සිත ගිලන් වුණොත්...

පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝතස්‌ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්‌සෘෘ

'ආතුරකායස්‌ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්‌සන්ති,

ඒවං හි තෙ ගහපති, සික්‌තබ්බන්ති'

'ගිලන් කය ඇති මගේ සිත නොගිලන්වෙති යි, ගෘහපතිය නුඹ විසින් මෙසේ ම හික්‌මිය යුතුය''.

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුක්‌ත නිකායේ ඛන්ධ සංයුත්තයේ, නකුලපිතු වර්ගයට අයත් නකුලපිතූ සූත්‍රදේශනාවේ අඩංගු ධධර්ම කොට්‌ඨාසයකුයි.

භාග්‍යවතුන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිරි නුවර සමීපයෙහි භේසකලාවේ මිගදායේ වැඩවාසය කරන සේක. එම කාලයෙහි කනකුලපිතූ නම් ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණ වැඳ එකත්පසෙක වාඩිවිය. මෙසේ සඳහන් කළේය. භාග්‍යවතුන් වහන්ස, මම දිරාගෙන ගොස්‌ ඇත්තෙමි. වයස්‌ගත වෙමි. මහලු වූයෙමි. අවසන් කාලයට පැමිණියේ වෙමි. ගිලන් වූ කය ඇත්තේ වෙමි. නිරතුරු රෝගඇත්තේ වෙමි. භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ නිතර නොදක්‌නා සුළුවෙමි. යම් සේ මට දිගු කලක්‌ හිතසුව පිණිස පවතින දහමකින් අවවාද කරන සේක්‌වා. භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරනු ලබන සේක්‌වා යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. ගෘහපතිය එය එසේමයි. මේ කය රෝග ඇත්තේමය. බිජුවටක්‌ බඳුය. සිවියෙන් හාත්පසින්ම වැසුණේය. යමෙක්‌ මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක්‌ පිළිගන්නේ නම්, ඒ බාල බව හැර අන් කුමක්‌ද?

ගෘහපතිය, එබැවින් නුඹ විසින් මෙහිලා මෙසේ හික්‌මිය යුතුය. ''ගිලන් කය ඇති මාගේ සිත ගිලන් වෙති'යි. ගෘහපතිය, නුඹ විසින් මෙසේම හික්‌මිය යුතුය. මින් අනතුරුව, නකුලපිතූ ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්‌කාර කොට, සැරියුත් මහරහතන් වහන්සේ වෙතට පැමිණියේය. වන්දනා කොට එකත්පසෙක හුන් ගෘහපතින්ගෙන් සැරියුත් තෙරුණුවෝ මෙසේ ප්‍රශ්න කළහ. ''නුඹගේ ඉන්ද්‍රියන් මහත් සේ ප්‍රසන්නයි. මුහුණ වර්ණය ද පිරිසිදුයි. පැහැපත්ය. කෙසේද අද භාග්‍යවතුන් වහන්සේ වෙතින් දහම් කතාවක්‌ අසන්නට ලැබීද? යනුවෙනි. තෙරුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කතාවක්‌ නම්වූ අමෘතයෙන් අභිෂේක කරන ලද්දේ වෙමි. කවර දහම් කථාවකින් අභිෂේක කරන ලද්දේදැයි විමසනු ලදුව,තමා සහ භාග්‍යවතුන් වහන්සේ අතර සිදුවූ දහම් පිළිසඳර නකුලපිතූ විසින් සැරියුත් තෙරණුවන්ට සඳහන් කළේය. ගෘහපතිය, ''කොපමණකින් ගිලන්කය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේද? කොපමණකින් ගිලන්කය ඇත්තේ නොගිලන් සිත ඇත්තේ වේදැයි, භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නොවැටහිණිදැයි සැරියුත් තෙරණුවෝ ප්‍රශ්න කළහ. එහි අදහස ඔබ වහන්සේගෙන් දැන ගන්නට කැමැති යෑයි සඳහන් කරන ලද්දේ. එසේ නම් අසන්න,මැනවින් මෙනෙහි කරන්න. නකුලපිතු දහම් කථාව අසන්නට මනසින් සූදානම් විය.

ගෘහපතිය, කෙසේ නම් ගිලන්කය ඇත්තේ ගිලන් සිත ඇත්තේ වේද?

