බුදුන් වහන්සේ අනු දැන වදාළ
යහපත් දේශයක පාලක පාලිත පන්තියේ වගකීම


''මහණෙනි. මෙසේ දිළින්දන්ට ධනය නොදෙනු ලබන කල සොරකම් වැඩි විය. සොරකම් වැඩි වී ගිය කළ අවි ආයුධ භාවිතයට පත්වීය. අවි ආයුධ වැඩි වී ගිය කල සත්ව ඝාතනය වැඩි වී ගියේය. සත්ව ඝාතනය වැඩි වී ගිය කල බොරුකීම වැඩි වී වැඩි වී ගියේය. බොරු කීම වැඩි වී ගිය කළ සත්වයන්ගේ ආයු පිරිහිණ''

(බුද්ධ ජයන්ති ප්‍රකාශන)

බුදු දහම හය වන සියවසේ පැවැති රාජ්‍ය පාලනය ගැන විවෘත සංවාදයක්‌ ගොඩනගමින් හැම විටම රටේ ජනතාව ගැන සිතමින් ඒ ජනතාවගේ සිත් සනසවමින් පාලකයින් තම පරිපාලන පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමුඛතාවට ගන්නා ලෙස සිහිපත් කරයි. රාජාණ්‌ඩුල සමූහාණ්‌ඩු සහ ප්‍රාන්ත පාලක යනාදී පරිසරයන් තුළ බිහි වූ බුදු දහම ප්‍රධානියා ලෙස කටයුතු කරන පරිපාලකයා වන 'රාජ' යන්න 'ජනං රංජතීති රාජා' ලෙස අර්ථ කථනය කරයි. ජනතාව සතුටු කරවන පාලන ක්‍රමයක්‌ පවත්වාගෙන යන්නට සමත් වන පුද්ගලයා රජු ලෙසට පෙන්වා දේ. සමස්‌ත ජනතාවගේ ආරක්‍ෂාවල සුභසාධනය සාධාරණව ජීවත්වීමේ අයිතිය පිලිගෙන සමානාත්මතාව පදනම් කරගෙන තම පාලන තන්ත්‍රය සකසා ගැනීමේ භාරධුර වගකීම පාලකයාට පැවැරී තිබේ. විශේෂයෙන් බුදු දහම ඉන්දියාවේ පහලවන කාලයට සමාන්තරව චීනයේ ව්‍යාප්ත වූ කොන්ෂිසියානු දර්ශනය තුලින් ද සමාජ සාධාරණත්වය මෙන්ම සුභසාධනය යන අංශ තම දර්ශණය තුලින් මතු කර පෙන්නාදීම සැලකිය යුතුවේ.

මින් අදහස්‌ කරන්නේ හයවන සියවස සමස්‌ථ ආසියාවේ දේශපාලන රටාව නව්‍යතාවයකට ගෙන ඒම සඳහා අවශ්‍ය වන මනෝ මූලික සාධක ලෙස දර්ශනාත්මක ප්‍රබෝධයක්‌ ගොඩ ගන්නට මහත් උත්සහයක්‌ දරමින් එදා පැවැති කුල පන්ති රටාවෙන් මෙන්ම ප්‍රභූ අධිකාරිත්වයෙන් පීඩා විඳි ජනතාව නව ලොAකයට ප්‍රවේශ කරලීමේ වාස්‌ථවික සාධක සමාජ පද්ධතිsය තුළ ඇති කරලීමේ මූලික පියවර ගත් බවයි. මෙහිදී බුදු දහමේ පෙන්වන මග ගැන හා ඒ සඳහා ත්‍රිපිටකයෙන් ගත හැකි කරුණු කිහිපයක්‌ කෙරෙහි අවධානය ලක්‌ කරන්නට මෙම ලිපිය මගින් උත්සාහ කෙරේ.

