ෂ්ත්‍රිය බිහි වී ඇත. මහා සම්මත මුල් පුරුෂයාගෙන් පැවත එන ක්‌ෂේත්‍රයට අධිපති වූවෝ ක්‌ෂත්‍රියෝය. මේ අනුව මහජනතාව විසින්ම පත් කරන ලද මුල්ම රජු ක්‌ෂත්‍රියකුවූ මහා සම්මත රජුය. භාරතයේ බුදුදහම පහළවීමටත් ප්‍රථම මේ සිරිත පැවතිනි. බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේගේ උපත සිදුවීමට වඩා යෝග්‍ය ස්‌ථානය ලෙස තොරාගනු ලැබුවේ මේ අනුව ක්‌ෂත්‍රිය රජ වංශයයි. ඒ මහජන පිළිගැනීම ලද පවුල් පසුබිමක ඉපදීම බුදුදහම සන්නිවේදනයෙහිලා උපකාරී වන බැවිනි.

ශ්‍රී සම්බුද්ධ සදහම් පණිඩුඩයෙහි කේන්ද්‍රීය හරය චතුරා_ය සත්‍යය වටා ගොනුවී තිබේ. මේ මඟින් දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම හා ඊට මාර්ගය පෙන්වා දේ. දුක නැතිකිරීම සේ පෙන්වා දුන් නිවන බෞද්ධ අර්ථකථනයන්ටම පමණක්‌ සුවිශේෂී වූවකි. එයට හේතුව එය ඉන්ද්‍රීය අනුසාරයෙන් දත නොහැකි අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂයටම පමණක්‌ ගෝචර වූවක්‌ වන හෙයිනි. සංයුත්ත නිකායේ අසංඛත සංයුත්තයෙහි නිර්වාණය අර්ථ දැක්‌වීම සඳහා භාවිතා වන එබඳු නාම 32 ක්‌ දැක්‌ වේ. මේ අතර තාණ (සුරක්‌ෂිත බව ), සන්ති ( සුවසෙත ), පාර ( එතෙර ), සරණ ( පිහිට ), දීප ( දිවයින ), බෙම ( ක්‌ෂාන්තිය ), සිව ( යහපත ), සුද්ධි ( පිරිසිදු ), අභය ( බිය රහිත ) යන ප්‍රතිජානන අර්ථ සහිත වචන මගින් මෙන්ම රාගක්‌ඛය, දොසක්‌ඛය හා මෝහක්‌ඛය යන ප්‍රතිශේධනාත්මක අර්ථ සහිත වචන මගින් ද නිවන අර්ථ දක්‌වා තිබේ. ප්‍රත්‍යක්‌ෂය මෙන්ම අනුමානය ද බුදු සමය පිළි ගන්නා බැවින් අර්හත් මාර්ගඵලස්‌ථයා ප්‍රත්‍යක්‌ෂයෙන් දන්නා නිවන සෙසු ආර්යයෝ තමන් ලත් මාර්ගඵල ඥානවලට සාපෙක්‌ෂකව ප්‍රත්‍යක්‌ෂයෙන් මෙන්ම අනුමානයෙන් ද දැන ගනිති. මෙම කරුණ නිසා නිවන පිළිබඳව ප්‍රත්‍යක්‌ෂ අවබෝධයක්‌ ලබන තුරු ඒ පිළිබඳව විචාර පූර්වක සාකච්ඡා හා ගවේෂණය කිරීම අර්ථ විරහිත බව සිතීම අයෝග්‍යය. එම අනුමානයම පසුකලක ප්‍රත්‍යක්‌ෂයට ද හේතු ප්‍රත්‍ය බව බැවිනි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.