කිසිවෙක්‌ නැත - කිසිවක්‌ නැත

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි

'මම මහරහත් උතුමෙක්‌ වෙමි - මම නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළෙමි' යනුවෙන් පෞද්ගලික නාමය පෙරටුකොට තමාම හෝ ජනප්‍රිය බෞද්ධ ආගමික සංස්‌ථා මගින් 'මාර්ගපල ලේබලය' තමා මත අලවාගෙනඇත. මේ සිදුවීම් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේද ප්‍රකට විය. එහෙත් ඔෙරී පැත්තෙන් අවිධිමත් වෙන්න. මෙහිදී 'මම' ඉලක්‌ක කරගෙන මම පෙරටුවේ තබාගෙන යම්කිසි ඵළලාභීත්වයක්‌ සාක්‌ෂාත් කර ගැනීමට වෙර දැරීම මෙන්ම ප්‍රසිද්ධියට පත්කිරීම මගින් මමත්වය මෝදු වෙනවා. මෝරා යනවා. එමෙන්ම ආත්ම දෘෂ්ටිය වඩා වර්ධනය වෙනවා. මම වර්ධනය මිස මම මර්දනය නොවනු ඇත. ඵල අපේaක්‌ෂා කරන්න කරන්න ප්‍රාර්ථනා කරන්න කරන්න උත්තම නිවීම දුරින් දුරට යනු ඇත. සත්‍ය සෙවීම නොව අසත්‍යයෙන් මිදෙන්න. විද්‍යාව සෙවීම නොව අවිද්‍යාවෙන් මිදෙන්න.

ඉණිමගකින් ඉහලට නැග යන කෙනකුට මට ඈත දර්ශන දැක ගැනීමට ලැෙරීවායි අමුතු ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය නොවනු ඇත. ප්‍රාර්ථනා කළත් නොකළත් ඒ ස්‌වභාවය නිතැනින්ම උදාවනුඇත. සිසිල් ජලාශයකට බැසගත් කෙනකුට මගේ ගතත් ඇඳි වතත් ජලයෙන් තෙත් වේවායි නැහැවේවායි අමුතු ප්‍රාර්ථනා අමුතු බලාපොරොත්තු අනවශ්‍යයි.

නිර්වාණ අවබෝධයේදී භව නිරෝධයේදී අනිමිත්ත සමාධියේදී අප්පනිහිත සුඤ්ඤත සමාධියේදී ඒ බව ප්‍රකට කිරීමට, සිතීමට, ප්‍රකාශයට පත් කිරීමට අන්තිම ප්‍රතිපල සම්බන්ධයෙන් හැඟීම් දනවන්න කෙනෙක්‌ නොමැති බවයි කිව යුත්තේ. ආර්ය මාර්ගයේ හෙවත් නිරෝධගාමී ප්‍රතිපදාවේ ඒ ස්‌වභාවයන් ඵලයන් තත්ත්වයන් මතුකොට උලුප්පා දැක්‌වීමට යමෙක්‌ වෑයම් කරන්නේ නම් එහිදී ආත්ම දෘෂ්ටිගත මම' යෙදුම නිතැනින්ම සටහන් වනු ඇත. එමෙන්ම භව නිරෝධය ප්‍රකට කළ නොහැක. යමෙක්‌ ආර්ය මාර්ගය චාගෝ - පටිනිස්‌සග්ගෝ - මුත්ති - අනාලයෝ යනුවෙන් වදාළ නිස්‌සරණ අධ්‍යාශයෙන් ධර්මතා වඩාගෙන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයක කටයුතු කරන්නේ නම් ඔහු තුළ මම සංකල්පය ගොඩනැගෙන්නේ නැත. එසේ නොවන්නේ නම් හරි දැක්‌ම වෙනුවට වැරැදි දැක්‌මම නොහොත් සම්මා දිට්‌ඨියෙන් මිත්‍යා දෘෂ්ටියට වැටෙනු ඇත.

යෝගාවචරයාගේ බලාපොරොත්තුව අභිප්‍රාය ලෝකයේ යථාර්ථය අවබෝධ කිරීමයි. ඔහුගේ කැමැත්ත අවිද්‍යා, අන්ධකාරයෙන් මිදීමටයි. මේ ගමනේදී ඔහු තුළ විද්‍යමාන වන්නේ ස්‌වභාවධර්මයට සම්ප්‍රාප්ත වූ බවකි. ක්‍රියාත්මක භාවයක්‌ දකී. කරන්නෙක්‌ නැත. මමෙක්‌ නැත.

