සදාචාරය විනිශ්චය කළ හැකි ද?

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබ හොඳ අයෙක්‌ද? මම එසේ පැනයක්‌ විමසුවහොත් ඔබ

නොඅනුමානව මවිතයට පත්වනු නිසැකය. එසේම ඊට ඔබට ලබා දිය හැකි පිළිතුර පිළිබඳව ඔබ කල්පනා කර බලනු ඇත. ඔව් මම හොඳයි කියන පිළිතුර ඔබ ලබා දෙනු ඇත. මම ඒ පැනයම තවත් අයෙකුගෙන් විමසුවේ නම් ඒ පුද්ගලයාද මට ලබා දෙනුයේ ඔබ ලබා දුන් පිළිතුරම නොවේද? එසේ නම් මා ඔබෙන් පිළිවිසි ඒ පැණයේ අර්ථයක්‌ තිබේද? එහි අර්ථයක්‌ තිබුණද නැතද එසේ විමසීමේ අයිතියක්‌ ඔබට හෝ වෙනත් කිසිවෙකුට හෝ තිබේද? ඔබ මගෙන් එසේ විමසීමට අයිතියක්‌ තිබේදැයි කෙනෙකු මගෙන් විමසුවහොත් එයට මට ලබා දිය හැකි සාර්ථක පිළිතුරක්‌ සත්‍ය වශයෙන්ම තවම මට සිතාගත නොහැකිය. යම් පිළිතුරක්‌ ගළපාගත හැකිය. නමුත් අවංකවම හෘදසාක්‌ෂියට එකඟව ඒ පිළිතුර නිවැරදි නොවන බව මා දන්නා නිසාය.

එසේ නම් මෙසේ අප අනුන්ව හොඳද නරකදැයි වර්ගීකරණය කිරීමේ අර්ථය කිමෙක්‌ද? ඇත්තෙන්ම හොඳ බව යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? එසේම නරක බව යනුවෙන් ඔබ අදහස්‌ කරන්නේ කුමක්‌ද? හොඳ හා නරක තෝරා වෙන් කරගනුයේ කුමක්‌ පදනම් කරගෙනද? ආගම අනුවද? හොඳ නරක බව කෙනෙකුගේ මුහුණ බලා ප්‍රකාශ කළ හැකි දෙයක්‌ නොවේ. එය තවත් දෙයකට ඇගැයුම්ශීලීව සාපෙක්‌ෂ බව පෙන්නුම් කරන එක්‌තරා මිණුම් නිර්ණායකයකි.හොඳ නරක බව විනිශ්චය කිරීම සඳහා හොඳ නරක දෙයින් බැහැරව තවත් මිණුමක අවශ්‍යතාවය මෙහිදී ඉස්‌මතුවනු නොවැළැක්‌විය හැකි කරුණකි. එසේ නම් ඒ ඇගැයුම සඳහා භාවිතයට ගනු ලබන නිර්ණායකය කුමක්‌ විය යුතුද? මම හොඳයි අනෙක්‌ අය නරකයි හැම අයෙකුම සිතන්නේ මෙලෙසය. නරක අය නැත. මෙය මං හොඳයි න්‍යාය ලෙස සමාජගතව පවතියි. මේ න්‍යාය අනුව කටයුතු කරන අය බහුතරයක්‌ සමාජයේ වෙසෙනබව එකී අය කරන කියන දෑ අනුව ඉතා මැනවින් පසක්‌ වේ. මේ අය අවම ලෙසට සිය හෘදසාක්‌ෂිය සමඟවත් සංවාදයක

නොයෙදෙන පිරිසක්‌ බව ඔබට දත හැකිය.

