කර්ම විපාකය හෙවණැල්ල මෙනි

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදියැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ Aශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණයකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

අනවරාග්‍ර භාවගාමී සංසාරය අප්‍රමාණ වූ අන්තරායයන්ගෙන් නොසිඳෙන උල්පතයි. තෙරක්‌ නොපෙනෙන දුඃඛයන්ගෙන් ගහණවූ මෙහි පැමිණෙන සත්වගට මුහුණ දෙන්නට සිදුවන අන්තරායයන්ගේ ගණන මෙතෙකැයි කියා පුහුදුන් ලෝකයේ කිසිවකුට කියන්නටවත් බැරි තරම්ය. මේ සදාතන සත්‍යය කොතෙක්‌ දුරට නිවැරැදි වූ සංසාර ධර්මතාවක්‌ දැයි හඬන, වැළපෙන, තැවෙන හා නෙක ජීවන පැණින් මියයන සත්වයන්ගේ ප්‍රවෘත්තීන්ගෙන් පෙනෙන්ට තිබේ.

අමා නිවන් නොදැක නිවී සැනහී ගන්නා තාක්‌ බියකරු සසරට වැටෙන සත්වයාට අත්විඳින්නට ලැබෙන මේ හැම අන්තරායකටම මුල වන්නේ ක්‌ලේශාන්තරාවයි. එනම් පෘථග්ජන සත්වයාගේ සිත තුළ පැන නැගෙන අනන්ත වූ කෙලෙස්‌ ප්‍රවාහය යි. සීමාවක්‌ පවා සිතාගන්නට බැරි සංසාරයට මතු නොව සතර අපාය ආදී කොටගත් අතිභයංකාර වූ දුර්ගතීන් වෙතද මේ සත්වයා පමණුවනු ලබන්නේතේ මේ ක්‌ලේශාන්තරාවමය. සරලවම දේශනා කරන්නේ නම් සිතෙහි පැනනගින අසීමිත ක්‌ලේශ කාම නිසා ඔවුනොවුන් දෙලොව වශයෙන්ම පත්වන අනතුරයි. නැතහොත් විපත්තියයි.

එහෙයින්ම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසරණ වූ පූතිගත්තතිස්‌ස හාමුදුරුවන්ට එදා සදෙසා වදාළ දෙය ඔබට මඳක්‌ සිහිපත් කළ හැකිද? එය ඒ අමාමෑණියන් වහන්සේ පූතිගත්තතිස්‌ස තෙරුන් වහන්සේටත් වඩා දේශනා කොට වදාළේ අවට රැස්‌වී සිටි සෙසු පෘථග්ජන භික්‌ෂුන් වහන්සේලාටය.

සම්මා සම්බුදුපියාණන් වහන්සේ දැඩි ලෙස සිරුර කුණුවී ගිය පූතිගත්තතිස්‌ස තෙරුන් වැඩ සිටි කුටියට වැඩම කරන්නට පෙර ඒ භික්‌ෂුන් වහන්සේලා එතැනට පැමිණ සිටියහ. එහෙත් රෝගීවූ පූතිගත්තතිස්‌ස තෙරුන් ඔසවා එළියට ගන්නට ඔවුහු මැල වී සිටියහ. ඒ එතරම් දැඩි පිළිකුලක්‌ ඔවුන් වහන්සේලා සිත් තුළ ඇතිවී තිබූ බැවිනි. එසැණින්ම එතැනට වැඩම කළ මහා කාරුණික බුදුහාමුදුරුවෝ ස්‌වකීය සම්බුද්ධ ශ්‍රී හස්‌තයන්වලින්ම පූතිගත්තතිස්‌ස තෙරුණුවන් ඔසවා කුටියෙන් එළියට ගන්නට සැරසුණහ. අනෙක්‌ භික්‌ෂුන්ට එය බලා සිටීමට නොහැකි විය.

''ස්‌වාමීනි, නුඹ වහන්සේ වැඩ සිටිය මැනව. අපි හැම අල්වම්හ'යි පවසමින් පූතිගත්තතිස්‌ස හිමියන් ඇඳ පිටින්ම ඔසවා එළියට ගත්හ. පූතිගත්ත තිස්‌ස හිමියන් නාවා සෝදා පිරිසිදු කර ඇඟ බෙහෙත් ගල්වා අමා දහම් දෙසූ ඉක්‌බිති තවත් වටිනා දහමක්‌ද දේශනා කළහ. ඒ අමාදහම නම් මෙසේය.

