ගිහි-පැවිදි සබඳතාව

මේ ගෙවෙනුයේ වස්‌සාන සමයයි. මෙම සමය බුදුදහම අනුව නම් ගිහි-පැවිදි සබඳතාව වඩා සමීප කරන සමයකි. අදින් උදාවූ නිකිණි පෝ දිනයේ පසුගිය පොහොය දිනයේ වස්‌ විසීමට නොහැකිවූ භික්‌ෂුන් වහන්සේට පසුවස්‌ විසීම කළ හැකිය. ඒ කෙසේ වුවද අද වනවිට ගිහි පැවිදි සබඳතාවයේ ශක්‌තිමත් බව කොතෙක්‌ දුරට පවතීද යන්න විමසා බැලිය යුත්තකි.

ගමේ විහාරස්‌ථානයේ වැඩවසන භික්‌ෂුන් වහන්සේ පිළිබඳ ගිහියා සිතනුයේ උන්වහන්සේ තමන්ට වඩා ලෝභ, දොaස, මෝහ ධර්මයන්ගෙන් ප්‍රහීන වූවෙකු ලෙසිනි. ගිහියා නිරන්තරයෙන් භික්‌ෂුන් වහන්සේගෙන් තමන් තුළ නැති ගුණධර්ම බලාපොරොත්තු වේ. නූතනයේ ගිහියා තුළ ශ්‍රද්ධාව ඇතිකිරීම පිණිස ඇතැම් භික්‌ෂුන් වහන්සේ ක්‍රියාකරන ආකාරය පිළිබඳ ගිහියාගේ එතරම් පැහැදීමක්‌ නැත. අතළොස්‌සක්‌ වැනි පිරිසකගේ ක්‍රියාකලාපයන් නිසා සමස්‌ත සංඝයා වහන්සේ කෙරෙහි ගිහියාගේ විශ්වාසය මේ නිසා බිඳ වැටීමේ අවදානමක්‌ද පවතී. බුදුසමයට අනුගත නොවන මිථ්‍යාවන්ට අනුබල දෙන ඇතැම් මිථ්‍යා විශ්වාසයන් කෙරෙහි ගිහියන් යොමු කරමින් තම බඩවියත රැක ගැනීම උදෙසා චීවරය භාවිත කරන භික්‌ෂුන් වහන්සේ සමස්‌ත භික්‌ෂුව සමාජයටම කරනුයේ අගතියකි.

මඡ්Cධිම නිකායේ චංකී සූත්‍රය මෙහිදී අපට සිsහිපත් වේ. මෙම සූත්‍ර ධර්මය තුළ භික්‌ෂුන් වහන්සේ කෙරෙහි ගිහියාගේ ශ්‍රද්ධාව ඇතිවනුයේ කෙසේදැයි පැහැදිලි කරයි. හිස මුඩු කරපු එවුන්

මොක්‌කුද? කාලකණ්‌නි, පවුකාරයෝ, මහා බ්‍රහ්මයාගෙ යටිපතුලෙන් උපන් අය යනුවෙන් භික්‌ෂුන් වහන්සේට නිග්‍රහ කළ පිරිස බුදුරදුන්ගේ මෙකී චංකී සූත්‍ර දේශනාව අවසානයේදී සැදැහැවත් බෞද්ධයෝ බවට පත්වූහ.

එම නිසා වඩා ශක්‌තිමත් වූ ගිහි පැවිදි සබඳතාවක්‌ උදෙසා චංකී සූත්‍රය වඩා වැදගත් වේ. ගිහි පැවිදි සබඳතාවේ ශක්‌තිමත් බව ර¹ පැවැත්මේ වැඩි බරක්‌ පැවරෙන්නේ භික්‌ෂුන් වහන්සේ කෙරෙහිය. භික්‌ෂුන් වහන්සේ යනු සිංහල බෞද්ධ සමාජ සංස්‌ථාව තුළ ප්‍රධාන මාර්ගෝපදේශකයාණෝය. ගිහියා සදාචාරසම්පන්න, බුද්ධිගෝචර, විචාර බුද්ධිය ඇති වීර්ය සම්පන්න අයකු බවට පත් කළ හැක්‌කේ ගිහි පැවිදි සබඳතාව චංකී සූත්‍රයේ දැක්‌වෙන ලෙසින් තහවුරු

වුවහොත් පමණකි.

මෙහිදී ගිහියාට පැවරෙන වගකීමක්‌ ද ඇත. එනම් ගමේ විහාරස්‌ථානයේ වැඩවාසය කරන භික්‌ෂුන් වහන්සේට සිවුපසයෙන් උපස්‌ථාන කිරීමයි. භික්‌ෂුන් වහන්සේ රාත්‍රියට වැළඳුවා යන්න

නොසොයා උන්වහන්සේට හීල් දානය, දවල් දානය

නිසියාකාරයෙන් ලැබෙනවාදැයි සොයා බැලිය යුතුය. උන්වහන්සේගේ ලෙඩ දුකේදී සමීපයෙන් සිට උපස්‌ථාන කළ යුතුය. භික්‌ෂුන් වහන්සේ යනු ගිහිගෙය අත්හැරි පිරිසකි. එම නිසා බුදුරදුන්ද උන්වහන්සේලාට අවශ්‍ය දේ සපයාදීම (ආමිසානුප්පදානෙන) අනුමත කර ඇත.

මෙවැනි කරුණු කෙරෙහි ගිහි පැවිදි දෙපාර්ශ්වයේම අවධානය යොමුවී නම් ශක්‌තිමත් ගිහි පැවිදි සබඳතාවක්‌ ගොඩනැඟෙනු ඇත. එය නූතන සමාජයේ ආධ්‍යාත්මික සංවර්ධනයේ මූලය වනු ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.