හොඳ දේ යනුවෙන් ලේබල් ගසා ඇති දේ කිරීමට,සමාජ විසින් අගය කිරීමට ලක්‌වීමට හැමදෙනාම ඉතා කැමතිය. එසේම නරක දේ යනුවෙන් ලේබල් ගැසූ කිසිවක්‌ කිරීමට මෙන්ම එසේකොට සමාජයේ නින්දා අවමානවලට, ගැරහුම්වලට ලක්‌වීමට කිසිවෙකු කැමති නොවෙනු ඇත. එදා මෙදාතුර බිහිවූ සෑම ආගමකම හොඳ හා නරක යනුවෙන් වර්ගීකරණයට ලක්‌වූ චර්යා, ආකල්ප, හැඟීSම් සමුදායක්‌ ලැයිස්‌තුගතකර දක්‌වා ඇත. බුදු දහමේ ද හොඳ නරක පෙන්වා දී තිබේ. හොඳ කුසල් හා පින් ලෙසද නරක අකුසල් හා පාප ලෙසද ඒ අනුව දක්‌වා ඇත. අකුසල් හා පාපයෙන් වැළකීමට මෙන්ම කුසල් හා පින් කිරීම සඳහා උත්තේජනයන්ද බෞද්ධ ඉගැන්වීම් තුළින් සපයා දී තිබේ. පුද්ගල මනස මේ හේතුව නිසා හොඳ හා නරක වර්ගීකරණයකට ලක්‌කර ආකෘතිගතව ඇත. මේ අනුව ඕනෑම චර්යාවක, ආකල්පයක, හැඟීමක ස්‌වභාවය පිළිබඳව අපට යම්

සදාචාර විනිශ්චයක්‌ ලබාදීමට හැකියාව තිබේ. සදාචාරය වර්ගීකරණයකොට පුද්ගල මනසේ ආකෘතිගතව ඇති පසුබිමක නිදහස්‌ හා විවෘතබව තව දුරටත් පවතින්නේ දැයි මොහොතක්‌ කල්පනා කර බලන්න. මෙය කිසිදු ආගමකට, දර්ශනයකට පක්‌ෂපාතීව නොව අපක්‌ෂපාතීව කිරීමට වෑයම් කිරීම විවෘත මනසක්‌ ඇතිකර ගැනීමට උපකාරීවන හොඳ මානසික අභ්‍යාසයකි. විවිධ හේතු නිසා අපගේ මානසිකත්වයේ මේ විවෘතබව ගිලිහී ගොස්‌ තිබේ. තමාට ඇතිවන සෑම චර්යාවක්‌, ආකල්පයක්‌, හැඟීමක්‌ පාසාම පුද්ගල අධිකාරීත්වය දැඩිව අවධාරණය කිරීමට මනස හුරුකර ඇති මානසික පසුබිමක මෙලෙස මානසික විවෘතබව ගිලිහීයාම සාමාන්‍ය කරුණකි. සක්‌කාය දිට්‌ඨි, අස්‌මි මාන, ආත්ම දෘෂ්ටිය යන නම්වලින් හැඳින්වෙනුයේ සිය සිත තුළ ස්‌වකීය පැවැත්ම අරභයා ඇතිවන මේ පුද්ගල අධිකාරත්වයයි.පුද්ගල අධිකාරත්වය දෘෂ්ටිග්‍රහණයකට මං පාදනවා විනා මනෝ කායික ක්‍රියාකාරීත්වය පිරිසිඳ දැකිය හැකි විවෘත මානසිකත්වයකට හේතු නොවේ.

