තවත් කොපමණ අංශු ප්‍රමාණයකට
ඔබ හිමිකම් කියන්නේද?


ලෝකයේ ක්‍රියාකාරීත්වය නිවැරැදිව අවබෝධ කර නොගැනීම අවිද්‍යාවයි. ස්‌වභාවික ක්‍රියාවලිය නියම ආකාරයෙන් තේරුම් ගැනීම තුළින් විද්‍යාව ඇතිකරගත හැකිය. අවිද්‍යාවෙන් මිදුන පුද්ගලයා සංසාර ගමනට නැවතීමේ තිත තබයි. ධාතු මනසිකාරය තුළින් සියලුම දේ නිර්මාණය වී ඇති ආකාරය අවබෝධ කරගත හැකිය.

විශ්වය තුළ ඇති සියලුම දේ නිර්මාණය වී ඇත්තේ ස්‌වභාවික ශක්‌තීන් හෙවත් ධාතු හයකින් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එනම්,

1. පඨවි - තද ස්‌වභාවය

2. ආපෝ - වැගිරෙන ස්‌වභාවය

3. තේජෝ - උෂ්ණ ස්‌වභාවය

4. වායෝ - හමායන ස්‌වභාවය

5. විඤ්Æන - සිත් සකස්‌කරන ශක්‌තිය

6. ආකාස - හිස්‌ බව වේ

ඉහත පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන ශක්‌තීන් හතර හෙවත් සතර මහා භූතයෝ එකටම පවතින අතර ඉන් එක්‌ ස්‌වභාවයක්‌ වැඩිපුර විද්‍යාමාන වේ. විද්‍යාඥයන් විසින් මෙම ධාතූන් මූලද්‍රව්‍ය හෙවත් පරමාණු ලෙස හඳුන්වාදෙයි. විද්‍යාඥයන් ද ලෝකයේ සියලු දේ මෙම පරමාණුවලින් නිර්මාණය වී ඇති බව ප්‍රකාශ කරයි. ඔවුන් මේවා පදාර්ථ ලෙස හඳුන්වයි. නමුත් බුදුරජාණන් වහන්සේ විඤ්ඤාන ශක්‌තිය පිළිබඳවත් ගැඹුරින් අවධාරණය කර ඇති නිසා මහා විද්‍යාඥයා වන්නේ උන්වහන්සේය.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ස්‌වභාවික ශක්‌තීන් සතර සැමවිටම එකටම පවතින අතර එකිනෙක වෙන්කළ නොහැක. එනම් සෑම මොහොතකම මෙම ධාතු සතර එකතුවී චලනය වීමක්‌ හෙවත් වේගයෙන් වෙනස්‌වීමක්‌ සිදුවේ. මෙය ප්‍රවර්තනය වීම ලෙස හැඳින්වේ. නමුත් සෑමවිටම එක්‌ ධාතුවක්‌ වැඩිපුර ඇති බව සියලුම රූප අධ්‍යයනයේදී පැහැදිලි වේ. උදාහරණයක්‌ ලෙස ගලක වැඩිපුර ඇත්තේ පඨවි ධාතුවයි. නමුත් ආපෝ, තේජෝ, වායෝ යන ශක්‌තීන් අංශු මාත්‍රයකින් හෝ ගල තුළ ඇත. එමෙන්ම ජලය තුළ වැඩිපුර ඇත්තේ ආපෝ ධාතුවයි. නමුත් පඨවි ධාතුවත් අනෙකුත් ධාතුත් ජලය තුළ ඇත. සුනාමි රළ නිසා දේපළ විනාශ වූයේ ජලයේ ඇති පඨවි ධාතුව නිසාය. වාතය තුළ වැඩිපුර වායෝ ධාතුව තිබුණත්, ගස්‌වැල් සොලවන්නේ පඨවි ධාතුවද එම සුළඟ තුළ ඇති නිසාය. ගින්දර තුළ වැඩිපුර ඇත්තේ තේජෝ ධාතුවයි. නමුත් එහි ජලවාෂ්ප ඇති නිසා ආපෝ ධාතුවද ඇති බව පැහැදිලි වේ. එමෙන්ම කළු ගලක හෝ වේවා ජලයේ හෝ වේවා වාතයේ හෝ වේවා යම් උෂ්ණත්වයක්‌ ඇත. එය තේජෝ ධාතුව වේ. මේ අනුව ලෝකයේ ඇති සියලු රූප හෙවත් පදාර්ථ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ස්‌වභාවික ශක්‌තීන් හතරෙන් නිර්මාණය වී ඇති අතර, මේවා සතර මහා භූතයෝ ලෙසද හඳුන්වයි. නවීන විද්‍යාවේ සම්මුතිනාමය ලෙස පරමාණු යනුවෙන් හඳුවන්නේද මෙම ශක්‌තීන්ම වේ. මේ අනුව අද පරමාණු ලෙස හඳුන්වන ස්‌වභාවික ශක්‌තීන් හෙවත් ධාතු පිළිබඳ වෙනස්‌ කළ නොහැකි යථාර්ථ විශ්ලේෂණය බුදුදහම මගින් ඉදිරිපත් කෙරේ.

