ආකල්ප සමාපත්ති

ලෝකයේ විචිත්‍රත්වය, උස්‌ පහත් ස්‌වභාවය එලෙසම පවතී. එහෙත් පුද්ගලයා ලෝකය හා බැඳෙන්නේ හෝ ලෝකය හා ගැටෙන්නේ එසේ ලෝකයේ පවතින දේට නොව ඒවා පිළිබඳ තමා ඇති කරගන්නා වූ තමාගේම ආකල්ප සමගය ඝකෙනෙක්‌ හොඳ - ලස්‌සන - රසවත් - සුව පහසු යෑයි කියන දෑ ගැනම තවත් කෙනෙක්‌ ඒවා එසේ නොව නරක - අවලස්‌සන - නීරස- දුක සහිත දේ යෑයි කීමට හේතුව කුමක්‌ද? පුද්ගලයන් ඒවා දකින්නේ ඒවා ලෝකය් පවතින ස්‌වභාවය අනුව නොව ඒවා පිළිබඳ ඒ ඒ පුද්ගලයාගේ ආකල්ප පදනම් කර ගැනීම හේතුවෙනි

ඒ ඒ දෑ ගැන ඒ ඒ පුද්ගලයාගේ ආකල්ප වෙනස්‌ වන විට ඔවුන් ඒ ඒ දෑ දකින ආකාරයද වෙනස්‌ වේ.

පුද්ගලයකුගේ ආකල්ප ඔහුට මෙන්ම සමාජයට යහපතක්‌ මෙන්ම අයහපතක්‌ද විය හැක. 'ආකල්ප සමාපත්ති' යනු යහපත සලසන ආකල්පය. එම ආකල්ප සම්පතකි. එහෙයින් පුද්ගලයකුට ලෝකයේ ලැබීය හැකි සම්පත්ති අතර ආකල්ප සම්පත්තිය අග්‍ර වේ.

දරුවකු උගතෙකු කළ යුතුය යන්න අද සමාජයේ ඇති ආකල්පයකි. එහෙයින් වර්තමානයේ මව්පියන් තම දරුවන් හට හැකිතාක්‌ දැනුම ලබා දී උගතකු කිරීමට බොහෝ වෙහෙසෙනු පෙනේ. දරුවකුට දුනුම ලබා දීම අත්‍යවශ්‍යය. එහෙත් දරුවකුට දැනුම පමණක්‌ ලබාදීම නිවැරදි නොවේ.

ඝකළ යුත්තේ කුමක්‌ද? මනුෂ්‍යත්වය ඇති ගුණගරුක දරුවකු බිහි කිරීමේ පරමාර්ථයෙන් දරුවකු හදා වැඩීමයි. දරුවකුට මග පෙන්වීමය. එසේ මනුෂ්‍යත්වයෙන්- යහ ගුණෙන් යුතුව හැදී වැඩෙන දරුවාට අවශ්‍ය දැනුම ලබා දීමය. නොඑසේ නම් වන්නේ මනුෂ්‍යත්වය - යහ ගුණ නැති, දැනුම පමණක්‌ ඇති උගතකු පමණක්‌ වූ පුද්ගලයකු සමාජයට බිහි වීමය.

වෘත්තියෙන් ගුරුවයක වන තැනැත්තියක්‌ තම නිවසේදී තම දරුවන්ට විය යුත්තේ මව යි. ඇය නිවසේදී ද ගුරුවරිය වූ විට ඇයගේ දරුවන්ට තම මව අහිමි වෙයි. සැමියාට බිරිඳ අහිමි වෙයි. ඇයගේ මව්පියන්ට තම දියණිය අහිමි වෙයි

වෘත්තියෙන් වෛද්‍යවරයකු රෝහලේදී විය යුත්තේ වෛද්‍යවරයෙකි. එහෙත් ඔහු රථය පදවන විට විය යුත්තේ රියදුරෙකු විනා වෛද්‍යවරයකු නොවේ. එලෙස සෑම පුද්ගපුලයකුම තමාගේද සමාජයේද යහපත් පැවැත්ම සඳහා එසේ ඒ ඒ අවස්‌ථාවට, භූමිකාවට අනුව කිqයාත්මක වීමට, එයට අනුගත වීමට දක්‌ෂ විය යුතුය. කොතැනත්, කොයි අවස්‌ථාවෙත් පුද්ගලයකු ක්‍රියා

කරන්නේ එකම භූමිකාවකට අනුව නම් සිදු

වන්නේ ඔහුගේ ජීවිතයේ බිඳ වැටීමය

පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි විසින්
සිදු කරන ලද සදහම් දෙසුමක්‌ ඇසුරිණි.

සටහන
වෛද්‍ය ලලිත් විඡේසිංහ
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.