පුද්ගල අධිකාරත්වයේ අනිටු අතුරුඵලයක්‌ නම් තමාගේ සෑම චර්යාවක්‌ම, ආකල්පයක්‌, හැඟීමක්‌ම පූර්ණ අධානග්‍රාහී ලෙස සර්වසාධාරණව දැකීමයි. වෙනත් ලෙසකින් පැවසුවහොත් තමන්ට හැමවිටම තමන්ගේ සෑම දෙයක්‌ම සර්වසම්පූර්ණ හා හොඳ ලෙස පෙනීමයි. පුද්ගල අධිකාරත්වයට වසඟ වූ පුද්ගලයා නිරතුරු තමා සර්වසම්පූර්ණ හොඳ අයෙකු වශයෙන් දැකීමට පෙළඹෙයි. මෙහිදී සැබවින්ම සිදුවනුයේ ඒ පුද්ගලයා අතින් සිදුවන වැරදි ක්‍රියා නිවැරදිවීම නොව දැනුවත්ව හෝ නොදැනුවත්ව සැඟවීමට පුද්ගලයා පෙළඹීමයි. දැන හෝ නොදැන වැරදි කිරීමටත්, කළ වැරදි සැඟවීමටත් පුද්ගලයා පෙළඹීම නිසා වංකත්වය බිහිවේ. අද සමාජයේ බහුලව විද්‍යමාන වංකත්වය බිහිවීමට ප්‍රධාන හේතුවද මෙයමය.

බුදු දහම වචනාර්ථය අනුව සොයාබලා නොදතහැකි දහමකි. එහි ව්‍යංජනාර්ථය ලෙස දක්‌වා ඇත්තේ මේ අදහසයි. පිට පොත්ත හරය ලෙස සලකන කෙනෙකුට හැර සැබෑ දහමේ ගැඹුර මතුපිටින් නොදත හැකිය. විචාරපූර්වකව ගැඹුරු මනසින් දහම විමසන්නෙකුට මිසක හුදු අමූලික ශ්‍රද්ධාව අනුව පමණක්‌ කටයුතු කරන්නෙකුට වචනවලින් ප්‍රකාශවන ගැඹුරු අර්ථය කුමක්‌දැයි දත නොහැකිය. බුදු දහම හුදු වචනවල අර්ථය පමණක්‌ උගෙන නොදත හැක්‌කේද මේ හේතුව නිසාය.

මං හොඳයි න්‍යාය අනුගමනය කරන කිසිම පුද්ගලයෙකුට විචාරපූර්වක විය නොහැකි බැවින් බුදු දහමේ නියම හරය ප්‍රත්‍යක්‌ෂකරගත නොහැකිය. ගැඹුරු බුදු දහම අවබෝධ කරගැනීම සඳහා බුදුරදුන් විඤ්Cදූ පුරුෂයන්ව පමණක්‌ නිර්දේශ කරනුයේද මේ හේතුව නිසාය. මේ විඤ්Cදූ පුරුෂයා නම් උගතා නොව අවංක විචාරපූර්වක පුද්ගලයායි. පාසල් නොගිය අයෙකුට වුවද මේ නිසා විඤ්ඤූ පුරුෂයෙකු විය හැකිය. විඤ්Cදූ පුරුෂයෙකු වීමට විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යකම්, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්‌ඩිත, අභිධර්ම විශාරද උපාධි තිබීම වුවද ඇවැසි නැත. උගතෙකු වුවද කපටිකම්,කුහකකම්,වංචාකම් ඇත්තාට කිසිදිනෙකවිඤ්ඤූ පුරුෂයෙකු විය නොහැකිය පැරජි ගැමියා විශ්වවිද්‍යාල උගතෙකු නොවුවද අවංක විචාරපූර්වක මනසකින් යුතු අයෙකුවූ බැවින්ම නූතන අසංවේදී සටකපට, කුහක උගතාට වඩා බුදු දහම පහසුවෙන් සිය දිවි පෙවෙතට එක්‌කර වටහා ගැනීමට සමත්විය. එදා මෙරට තිබූ දේශීය පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවූයේ එබඳු අව්‍යාජ මනසක්‌ තිබූ තැනැත්තෙකි. නමුත් අවාසනාවටදෝ නූතන විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා බිහිවනුයේ ආත්මාර්ථකාමී රොබෝවකි. එදා මිනිසාට වඩා නූතන මිනිසා සතු විද්‍යා, තාක්‌ෂණ දැනුමින් ඉහළ බව සත්‍යයකි. නමුත් අද මිනිසාගේ හදවතේ කිසිදු තෙතමනයක්‌, සංවේදීබවක්‌, අනුකම්පාවක්‌, දයාවක්‌, සෙනෙහසක්‌ ගැවීවත් නැත.