මෙම ස්‌වභාවික ශක්‌තීන් හෙවත් ධාතුවල ස්‌වභාවය වේගයෙන් චලනය වීම හෙවත් වෙනස්‌වීමයි. එනම් එකදු මිලිතත්ත්පරයක්‌වත් එකම ස්‌වභාවයකින් නොපැවැතීමයි. එනම් ප්‍රවර්තනය වීමයි. පරමාණුවක ව්‍යqහය අධ්‍යයනය කිරීමෙන් එකී චලනය හඳුනාගත හැකිය. පරමානුවක මධ්‍යයේ නෂ්ඨිය ඇති අතර ඒ වටා ඉලෙක්‌ට්‍රොaන වේගයෙන් චලනය වේ.එනම් පරමානුව ඉතා වේගයෙන් වෙනස්‌ වේ. පරමානු හෙවත් ස්‌වභාවික ශක්‌තීන් වෙනස්‌වන වේගයෙන්ම පදාර්ථ හෙවත් විශ්වයේ ඇති සියලුම රූප එනම් ගස්‌, ගල්, වාතය, ජලය, ගින්දර, ග්‍රහලෝක, සූර්යයන් යනාදිය වෙනස්‌ වේ. බුදුරජාණන් වහන්සේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන යන ඉන්ද්‍රියන්ට ගෝචර වන සියලුම දේ රූප ලෙස හඳුන්වාදී ඇත. එනම්,

1. වර්ණ රූප - ආලෝකය ඇති විට අපට පෙනෙන දේවල්

2. ශබ්ද රූප - කනට ඇසෙන ශබ්ද

3. ගන්ධ රූප - නාසයට දැනෙන ගඳ සහ සුවඳ

4. රස රූප - දිවට දැනෙන රස

5. පොට්‌ඨබ්බ රූප - ශරීරයේ සමට දැනෙන ස්‌පර්ශයන්

6. ධම්ම රූප - මනට ගලා එන සහ සිතන සිතිවිලි වේ.

මෙම සියලුම රූප හෙවත් පදාර්ථ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ස්‌වභාවික ශක්‌තීන්වලින් නිර්මාණය වී ඇත. එමෙන්ම සියලුම රූප සහ විඤ්ඥනය ආකාස ධාතුව තුළ පැතිරී පවතී. සෑම රූපයක්‌ම ඉතා වේගයෙන් වෙනස්‌වන වන නිසා ඒවායේ චලනය වන වේගය ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ. ධාතුවලින් නිර්මාණය වී ඇති රූපවල ස්‌වභාවය ඉතා වේගයෙන් එක්‌ ස්‌වරූපයක සිට තව ස්‌රූපයකට පරිවර්ථනය වීමයි. එනම් එක්‌ ස්‌වභාවයක්‌ ඇතිවී තව ස්‌වභාවයක්‌ නැති වේ. එනම් මෙම ඇතිවීම - නැතිවීම හෙවත් වේගවත්වීම 'අනිත්‍යතාව' ලෙස හඳුන්වයි. මෙම පරිවර්තනය ක්‍ෂණයෙන් ඉන්ද්‍රියන්ට ගෝචර නොවන නිසා සෑම රූපයක්‌ම 'ඇත' යන අර්ථයෙන් අල්ලා ගනී. එවිට නිත්‍යයි, සුඛයි, ආත්මයි ලෙස ගැනීම නිසා අවිද්‍යා අන්ධකාරයෙන් තණ්‌හාව පෝෂණය කර භවය පෝෂණය කරයි. ඉතා වේගයෙන් වෙනස්‌වන රූපවල ස්‌වභාවය නොපෙනෙන නිසා ඒවාට ඇලීමත්, ගැටීමත් තුළින් තණ්‌හාව පෝෂණය කරයි. යම් ආකාරයකින් සියලුම රූප ස්‌වභාවික ශක්‌තීන්ගෙන් වූ වේගයක්‌ හෙවත් වෙනස්‌වීමක්‌ පමණක්‌ යෑයි ප්‍රඥවෙන් අවබෝධ කර, ඒ තුළින් සසර දුක නිමාකර, විද්‍යාව පහළකර ගත හැකිය. එවිට සම්මුති බිඳ වැටී ස්‌වභාවික ක්‍රියාවලියක්‌ පමණි යන්න අවබෝධ වේ.