පුද්ගල සහ සමාජ සංවරය

ජන ඛණ්‌ඩයක තනි පුද්ගලයා වුවද වැදගත් වේ. හුදකලාව කෙනෙකු තනිව කරගෙන යන ක්‍රියාවන් සෘජුව හෝ වක්‍රව සමස්‌ථ සමාජයටම බලපෑම් කළ හැකිය. ආසියාවේ හා යුරෝපයේ ගෙවීගිය අතීතයේ සඳහන් සංසිද්ධින්ට පාදකවූ යම් යම් සුවිශේෂි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් එම ජන කණ්‌ඩයේ පමණක්‌ නොව සමස්‌ථ රටේ ද ඉන් බැහැරව වෙනත් සමාජ වලටද සංවර්ධනාත්මක බලපෑම් මෙන්ම විනාශකාරී බලපෑම් ද එල්ල වී තිබේ. උදා ( - ජෝඡ් සොහොයුරන්ගේ සොයා ගැනීම වූ ගුවන් යානාව ලෝක ප්‍රවාහනයේ ප්‍රවේශකාරි සංවර්ධන මාවතකට මුල්පිරිව ද ''හිරෝෂිමා', 'නාගෂාකි' ජපන් ප්‍රදේශ දෙකක්‌ම විනාශ කරලීමට යොදාගත් විෂ වායු සහිත ද්‍රව්‍ය ප්‍රවාහනය කළේද ගුවන් මගින්ය. මින් මතුවන අභියෝගය පුද්ගලාභ්‍යන්තරය මානවවාදී ශික්‍ෂණයකට ලක්‌ කළයුතු බව සහ ඒ සඳහා හැකි සෑම දෙයක්‌ම තනි පුද්ගල පාදක කොට ගෙන ක්‍රියාත්මක කර පුද්ගල සංවරය මුලින්ම ළඟා කරගත යුතු බවයි. ''අත්තාන මෙවපඨමං පති රූපෙ නිවෙසයෙ'' යන දහම් පාඨය අවධාරණය කරන්නේ තමා මුලින්ම ප්‍රතිපත්ති ගරුකව මානව හිතවාදි චින්තනයක්‌ ගොඩ නගා ගතයුතු බවකි. බොහෝ සූත්‍ර දේශනාවන් තුළ සඳහන් වන ''පන්සිල්'' පිළිවෙලට නිගේධාත්මකව කරලීම මෙන්මල පන්සිල්වලට ධනාත්මකව ප්‍රවේශ වීමෙන්ද සමාජයට මහත් සේවාවක්‌ තනි පුද්ගලයෙකුට කරලිය හැකිය. උදාහරණයකට, ප්‍රාණඝාතයෙන් වෙන්වීම තුලින් තමාට බාධා හිරිහැර හා සතුරන්ගෙන් තොරව සුවසේ ජීවත්වීමට සුදුසු වටපිටාවක්‌ නිර්මාණය කරගත හැකිවනවා මෙන්ම සමාජයේ සෙසු පිරිසගේ ජීවත් වීමේ අයිතියට ගරු කිරීම ද විශාල සේවාවකි. එම සේවාව ලබාදෙන්නේ පුද්ගල සංවරය තුලිනි. සෙසු ශීක්‍ෂාපද හතරද පුද්ගල සංවරයට සෘජුව මගපෙන්නා දෙන බව පුලූල් විවරණයකින් දැක ගත හැකිය.

