ස්‌වර්ගය තෙක්‌ විහිද යන සුවඳ

යසස්‌ නිවන්තක සිල්වා

'කාය වාචානං සමෝධානං සීලං', කය, වචනය සංවර කර ගැනීම ශීලය ලෙස ධර්මයෙහි ප්‍රකාශිතය. එසේම, ශීලය පිළිබඳව වඩාත් සවිස්‌තරාත්මක අර්ථ දැක්‌වීමක්‌ සිදුකරන්නාවූ කලී, සියලු පාපයන්ගෙන් විනිර්මුක්‌තවීමත්, සර්වඥයන් වහන්සේ විසින් පනවන ලද ශික්‌ෂා පද රැකීමත්, වත් පිළිවෙත් කිරීමත් ලෙස හැඳින්විය හැකිය. එනම්, මළු පෙත් විහාරගෙවල් ආදිය ඇමදීම, මලසුන් පිරිසිදු කිරීම ආදී වෙයHdවච්ච කුසල්ද, සීලයටම අයත්ය. එපරිද්දෙන්ම සුවඳ පැනින් බුදු රූ/දා කරඬු නැහැවීම ආදී වත් පිළිවෙත්ද ශීලය හා සබැඳේ.

ශීලය විමුක්‌ති මාර්ගයෙහි සුවිශේෂීම අංගයකි. කොටින්ම කිවතොත් පාරමී ධර්මයකි. සීලයෙන් තොරව සිදුකරනු ලබන සෙසු පිංකම්වලින් සාර්ථක ඵල ලැබීම උගහටය. මෙම සාධකය සියලු පාර්ශ්වයන් විෂයයෙහි ධවල පිරුවටයක්‌ වැන්න. උඩු සුළඟට මුසුවන්නාවූද ස්‌වර්ගය තෙක්‌ විසිර පැතිර යන්නාවූද සුවඳක්‌මය. මහා බල සම්පත්තියක්‌මය. උතුම්වූ පිහිටක්‌මය. දෙව් ලොව තෙක්‌ විහිද ගත් මගක්‌ වැන්න. කෙලෙස්‌ රෝගයට දිව ඔසුවක්‌මය. කෙලෙස්‌ නමැති හලාහල විෂට දිව මතුරක්‌මය. සැපය යන කරුණට ඉෂ්ට සූචක වූ ධර්මයක්‌මය. ආර්යයන් වහන්සේලාගේ තොටමුණක්‌මය.

ශීල විෂයය හාත්පස විසිර පැතිර ගත් සුවිසල්වූ දහමෙකි. ශීලාංග පංචකය බැගින් ගෙන පංචශීලයත්, අට බැගින් ගෙන අෂ්ටාංග උපෝසථ ශීලය හා ආජීව අට්‌ඨමක ශීලයත්, නවය බැගින් ගෙන නවාංග ශීලයත්, දහය බැගින් ගෙන දස ශීලයත් ආදී වශයෙන් ශීල ප්‍රභේදයන් සකසා ඇත. මේ සියල්ලෙහිම ඒකායන අරමුණ වනුයේ කෙලෙසුන්ට විරුද්ධව සටන් කොට පරම ශාන්තවූ නිර්වාණ ධාතුවට සපැමිණීමය.

ශීලයන් රැකීමෙන් සිදුවනුයේ රහතන් වහන්සේලා අනුගමනය කිරීමකි. නිදසුනක්‌ ලෙස පොහෝ දිනයෙක අෂ්ඨාංග උපෝසථ ශීලය සමාදන්වූ උවසුවකු/උවැසියක විසින් සිදුකරන ශීලාවර්ජාවෙන්ද මෙකී කරුණ මනා සේ ගම්‍යමාන වේ.

'රහතන් වහන්සේලා දිවි ඇති තෙක්‌ ප්‍රාණ ඝාතයෙන් වැළකුණු සේක. මම ද මේ තිස්‌ පැය/සැට පැය ප්‍රාණඝාතයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක්‌ කරමි' ආදී වශයෙන් ඔවුහු ස්‌වකීය ශීලයන් අවර්ජනය කරති. මේ අයුරින් ශීලයට උසස්‌ වටිනාකමක්‌ දෙමින් මෙනෙහි කිරීම තුළ

ශීලානුස්‌සති භාවනාව වැඩේ.

- මාගේ ශීලයෙහි මුලින් හෝ අගනි සිකපද බිඳී ගියේ නම්, එය දෙකොන ඉරී ගිය නොවටිනා රෙදි කඩක්‌ වැන්න. එය 'චණ්‌ඩ' නම්, එනමුදු මාගේ ශීලය එබඳු දොaෂයකට යටත් නොවූ හෙයින් 'අඛණ්‌ඩ' නමි.