කම්මස්‌ස කාරකො නත්ථි

විපාකස්‌ස ච වේදකො

ක්‍රියාවක්‌ ඇත. කරන්නෙක්‌ නැත. විඳීමක්‌ ඇත. විඳින්නෙක්‌ නැත. මේ පරමාදර්ශී උත්තම ප්‍රඥවට පැමි,මේ පෙරනිමිති දකී. ඒ අමනිකාරයයි. ෙච්තෝ විමුක්‌තියයි. පූර්ණ නිවීමයි. මහා මෞනත්වයයි. මහා ශුන්‍යතාවයයි.

නිවන යයි යම් හටගත් දෙයක්‌ ඇතැයි උපකල්පනය කර උලුප්පා දක්‌වා ඇති එහි අභිනන්දනය කිරීම නිත්‍ය සුන්දර පරම මංගල සැපතක්‌ විඳීම නම් වූ මනෝභාවයන් සිත් තුළ ජනිත කිරීම ශාන්ති නායක දර්ශනයට ඉඳුරාම පටහැනිය. වස්‌තුවක්‌, ස්‌ථානයක්‌. භූමියක්‌, දෙයක්‌ යනුවෙන් මවාපා වින්දනාත්මක ෙච්තනාවක්‌ පරම්පරාවක්‌ ශ්‍රාවකයා තුළ ජනිත කර මනෝමය ලෝකයට යොමුකිරීම ධර්මානුකූලව ගෝචර නොවේ. ඉඳුරාම පටහැනිය. දෘෂ්ටි ජාලයකට පටලවාලීම හැර වෙන දෙයක්‌ නොවේ. එතැනින් සසර ගමන නිමාව මග හැරී යනු ඇත.

'මම' සංඥාව සංකල්පගත බවෙන් තොරවී නොදැනුවත්වම බැහැර වේ. ධර්ම සංඥාව සංකල්පගත බවෙන් තොරවී නොදැනුවත්වම බැහැර වේ. මම මාර්ගය වඩමි. සංකල්පගත බවෙන් තොරවී නොදැනුවත්වම බැහැර වේ. මම ඵලයට පත්වෙමි. මම ඵලයට පත්වුවෙමි. සංඥා සංකල්පගත බවෙන් තොරවී නොදැනුවත්වම බැහැර වේ. මේ ධර්මයේ ධර්මතාවයි.

අඳුරේ සිටි කෙනෙක්‌ ආලෝකය වෙත සපැමි,ම, විකෘතියෙන් ප්‍රකෘතිය කරා යාම වෙන දෙයක්‌ නොවේ. මාර්ගඵල අවබෝධය ඉහත උපමාවට අදාළ වේ. නිමිති විරහිත බව හෙවත් අනිමිත්තයේදී ෙච්තනා මනසිකාරය කිසිත් නොමැති බවයි. අල්ලාගත් දෙයක්‌ නැත. බැහැර කළ බවක්‌ද නොමැති තැනයි.

- රූප සංඥා - ෙච්තනා -

මනසිකාරය නොවේ.

- වේදනා සංඥා - ෙච්තනා - මනසිකාරය නොවේ

- සංඥා සංඥා - ෙච්තනා - මනසිකාරය නොවේ

සංකාර සංඥා - ෙච්තනා - මනසිකාරය නොවේ

විඤ්ඤානය සංඥා - ෙච්තනා - මනසිකාරය නොවේ

එම නිසා

රූපය ශුන්‍යයි - රූප පෙන පිඩකි. පෙන පිණ්‌ඩු පරං රූපං.

- වේදනාව ශුන්‍යයි - වේදනාව දිය බුබුලකි. වේදනා බුරීබුලු පමා.

- සංඥාව ශුන්‍යයි - සංඥාව මිරිඟුවකි. මරිචි කූපමා සංඥා

සංඛාරය ශුන්‍යයි - සංස්‌කාර කෙසෙල් කඳකි. සංකාරා කදපූපමා.