සමාජය යනු පුද්ගලයින් රාශියකගේ එකතුව තුලින් බිහිවන්නකි. විවිධ සිතුම් පැතුම්ල ආචාර සමාචාරල ඇදහිලි සහ විශ්වාස හා විවිධ දේශපාලනික මතිමතාන්තරවලින් මෙම පිරිස්‌ සමන්විත වේ. මෙම විවිධත්වය සහිත සාමාජිකයින්ගේ සංවරය සමාජයේ යහ පැවැත්මට සෘජුවම බලපෑම් කරනු දක්‌නට ලැබේ. යම් සමාජයක්‌ 'අදින්නාදානය' වගකීමෙන් යුතුව තේරුම් ගෙන සෙසු සාමාජිකයන්ගේ යමක්‌ ඔවුන්ට හිමිකර ගැනීමේ අයිතියට ගරු කරන්නේද එම සමාජය තුළ අෙන්‍යාaන්‍ය විශ්වාසල මිත්‍රත්වය හා එකිනෙකා දෙස විවෘතභාවයෙන් බැලීමට මෙන්ම සැකයෙන් තොරව ආශ්‍රය කරලීමට අවස්‌ථාව ලැබෙනවා ඇත. වර්තමාන ලෝකයේ සමහර රටවල් දැඩි නීති රීති මගින් සොරකම් අවම කරලීමට උත්සහ ගනිත්. යමෙක්‌ සොරකමක යෙදුනේද ඔහුගේ හෝ ඇයගේ දෑත් සිඳීම් වැනි අමානුෂික දඬුවම් ක්‍රියාත්මක කළද ඒ තුලින් සමාජ සංවරය සාක්‍ෂාත් කරගැනීමට පහසුවී නොමැත. ඒ වෙනුවට සමාජ අසහනය තවත් උග්‍ර අතට පත්වීමක්‌ පෙන්නුම් කෙරේ.

බුදුදහම නිර්දේශ කරන සතර සංග්‍රහ වස්‌තුව තුලින් සමාජ සංවරයට සෘජු බලපෑම් කරන බව පැහැදිලිsය. දානයල ප්‍රියවචනයල අර්ථචර්යාව සහ සමානාත්මතාව ලෙස දැක්‌වෙන කරුණු හතරින් සමාජය සංග්‍රහ කරන්නට හැකි වේ නම් සමාජය ද ඔබට ඒ අයුරින්ම පෙරලා සංග්‍රහ කරනු ඇතැයි උපකල්පනය කරමු.

පුද්ගල සහ සමාජ සංවරය සඳහා වන මනෝ මූලික පරිසරය නිර්මාණය කරලීමෙහිලා යොදාගත හැකි ජනප්‍රියතම බුද්ධ දේශනාව ලෙස සතර බ්‍රහ්ම විහරණය හැඳින්විය හැකිය. අෙන්‍යන්‍ය සුහදශීලි මිත්‍රතAවයට මග එළි පෙහෙළි කරගැනීමට මෛත්‍රිය හෙවත් අධ්‍යත්මික මිත්‍රත්වය යොදා ගැනීමද අනොHන්‍ය ආපදා වලදි කාරුණික වීම හෙවත් කරුණාවෙන් පිහිට වීමට ඉදිරිපත් වීමෙන් 'කරුණා ගුණය' ආරක්‍ෂා කිරිම ද සෙසු සාමාජික පිරිසේ අභිවෘද්ධිය ගැන අධ්‍යාත්මික සතුට ඇති කර ගැනීමෙන් වෛරි සහගත නොවීමෙන් ද පක්‍ෂග්‍රාහී නොවීමෙන් සැමට සම සිත පෙන්වා දී උපේක්‍ෂා ගුණයෙන් යුතු වූ පුද්ගලයින්ගෙන් පිරි සමාජයක්‌ නිර්මාණය කර ගන්නට හැකිවේ නම් ඒ සමාජ තුළ සංවරයත් තනි පුද්ගල සංවරය වර්ධනය වනු ඇත. එසේ සංවර වූ සමාජයන්ගෙන් සමන්විත රටදල රටවල් රාශියකින් සැදුම් ලබන ලෝකය ද යම් තරමකට සැමට සතුටින් ජීවත්වීමට සුදුසු වේ. ලෝකයේ සතුටින් වීමට සුදුසුම රට ලෙස ස්‌වීඩනයද ඊට පෙර ස්‌විස්‌ටර්ලන්තය දල ලෝක ප්‍රීතිමත් දර්ශකයේ මුලටම පැමිණිය ද බෞද්ධ දර්ශනයේ ආභාෂය බහුලව ලබන අප රට ඒ තුලින් 66 වන ස්‌ථානයට පත් වූයේ ප්‍රායෝගික ජීවිතයට බුදු දහම ළංකර ගැනීමට උනන්දු නොවී එය හුදු පරලොව පිළියෙල කරන දහමක්‌ ලෙස පිළිගෙන කටයුතු කිරිම නිසා ද, නැතිනම් අප රට තුළ පවතින වෙනත් සමාජ දේශපාලන හා ආර්ථික සාධක බුදු දහමේ ප්‍රායෝගිත්වය අභිබවනය කරලීම ද, යන්න පැහැදිලි නොවේ. කෙසේ වෙතත් පුද්ගල සන්තතියේ පවතින ද්‍රව්‍යාත්මක ඇගැයීම ආත්මාර්ථකාමිFවයට වහල්වීමට තරම් තම ඉJද්‍රියන් පාලනය කර ගැනීමට බැරිවීම මේ තත්ත්වයට අපව පත්කර ඇති බව පෙනේ.

