මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ....

බුදුසමයේ හිංසනයට පත් කාන්තාවෝ

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ

කාන්තාවන් ගැන අපට අපට අසන්නට ලැබෙන අනේක විදි ප්‍රවෘත්ති අතර කාන්තා හිංසන ප්‍රවෘත්ති මුල් තැනක්‌ ගණිS. ගෙදර දොරේදී ගමන් ගන්නා රථ වාහනවලදී, වැඩ කරන ස්‌ථානයේදී ඇයට කායික හා මානසික අතවර සිදුවන වන අතර මේ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා අද බොහෝ කාන්තා සංවිධානද ඉදිරිපත් වෙමින් සිටී. එහෙත් කාන්තාවන් ඉන් මුදවා කාන්තා විමුක්‌තිය ලබාදීමට මුලින්ම කටයුතු කළේ අප සමිමා සම්බුදු රජාණන්වහන්සේය. බොහෝ විට කාන්තා විමුක්‌තිය උදෙසා කටයුතු කළ එකම ආගම් ශාස්‌තෘවරයාද බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ සොයාදුන් විමුක්‌තිය ලෞකික පමණක්‌ නොව ලෝකෝත්තරද විය . එමණිසා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමයේ දී සිදුවූ කාන්තා අතවර, හිංසන මොනවාදැයි සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.

බුදුන් දවස කාන්තා හිංසන ගැන සලකා බැලීමේදී බෞද්ධ පොත පතෙහි මූලිකවම සඳහන් වන්නේ භික්‌ෂුණීන් වහන්සේලා පැවිදි ජීවිතය ඇරඹීමෙන් පසු සිදුවු හිංසනයන්ය. පෙර ඒවා ස්‌වල්පයද ද තපස්‌ ජීවිත ගතකිරීමේදී හෝ තම තපස්‌ ජීවිත ගතකරන ස්‌වාමිපුරුෂයන්ට ආවතේව කර්ම කරමින් සිටියදී වූ සිදුවීම්ය. එවන් ප්‍රකට හිංසන වශයෙන් සඳහන් වන්නේ කුණ්‌ඩලකේෂාට සහ නන්දුත්තරාට වු හිංසනයන්ය. එම දෙදෙනාම ඒ අවස්‌ථා වනවිට නිඝන්ඨනාතපුත්ත හෙවත් මහාවීරගේ අනුගාමිකාවන්ව සිටියහ. බුදුරජාණන් වහන්සේගේ මුල් කාලපරිච්ඡේදයේදී තපස්‌ රැකි මෙවැනි කාන්තාවන් හා භික්‌ෂුණීන් වහන්සේලා බණ, භාවනා කරනු ලැබුවේ වනගතවී මහා වෘක්‌ෂ මූලයන්හිය. ගමන් කිරීමට සිදුවූයේ වනගත මහා මාර්ගයන්හිය. රාත්‍රිය ගත කිරීමට සිදුවූයේ ගව ගාල් ආදියේය. ගංගා ආදිය තරණය කිරීමට සිදුවූයේ හුදකලාවමය. එමනිසා හිංසා අතවර වලට දුෂණවලට ලක්‌වීමට බොහෝ විට සිදුවිය. බුදුරජාණන් වහන්සේ භික්‌ෂුණී ශාසනය පිහිටුවීමට මුලදී අකමැති වූයේත් කල්ගත කළේත් මේනිසා විය හැකිය.

බුදුදහමේ ප්‍රකටම කාන්තා හිංසනය ලෙස අප බොහෝ දෙනා දන්නා සිද්ධිය වන්නේ උප්පලවණ්‌ණා තෙරණියගේ කථාන්තරයයි. උප්පලවණ්‌ණා තෙරණිය ගැන නොදන්නා කෙනෙක්‌ නැත. මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් සංගීතා වීරසිංහ ප්‍රධාන චරිතයට යොදා උප්පලවන්නා චරිතය චිත්‍රපටයකටද නගා තිබිණි.