''තෙල සේවූ කුණට නොව කෙලෙස්‌ කූනට කැත ඇතිවව්' යන්න ඒ අමා දහමයි. බලන්න පින්වතුනි, සම්මා සම්බුදු මුව ගැබින් වැගිර ගලා ගිය මේ දහම් වචන කිහිපයෙහි කෙතරම් නම් ගැඹුරුවූ යථාර්ථයක්‌ ගැබ්වී තිබෙනවාද?

සත්වයකුගේ ඇඟ පතෙහි ගෑවෙන, ඇඟ පතින් වැගිරී යන කුණුපයක එතරම් භයානකකමක්‌ නැත. ඒ ඒවාට සත්වයා සංසාර දුකට හෝ සතර අපාය දුඃඛයන් වෙත ඇද දමන්නට ශක්‌තියක්‌ නැති හෙයිනි. එතෙකුදු වුවත් සංසාරයට ඇද වැටී එහි ගමන් කරන්නවුන්ගේ සිත්වල පැන නැඟෙන කෙලෙස්‌ සිතුවිලි දෙස බලන්න. එවා කොතෙක්‌ නම් නපුරුද? කොතෙක්‌ නම් භයානක වේද? කොතෙක්‌ නම් හිරිකිතයකින් යුතු වේද? මෙබඳු කෙලෙස්‌වලින් යුතුවී මෙලොව වශයෙන් සාංසාරික ජීවිත ගතකරන සත්වයන්ගේ ජීවිත දෙස බලන්න. එය ඔබට හොඳින් පසක්‌ වනු ඇත. මෙසේ මේ ක්‌ලේෂාන්තරාවට ගොදුරුවීම මෙලොව වශයෙන් කොතෙක්‌ නම් බියකරු වූවක්‌ දැයි යන්න සම්මා සම්බුද්ධකාලීන මේ කතා පුවතින් වටහා ගැනීම අමාරු නොවේ.

මේ කතාව බොහෝම සරලය. ඒ කිසාගෝතමීන්දැගේ කතා පුවතයි. සුමුදු සුකොමල රාජකීය තත්ත්වයකට නොදෙවැනිවූ සුවදායක ජීවිතයක්‌ ගෙවූ කිසාගෝතමීය දන්නේ එ aසැපවත් ජීවිතය ගැන පමණෙකි. ලෙඩවීම, මහලුවීම, මරණය ආදී සදාකාලික ලෝකධර්මතා ගැන ඈ කිසික්‌ නොදැන සිටියාය. අන්තිමේදී ඇයට දරුවකු- ලැබිණි. දරුවා බිළිඳු වියේදීම මිය ගියේය. ඇයට එය දරාගත නොහැකි විය. ඇය දරුවා මළ බව නොත්තාය. දත්තේ දරුවා දැස්‌ විවර නොකරන බව හා කතා නොකරන බව පමණෙකි. එනිසා ම දරුවා දොaතින් කරපින්නා ගත් කිසාගෝතමී තොමෝ දරුවාට අසනීපයක්‌ වැළඳී ඇති බවත් ඒ අසනීපයෙන් දරුවා සුවපත් කරදෙන ලෙසත් ලෝකයාගෙන් අයෑද සිටිමින් හඬමින් හා වැළපෙමින් මහමඟ ඇවිද ගියාය. ලෝකය ඇගේ දරුවා මියගොස්‌ සිටි පුවත දත්හ. එහෙයින්ම ඇතැම් අදමිටු හා නුවණ නොමේරූවන්ට කිසා ගෝතමියගේ හැසිරීම උමතුවක්‌ ලෙසද පෙනිණ. එහෙයින් ඒ ඇතැම්හු ඇයට සරදම් සිනා නැඟූහ. පිස්‌සියකැයි උසුළු විසුළු කළහ. එහෙත් ඒ කිසිවකින් ඇයගේ දරු සෙනෙහසත්, එයින් උපන් ශෝකාග්නියත් මරා දමන්නට නොහැකිවිණි. ලෝකයේ ඉපදුණොත් කවුරුත් මිය යන බව පසක්‌වී ඇයට අවසානයේදී අමා නිවනින් සැනහීගන්නට ඉඩ ලැබුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිමුවට ගිය නිසාය.