විඤ්ඤානය ශුන්‍යයි - විඤ්ඤාණය මායාවකි. මායුපඤ්ඤ විඤ්ඤානං

සංකත වූ ලෝක ධර්ම වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ප්‍රකට නොවීමේ ස්‌වභාවය බුද්ධ මනසේ ධර්මතාවයි. අති පාරිසුද්ධ බුද්ධත්වය යනු අනිමිත්ත සමාධියයි. අනිමිත්තය තුළ කිසිවක්‌ ග්‍රහණය කිරීමක්‌ උකහා ගැනීමක්‌ නොමැති ස්‌වභාවයයි. සංකාර ධර්මතා නොමැති බවයි. පිනත් නැත. පවත් නැත. ධර්ම හා අධර්මය නොමැත. අනිශ්‍රිත බවයි.

ලෝක ව්‍යවහාරයේ ලෞකිකත්වය තුළ නාමිකව මම සමාධිගත වෙමි. මම සමාධියට පත්වූයේ වෙමි ප්‍රකාශයන් නිකුත් කරයි. ලෝකෝත්තර සමාධියේ zෙච්තනාකරණය' නොයෙදෙන විට නිමිති නොමැති තැන සිතේ ස්‌වභාවය සිතේ ක්‍රියාකාරීත්වය කෙසේ නම් දැක්‌විය හැකිද? උපකල්පනය කළ හැකිද? එසේ පනවන්න 'මම' කොහිද? ලෝකෝත්තර සමාධි භාවය භෞතික, ලෞකික මානසික තත්ත්වයට ගෝචර නොවන බව වටහාගත යුතුය. ලෝකෝත්තර යනු ලෞකිකත්වය සපුරාම ඉවත්වූ අවස්‌ථාවක්‌ වන බැවිනි.

රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාධානස්‌කන්ධය හෙවත් සිත හෙවත් ලෝකය හටගැනීමට පාදකවූ ශුද්ධ ධර්මයන් වූ පඨවි, අපෝ, තේජෝ, වායෝ, අවකාශ , විඤ්ඤාණ ශක්‌ති සමූහයේ පටිච්චසමුප්පන්න භාවය ගුණාත්මක මන තුළ වැඩෙන විට භාවනා දෙන විට සංඥා විරහිත ශුන්‍යත්වයට ස්‌වභාවයෙන් සේන්දු වේ. කිසිම දෙයක අපේක්‌ෂා කිරීමක්‌ නැති නිමිති විරහිත අමනසිකාරය නම්වූ තත්ත්වයට නිසඟයෙන් නිරායාසයෙන් නිරුත්සාහයෙන් සම්ප්‍රාප්ත වීම ස්‌වභාවයෙන් සිදුවේ. ලෝකයා පුද්ගලභාවයක්‌ පනවන්නේ පටිච්චසමුප්පාදය ගැන නොදන්නා නිසයි. විශ්වයම කියන්නේත් පුද්ගලයා කියන්නේත් පටිච්චසමුප්පාදයමයි. ස්‌කන්ධ පංචකයම ප්‍රකට වන්නේ විද්‍යමාන වන්නේ වේගයක්‌ නිසයි. පටිච්චසමුප්පාදය නිසා ස්‌කන්ධ, නාම, රූප අවකාශය භූමිය කරගෙන ප්‍රකටවීමයි.

මහණෙනි, තථාගතයන් වහන්සේගේ දේශනා දෙවැදැරුම් වේ. 1. නීථාර්ථය 2. ෙන්‍යයාර්ථ යනුවෙනි. නීථාර්ථය පරමාර්ථ දේශනාවේ.ෙන්‍යයාර්ථය සම්මුති දේශනා වේ. 'මම' සතා පුද්ගලයා යනු සම්මුතියයි. පටමාර්ථයේදී මමෙක්‌ සතෙක්‌ පුද්ගලයෙක්‌ නොයෙදේ. 'යෝච ෙන්‍යයත්ථං සුත්තන්තං නිත්ථෝ සුත්තන්තො දීපේති යෝච නීතත්ථං සුත්තථංතන් ෙන්‍යයතථො සුත්තන්තෝනි දීපෙති. ඉමේ ඛෝ භික්‌ඛවේ ද්වේ තථාගතං අබිභාවික්‌ඛන්ති'

එසේ හෙයින් ලෝක ධර්මයන් දැන ගැනීමෙන් නිවන් දැකිය නොහැක. ලෝකය තුළ ඇති සංඛත දේ ගැන සිතීම විමසීම දෘෂ්ටිගතවීමක්‌ හැර වෙන දෙයක්‌ නොවේ. ඒ නිසා ලෝකයා යන දිසාවට නොයා යුතුය. යායුත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දිසාවටය. ඒ ලෝකෝත්තරයයි.