ගෘහපතිය, ආර්යයන් නුවණැසින් නොදක්‌නා සුළු ආර්ය ධර්මයෙහි අදක්‌ෂ වූ ආර්ය ධර්මයෙහි නොහික්‌මුණු, සත්පුරුෂයන් නොදක්‌නාසුළු සත්පුරුෂ ධර්මයෙහි අදක්‌ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්‌මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම යෑයි හෝ ආත්මය රූප ඇත්තෙකැයි හෝ ආත්මයෙහි රූපය පවතී යෑයි හෝ රූපයෙහි ආත්මය පවතී යෑයි හෝ දකී. ''රූපය මමය, මාගේ රූප යෑයි නැගී සිටින්නේ වෙයි. මම රූපයෑ මාගේ රූප යෑයි වැළඳගෙන සිටින ඔහුගේ ඒ රූපය ජරා මරණවලට පෙරළෙයි. වෙනස්‌වන බවට පැමිණෙයි. රූපයෙහි වෙනස්‌වීමෙන් හා අන්‍ය ස්‌වභාවයට පත්වීම, ඔහුට ශෝක පරිදේව, දුක්‌ඛ දොaමනස්‌ස, බලවත් සිත්තැවුල් ඇතිවීමට හේතුවක්‌ වෙයි.

වේදනාව ආත්මය යෑයි හෝ ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ ආත්මයෙහි වේදනාව පවතී යෑයි හෝ වේදනාවෙහි ආත්මය පවතී යෑයි හෝ දකී. වේදනාව මමයෑ, මාගේ වේදනාව යෑයි සිතින් වැළඳගෙන සිටින ඔහුගේ ඒ වේදනාව වෙනස්‌වීමට භාජනය වෙයි. අන්‍ය වූ ස්‌වභාවයට පත්වෙයි. වේදනාවේ වෙනස්‌වීම හා අන්‍ය වූ ස්‌වභාවයට පත්වීම ඔහුට සෝක හඬා වැලපීම්, දුක්‌ඛ දොaමනස්‌ස උපායාස ඇත්වීමට හේතුවෙයි.

සංඥව ආත්මයෑයි හෝ ආත්මය සංඥ ඇත්තෙකැයි හො ආත්මයෙහි සංඥව පවතී යෑයි හෝ සංඥවෙහි ආත්මය පවතී යෑයි හෝ දකී. සංඥව මමයි, මාගේ සංඥය යෑයි වැළඳගෙන සිටින්නේ වෙයි. සංඥව මමය, මාගේ සංඥව යෑයි සිතේ නගා සිටුවාගෙන සිටින ඔහුගේ සංඥාව වෙනස්‌වෙයි. අන්‍ය ස්‌වභාවයට පත්වෙයි. මේ සංඥවේ විපරිණාමය සහ අන්‍යථභාවය නිසා ඔහුට සෝක පරිදේව දුක්‌ඛ දොaමනස්‌සයෝ උපදිති.

සංස්‌කාර ආත්ම යෑයි හෝ ආත්මය සංස්‌කාර ඇත්තෙකැයි හෝ ආත්මයෙහි සංස්‌කාර පවතී යෑයි හෝ සංස්‌කාරයන්හි ආත්මය පවතීයෑයි හෝ දකී. සංස්‌කාර මමය, මාගේ සංස්‌කාර යෑයි සිතින් නැගී සිටින්නේ වෙයි. සංස්‌කාර මමය, මාගේ සංස්‌කාරයෑයි සිතින් වැළඳගෙන සිටින ඔහුගේ සංස්‌කාර විපරිණාමයට පත්වෙයි. වෙනස්‌ බවට පත්වෙයි. එසේ වීමේදී ඔහුට සෝක පරිදේව දුක්‌ඛ දොaමනස්‌ස උපායාස උපදිති.

විඥනය ආත්ම යෑයි හෝ ආත්මය විඥන ඇත්තෙකැයි හෝ ආත්මයෙහි විඥනය පවතීයෑයි හෝ විඥනයෙහි ආත්මය පවතී යෑයි හෝ දකී. විඥනය මමය, මාගේය විඥන යෑයි සිතින් වැළඳගෙන සිටින්නේ වෙයි. විඥනය මමය, මාගේ විඥන යෑයි සිතින් වැළඳගෙන සිටින ඔහුගේ විඥනය විපරිණාමයට පත්වෙයි. අන්‍යවූ බවට හැරෙයි. එසේ වීමෙන් ඔහුට සෝක පරිදේව දුක්‌ඛ දොaමනස්‌ස උපායාස උපදිති. මෙසේ ගිලන්කය ඇත්තෙත් ගිලන් සිත් ඇත්තේත් වෙයි.

