සර්ව කාලීන වේ කාලීන නොවේ
(තර්කයට හසුනොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ (33)

කම්මට්‌ඨානාචාරිනී ,
පද්මාවෝ රාජපක්‌ෂ,
ශ්‍රී අමත ගවේෂී ධම්ම සමාජයේ අනුශාසිකා

සර්ව කාලීන වේ... සර්ව කාලීන වේ බුදු දහම - කාලීන නොවේ... කාලීන නොවේ බුදු දහම. අපි ඉතින් කාලීන බණ කියලා කියනවා තමයි. ඒත් ඉතින් ඒක නම් වැරදියි. මේ අහන්නකෝ මේ අහන්නකෝ යහළුවේ ථෙරවාදයේ කේන්ද්‍රස්‌ථානය වූ ලංකාවේ නැවත වරක්‌ සත්‍ය දසුන මතුවේවි කියලා මට හිතෙනවා. බාධක මැද්දේම සිරිලක යළිත් වරක්‌ අධිගමයෙන් බබලාවි. ඔබට සිතෙන්නේ නැද්ද එහෙම? ඇයි අද මගේ සිතට මෙවැනි සිතුවිලි ගලාන එන්නේ? ඒ මගේ සම්මා සංකල්පනාවෝ මය.

ඔබට මතකද බුදුපියාණෝ මෙහෙම කියනවා .මම විබඡ්ජවාදියෙක්‌මි. මම ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ වැරැදි පිළිවෙත් වර්ණනා කරනෙක්‌ නොවෙමි. මම එක පැත්තක්‌ බලා කියන්නෙක්‌ නොවෙමි. වැරදි මාර්ගයේ පිළිපන් ගිහියා හෝ පැවිද්දා වැරදි මාර්ගය පිළිපැදීම හේතුකොටගෙන නිවැරදි කුසල මාර්ගය සම්පූර්ණ කරන්නේ නොවේ කියා.

යහළුවේ. යහළුවේ. මේකනේ සත්‍යයේ කතාව. එදා බුදු පියාණෝ පුද්ගල නායකත්වයක්‌ පෙන්නුවේ නැහැ. එහෙම කළා නම් අද බුදුදහම නැහැ. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මග වැළලිලා තිබුණා තමයි. ඒත් එදා සක්‍ර දේවේන්ද්‍රයාට පැනෙව්වා මතකද? සිරිලකෙහි පිරිසිදු දහම බොහෝ කාලයක්‌ පවතින බැවින් ලංකාව සහ එහි වෙසෙන ජනතාව සුරකින්න කියලා. අසිරියකි ඉතින් එලෙසම සිරිලක යළිත් වතාවක්‌ දහම මතු වෙලා. වාසනාවන්. වාසනාවන්.

සමහරෙකුට ප්‍රශ්නයක්‌ වෙලා තියෙනවා. ශ්‍රව්‍ය මාධ්‍ය හරහා දේශනාකොට වදාරනවා ඇහෙනවා අද මෙහෙම. මේ දහම මහා බ්‍රහ්මයාවත් ගෙනල්ලා දීලද දන්නේ නැහැ කියලා. නැහැ... නැහැ... නැහැ... එසේ නොවේ. මහා බ්‍රහ්මයාට පුළුවන්යැ එච්චර දෙයක්‌ කරන්න. මේ බුදු මුවින් ගලා ආ ඒ පවිත්‍ර දහමනේ.

දේශනා කිරීම පමණක්‌ම නොසෑහේ. ක්‍රියාත්මක වීමයි හොඳ. සත්‍ය දකින්න නම් දහමෙහි හැසිරෙන්නම ඕන. මගේ කල්පනාව නම් එහෙමයි. ඒත් ඉතින් ඒ උතුම් සෝතාපත්ති අංග සතර කලින් කලට සැඟවෙනවානේ. විනය, සූත්‍ර, අභිධර්මානුසාරයෙන් දහම දන්නවා තමයි. ඒක උතුම් ක්‍රියාවක්‌. ඒ උතුම් ක්‍රියාව මගින් බුදු සසුන පවතිනවා රැකෙනවා තමයි, ඒත් අවබෝධය කරා පිය නඟන්නේ ක්‍රියාවෙන්මයි.

