ඓතිහාසික වටිනාකම් රැසකින් හෙබි
ඌව-පරණගම, උමාඇල ශ්‍රී සුදර්ශනාරාමය



සටහන හා ඡායාරූප( බෝගොඩ රත්නායක දෙමෝදර- චන්දන කුරුප්පුආරච්චි සහ බණ්‌ඩාරවෙල- කරුණාරත්න පල්ලේගම

ඌව පරණගම, උමාඇල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානය, විශේෂතා රැසක්‌ හේතුවෙන් ඌව පළාතේ විහාරස්‌ථාන අතර සුවිශේෂී ස්‌ථානයක්‌ ගන්නා පැරණි විහාරස්‌ථානයකි.

ඌවේ පිහිටි තනි කලු ගලෙන්ම ඉදි වූ එකම විහාර මන්දිරය, ඌවේ විශාලතම ධාතු කර`ඩුව, නිල් ගරු`ඩ පාෂාණයෙන් නිමවූ සිරිපතුල, සුමන සමන් දෙවියන් ඇතු පිට වාඩිවී සිටින ඉරියව්ව සහිත අවුරුදු 120 ක්‌ පමණ පැරණි එකම දේව ප්‍රතිමාව ආදිය එම විහාරස්‌ථානය සතු ඓතිහාසික වටිනාකම් අතර තිබීම මෙම විහාරස්‌ථානය සුවිශේෂී වීමට හේතුවන බව එම විහාරාධිකාරී පූජ්‍ය මැදමුලනේ විජයබෝධි හිමියෝ පවසති.

උමාඇල ගම්මානයේ සාරවත් වෙල්යායක්‌ මධ්‍යයේ සුන්දර පරිසරයක පිහිටි ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානය වර්ෂ 1810 දී පමණ විහාරස්‌ථානයක්‌ ලෙස ආරම්භ වී ඇති බවත් ඉන් පෙරද මෙහි පිහිටි බෝධීන් වහන්සේ හා නාගසද කේන්ද්‍ර කොටගෙන මෙම ස්‌ථානය ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවූ ස්‌ථානයක්‌ බවත් ස`දහන් වේ.

මෙම විහාරස්‌ථානය හා එහි ඓතිහාසික වටපිටාව පිළිබ`දව අදහස්‌ දැක්‌වූ එම විහාරාධිකාරී පූජ්‍ය මැදමුලනේ විජයබෝධි හිමියෝ මෙසේ පැවසූහ

'' ඌව පරණගම කියන්නේ අනූදහසක පමණ ජනගහනයක්‌ සහිත එහෙත් ලංකා සිතියමේ නොමැති එකම නගරය. ඌව කැරැල්ල ආරම්භ වුණේ ඌව පරණගම රේන්දපොල ප්‍රදේශයේ. මැක්‌ඩොනල්ඩ් ආණ්‌ඩුකාරවරයා අපේ සිංහල ගම්බිම් වනසා, ගේදොර- කෙත්වතු ගිනි තබා, පල දැරූ ගහකොල කපාදමා, ළමාවිය ඉක්‌මවූ සියලු පිරිමින් මරා දමා සිදු කළ ඒ විනාශය ආරම්භ වුණේ මේ ප්‍රදේශයෙන්. එදා ඒ ආණ්‌ඩුකාරවරයාගේ අණින් සිංහල මිනිසුන් එල්ලා මැරූ සියඹලා ගස තිබෙන්නේත් මේ ආසන්නයේ.

මේ ප්‍රදේශයට උමාඇල කියන නම ලැබී ඇත්තේ උමං ඇල නිසා. එදා සුද්දන්ගේ කාලයේ ගනේතැන්න ප්‍රදේශයේ කළ මඤ්ඤොක්‌කා වගාවට මේ ප්‍රදේශයේ සිට ජලය ගෙනගොස්‌ තිබෙන්නේ උමං ඇලකින්. පසුකාලීනව එම ඇල මාර්ගය විනාශ වුණත් ඒ සැදූ අමුණ තාම නටබුන් වශයෙන් තිබෙනවා. ඒ උමං ඇල නිසා මේ ප්‍රදේශය පසුව උමාඇල වුණා.