සමාජ අසහනය ඇතිවීම

සමාජය තුල ඇතිවන අසහනය, නොසතුට, අතෘප්ති කර බව ආදි සාධක ගැන සමාජ මනෝවිද්‍යාඥයන් කරුණු ගෙන හැර දක්‌වති. ප්‍රසිද්ධ සමාජ මනෝ විද්‍යාඥයෙකු වන ඇල්ෂඩ් මාර්ෂල්a පුද්ගලයෙකුගේ අවශ්‍යතා පෙළගස්‌වා පුළුල් සාකච්ඡාවක්‌ කර ඇත. එය ''ධූරාවලි'' න්‍යාය (Hසටයෑර්eඑයසජ්ක ඔයෑදරහ දෙ Hමප්බ බැeds) මෙහිදී පහලම මෙන්ම පුළුල් ස්‌ථරය ලෙස පෙන්වාදී ඇත්තේ මූලික අවශ්‍යතා ආහාරපාන දල දෙවෙනිව ආරක්‍ෂාවද යන සාධක තෘප්තිමත් පුද්ගලයෙකු ලෙස ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය බව සඳහන් කරයි. සමාජ අසහන හා අර්බුද ගැන බුදු දහම ස්‌ථාන කිහිපයකදි සාකච්ඡා කරයි. මෙහිදී දිඝ නිකායේ චක්‌කවත්ති සීහනාද සූත්‍රය පෙළ ගස්‌වා ඇති හේතුඵල වාදි සමාජ අසහනය ගැන අවධානය යොමු කිරිමේ පාලන සහ පාලිත දෙපිරිස අතර අන්තර් සම්බන්ධතා වල නොගැළපීම් නිසා පුද්ගලයින් තුල අයහපත් චර්යා රටාවන් ඇතිවන අයුරු පෙළගස්‌වා ඇත්තේ ධනය, ප්‍රාග්ධනය හෝ ආයෝජන අවස්‌ථාවන් සඳහා රාජ්‍ය මැදිහත් නොවීම සහ රාජ්‍යයේ සුභ සාධනයන් නිසි අයුරින් ඉටුනොවීම නිසා බව පැහැදිලි කරමින් එක්‌ පුද්ගලයෙක්‌ තමන්ට අවශ්‍ය ධනය නොමැතිවීමත්, රාජ්‍ය එම පුද්ගලයන්ට ජීවත් වීමට අවශ්‍ය ආයෝජන ඉඩ ප්‍රස්‌ථාවන් ඇති කරලීමට අවශ්‍යය රාජ්‍ය ධනය නිසි පරිදි ලබානොදිම ද හේතුන් එම පුද්ගලයන් දිළිඳු බවට පත්වන බව දල තම දිළඳු බව නැති කරලීම පිණිස සොරකම් ආදින්ට යොමුවීම, දළ අවි ආයුධ පරිහරණයට ගැනීමද රාජ්‍ය උදහසට ලක්‌වීමට බයෙන් බොරුකීම සහ කේලාම් කීම වැනි සමාජ වියවුල් රාශියකට ජනතාව යොමු වන අයුරින් ඒ ක්‍රියාකාරකම්වල අහිතකර බව නිසා ජනතාවගේ ආයු කාලය ක්‍රමයෙන් හීන වීමට ලක්‌වන ආකාරය ''චක්‌කවන්ති සීහනාද'' සූත්‍රයේ මුල් භාගයේදි ඵෙතිහාසික පුවතක්‌ මතක්‌ කරන්නා සේ පෙළ ගස්‌වා ඇති අයුරු දැකිය හැකිවේ.