නොනැවතී අපි ඉදිරියටම යමු. ලෝකයේ ඇත්ත වටහා ගනිමු. නැත්නම් මොකද දන්නවාද වෙන්නේ. හරියට අනුන්ගේ හරක්‌පට්‌ටිය රකින ගොපල්ලාට වුණු දේම තමයි. හරක්‌ පට්‌ටිය රකින්නම ඕනෙ. හැබැයි කිරි වළඳන්නත් ඕනෙ. දෙකම වෙන්නම ඕනැනේ. මෙන්න සත්‍ය දැකගන්නා විලාසය යළිත් මතු වෙලා. පර්යාප්ති දහම පැවතුනත් කලින් කලට එතනට ළÍdවන මග වැළලෙනවා. ස්‌වභාදහම තමයි ඒ. ඒ උතුම් දේශනා නිසා අද දහම සුරැකෙනවා. ධර්මය දැනගත්තාට මදි ඉගෙනගත්තාට මදි. ධර්මය දේශනාකළාට මදි. ඒ උතුම් දහම අවබෝධ වන්නේ ක්‍රියාවෙන්මයි. ශාසන බ්‍රහ්ම චර්යාවේ උතුම් වූ ක්‍රියා දාමය තමයි ධර්ම දේශනා පැවැත්වීම. නමුත් ඒ අතරතුර දී මාර්ග බ්‍රහ්ම චර්යාව කරා සේන්දුවිය යුතුමයි.

ආනන්දය - මා විසින් දෙසූ ධර්මය හා විනය මගෙන් පසු නායකයා වන්නේය. බුදු දහම පුද්ගල නායකත්වය මත සංවිධානය වූවක්‌ නොවේ.

දුක්‌ත ලෝක ගැටලුව හරිම ලස්‌සනට විසඳිලා යන ආකාරය බුදු පියාණෝ පෙන්වා දෙනවා. ආත්ම දිට්‌ඨිය තියෙනවා නම් ඉතින් සසරේ යන්න ලෑස්‌ති වෙන එකයි තියෙන්නෙ. වෙන මොනවා කරන්නද? ඒ නිසා වහ වහා ශූන්‍ය බව දකින්නම වෙනවා. ඉතින් කර්මස්‌ථාන වළ නොහැසිරී කෙසේ නම් ශූන්‍ය භාවය දකින්නද? කෙසේ නම් ඇත්ත දකින්නද? කෙසේ නම් ගැළවෙන්නද? ඔබ දැනගන්න පළමුවන වතාවට ශූන්‍ය බව දැකගන්නේ සෝතාපන්නවන මොහොතේ කියලා. ඒ ඵල අවස්‌ථාව සපුරාලීම සඳහා නුවණ පූර්ණ වූ මොහොතෙදීම අකාලිකවම චතුසත්‍ය ස්‌පර්ෂ වී ඵලය ලැබෙනවාමයි.

ඔබ දන්නවාද සෝවාන් මග නුවණින් පහ කළ යුතු බන්දන මොනවාද කියලා. වැරදි දැකීම - සැකය සහ වැරදි සීලයේ හැසිරීමනේ. දර්ශන සම්පත්තිය ලැබෙනවාත් සමඟම ඒවා අහෝසි වෙනවා. හැබැයි දැනගන්න ඔබ ඒ අනුසය වශයෙන් කියලා. අනුසය වශයෙන් පැවතුනාට ඒවා සංයෝජන නම් නොවේ.

ස්‌ථිර පරමාර්ථයත් දැඩි කැපවීමත් ප්‍රත්‍යක්‌ෂ ඥානයත් තියෙන කෙනෙකුට පමණයි නිවන දකින්න පුළුවන්කම තියෙන්නේ. දියුණු වූ මාර්ග සත්‍ය නිසාමයි. පින අවශ්‍ය වන්නේ භවය පිණිසමයි. ඇයි අත මිට සරු වෙන්න එපායෑ ලෝකයේ ලගින්න නම්. කුසල් අවශ්‍ය වන්නේ නිවෙන්නමයි. කුසල් උපදවාගත හැක්‌කේ අටÍs මග වැඩීමෙන් හෙවත් භාවනාවෙන් පමණයි. භාවනා භාවනා භාවනා - වඩනවා වඩනවා වඩනවා - ලෝකයේ ඇත්ත තතු පේනවා - නිවෙනවා නිවෙනවා නිවෙනවා