වලගම්බා රජු විසින් කරවූ වළගම්බා රජමහා විහාරය, උ`ථගල රජමහා විහාරය, සීතා දේවියගේ කොණ්‌ඩයේ ගැසූ කූර පැටළුණු බැවින් කූරත්ත කන්ද නම්වූ කන්ද, සීතා දේවිය දිවුරුම් දුන් දිවුරුම්වෙල, රාවණා රජු සිටි බව පැවසෙන රාහුපොල, පත්තිනි මෑණියන්ගේ නැ`ගණිය විසූ බව පැවසෙන දිවැස්‌ අඹරාපති දේවාලය වැනි ඓතිහාසික ස්‌ථාන නිසා මේ ප්‍රදේශයම ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක්‌.

එවන් ඓතිහාසික වටපිටාවක තිබෙන මේ උමාඇල ශ්‍රී සුදර්ශනාරාමය මුලින්ම විහාරස්‌ථානයක්‌ ලෙස ආරම්භ වී ඇත්තේ වර්ෂ 1810 දී පමණ. ඊට පෙරත් ජනතාව මෙම ස්‌ථානයේ වැඳුම් පිදුම් කළ බව පැවසෙනවා. එදා පැරන්නන් මහියංගනය විහාරස්‌ථානය ව`දින්න ගියේ මේ අසලින්. ඒ යන විට මෙහි නැවතී මේ ස්‌ථානයේ අදටත් ඇති ගල් ඔරුවේ කිරි උණු කරගෙන පානය කළ බව ජනප්‍රවාදයේ ස`දහන් වෙනවා. එසේම විහාර භූමියේ ඇති හාස්‌කම් සහිත අවුරුදු 800 ක්‌ පමණ පැරණි බෝගසට හා නාගසට ප්‍රාර්ථනා බෝධීන් ලෙස ප`ඩුරු බැ`ද ඒ අය ගමන් අරඹා තිබෙන්නේ.

ඒ වගේම පිළිගත් හැඩයක්‌ නොමැති මෙහි දාගැබ ඉන්දියාවෙන් පැමිණි හැටක පමණ පිරිසක්‌ විසින් ඉදිකළ බව පැවසෙනවා. මෙහි තොරණත් එසේමයි. තනි කලූගලෙන් නිමවූ මේ විහාරස්‌ථානයේ ධාතු මන්දිරය 1931 දී පන්නල ඉන්දසාර නාහිමියන් විසින් නිමවා තිබෙන්නේ. ධාතු මන්දිරය පිහිටුවනු ලැබුවේ මෑතකදී. ඊට පෙර මෙහි තිබූ පුස්‌තකාලය වටිනා පුස්‌කොල පොත් 800 කින් සහ හම් පොත් දහසකින් පමණ සමන්විත ඌව පළාතේ තිබූ එකම පුස්‌තකාලය වුණා. ඒ පොත් වැඩිහරිය විවිධ අවස්‌ථාවල විනාශවී ගොස්‌ තිබෙනවා.

සුවිශේෂීවූ ඓතිහාසික වටිනාකම් රැසක්‌ සහිත මේ උමාඇල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ වත්මන් විහාරාධිපතීන් වහන්සේ වන්නේ ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උමාඇල ජිනරතන ස්‌වාමීන් වහන්සේයි. උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ වන විටත් මේ ප්‍රදේශයේ ආගමික ශාසනික හා සමාජීය කටයුතුවලට මුල්වෙමින් ප්‍රදේශයට ඉමහත් සේවයක්‌ වන ස්‌ථානයක්‌ බවට මේ විහාරස්‌ථානය පත්ව තිබෙනවා.'' ඓතිහාසික වටිනාකම් රැසකින් හෙබි ඌව පරණගම, උමාඇල ශ්‍රී සුදර්ශනාරාමය