පාලකයන් තම තමන්ගේ සුඛ විහරණය ගැන සිතමින් ජනතාව පෙළෙන අයුරින් බදු අය කිරිම සහ ධනය නොදිම සමාජ අසහනය වැඩි දියුqණු වී එය රාජ්‍ය විප්ලවයක්‌ දක්‌වා දිවෙන අරගල

රැල්ලකට මගපෑදිමකි. ප්‍රංශ විප්ලවයට ආසන්නතම අවධියේ රජු වූ 17 වන ලූවී සහ පවුල ගෙන ගිය ජනතාව තලා පෙලන පාලනය 1789 ප්‍රංශ විප්ලවය දක්‌වා දියත්වී නැපෝලියන් වැනි අධිරාජ්‍යයක්‌ නිර්මාණයට හේතුවූ බව යුරෝපා ඉතිහාසය සාක්‍ෂි දරයි. ඒ සමයේ ප්‍රසිද්ධ කියමන් එකක්‌ වූ ''ප්‍රංශ ජනතාව වීදි බැස කේක්‌ ඉල්ලන්නේ නැතිව පාන් ඉල්ලන්නේ ඇයි දැයි'' එක්‌ රජ බිසවක්‌ අසා ඇත. ඉන් හැඟෙන්නේ පොදු ජන දුක ගැන පාලකයින් හරිහැටි නොදන්නා බව සහ පාලක සහ පාලිත පරතරය විශාල තත්ත්වයකින් පවතින බවකි.



''චක්‌ක වත්ති සීහනාද'' සූත්‍රයෙහි අග භාගයේදි පෙන්වා දෙන්නේ ජනතාව සහ පාලකයින් තම තමන්ගේ දුෂිත චර්යා රටාවන් හඳුනාගෙන, සුදුසු ප්‍රතිපත්ති මාලාවක්‌ යටතේ ස්‌වයං විවේචනයකින් තම වැරදි නිවැරදි කර ගැනීමත් සමඟ පෙර පැවැති සමාජ අසහනය පහ වී යලිත් ඒ ජනයා වර්ණයෙන්ල ආයු කාලයෙන්ල ප්‍රභාමත්ව සැනසුම් සහගත ජීවිතයකට හිමිකම් ලබාගත් බවකි. පාලක පාලිත වගවීම මානසික පරිශුද්ධිය ගොඩනැගෙන කාය සුචරිතය තුලින් ඇතිවිය යුතු බව අවධාරණය කරයි. නීති රීති මගින්ම හෝ අධිකරණ ක්‍රියාවලියකින් පමණක්‌ පුද්ගල හෝ සමාජ සංවරයක්‌ පවත්වා ගැනීමට නොහැකිවීම නිසා බුදු දහම මෙම අවස්‌ථාවට මුහුණ දිම සඳහා පුනරුFථාපන ස්‌වරූපයේ සීලමය පදනමක්‌ සමාජයට හඳුන්වා දේ. පන්සිල්වලින් පදනම ගොඩනගා ඉදිරියට ගොස්‌ ආයHඡ් අෂ්ඨාංගික මාර්ගය දක්‌වා කටයුතු කළ යුතුය. ජනයා පමණක්‌ම නොව පාලකයන් ද ධාර්මික විය යුතුය යන්න ''රාජා භවතු ධම්මිකො'' යන්නෙන් ද පෙන්වා දිය හැකිය.

යහපත් සමාජයක්‌ නිර්මාණයෙහිලා රාජ්‍යයේ වගකීම කෙබඳු ද යන්න හෙළ සාහිත්‍යයෙහි බොහෝ විට කරුණු දක්‌වා ඇති අතර ඒ තුලින් බෙහෙවින්ම ප්‍රචලිත සංකල්පයක්‌ වන්නේ ''දස රාජධර්මය'' යන්නයි. පාලකයන් තුල තිබිය යුතු කුසලතා දහයක්‌ වන මෙය විශ්ව සාධාරණ අගයකින් යුතු වන බව තේරුම් ගැනීම වැදගත් වේ.