- මාගේ ශීලයෙහි මැදින් සිකපද බිඳී ගියේ නම්, එම මැදින් ඉරී ගිය නොවටිනා රෙදිකඩක්‌ වැන්න. එය 'äද්ද' නමි. එනමුදු මාගේ ශීලය එබඳු දොaෂයකට යටත් නොවූ හෙයින් 'අච්äද්ද' නමි.

- මාගේ ශීලයෙහි එක පෙළට සික පද කිහිපයක්‌ බිඳී ගියේ නම්, එය කබර වැටුණු ගව දෙනක්‌ බඳුය. 'සබල' නමි. නමුදු මාගේ ශීලය එසේ නොවන්නාවූ හෙයින් 'අසබල' නමි.

- මාගේ ශීලයෙහි තැනින් තැන සිකපද බිඳී ගියේ නම්, එය පුල්ලි වැටුණු ගවදෙනක්‌ බඳුය. 'කම්මාස්‌ නමි. නමුදු මාගේ ශීලය නිකැලැල් ව පැවැති හෙයින් 'අකම්මාස්‌ නමි.

- මාගේ ශීලය තෘෂ්ණාදාසත්වයෙන් තොරවූ බැවින්ද, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ස්‌පර්ශ නොකළ බැවින්ද 'භුජිස්‌ස්‌ නමි.

- මාගේ ශීලය නුවණැතියන්ගේ පැසසුමට බඳුන් වන හෙයින් 'විඤ්­පසත්ථ' නමි.

- මාගේ ශීලයෙහි දොස්‌ සහිත තැන් පෙන්වා දිය නොහෙන බැවින් 'අපරාමට්‌ඨ' නමි.

- මාගේ ශීලය උසස්‌ ලෞකික - ලෝකෝත්තර සමාධි ඉපිදවීමෙහි සමර්ථ බැවින් 'සමාධි සංවත්තනික' නමි.

මෙයාකාරයෙන් ස්‌වකීය ශීලයෙහි වටිනාකම මෙනෙහි කිරීම බොහෝ අනුසස්‌ සපිරිය.

ශීලය සමාදන්වූ තැනැත්තේ, එක්‌ ඇසක්‌ ඇති අයකු එම ඇස ආරක්‌ෂා කරන්නාක්‌ මෙන්ද, එක්‌ පුත්‍රයෙක්‌ ඇති මව එම එකම පුත්‍ර තෙම ආරක්‌ෂා කරන්නාක්‌ මෙන්ද, ඉතා ආදරයෙන් රක්‌ෂා ක යුතුය. කුමන කරුණක්‌ නිසා හෝ සිකපද නොබිඳිය යුතුය. ශීල පාරිශුද්ධියෙහි සැක සහිත අවස්‌ථා එළැඹි විට නැවත ශීලය සමාදන්ව රක්‌ෂා කළ යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසා වුවද සිකපද නොබිඳිති.

ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වීමටද ශීලය අනිවාර්ය සාධකයකි. 'ඉඡ්Cධති භික්‌ඛවෙ සීලවතො චෙතෝපණිධි විසුද්ධත්තා - පෙ - තඤ්ච චො සීලවතො වදාමි නො දුස්‌සීලස්‌ස්‌' (මහණෙනි, සිල්වතාගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නොකියමි.) යනුවෙන් තථාගතයන් වහන්සේ වදාළේද එහෙයිනි. දුශ්ශීලයා ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියතය. සිදු වුවද පුණ්‍ය විපාකය සිල්වතාට මෙන් ප්‍රභාවත්ව නොලැබේ.

ශීලයෙහි ආනිසංස ලෙස මහත්වූ භෝගස්‌කන්ධක්‌ ලැබීම, කීර්ති රාවය පැතිර යාම, ඕනෑම සභාවක්‌ ඉදිරියට නොපැකිළව යා හැකිවීම, නොමුළාව කළුරිය කිරීම, මරණින් මතු සුගතියෙහි ඉපදීම ආදිය දැක්‌විය හැකිය. මේවා සුළුකොට තැකිය යුතු ආනිසංසයෝ නොවෙත්. එනමුත් මේ ශීලාභිසංස්‌කාරයෝ අනිත්‍යයෝය. විපාකදී යම් මොහොතක අවසන් වන සුළුය. එබැවින් සංසාර බිය හැඳිනගත් නුවණැතියන් සසර සයුරෙන් එතෙර වන අටියෙන් සිල් රැක්‌මට ඉටාගත යුතු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.