බලන්න, එතෙක්‌ කිසාගෝතමිය මෙලොව වශයෙන් කොතෙක්‌ නම් දුක්‌ කම්කටොලු රැසකට මුහුණ පෑවාද? දරු සෙනෙහස මවක්‌ තුළ පැන නගින උදාරතර හැඟුම් සමුදාවලියයි. එහෙත් එයද සත්වගට මෙලොව වශයෙන් දුක්‌දී සංසාරයට ඇද දමන දරුණු කෙලෙස්‌ හුළක්‌ වන්නේය. සත්වයාට මේවා සංසාරයේ පැවැත්මම සකස්‌ කර දෙනවා මිස එහි නැවැත්ම ඇති කරගන්නට ශක්‌තියක්‌ හෝ අනුබලයක්‌ කවරදාකවත් ලබා දෙන්නේ නැත. සිත්වල යහපත් සංකල්පනා ලෙස ඇතිවන චෛතසික ධර්මතාත්, සත්වයා අප්‍රමාණ දුක්‌ විපත්වලට ඇද දමන ක්‌ලේශන්තරාවකැයි බුදුපියාණන් වහන්සේ දක්‌වා වදාළේ මෙහෙයින්මය. සිත්වල උපදින කෙලෙස්‌ අනේක ප්‍රකාර වශයෙන් පෙනී සිටී. ඇතැම් විට ඒවා කෙලෙස්‌දැයි හඳුනාගන්නටත් බැරි තරම්ය. එවන් වූ කෙලෙස්‌ කෝපය, ආශාව, වෛරය, ඊර්ෂ්‍යාව ආදී වශයෙන් පෘථග්ජන සිත්වල පහළ වේ. එබඳු වූ කෙලෙස්‌ බරිත සිතකින් කලෙක එක කුඩා දරුවෙක්‌ මෙබඳු වූ පාපක්‍රියාවක්‌ සිදුකළේය. එය එතරම් බරපතළ පවක්‌ද නොවීය .එනම් කුඩා කෘමි සතෙක්‌ නිවසේ සෙල්ලම් කරමින් සිටි ඔහුට දකින්නට ලැබිණි. කෘමියා දුටු දරුවා තුළ ඇතිවූයේ මෛත්‍රියක්‌ හෝ කරුණාවක්‌ නොවේ. තරහකි. එමෙන්ම ච

සෙල්ලක්‌කාරකමකි. එපකාරටම කෘමියා අල්ලා ගත් ළමයා ඌට ලී කෝටුවකින් ඇන්නේය. ඇන ඌ කොටුවේ අමුණා ඉහළට ඔසවාගත් ඔහු කොක්‌ හඬලා