තවදුරටත් ධාතු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ආකාස ධාතුවේ ස්‌වභාවය හඳුනාගත හැකිය. සියලුම රූප එනම් ගස්‌, ගල්, පර්වත, පෘථිවිය, වෙනත් ග්‍රහලෝක සියල්ලම ආකාස ධාතුව නැති වේ. රූප නැතිවන විට ආකාස ධාතුව ඇති වේ. එනම් ධාතුවක්‌ ඇති වන නැතිවන ශක්‌තියෙනි. මේ අනුව ආකාස ධාතුවක්‌ අනිත්‍යය වේ. උදාහරණයක්‌ ලෙස පෘථිවියි පවතින්නේ ආකාස ධාතුව තුළ වේ. මේ පෘථිවිය පරිභ්‍රමණය වනවිට පෘතුවියේ ප්‍රමාණයට ආකාස ධාතුව ඇතිවෙමින් නැතිවෙමින් ප්‍රවර්තනය වේ. මුලින් පෘථිවියේ ප්‍රමාණයට නැතිවූ ආකාස ධාතුව පෘථිවිය වෙන තැනකට ගමන් කරන විට නැවත ඇති වේ. මේ අනුව රූප වෙනස්‌වීමේ වේගය ආකාස ධාතුව වෙනස්‌වන වේගයට සමාන වේ. රූප වෙනස්‌වන වේගය තත්ත්පරයට 1026 පමණ බව විද්‍යාඥයන් සොයාගෙන ඇතත්, ඊටත් වඩා වේගයකින් රූප වෙනස්‌වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ පරමාණු වෙනස්‌වන වේගයෙන්ම රූප වෙනස්‌ වන බවයි. එම මතය නිවැරැදි වුවත් එහි වේගය උපකරණවලින් මැනිය නොහැකි අනිත්‍ය විෂයයක්‌ බව බුදුපියාණන් වහන්සේ පෙන්වාදී ඇත.

තවත් වැදගත් ශක්‌තියත් හෙවත් ධාතුවක්‌ ලෙස විඤ්ඤාණ ධාතුව හැඳින්විය හැකිය. විඤ්ඤාන ශක්‌තිය යනු සිත් සකස්‌කරන ශක්‌තියයි. සිත් සකස්‌ කරන්නේ සත්වයා තුළ වේ. විඤ්ඤානය විද්‍යාවට ගෝචර නොවන අතර, එය ප්‍රඥවෙන් අවබෝධ කර විමසා බැලිය යුතු බැවින්, මෙය සකස්‌ වන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුය. සත්වයා තුළ බාහිර අරමුණු ලබාගැනීම සඳහා සකස්‌වී ඇති අභ්‍යන්තර ආයතන හයකි. එනම් ඇස, කන, දිව, නාසය, ශරීරය සහ මන යන ඉන්ද්‍රියන් වේ. මෙම ආයතන නියම ආකාරයෙන් පවතී නම් බාහිර රූප හෙවත් අරමුණු ඇදී පවතී.

