2017 අප්‍රේල් 10 වැනිදා සඳුදා

සිංහල අවුරුද්දට පෙරවදනක්‌!

සිංහල අවුරුද්දට ලහි ලහියේ සැරසෙන ඔබට තව නොබෝ දිනකින් එළැඹෙන ඒ මහා මංගල්‍යය සුබම සුබ වේවාෘයි අප පළමුවෙන්ම පතන්නෙමු. ඒ වෙනුවෙන් ඔබ මේ වන විට පූර්ව සූදානමක සිටිනවා ඇත. ලොව විවිධ ජාතීන්ගේ විවිධ සංස්‌කෘතික මංගල්‍යයන් අතර සිංහල අලුත් අවුරුද්දට හිමි වනුයේ සුවිශේෂී ස්‌ථානයකි. බුදුදහම හා බැඳුණු හෙළ හැදියාව ඔප් නංවන සමයක්‌ ලෙස සිංහල අලුත් අවුරුදු සමය හැඳින්විය හැකිය.

එහෙත් අප මෙකී සුවිශේෂී සංස්‌කෘතික මංගල්‍යය නූතනයේ සමරනුයේ කෙතරම් වැරැදි සහගත ආකාරයටකද? අවුරුදු චාරිත්‍ර කඩකරමින්, වාරිත්‍ර ඉටුකරමින් අවුරුදු සැමරීම කනගාටුදායක තත්ත්වයකි. ඇතැමුන්ට අවුරුද්දේ සතුට ර¹ පවතිනුයේ සුරා පානය මතය. එනිසා සියලු දේට පූර්වයෙන් අවැසි තරම් මත් වතුර බෝතල් ගෙදරට ගෙන එති. ඒ සුරා පානය කර සිහි විකල් කරගත්තෝ නිවසේ අනෙක්‌ සාමාජිකය ගේ අවුරුදු සතුට කාබාසිනියා කරති. සැමදාම හමු නොවන නෑ හිත මිතුරන් හා 'සෙට්‌වී' සතුට සොයන්නේ මත් වතුරවලිනි. කිසිදු අවුරුදු චාරිත්‍රයක්‌ ගැන ඔවුන්ට වගේ වගක්‌ නැත. ඇතැම් විට සියල්ල අවසාන වනුයේ නොසිතූ ලෙස ගැටුමකට යොමුවීමෙනි. එනිසා මේ අවුරුදු සමයේ මත්ද්‍රව්‍ය ළං කර නොගැනීම සැබෑ සතුටු අවුරුද්දක්‌ සැමරීමේ මුල්ම අඩිතාලම වනු ඇත.

සම්බුදු පහසින් දෙවැනි වරටත් මේ පිංබිම සුවපත් වූ සුවිශේෂී මාසයක සිංහලයාගේ මහා සංස්‌කෘතික මංගල්‍යය යෙදී තිබීමද භාග්‍යයකි. නමුත් මෙම පුන් පොහෝ දිනයේ බොහෝ විහාරස්‌ථානවලට පෙහෙවස්‌ සමාදන්වීමට පැමිනෙණ පිරිස ඉතා අඩු වනු ඇත. ඒ අවුරුදු සැමරීමට වැඩිහිටි, බාල, මහලු සියලු දෙනා සැරසෙන හෙයිනි. නමුත් අවුරුද්දට පෙර අප මනස දහමින් පොහොනි කර ගනිමින් අවුරුද්ද පිළිගත හැකි නම් එය කෙතරම් අගනේද?

කෙසේ වුවද අප කිසිවකුට ඊර්ෂ්‍යා නොකරමින්, සැමට මෙත් සිත් පතුරුවමින් බුදුන් වදාළ මාර්ගයේ ගිහියකු වශයෙන් ගමන් කරන්නේ නම් ඔහු හෝ ඇය සැමදාම අවුරුදු සමරන්නෙකු වනු ඇත. ඒ අවුරුදු යනු සොම්නස, සිනහව පිරි සමයකි. සෑබෑ සොම්නස සතුට සිත තුළ ර¹ පවතිනුයේ සිත පිරිසිදු වූ තරමටය. එවැනි පිරිසිදු සිතක්‌ ඇත්තකු කිසිවකුට වෛර නොකරයි. ඊර්ෂ්‍යා නොකරයි. ක්‍රෝධ නොකරයි. එවැන්නන් මේ සමාජයම සුවපත් කරයි.

එනිසා මේ සිංහල අවුරුදු සමයේ අප සියලු අවුරුදු සිරිත් විරිත් සමරන අතරතුර මතක තබාගත යුතු කරුණ වනුයේ මේ සියල්ල මත ර¹ පවතිනුයේ තාවකාලික සැපයක්‌ බවය. ඉන් පැවැසෙනුයේ සියලු අවුරුදු සිරිත් විරිත් අමතක කර දමා භාවනා කළ යුතු බව නොවේ. ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. එවිට අප මත්වතුර බෝතලයෙන් සොයන සැප සතුට කෙතරම් නිස්‌සාරද යන්න වැටහෙනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.