සටහන හා ඡායාරූප( බෝගොඩ රත්නායක

දෙමෝදර- චන්දන කුරුප්පුආරච්චි සහ බණ්‌ඩාරවෙල- කරුණාරත්න පල්ලේගම

ඌව පරණගම, උමාඇල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානය, විශේෂතා රැසක්‌ හේතුවෙන් ඌව පළාතේ විහාරස්‌ථාන අතර සුවිශේෂී ස්‌ථානයක්‌ ගන්නා පැරණි විහාරස්‌ථානයකි.

ඌවේ පිහිටි තනි කලු ගලෙන්ම ඉදි වූ එකම විහාර මන්දිරය, ඌවේ විශාලතම ධාතු කර`ඩුව, නිල් ගරු`ඩ පාෂාණයෙන් නිමවූ සිරිපතුල, සුමන සමන් දෙවියන් ඇතු පිට වාඩිවී සිටින ඉරියව්ව සහිත අවුරුදු 120 ක්‌ පමණ පැරණි එකම දේව ප්‍රතිමාව ආදිය එම විහාරස්‌ථානය සතු ඓතිහාසික වටිනාකම් අතර තිබීම මෙම විහාරස්‌ථානය සුවිශේෂී වීමට හේතුවන බව එම විහාරාධිකාරී පූජ්‍ය මැදමුලනේ විජයබෝධි හිමියෝ පවසති.

උමාඇල ගම්මානයේ සාරවත් වෙල්යායක්‌ මධ්‍යයේ සුන්දර පරිසරයක පිහිටි ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානය වර්ෂ 1810 දී පමණ විහාරස්‌ථානයක්‌ ලෙස ආරම්භ වී ඇති බවත් ඉන් පෙරද මෙහි පිහිටි බෝධීන් වහන්සේ හා නාගසද කේන්ද්‍ර කොටගෙන මෙම ස්‌ථානය ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවූ ස්‌ථානයක්‌ බවත් ස`දහන් වේ.

මෙම විහාරස්‌ථානය හා එහි ඓතිහාසික වටපිටාව පිළිබ`දව අදහස්‌ දැක්‌වූ එම විහාරාධිකාරී පූජ්‍ය මැදමුලනේ විජයබෝධි හිමියෝ මෙසේ පැවසූහ.



'' ඌව පරණගම කියන්නේ අනූදහසක පමණ ජනගහනයක්‌ සහිත එහෙත් ලංකා සිතියමේ නොමැති එකම නගරය. ඌව කැරැල්ල ආරම්භ වුණේ ඌව පරණගම රේන්දපොල ප්‍රදේශයේ. මැක්‌ඩොනල්ඩ් ආණ්‌ඩුකාරවරයා අපේ සිංහල ගම්බිම් වනසා, ගේදොර- කෙත්වතු ගිනි තබා, පල දැරූ ගහකොල කපාදමා, ළමාවිය ඉක්‌මවූ සියලු පිරිමින් මරා දමා සිදු කළ ඒ විනාශය ආරම්භ වුණේ මේ ප්‍රදේශයෙන්. එදා ඒ ආණ්‌ඩුකාරවරයාගේ අණින් සිංහල මිනිසුන් එල්ලා මැරූ සියඹලා ගස තිබෙන්නේත් මේ ආසන්නයේ.

මේ ප්‍රදේශයට උමාඇල කියන නම ලැබී ඇත්තේ උමං ඇල නිසා. එදා සුද්දන්ගේ කාලයේ ගනේතැන්න ප්‍රදේශයේ කළ මඤ්ඤොක්‌කා වගාවට මේ ප්‍රදේශයේ සිට ජලය ගෙනගොස්‌ තිබෙන්නේ උමං ඇලකින්. පසුකාලීනව එම ඇල මාර්ගය විනාශ වුණත් ඒ සැදූ අමුණ තාම නටබුන් වශයෙන් තිබෙනවා. ඒ උමං ඇල නිසා මේ ප්‍රදේශය පසුව උමාඇල වුණා.