උප්පලවණ්‌ණා තෙරණිය වරක්‌ පූර්ණ ලිංගික අතවරයකට ලක්‌වූවාය. භික්‌ෂුණී ශාසනය ආරම්භ කළ මුල් කාලයේ භික්‌ෂුණීන් වහන්සේලාට වනවාසීව ගතකිරීම තහනම්කර නොතිබිණි. උප්පලවණ්‌ණා මහරහතන් භික්‌ෂුණී වහන්සේද වනයෙහි කුටියක්‌ සාදා සැවත්නුවර පිඬුසිඟා වැඩ පැමිණ එහිම වාසය කළාය. උප්පලවණ්‌ණා තනිවම වනාන්තරයේ වැඩ වාසය කරන බව දැනගත් ඇය ගිහිව සිටියදී ඇයව විවාහ කර ගැනීමට සිටි නන්ද නම් තරුණයෙක්‌ ඇය සොයා එම වනයට පැමිණියේය. එම අවස්‌ථාවේ ඇය පිඬුසිඟා ගොස්‌ සිටිය බැවින් ඔහු ඇයගේ කුටිය තුළ ඇඳ යට සැගවුණි. ඒබ බව නොදත් උප්පලවණ්‌ණා තෙරණියෝ කුටියට පැමිණ කුටියේ දොර වසා ගත්තාය ඇයගේ රූබර සිරුර දැක කාමයෙන් අන්ධවු තරුණයා වහාම ඇඳ යටින් එළියට පැන ඇය වැළඳ ගත්තේය උත්පලවණ්‌ණාට සෘද්ධියක්‌ පා ඉවත්වීමට වෙලාවක්‌ නොවීය. එහෙත් ඇය නොනැසෙව තරුණය, නොනැසෙව තරුණය කියා කෑ ගැසුවද ඵලක්‌ නොවීය. කිසිවකු නොමැති වනාන්තර කුටියේ ඒ පාපතරයා ඇයව දුෂණය කර තම සිතැඟි ඉටුකර ගත්තේය. කුටියෙන් ඉවතට ආ ඔහුව පොළවෙන් මහා ගිනිදල්ලක්‌ මතුව පණ පිටින්ම අවිචී මහා නරකාදියට ඇද ගෙන ගියේය. අදත් ඒ මෘගයා අවීචි මහා නරකාදියේ අනන්ත අප්‍රමාණ දහදුක්‌ විඳින්නේය. තවත් කල්පයක්‌ ඔහු ඒ දඬුවම විඳිනු ඇත.

සාමාන්‍ය පුද්ගලයින් පමණක්‌ නොව මාරයාද උප්පලවණ්‌ණාට අතවර කරන්නට ආ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. වරක්‌ වනවාසීව භාවනා කරමින් සිටි උප්පලවණ්‌ණා තෙරණිය දුටු මාරයා එතනට පැමිණියේය. ඇයගේ අති සුන්දර සිරුර දුටු මාරයාටද ඇය කාමයට පොළඹවා ගැනීමට අදහසක්‌ පහළවිය. ඇය ළඟට පැමිණි මාරයා උප්පලවණ්‌ණා ඔබ ඉතා රූමත් තරුණියක්‌ ඔබ වෙත සල්ලාලයන් පැමිණෙන්නේ නැත්දැයි විමසීය. ඒ මාරයා බව හඳුනාගත් ඇය තම ආනුභාව කියා ඔහුව එළවා ගත්තාය.

