සාතාගිර හේමවත නමැති
යක්‌ෂයන්වූ ත්‍රිපිටකධාරී භික්‌ෂුන් දෙනම


කාශ්‍යප බුදු සසුනේ බොහෝ ම මිත්‍ර්‍ර කුල පුත්‍රයන් දෙදෙනෙකු පැවිදි විය. දෙදෙනාම තරුණ කාලයෙහි ම පැවිදි වූ බැවින් ග්‍රන්ථධූරය හැදෑරී ය. ප්‍රකෘතියෙන්ම ප්‍රඥාවන්ත වූ මේ දෙනම නොබෝ කලකින්ම ත්‍රිsපිටකධාරී ව්‍යක්‌ත බහුශ්‍ර්‍රeත භික්‌ෂුන් දෙනමක්‌ විය. එසේම විනය විනිශ්චයේ ද අති දක්‌ෂ වූහ. එක එක නමට පන්සිය ගණනේ දහසක්‌ පිරිවර භික්‌ෂුන් ද වූහ. එනමුදු අවාසනාවක මහිමය නම් අධර්මවාදී දුස්‌සීල භික්‌ෂුන් ගේ ලාභ සත්කාර හමුවේ හිස නමන්නට විය. දිනක්‌ සසුනෙන් ඉවත් වීමට සුදුසු දුස්‌සීල භික්‌ෂුවකට චෝදනාවක්‌ එල්ල වී එය විනිශ්චය කිරීමේ දී ලාභ සත්කාර වලට ගිජු වී ධර්ම විනය ශාස්‌තෘ ශාසනය වසා, බුදු සසුන නො රැqක පුද්ගලයින් රකිමින්, අගතිගාමීව විනය විරෝධීව ඒ ප්‍ර්‍රශ්නය විනිශ්චය කළහ. ඒ හේතුවෙන් දුශ්ශීල භික්‌ෂූව ආරක්‌ෂා විය. සිල්වත් භික්‌ෂුව හ`ඩමින් පරාදීනව යන්නට විය. එදා ඒ ලාභ සත්කාරයන්ට ගිජුවී මේ කළ අධර්ම ක්‍රියාව නිසා ඒ මහ තෙරුන් දෙනම ඇතුළු ඊට පක්‌ෂ වූ පිරිවර දාහක්‌ දෙනා යක්‌ෂයින් වූහ. වැඩිහිටි භික්‌ෂුව හේමවත නම් යක්‌ෂයා වී ද අනික්‌ මහතෙරුන් සාතාගිර නම් යක්‌ෂයා ද විය. මේ අයට පෙර පැවිදිව සිටිය දී උවටැන් කළ දායක පින්වතුන් දෙව්ලොව ඉපදුණ අතර මේ යක්‌ෂයන් එම කරුණ දැක මහත් ලැඡ්ජාවට පත්විය. මේ මහ පොළොව එක යොදුනකුත් ගව් තුනක්‌ වැඩෙන තුරුත් අප බුදු සසුන දක්‌වා ද ඒ යක්‌ෂ ආත්මයෙන් තවමත් අත් මිදෙන්න නො හැකි විය. දිනක්‌ තථාගත ධර්මය ශ්‍ර්‍රවණය කොට පෙර පිරූ පාරමී ඇති බැවින් මේ නායක යක්‌ෂයන් පර්්‍රධාන පිරිවර දහස සෝවාන් බවට පත් විය. නමුත් අදටත් යක්‌ෂ යෝනියෙහි ම ය. එබැවින් බුද්ධිමත් සත්පුරුෂයෝ විනය විනිශ්චයකදී පුද්ගලයින් නො රැක සම්බුදු සසුන ම රකිත්වා.

(පරමත්ථ ජෝතිකා නාම සුත්ත නිපාතට්‌ඨ කථා - හේමවත සුත්ත වණ්‌නණා 148 පිට)

මුවින් දුගඳ හැමූ භද්‍ර කපිලානිය

මෙතුමිය කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ පුරාණ දුතිකාව වූ භද්‍ර කපිලානිය වේ. මේ පශ්චිම දිවියේ නොව පෙර එක්‌ ජීවිතයක ඇයට විපාක දුන් කර්මයක්‌ පෙන්වා දී ඇත. මෙතුමිය තරුණියක්‌ව, විවාහ වී සිටිය දී ස්‌වාමි පුරුෂයාට වෙන්කොට තබන ලද ආහාර කොටස නිවසට වැඩි පසේ බුදුන් වහන්සේ නමකට ස්‌වාමි පුත්‍ර්‍රයා ගේ නැගණිය විසින් පූජා කරන්නට යෙදුනා. ස්‌වාමි පුත්‍රයා එයට සතුටු නො වේ යෑයි සිතා, ඔහු කෙරෙහි ඇති බලවත් ආදරය නිසා පසේබුදු හිමිගේ පාත්‍රයෙන් ඒ දන් කොටස නැවත ගෙන තම ස්‌වාමියාට පිළිගැන්වීය. එහිදී ඔහු ඒ දන නැවත පසේබුදු හිමියන්ට පිදූ හෙයින් මෙයට තරහගත් මෙතුමිය පසේබුදු හිමි ගේ පාත්‍රයෙ හි තිබූ දානය විසිකොට පාත්‍රයට මඩ පුරවා දුන්නා ය. ස්‌වාමියා ගේ නැගණිය දාන පාත්‍රය දෙන විට ද, තමා මේ මඩ පිරවූ පාත්‍රය දෙන විටද, ඒ පසේබුදු හිමි ගේ මුහුණේ වෙනසක්‌ නො වුණු බැවින් මෙය දුටු ඇය කම්පා වී සමාවගෙන පාත්‍රය නැවත සුවඳ දියෙන් සෝදවා ඉතා මියුරු දානයක්‌ පූජා කළා ය. නමුදු කළ කර්ම විපාක ලෙස පසු භවයකදී එතුමිය ගේ මුවින් දුඟද වහනය වන්නට වූ බව ධර්මයෙහි සඳහන් වේ.

 

සුප්පිය මහරහතන් වහන්සේ පහත් කුලයක ඉපදීමට හේතුව

මේ ස්‌වාමීන් වහන්සේ පෙර කාශ්‍යප බුදු සසුනෙ හි පැවිදි වී බහුශ්‍ර්‍රeත භික්‌ෂුවක්‌ විය. එසේම ගිහිකල රජ කුලයක උපන්නෙක්‌ ද වේ. එබැවින් ජාති මඳයෙන් හා සුත මඳයෙන් මත්ව තමා උසස්‌ කොට අනුන් පහත්කොට සිතමින් කටයුතු කළ අතර ඒ අකුසල බලයෙන් සැවැත් නුවර මිනී දවන කනත්තවල් බලා ගන්නා කුලයෙහි ඉපදුනු අතර සුප්පිය යෑ යි නම් තබන ලදි. තම මිත්‍ර්‍ර සෝපාක හිමිගෙන් බණ අසා පැවිදිව විදසුන් වඩා පසු කලෙක රහත් වූයේ ය.

(පරමත්ථ දීපනි නම් ථේරගාථට්‌ඨ කථා 92 පිට)
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.