බොදු දන මන පුබුදුවන කපුහෙම්පල ශ්‍රී සුමංගලෝදයාරාමය

අක්‌මීමන - කේ. මතිලාල්



ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ අක්‌මීමන කපුහෙම්පල ශ්‍රී සුමංගලෝදයාරාම විහාරස්‌ථානය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වේහැල්ලේ සංඝ පරම්පරාවට අයත් පන්සලකි. ගාල්ලේ සිට අම්බලන්වත්ත පාරේ අවුත් තැඹිලිගහ හන්දියෙන් හැරී කිලෝමීටරයක්‌ පමණ කපුහෙම්පල ගම ඇතුළට ගිය විට මනරම් කඳු මුදුනක මේ විහාරස්‌ථානය පිහිටා ඇත.

මලිගස්‌පේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ 1865 වර්ෂයේදී මේ විහාරස්‌ථානය ආරම්භ කර ඇත.

ආරම්භයේදී ගලගාවකන්ද පන්සල නමින් ප්‍රසිද්ධියට පත්විය.

මෙම විහාරස්‌ථානය ආරම්භක කාල සීමාවේදී වස්‌ කාලය තුළ පමණක්‌ භික්‌ෂූන් වහන්සේ නේවාසිකව වැඩ සිටි අතර ස්‌ථිර වශයෙන්ම 1949 නොවැම්බර් 12 වැනිදා සිට විහාරස්‌ථානයේ නතරව සිට ආගමික කටයුතු සිදු කළේ අක්‌මීමන සුධම්ම ලොකු හාමුදුරුවන්ය.

1949 දෙසැම්බර් 20 වන දින විහාරස්‌ථානයේ දිනපතා පාඨශාලාවක්‌ ආරම්භ කර ප්‍රදේශවාසී දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඇත. 1950 මැයි මස 20 දා ආරම්භ කළ රාත්‍රී ඉංගී්‍රසි පාසල ද අවට ගම්වාසීන්ගේ දරුවන් ද ඉංගී්‍රසි ඉගෙනීමට මේ පන්සලට ඒමට හේතුවක්‌ විය.

1920 දී විහාරස්‌ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ රෝපණය කර ඇත. 1924 දී චෛත්‍ය ඉදිකිරීමට ආරම්භ කර ඇත.

අක්‌මීමන සුධම්ම හාමුදුරුවන්ගේ කාලයේදී 1954 ජුලි 02 දා විහාරස්‌ථානයට පිවිසීමට පඩිපෙලක්‌ සාදා නිමකර ඇත. පන්සලට අඩුපාඩුවක්‌ව පැවැති විහාර මන්දිරය ඉදිකිරීම ආරම්භ කර 1959.02.10 දා නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කර ඇත. 1963 වර්ෂයේ දෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ලක්‌ ද 1968 වර්ෂයේ ධර්ම ශාලා මන්දිරයක්‌ ද 1977 දී දාන ශාලාවක්‌ ද ආදී වශයෙන් සියලු විහාරාරාංගාවලින් සමන්විත පන්සලක්‌ බවට පත් කිරීමට අක්‌මීමන සුධම්ම හිමියන් කටයුතු කර ඇත.

වර්තමාන විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්‌ත්‍රපති හිනිදුම චන්ද්‍රdනන්ද ස්‌වාමීන් වහන්සේ අදහස්‌ දක්‌වමින්, සියලු විහාරා රාංගවලින් සමන්විත මෙම ඓතිහාසික විහාරස්‌ථානයේ දෙමහල් භික්‌ෂු නේවාසිකාගාරයක්‌ ඉදිකිරීම අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරීම විහාරයට පිවිසීමට මාර්ග ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුකිරීම, ධාතු මන්දිරයක්‌ සහ පුස්‌තකාලයක්‌ සහිතව සංඝාවාසය ප්‍රතිසංස්‌කරණය කිරීම, විහාරස්‌ථානය වටා වලාකුළු බැම්මක්‌ ඉදිකිරීම යනාදී කටයුතු පිළිබඳ සඳහන් කළේය. තවද හිනිදුම චන්ද්‍රdනන්ද ස්‌වාමීන් වහස්‌සේ කපුහෙම්පල විද්‍යාලයේ ඉගැන්වීම් කරන කාලයේ පන්සලේ ඇති කළ දහම්පාසල වර්තමානයේ දියුණු තත්ත්වයේ පවතී. 1994 වර්ෂයේ සිට ප්‍රදේශවාසීන්ගේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය ලබාදෙන මේ දහම්පාසලේ වර්තමාන ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කරන්නේ චන්දානන්ද ස්‌වාමීන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පාඨශාලාචාර්ය ශාස්‌ත්‍රපති මාවනානේ ෙ€මින්ද ස්‌වාමීන් වහන්සේය. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ මල්වතු පාර්ශ්වයේ නායක ස්‌වාමීන් වහන්සේලාගේ සංඝ සංවිධානයේ ලේකම් තනතුරද දරමින් ශ්‍රී සුමංගලෝදයාරාම විහාරාධිපති ස්‌වාමීන් වහන්සේගෙන් කෙරෙන ජාතික ආගමික සේවාවන් ද අගය කළ යුතුව ඇත.

අතීතයේ මෙන්ම වර්තමානයේද ආගමික කටයුතුවලට මෙන්ම දරුවන්ගේ බෞද්ධ ආගමික අධ්‍යාපනයටද මේ විහාරස්‌ථානය මගින් සිදුවෙන සේවාවන් අගය කළ යුතුව ඇත. උගත් සිල්වත් ගුණවත් භික්‌ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් දිනෙන් දින දියුණුවට පත්වන මේ පුදබිම බොදු ජනතාවගේ නෙත් සිත් පහන් කෙරේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.