වලගම්බා රජු විසින් කරවූ වළගම්බා රජමහා විහාරය, උ`ථගල රජමහා විහාරය, සීතා දේවියගේ කොණ්‌ඩයේ ගැසූ කූර පැටළුණු බැවින් කූරත්ත කන්ද නම්වූ කන්ද, සීතා දේවිය දිවුරුම් දුන් දිවුරුම්වෙල, රාවණා රජු සිටි බව පැවසෙන රාහුපොල, පත්තිනි මෑණියන්ගේ නැ`ගණිය විසූ බව පැවසෙන දිවැස්‌ අඹරාපති දේවාලය වැනි ඓතිහාසික ස්‌ථාන නිසා මේ ප්‍රදේශයම ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක්‌.

එවන් ඓතිහාසික වටපිටාවක තිබෙන මේ උමාඇල ශ්‍රී සුදර්ශනාරාමය මුලින්ම විහාරස්‌ථානයක්‌ ලෙස ආරම්භ වී ඇත්තේ වර්ෂ 1810 දී පමණ. ඊට පෙරත් ජනතාව මෙම ස්‌ථානයේ වැඳුම් පිදුම් කළ බව පැවසෙනවා. එදා පැරන්නන් මහියංගනය විහාරස්‌ථානය ව`දින්න ගියේ මේ අසලින්. ඒ යන විට මෙහි නැවතී මේ ස්‌ථානයේ අදටත් ඇති ගල් ඔරුවේ කිරි උණු කරගෙන පානය කළ බව ජනප්‍රවාදයේ ස`දහන් වෙනවා. එසේම විහාර භූමියේ ඇති හාස්‌කම් සහිත අවුරුදු 800 ක්‌ පමණ පැරණි බෝගසට හා නාගසට ප්‍රාර්ථනා බෝධීන් ලෙස ප`ඩුරු බැ`ද ඒ අය ගමන් අරඹා තිබෙන්නේ.

ඒ වගේම පිළිගත් හැඩයක්‌ නොමැති මෙහි දාගැබ ඉන්දියාවෙන් පැමිණි හැටක පමණ පිරිසක්‌ විසින් ඉදිකළ බව පැවසෙනවා. මෙහි තොරණත් එසේමයි. තනි කලූගලෙන් නිමවූ මේ විහාරස්‌ථානයේ ධාතු මන්දිරය 1931 දී පන්නල ඉන්දසාර නාහිමියන් විසින් නිමවා තිබෙන්නේ. ධාතු මන්දිරය පිහිටුවනු ලැබුවේ මෑතකදී. ඊට පෙර මෙහි තිබූ පුස්‌තකාලය වටිනා පුස්‌කොල පොත් 800 කින් සහ හම් පොත් දහසකින් පමණ සමන්විත ඌව පළාතේ තිබූ එකම පුස්‌තකාලය වුණා. ඒ පොත් වැඩිහරිය විවිධ අවස්‌ථාවල විනාශවී ගොස්‌ තිබෙනවා.

සුවිශේෂීවූ ඓතිහාසික වටිනාකම් රැසක්‌ සහිත මේ උමාඇල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ වත්මන් විහාරාධිපතීන් වහන්සේ වන්නේ ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උමාඇල ජිනරතන ස්‌වාමීන් වහන්සේයි. උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ වන විටත් මේ ප්‍රදේශයේ ආගමික ශාසනික හා සමාජීය කටයුතුවලට මුල්වෙමින් ප්‍රදේශයට ඉමහත් සේවයක්‌ වන ස්‌ථානයක්‌ බවට මේ විහාරස්‌ථානය පත්ව තිබෙනවා.''
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.