පව්කළ ගැහැණියක ගේ දුක්‌බර කථාව
(මත්තා ප්‍රේත වස්‌තුව)

භූත යන පුතුගේ පියාට තිස්‌සා හා මත්තා කියා බිරිඳන් දෙදෙනෙක්‌ වූහ. පසු කලෙක නරක ගති පැවතුම් තිබූ මත්තා මැරී ප්‍රේතියක්‌ ව ඉපිද දිනක්‌ භූතගේ පියා නිවසේ නැති අතරේ නිවස අසලට ආවා ය. මේ ප්‍රේතිය දුටු තිස්‌සාව ප්‍රේතියගෙන් තොප කවරෙක්‌ දැ යි ප්‍රශ්න කළා ය. එහි දී ප්‍රේතිය තමා මේ නිවසේ සිටි මත්තා බව කීවා ය. කුමන පවක්‌ කොට ප්‍රේත ලෝකයේ උපන්නේ දැ යි ඇසූ විට ප්‍රේතිය මෙසේ කීවා ය.

මම ක්‍රෝධ කරන, පරුෂ බස්‌ කියන, ඊර්ෂ්‍යා කරන මසුරු සිත් ඇති කෛරාටික ගති ඇත්තියක්‌ වීමි. මම ඒ නපුරු වචන කථා කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියෙමි යෑ යි ප්‍රේතිය කී බව අර්ථ දත යුතු ය.

ඉක්‌බිති තිස්‌සාව විසින් කවර පාප කර්මයක්‌ හේතුවෙන් පසින් ගැවසුනු සිරුරක්‌ ඇත්තියක්‌ වූයේ දැ යි අසන ලදී. එහිදී තමා මනුලොව දී, ලස්‌සන ඇඳුමින් සැරසුන තිස්‌සාව හා ස්‌වාමි පුත්‍රයා කථා කරමින් සිටිනා දැක ඊර්ෂ්‍යාවෙන් මැඬුනු සිත් ඇත්තී කෝපයෙන් පස්‌ ගෙන එයින් තිස්‌සාවට ගැසූ පවින් මෙසේ වූ බව කීවා ය.

ඉක්‌බිතිව තිස්‌සාව විසින් ප්‍රේතියගෙන් කවර කර්මයක්‌ හේතුවෙන් නුඹ කැසීම් රෝගයකින් පෙලෙන්නී දැ යි ඇසී ය. එහිදී ප්‍රේතිය මනුලොව මත්තා නමින් සිටිය දී කසඹිලියා ගෙඩි ගෙනවිත් තිස්‌සා (තම ස්‌වාමියාගේ අනෙක්‌ භාර්යාව) නිදන යහනේ ඇතුරුවා වූ පාප කර්ම බලයෙන් මෙසේ වූ බව කීවා ය. ඉක්‌බිති තිස්‌සාව ප්‍රේතියගෙන් නුඹ නග්නව ඉපදීමට හේතුව කුමක්‌ දැ යි අසනු ලැබුවා ය. පෙර මත්තා නමින් මනුලොව මිනිස්‌ කතක්‌ව සිටිය දී වස්‌ත්‍රයක්‌ සොරකම් කළ පවින් මෙසේ නග්නව උපන්නේ යෑ යි ප්‍රේතිය කිSවා ය.

ඉක්‌බිති තිස්‌සාව ප්‍රේතියගෙන් කුමක්‌ හෙයින් (තෝ) අසූචි ගඳ හමන්නියක්‌ වූවා දැ යි ඇසුවා ය. පෙර ජීවිතයේ දී ස්‌වාමි පුත්‍රයා ගේ අනික්‌ බිරිඳ ගේ සුවඳ වර්ග ද, මල් මාලාවක්‌ ද අගනා විලවුන් ද අරගෙන අසූචි වළකට දැමූ පවින් මෙසේ දුගඳ හමන්නියක්‌ වූ බව ප්‍රේතිය කීවා ය. පසුව තිස්‌සාව විසින් භික්‌ෂුන් අට නමක්‌ වඩම්මා දන් දී ඇය ප්‍රේත දුකින් නිදහස්‌කර දිව්‍ය සම්පත් ළඟාකර දුන්නා ය. එබැවින් පින්වතුනි, මනුලොව ජීවත් වන ඔබ දුකට හේතුවන කිළිටි කර්ම නො කොට පිරිසිදු ජීවිතයක්‌ ගත කිරීමට සිතට ගත යුතු ය පින්වතුනි, අපි විස්‌තර කරන්න යන්නේ, සිත දූෂිත කරගෙන සිදු කරනු ලබන කුඩා අකුසලයෙන් නමුදු ගෙන දෙන විපාකයන් අතිශයින් ඝෝර වූ කටුක වූ අමිහිරි වූ දුක්‌ විපාකයන් බව ය. වැරදි කරන අය මැරී ගොස්‌ උපදින දුක්‌ වැඩිම සැප අඩුම තැන සතර අපාය ලෙස හඳුන්වයි. නරකය, තිරිසන් යෝනිය, අසුර නිකාය, ප්‍රේත ලෝකය අපාය භූමි සතර වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.