ජීවක අඹ වනයේ සුභා තෙරණියගේ කථාවද බුදු සමයේ සිදුවු තවත් දුෂණට ලක්‌වන්නට ගිය තෙරණියක. රජගහනුවර බ්‍රාහ්මණ කුලයක උපත ලබා සිටි සුබා ඉතාමත් රූපසම්පන්න කාන්තාවක්‌ වුවාය. පසු කලක කාමයෙහි ආදීනව දැක සසර කළකිරුණු ඇය මහා ප්‍රජාපතී ගෝතමී සමීපයෙහි පැවිදි වූවාය. පැවිදිවී නොබෝ කලකින්ම ඇය අනාගාමී ඵලයද ලබාගත්තාය. එක්‌ දිනක්‌ ඇය දිවා විහාරය සඳහා ජීවක අඹ උයනට යමින් සිටියදී රජගහනුවර වැසි එක්‌තරා තරුණයෙක්‌ මෙම තෙරණිය දුටුවේය. ඇයගේ අතිශය රූමත් රූපය දැක රාගයෙන් මත්වූ තරුණයා ඇගේ මඟ අවුරා ඇයව කාමයට පොළඹවා ගැනීමට උත්සාහ ගත්තේය. රූපත් ඔබගේ ඔය සුන්දර සිරුර වටිනේ කහවතින් වසාගෙන සිටීමට නොව මේ රමණීය අඹ වනයේ මා වැනි තරුණයකු හා රමනයෙහි යෙදීමට යෑයි කියා, සුභා තෙරණිය වැළඳ ගැනීමට තැත් කළේය. ඉවතට පැනගත් තෙරණිය තමා ගිහිගෙයින් නික්‌ම ගොස්‌ සසුන් ගතවූ බවත් පවසා කාමයේ ආදීනව කියමින් ඔහුට ධර්මය දේශනා කළාය. කාමයෙන් අන්ධවී සිටි ඔහුට එම ධර්මයට සවන් දීමට වුවමනාවක්‌ නොවීය. ඔහු තව තවත් ඇයගේ රුව වර්ණනා කරමින් ඇගේ දෙනෙත්ද වරණනා කරන්නට වූවේය. ඔහු තම දෙනෙතහි ඇලුණ බව දැනගත් සුභාවෝ ඇයගේ දකුණු ඇස ගලවා තරුණයාට දුන්හ. එයින් තරුණයා සන්ත්‍රාසයටත් බියටත් පත්ව, රාග රහිත වී තෙරණියගෙන් සමාව ගත්තේය. තෙරණිය වහාම බුදුරජාණන් වහන්සේ සොයා ගියාය. ඇය බුදුරජාණන් දුටු මොහෙතේම ඇගේ නෙත පෙර මෙන්ම විය.

බුදුරජාණන් වහන්සේ ඇයට දහම් දෙසුවේය. ඒ අසා ඕ තොමෝ සිව් පිළිසිඹියාවෙන් රහත් වූවාය.

රඡ්ජුමාලාට වු හිංසනයද බොහෝ දෙනා දන්නා බෞද්ධ කථාවකි. ඇය ගයා ප්‍රදේශයේ එක්‌තරා බමුණු ගෙදරක සිටි සේවිකාවක. ඇයගේ ස්‌වාමිදුව ඉතා නපුරු ගැහැණියක්‌ වූවාය. ඉතා සුළු වැරද්දකට අතපසුවීමකට පවා ඇය මාලාගේ කෙස්‌ වැටියෙන් අල්ලා ඇයට ගුටි බැට දුන්නාය. මාලා බැරිම තැන තමාට පහර දෙන්නේ තමාගේ කෙස්‌ වැටියෙන් අල්ලා ගෙන නිසා තම කෙස්‌ වැටි මුලින්ම කපා දැමුවාය. එවිට ස්‌වාමි දුව ඇයගේ බෙල්ලෙහි ලණුවක්‌ බැඳ එයින් අල්ලා පහර දෙන්නට පටන් ගත්තාය. මේ නිසාම අසල්වැසියෝ මෙම සේවිකාව රඡ්ජුමාලා නමින් හැඳින්වීමට පුරුදු වූහ. තවදුරටත් මෙම තාඩන පීඩන ඉවසීමට නොහැකිවූ රඡ්ජුමාල කැලයට ගොස්‌ සිය දිවි හානිකර ගැනීමට සුදානම් වූවාය. මෙය සිය දිවසින් දුටු බුදුපියාණෝ සම ස්‌ථානයේ පෙනීසිට ඇයගේ ජීවිතය බේරාඇයට දහම් දෙසූ සේක. ඇය එම දහම් අසා සෝවාන් වූවාය.

මිගාර සිටුවරයාගේ මුණුබුරෙක්‌ වු සාල්හක නම් තරුණයාද වරක්‌ භික්‌ෂුණියක්‌ දුෂණය කළේය. මිගාර සිටුවරයා භික්‌ෂුණින් සඳහා ආරාමයක්‌ සෑදවීය. එහි ගොඩනැඟිලි සම්බන්ධව අධීක්‌ෂණ කටයුතු කරන ලද්දේ සුන්දරි නන්දා නම් රූමත් තරුණ භික්‌ෂූණියක්‌ය. මිගාර සිටුවරයාගේ උපදෙස්‌මත ඒ වැඩ කටයුතු සොයා බැලීSමට නිතර නිතර එහි හා සාල්හක සුන්දරි නන්දා භික්‌ෂුව දැකීමෙන් ඇය ගැන රාග සිතක්‌ පහළ විය. සුන්දරි නන්දා භික්‌ෂුව මුලදී සාල්aහගේ පෙළඹවීමට දැඩි විරෝධයක්‌ දැක්‌වූ නමුත් අවසානයේදී ඇයව පොළඹවා ඇයව දුෂණය කරණ ලදී. පසුව ඇය ගැබ් ගත්තාය. ඇයට නැවත ගෙදර ගොස්‌ දරුවා බිහි කරන්නට සිදුවිය.