ඒ නිසාම මෙබඳු මිනිසුන්ගෙන් පිරුණු කුහක ලොවක අද අපට ජීවත්වීමට සිදුව තිබේ. අවශ්‍ය තරමටත් වඩා උගතුන්ගෙන් ලොව පිරී තිබේ. සැබෑ උගතුන්ටත් වඩා ව්‍යාජ උගතුන් වැසිවැස තිබේ. රුපියල් ලක්‌ෂ එකසිය විස්‌සකට වෛද්‍ය උපාධි මිලට ගතහැකි රටක, පාසල් නොගිය මදාවි, පාතාල රස්‌තියාදුකාරයන්ට මුදලට ආචාර්ය උපාධි මිලටගත හැකි රටක, එසේම

ජාවාරම් ෙµංෂුයි, විවිධ ඇස්‌බැන්දුම්, වාසනා හක්‌ගෙඩි ආදී මිථ්‍යා විශ්වාස පිළිබඳ මිනිසුන්ගේ නූගත්බව කපටිකමින් භාවිතකර බොරු විකුණා මඩිතරකොට ඒ මුදලින් ව්‍යාජ මහාචාර්යකම් මාධ්‍ය මගින් බෞතිස්‌මකොට ලබාගන්නා රටක සැබෑ උගත්කමට අත්වන ෙ€දජනක ඉරණම පිළිබඳව දුක්‌වී ඵලක්‌ නැත.

බුදුදහම වඩාත් අගය කරනුයේ කපටි උගත්කම නොව අවංකකම බව බුදුහිමියන් දක්‌වා ඇති විඤ්­ පුරුෂ පිළිබඳ සඳහන අනුව පෙනී යයි. මං හොඳයි න්‍යාය අනුව කටයුතු කරන පුද්ගලයා කෙදිනකවත් අවංක අයෙකු නොවේ. මන්ද දහසක්‌ වැරදි කර වුවද සුදනෙකු විලස පෙනී සිටීමට ඔවුන්ට හැකියාව ඇති බැවිනි. බුදුදහම එබඳු පුද්ගලයාව අගය නොකරයි. සාමාන්‍ය පුද්ගලයා වරද සිදු කිරීමට සම්භාවිතාව ඇති අයෙකු බව පිළිගන්නා බුදු දහම තමන් කළ වරද අවංකව පිළිගෙන පසුව ඒ වරදින් වැළකුණු පුද්ගලයාව පසසයි. නමුත් වැරදි සිදුකරන අතර මං හොඳයි න්‍යාය අනුගමනය කරන්නා නම් කෙදිනකවත් යහපත් අයෙකු කළ නොහැකිය. මන්ද කුහකත්වය ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ ඇති තාක්‌ ඒ පුද්ගලයා තමා වරදක්‌ කළේ යෑයි නොපිළිගන්නා බැවින්,එය නිවැරදි කර නොගන්නා බැවිනි. එය කුහකත්වය ප්‍රතිනිර්මාණයවීමට හේතුවකි. කුහක බවින් මිදීමම මෙහිදී විඤ්­ පුරුෂ ලක්‌ෂණයක්‌ ලෙසට හඳුනාගත හැකිය. නූතන සමාජ පසුබිම සැකසී ඇත්තේම කුහකබව තවතවත් ප්‍රවර්ධනය කිරීම සඳහාමය. ව්‍යාජ පැවිදි රහතුන් මාධ්‍ය අනුග්‍රහයෙන් මවනුයේ මේ කුහක සමාජ පසුබිමේවූ එක්‌ අතුරුඵලයක්‌ ලෙසය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.