ගෘහපතිය, කෙසේ නම් ගිලන්කය ඇත්තේ ගිලන්සිත් ඇත්තේ නොවේද? ගෘහපතිය, ආර්යයන් දක්‌නා සුළු ආර්ය ධර්මයෙහි දක්‌ෂ වූ ආර්ය ධර්මයෙහි හික්‌මුණු සත්පුරුෂයන් දක්‌නා සුළු සත්පුරුෂ ධර්මයෙහි දක්‌ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්‌මුණු ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ආත්ම යෑයි නොදකියි. ආත්මය රූප ඇත්තෙකැයි හෝ නොදකියි. ආත්මයෙහි රූපය පවතී යෑයි හෝ රූපයෙහි ආත්මය පවතී යෑයි හෝ නොදකියි. රූපය මමය, මාගේ රූප යෑයි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගැනීමෙන් සිතමැඩීමකට පත්නොවන්නේ වෙයි. රූපය මමය, මාගේ රූප යෑයි තෘෂ්ණාවෙන් වැරැදි දෘෂ්ටියෙන්ද සිතින් අල්ලා නොගන්නාවූ ඔහුට ඒ රූපය ජරා මරණවලට පෙරළීමේදී සෝකපරිදේවදුක්‌ඛ දොaමනස්‌ස උපායාස නූපදිති. වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤාණ නම්වූ ස්‌කන්ධයන්ද ඉහත සඳහන් කළ ආකාරයෙන් සතර ආකාරයට ආත්මය උපාදානය නොකරගනී. ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් දක්‌නා සුළු ආර්ය ධර්මයෙහි දක්‌ෂ ආර්ය ධර්මයෙහි හික්‌මුණු බවට පත්වීම නිසාය. එමෙන්ම ඒ ශ්‍රැතවත් ශ්‍රාවකයා සත්පුරුෂයන් දක්‌නා සුළු, සත්පුරුෂ ධර්මයෙහි දක්‌ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්‌මුණු බවට පත්වීම නිසාය. මෙයට ගිලන්කය ඇත්තේ ගිලන්සිත් නොමඇත්තේ වෙයි.

සියලු දෙනාටම වැටහෙන ආකාරයෙන් සරල ලෙස ධර්ම විවරණක්‌ කරගනිමු. සම්මුතියෙහි පිහිටා කයේ පරිහරණය පිණිස මම, මාගේ යෑයි පැවසුවත්, පවත්වා ගත්තත්, පරමාර්ථයට අනුව එනම් පරම සත්‍යයට අනුව මම, මගේ යෑයි ස්‌ථාර වූ පුද්ගලයෙක්‌ හෝ කිසිවක්‌ නොපවත්නා බව ඉහත සඳහන් ධර්ම කථාවෙන් පැහැදිලි කෙරේ¾ අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා විසින් ආර්යයන් පරමාර්ථ දහම් නුවණින් හෙවත් විදර්ශනා නුවණින් නොදක්‌නා ලැබේ. මේ නිසාම ආර්ය ධර්මය අනුගමනයේදී හෝ අවබෝධයට ගන්නට අදක්‌ෂයෙක්‌ වෙයි. එමෙන්ම එම ආර්ය ධර්මයෙහි නොහික්‌මුණු අයෙක්‌ බවට පත්වෙයි.මේ නිසා අශ්‍රැතවත් පෘථග්ජනයා තම කය(ජීවිතය) මම සහ මගේ කොට සිතින් දැඩිව අල්ලාගනී. එනම් උපාදානය කරගනී. ඉහත සාකච්ඡා කළ අයුරින් රූපය (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) වේදනා (සැප, දුක්‌, මැදහත්), සංඥ (හඳුනාගැනීම්), සංඛාර (පැවැත්මට උපකාරවන ශක්‌තිය, රැස්‌කිරීම්), විඤ්ඤාණ (දැන ගැනීමේ නුවණ) මම කොට මගේ කොට සිතන්නටත් එය සිතන ආකාරයටම පවත්වා ගන්නටත්, බලාපොරොත්තු වෙයි. ඒ වෙනුවෙන් සිත, කය, වචනය මෙහෙයවයි. එනමුත් මෙම ස්‌කන්ධ පඤ්චකයේ යථා ස්‌වභාවය නම්, හටගැනීම සහ වැනසීමයි. එනම් 'උදයව්‍යය' යි. සමුදය සහ නිරෝධයයි. උප්පාද සහ භංගයයි. මේ රූපය ඇතුළු ස්‌කන්ධ පඤ්චකය විපරිණාමයට පත්වන විට සහ තමාට කැමැති පරිදි නොපත්නා විට, අශ්‍රැතවත් පෘථග්ජනයා සෝක පරිදේව, දුක්‌ඛ දොaමනස්‌ස, උපායාසයන්ට මුහුණපායි. එනමුත් ආර්යයන් දක්‌නා වූ සත්පුරුෂයන් නුවණින් දක්‌නාවූ එම මාර්ගයෙහි දක්‌ෂ හික්‌මුණු ශ්‍රැතවත් ශ්‍රාවකයි විසින් ස්‌කන්ධ පඤ්චකය මමය, මාගේය යනුවෙන් උපාදානය නොකරගන්නට වඩනා ලද ප්‍රඥවත් ඇති නිසා ස්‌කන්ධ පඤ්චකයේ විපරිණාමයේදී සෝක පරිදේව දුක්‌ඛ දොaමනස්‌ස උපායාසයන්ට පත්නොවෙයි. මෙයට ගිලන්කය ඇත්තේ නමුත් නොගිලන් කයින් ඇත්තේ යෑයි භාතියට උතුම්වූ ධර්මාවබෝධය පිණිසම වේවා.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.