බෞද්ධ දසරාජ ධර්මය සමාන්තරව ගමන්ගන්නාවූ ලෝක මට්‌ටමේ යහපාලන යාන්ත්‍රණයක්‌. .ඔයෑ ඤබජැචඑ දෙ ඨදදා ඨදඩැරබ්බජැ. ලෝක බැංකුව සහ එක්‌සත් ජාතීන්ගේ පද්ධතිය 1992 ඉදිරිපත් කරන ලද අතර එම සංකල්පය දේශපාලන නෛතික සිද්ධාන්තයක්‌ ලෙස බටහිර දේශපාලන විද්‍යාව සංවර්ධනය කෙරිණ. ඒ යටතේ සාකච්ඡා කෙරෙන කරුණු වන්නෙ,

01 සහභාගීත්වය

02 සාධාරණ පාලනය

03 විනිවිදතාව

04 ප්‍රතිචාර සහිත බව

05 සහභාගීත්වය

06 සානුබලතාව සහ කාර්යක්‍ෂතාව

07 වගකීම

ඉහත ලෝක සංවිධාන ඉදිරිපත් කරන වන සාධක 07 බෞද්ධ සංකල්පය සමඟ සන්සන්දනයේ යෙදෙන විට පහත සඳහන් සමානතා පැහැදිලිව දත හැකි වේ.



ලිපියේ මූලික අදහස වූයේ අද ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවල රැව් දෙන ''යහපාලනය'' යන්න ගැන බුද්ධ ධර්මය සහ ඒ හා ආශ්‍රිත බෞද්ධ සාහිත්‍යයෙහි පෙන්වා දෙන කරුණු මතු කරමින් යහපාලනයේ සංකල්පීය සහ ප්‍රායෝගිකත්වය ගැන අදහස්‌ කිහිපයක්‌ මතු කරලීමටය. රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම රටේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් පිළිගෙන තිබීමත් රටේ ජනගහනයෙන් 60% ආසන්න පිරිසක්‌ තම ආගම ලෙස බුදු දහම පිළිගන්නා නිසාත් බෞද්ධ දේශපාලන සංකල්පයක්‌ රට තුල ප්‍රතිෂ්ඨාපනය වීම සියලුම ශ්‍රි ලාංකිකයන්ගේ අන්‍යන්‍යතාව සහ සංස්‌කෘතික උරුමය සුරක්‍ෂිතව තබා ගැනීමට පාලන තන්ත්‍රය සහාය දැක්‌විය යුතුය. දැඩි ආර්ථික විෂමතාවයක්‌ සහිත සමාජ රටාවක්‌ සහිත ශ්‍රි ලංකාවට වඩාත් වැදගත් වන්නේ සමාජ සුභ සාධන පාලන සංකල්පයකි. ඒ සඳහා පාලක පිරිසට බුදු දහමින් මග පෙන්වා දිය යුතු වන අතර පාලක පාලිත යන උභය පිරිස මතම වගකීම නිසි පරිදි අවබෝධ කරගනිමින් සාමකාමි ජීවන රටාවක්‌ ගැන උනන්දු වීම වැදගත් වේ. අදට වඩා හෙට දවස සහ නුපන් අප දූ දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිතවන, බුද්ධි ගලනය සහ විදේශ ගෘහ සේවිකා සේවය දුර්වල කරවන ආකාරයේ ආර්ථික මංපෙත් විවර කරන්නට ''දසරාජ සංකල්පය''ආශ්‍රිත නවීන සමාජ ආර්ථික හා දේශපාලන පද්ධතියක්‌ නිර්මාණය කරගැනීම සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම සහ යුතුකම වියයුතුය.

කැකනදුරේ ධම්මසිරි හිමි
Spiritual Care Provider /Board Certified
Chaplain (BCC) USA
Vietnamese Buddhist Temple, Spokane,
Waszhington State, United States of
AmericaKekanadura@yahoo.com / domettatome@
gmail.com

 


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.