තෝ.. කියලා ආමන්ත්‍රණය කළාම, තොපි.. කියලා ආමන්ත්‍රණය කළාම මමත්වය දැඩිවෙනවානේ සිත් තැවුල් ඇතිවන නිසා. එවිට මෝහාන්දකාරයනේ ඇතිවන්නෙ. නමුත් අද එසේ ආමන්ත්‍රණය කරමින් සක්‌ඛාය දිට්‌ඨිය හෙවත් මමත්වය ක්‌ෂය කිරීමට උත්සාහ දරන අයත් නොසිටිනවා නොවේ. එතනදී ඇතිවන ද්වේශය නිසා මෝහයට පත්වෙනවා. මමත්වය ගොඩ නැගෙන්නේ සහ වැඩී යන්නේ මෙලෙස ඇතිවන රාගයයි ද්වේශයයි නිසා. මේ කුමන කාලයක දී වුවද කැමතිදේ විමසන විට සැප විඳලා රාගයෝ පැනනගිනවාමයි. අකැමැති දේ විමසන විට දුක විඳලා ද්වේශයෝ පැන නඟිනවාමයි. ඉතින් ඒ ඔස්‌සේ ඇත්ත දැකගන්නා තුරා එසේ හටගත් රාගයෝ ද්වේශයෝ මෝරනවාමයි. එහෙම තමයි භවය හෙවත් විපාක පිණිස කර්මයෝ මෝරන්නේ.

වනප්පගුම්බේ යථාඵුස්‌සිතග්ගේ

ගිම්හානමාසේ පඨමස්‌මිංගිම්හේ

තථූපමං ධම්මවරං අදේසයී

නිබ්බානගාමිං පරමං හිතාය

ග්‍රීස්‌ම සෘතුවේ පළමුවන මාසයේ වන ලැහැබේ සුපිපි සුසිනිඳු සුවඳැති මලක්‌ වගේ - නිවන පිණිස බුදු පියාණෝ සුමට සුසිනිඳු සියුම් සුවඳැති නමුත් අතිශයින් ගැඹුරු ධර්මයක්‌ දේශනා කළා. ඒ දහම තමයි මේ තියෙන්නේ. වෙන දහමක්‌ නම් නොවෙයි මේ. හොඳට හිතට ගන්න වෙයි ඔන්න. හරිම සරලයි දහම. සරල වුණාට හරිම ගැඹුරුයි. පුදුමයි. ඒත් ඇත්තයි.

ගැඹුර දකින්න නම් දහමේ කිමිදෙන්න ඕනැමයි. ඒ උතුම් මගධ භාෂාවෙන් පමණක්‌ පැවසීමෙන් හැම දෙනාටම නොතේරීනම් නෙමෙයි ගැඹුරුයි කියන්නේ.

ගැඹුර කියන්නේ දහම අවබෝධයමයි. සත්‍ය අවබෝධයමයි. ගැඹුර දකින්න නම් අවබෝධවෙලා තියෙන්න එපායෑ.

කෙටියෙන් පැවසුවොත් අඳුරේ අත පත නොගා. අවබෝධය, මග ඵලය, නිවන ශාක්‌සාත් රගන්නා තුරා වඩන්න ඕනැ. එසේ නොමැති දහමකින් ඇති ඵලේ කුමක්‌ද? දහමේ හැසුරුනාම ලෞකික ජීවිතයත් සුවපත්වන එක වෙනම කතාවක්‌. සිතට පිළිසරණ වන්නේ සිහියනේ. සිහියට පිළිසරණ විමුක්‌තියනේ. එතකොට විමුක්‌තියට පිළිසරණ තමයි නිවන. සදහටම ලෝක දුකින් එතෙර වීමනේ පරමාර්ථය විය යුත්තේ. බුදු දහම වෙත අවංක සිතින් යොමුවන්න. සම්මා සමාධිය වන සතරවන ධ්‍යාන ශක්‌තිය හෙවත් කිමිඳුම් කට්‌ටලය පැළඳගන්නම ඕනැනේ කිමිදෙන්න නම්. නැත්නම් පීනන්න තමයි වෙන්නේ. පීනුවාට ගැඹුර නොපෙනේවි ඔන්න. පීන පීන හිඳලා නම් බැහැ. කිමිඳෙන්නම වේවි.

කිමිඳිලා බලන් - පීනලා නොයන් - කිමිඳෙනා කට්‌ටලය පැලඳගෙන වරෙන්.

ඉතින් යහළුවේ කිමිඳුනාම ගැඹුර පේනවා. ලෝකයේ රහස හෙළිවෙනවා. කර්මයෙන් ගැලවෙනවා. එහෙනම් අදට මම නවතිනවා. ඉතින් ආයුබෝවන්.

රහසකී රහසකී රහසකී - මා ඉන්න ලෝකය රහසකී - රහස හෙළි කළොත් ගැලවිය හැකී - කර්මය නැවතෙතී නැවතෙතී - කර්මය කර්මය කර්මය - කර්මයෙන් ගැලවීලා යන්නට - සෝතයට ආපන්න වන්නට - දයාවෙන් කියමි මම ඔබහට.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.