ප්‍රඥවෙන් අවදිවීම සම්බුදුමඟයි. නිවීමේ මගයි. සංකත වූ ලෝක ධර්මයන්ගෙන් නිදහස්‌ වීමට හැක. භෞතික ලෞකික ලෝකය තුළ විවිධ ස්‌වරූපයෙන් විද්‍යමාන වන්නේ විඤ්ඤාණ නාම රූප සංකල්පනාවන්ගෙ යුත් ස්‌වභාව ධර්මයකි. එහි යථාර්ථය විනිවිද දකින්න. එහි නිමිති වශයෙන්

නොගැනීමට ඔබ දක්‌ෂ විය යුතුය. භාගිය දාරුචීර තාපසතුමාට දුන් අවවාද ගැන සතිමත් වන්න. ධර්ම මාර්ගය වැඩීමේදී ඒ හා සමාන උපදේශයක්‌ නොමැති තරම්ය.

ආයතන හෙවත් ඇස, කන, නාසය, දිව, කන, නාසය, මන සම්බන්ධීකරණය ස්‌වභාවධර්මයකි. බාහිර ලෝකය හා සම්බන්ධවීමෙන් සිත හෙවත් ලෝකය හටගැනීම ස්‌වභාවධර්මයකි. ඒ ඒ ආයතනවල ස්‌වභාවයයි. ඒ බව මතකයෙක්‌ අවදිවීම 'සතිමත්' බවයි. එළැඹ සිටි සිහියයි.

දැන් ඔබට අමුතුවෙන් කරන්න දෙයක්‌ නොමැත. බලමි, අසමි, ආඝ්‍රහණය කරමි, රස බලමි, පහස ලබමි, මෙනෙහි කරමි යනුවෙන් මම පනවා ගැනීම පුහුදුන් බවයි. මම මෙසේ යොදා ගැනීම නිසා කර්ම රැස්‌වේ. ආර්ය භාවයේ ස්‌වභාවය මම පනවා නොගැනීමයි. දැක්‌කා පමණි. ඇසුණා පමණි. 'සුබ' සංඥා වශයෙන් ගෙන ඇලීමට හෝ අසුභ සංඥා වශයෙන් ගෙන ගැටීමට නොයන තැනට සිහිය පිහිටවිය යුතුය.

දිට්‌ඨෙ දිට්‌ඨ මත්තං - සුතේ සුත මත්තං' කමටහන නිමිති වශයෙන් නොගැනීමට අනුදැන වදාළ දේශනාවකි. රූපයේ අරූපයේ විදර්ශනාත්මක ස්‌වභාවයයි. ඒ සතිමත් බවයි. අමුතු වෙහෙසක්‌ විශේෂිත ක්‍රියාදාමයකට අවදිවීමක්‌ මෙහි නොමැත. නිසෝල්මන්වීම හැර. මේ ස්‌වභාවයේදී වර්ණ රූප, ශරීද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨරීබ රූප, ධම්ම රූප රූපයේ නිමිති විරහිත වේ.

ස්‌ත්‍රී - පුරුෂ, මව - පියා, දුව- පුතා, ගැහැණු - පිරිමි, නෑයා - නොනෑයා, සතා පුද්ගලයා වර්ග කිරීමක්‌ නොයෙදේ. භෞතික වස්‌තූන්ගේ දිග, පළල, උස -මහත, පාට - වර්ණ ගැන මනසිකාර ගතවීමක්‌ නොවේ. මේ ස්‌වභාවය ධර්මය වූ සත්ව හා භෞතික වස්‌තූන්ගේ හැඩ තල රූප සටහන් මත 'මන' දොaලනය වන්නේ නම් සසලවන්නේ නම් ඔෙරීම ස්‌වාධීනත්වය මග හැරී යනු ඇත. පරාජිතයෙක්‌ බවට පත්වේ. අපරාජිත වීමට පිනවීමට මේ කමටහන ගැන හොඳ අවබෝධයක්‌ ඇතිකර ගන්න. සත්ව හා භෞතික දැ වර්ගීකරණය කිරීම හොඳ නරක, අප්‍රිය-ප්‍රිය, උස්‌-මහත් භේදයක්‌ පැනවීම අවිද්‍යා සංකල්ප බව සිහිකටයුතුය. බුද්ධ මනසේ ස්‌වභාවය ඒ අනුසාරයෙන් දැනගන්න.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.