මේ අනුව ඇසට වර්ණ රූපද, කනට ශබ්ද රූපද, දිවට රස රූපද, නාසයට ගන්ධ රූපද , ශරීරයට ස්‌පර්ශ හෙවත් පොට්‌ඨබ්භ රූපද, මනට ධම්ම රූපද අරමුණු වේ. මෙය ස්‌වභාවික ක්‍රියාවලියකි. කන්නාඩියකට ඉදිරියේ ඇති රූප ඇදී එන්නාක්‌ මෙනි. නමුත් සත්වයා තුළ මෙම අභ්‍යන්තර ආයතනත්, බාහිර රූපත් එකතු වන විට විඤ්ඤානය හෙවත් සිත් ඇති කිරීමේ ශක්‌තිය ඇති වේ. රූපවල ස්‌වභාවය (කයද ඇතුළුව) ඇතිවීම සහ නැතිවීමයි. එනම් වේගයෙන් වෙනස්‌වීමයි. මේ ආකාරයට අභ්‍යන්තර රූප (ආයතන) සහ බාහිර රූප ඇතිවන විට (ස්‌පර්ශ වන විට) විඤ්ඤානය ඇති වේ. එම රූප නැතිවන විට වේගයෙන්ම විඤ්ඤානය ඇති නැති වේ. එනම් විඤ්ඤානයද ඇතිවන නැතිවන අනිත්‍ය ධර්මතාවකි. අභ්‍යන්තර රූපත්, බාහිර රූපත් විඤ්ඤානයත් එකතු වූ විට සිත් (චිත්තයන්) හට ගනී. මේ චිත්තයන් හෙවත් සිත්ද ඉහත රූපයාගේ වේගයෙන්ම එනම් විඤ්ඤානයේ වේගයෙන්ම ඇති වෙමින් නැතිවෙමින් පවතී. එනම් චිත්තයන් (සිත්) ද අනිත්‍ය ධර්මතාවකි. මෙම චිත්ත වේගය ප්‍රඥවෙන් දකින පුද්ගලයා කිසිදු සිතකට ඇලීමක්‌ හෝ ගැටීමක්‌ ඇති නොකරයි. එවිට ඔහු නිවීමට පත් වේ. මේ අනුව රූපවල වේගයත්, ආකාස ධාතුවේ වේගයත්, විඤ්ඤානයේ වේගයත්, චිත්ත වේගයත් එක සමානය. සියල්ල අනිත්‍ය ධර්මතාවන් වේ.

ලෝකය තුළ ඇති කිසිදු දෙයක්‌ මගේ කියා අත්පත් කර ගත නොහැක්‌කේ ඒවායේ වේගය නිසාය. එනම් වෙනස්‌වීම නිසාය. වෙනස්‌වීම යනු එක්‌ ස්‌වභාවයක සිට තවත් ස්‌වභාවයකට පත්වීමයි. ස්‌වභාවික අංශුවල ක්‍රියාකාරීත්වය තුළින් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය. උදාහරණයක්‌ ලෙස මියගිය පුද්ගලයකුගේ කයක්‌ පොල් ගසක්‌ ළඟ භූමදානය කළහොත් එම මළ මිනියේ අංශු පොල් ගසට උරාගනී. එවිට එම අංශුවලින් පොල් ලී, පොල් අතු, පොල් ගෙඩි යනාදිය නිර්මාණය වේ. දැන් මළ කයේ අංශු වෙනත් ස්‌වභාවයකට පත්වී ඇත. පොල් ගෙඩියක්‌ පරිභෝජනය කළ විට නැවතත් එම අංශු තවත් කයකට ඇතුළු වේ. මේ ආකාරයෙන් ප්‍රවර්තනය වෙමින් පවත්නා අංශු ක්‍රියාකාරීත්වයක්‌ පමණක්‌ ලෝකය තුළ විද්‍යාමාන වේ. එම අංශුවල ප්‍රවර්තනය සිදුවන්නේ ඉහත සඳහන් කළ ඇතිවීමේ නැතිවීමේ ධර්මතාව හෙවත් අනිත්‍යතාව නිසාය. එබැවින් කිසිදු දෙයක්‌ මම මගේ කියා වසඟයේ තබාගත නොහැක. මෙම ස්‌වභාවික ක්‍රියාවලිය ප්‍රඥවෙන් අවබෝධ කර නොගන්නා තාක්‌කල් සියලුම සතුන් මෙම අංශුවලින් නිර්මාණය වූ දේවලට උරුමකම් කියනු ඇත. දීර්ඝ වූ සංසාර ගමනේ කොතරම් අංශු ප්‍රමාණයකට උරුමකම් කියන්නට ඇත්ද? තවත් කොතරම් ප්‍රමාණයකට උරුමකම් කියනවාද යන්න ඔබ විසින් තීරණය කළ යුතු කාලය එළැඹ ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.