සිනාසෙමින් ගෙමිදුලේ දුව පැන ඇවිද්දේය. ළමයාගේ මව එය දැක බොහෝ සෙයින් ශෝකයට පත්වූවාවය. එය මහා පාපයකැයි කෑ ගෑ ඈ ළමයාට තරවටු ද කළාය. එයින් කිපුනු ළමයා තම මවද එවැනි ලෙසින් කෝටුවක ඇමුණන් නෙමැයි බැණ වැදුණේය. කාලය ගෙවී ගියේය. එය එක්‌ මොහොතකට පමණක්‌ සීමාවූ සුළු සිදුවීමක්‌ පමණක්‌ විය. ළමයා වැඩිවියට පත්විය. විවාහපත්වී දරුවන්ද ලබා මහලු වයසට පත්වී මිය පරලොව ගියේය. එතැන් පටන් යළි යළිත් ඔහු සංසාරයේ ඉපදුණු වාර ගණනද බොහෝ විය.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ දවසද ඔහු සැවැත්නුවරට නුදුරින් වූ ගෙදරක උපත ලැබුවේය. ඒ තවත් මනුෂ්‍ය ආත්මයක්‌ ලබාගෙනය. සම්මා සම්බුදුපියාණන් වහන්සේ දැක සැදැහැ සිතැඟි ජනිතවී පැවිදි බව ලබන්නට තරම් එහෙත් ඔහු භාග්‍යවත් වී . පැවිදි වූ ඔහු දැන් තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ සාමණේර ශ්‍රාවකයෙකි. දිනක්‌ මේ සාමණේරයන් වහන්සේ තනිවම නියම් ගම්මානයක්‌ මැදින් වැඩම කරමින් සිටියහ. ඒ අතරතුර උන්වහන්සේගේ දෙනෙතට දකින්නට ලැබුණේ ගම මැදින් ගලා ගිය මනරම් ගංගාවකි. දාහයෙන් වෙහෙසට පත්වී සිටි උන්වහන්සේ ගඟට බැස දියනාන්නට පටන් ගත්තේය. රාජපුරුෂයෝ රැසක්‌ සොර මුළක්‌ පසුපස එළවාගෙන එමින් සිටියදී පැන දිව්වේ මේ ගඟද අසබඩිනි. සොරු අත රන් රිදී මුතු, මැණික්‌ බොහෝ විය. පන්නාගෙන ආ රාජ පුරුෂයන් පෙනෙන මානයක සිටියේ නැත. සොරුන්ට කදිම උපායක්‌ කල්පනා විය. එය හරි ගියහොත් ඔවුන් තවදුරටත් තමන් පසුපස එළවාගෙන නොඑනවා සිකුරුය. ඒ අනුව සොරු තමන් අතවූ රන් රිදී සියල්ල අර ගඟෙහි නාමින් සිටි සාමණේරයන් වහන්සේ ගොඩ තබා තිබූ ලොකු පාත්තරයට දැමූහ. දමා පලාගොස්‌ සැඟවී ගත්හ. ගඟ ළඟට ආ රාජපුරුෂයෝ පාත්‍රයෙහි වූ ආභරණ දුටුවෝය. මේ නම් නිසැකයෙන්ම රජතුමාගේ ආභාරණ සොරාගත් සොරා යෑයි සිතූ ඔවුහු සාමණේරයන් වහන්සේ අල්ලා ගත්හ. අල්වාගෙන වද දෙමින් රජු ළඟට රැගෙන ගියේය. රජතුමා කිසිවක්‌ නොසොයාම සාමණේරයන් උල මත හිඳුවන්නැයි රාජපුරුෂයන්ට නියෝග කළේය.

සාමණේර හිමි උලමත හිඳුවනු ලැබිණි. උන්වහන්සේට අප්‍රමාණ වේදනා දරාගත නොහැකි විය. හඬන්නට පටන් ගත්තේය. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මහා විපත දිවඇසින් දැක ගන්නට ලැබිණි. ඒ සාමණේරයන් වහන්සේ එසේ සිදුවේවායි දුකින් ප්‍රාර්ථනා කළ හෙයිනි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ක්‌ෂණයකින් එතැනට වැඩම කළ සේක. සිදුවූ අතීත වර්තමාන සියලු පුවත් හෙළිකොට වදාළ සේක. කුඩා හිමියන් උල මතින් නිදහස්‌ කෙරිණි.

පින්වතුනි, බලන්න, මේ විපතට මුහුණ දුන්නේ පෙරකී එදා අර කුඩා කෘමි සතා ලී කොටුවෙහි අමුණා කෙළිකවට සිනා නැඟූ කුඩා දරුවාය. එයින් පසු ඔහු මේ සාමණේර ජීවිතය ලැබුවේ ආත්ම පන්සියයකට පසුව බව බණ පොතෙහි සඳහන් වේ. ඉදින් කර්ම විපාකය ඔහු අතහැර තිබුණාද? නැත. එය එදා පටන් ඔහු පසුපසම පැමිණියේය. කෙලෙස්‌ අන්තරායනට ගොදුරු වීම කොතරම් දුඃත තත්ත්වයක්‌දැයි දැන් ඔබට වැටහෙනවාද? හිතේ ඇතිවන කෙලෙස්‌ සිතිවිලිවලට ගොදුරුවී ඒවායින් මුලාවී පව්කම් කරන්නට පෙළඹෙන විට ඒ අනුව ඔබ වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වාරයක්‌ වුව සිතාබැලිය යුතුය. එයින් ඉක්‌බිති ඒ කෙලෙස්‌ මළයට පත් කරමින් සිත මේ කෙලෙස්‌ අන්තරායන්ගෙන් මුදවා ගන්නට උත්සාහ දැරිය යුතුය. මතු යම් දිනයක සලකවිධ වූ කෙලෙස්‌ මුල් උදුරා දමමින් ක්‌ලේශ පරිනිර්වාණයෙන් නිවී සැනසීගෙන ස්‌කන්ධ පරිනිර්වාණයටද ඔබට පත්වී ගන්නට එවිට හැකියාව ලැබෙනු ඇත්තේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.