බුද්ධ කාලීන කාන්තාවනට විශේෂයෙන්ම භික්‌ෂුණින්ට අතවර වැඩිපුරම සිදුවූයේ වනාන්තරවලදී බව මුලින් සඳහන් කරන ලදී. වනාන්තර ආශ්‍රීතව හැරුණුවිට ගංගා තරණයේදී ගං තොටියාගෙන් අතවර සිදුවූ වාර ගණනද බොහෝය. වරක්‌ තරුණ භික්‌ෂුණින් දෙදෙනෙක්‌ සාකේතනුවර සිට සාවත්ති නුවර දක්‌වා ගමන් කිරීමේදී ගංගාවකින් එගොඩ වීමට සිදුවිය. ඔවුන් දෙදෙනා තමන් ගංගින් එගොඩ කරන ලෙස තොටියාගෙන් ඉල්ලීමක්‌ කළේය. එකවර දෙදෙනාම එගොඩ කිරීමට නොහැකි බව පැවැසූ තොටියා වරකට එක්‌ අයෙකු බැගින් එගොඩ කිරීමට හැකි බව පැවසීය. ගොවියාගේ කපටි සිත නොදත් භික්‌ෂුණීන් දෙදෙනා එයට එකඟ විය. එක්‌ භික්‌ෂුණියක්‌ ගෙන ගිය තොටියා ඇයව දුෂණය කර, දෙවැනි ගමනේදී අනෙක්‌ භික්‌ෂුණියද රැගෙන ගොස්‌ ඇයවද දුෂණය කළේය.

තවත් එක්‌ අවස්‌ථාවකදී කොසොල් ජනපදයේ සිට භික්‌ෂුණින් කණ්‌ඩායමක්‌ම ශ්‍රාවත්ති නුවරට පාළු කැළෑ පෙදෙසකින් ගමන් කරම්න් සිටියේය. එහිදී එක්‌ භික්‌ෂුණියක්‌ ශාරීරික අවශ්‍යතවයත් සඳහා කණ්‌ඩායමෙන් ඈත්වූවාය. කැළයේ සිටි පිරිමින් කිහිප දෙනෙක්‌ම ඇය ඇදගෙන ගොස්‌ දුෂණය කළෝය.

දුෂණයම නොවූවද බුදුන් සමයේ භික්‌ෂුණින් වහන්සේලාට සිදුවූ වෙනත් අතවර හිංසා බොහෝය. මේ එAවායින් කිහිපයකි. වරක්‌ එක්‌ භික්‌ෂුණින් වහන්සේ නමක්‌ ග්‍රාමයක හුදකලාව ගමන් කරමින් සිටියදී තද සුළගක්‌ හැමීය. ඒ වකවානුව වන විට භික්‌ෂුණින් වහන්සේලාට සංකවිච්කාව නම් හැටිටය ඇඳීම නියමකර නොතිබුණු බැවින් එම භික්‌ෂුණියගේ උඩසිවුර සුළගින් ඉවත්ව ගොස්‌ ඇයගේ පියයුරු නිරාවරණය විය. මෙය දුටු පාරේ ගිය තරුණයින් පිරිසක්‌ ඇයගේ පියයුරු වර්ණනා කරමින් උසුළු විසුළු කර ඇයව විශාල අපහසුවකට පත්කළෝය. අවට සිටි වැඩිහිටියන් මැදිහත් වීමෙන් ඇය තව දුරටත් කරදරයකට, අපහසුවකට පත්වීම වළක්‌වාලූහ. මෙම වකවනුවේම භික්‌ෂුණින් වහන්සේලාට උදකසාටිකාව නම් දියරෙද්ද හෙවත් නාන විට අඳින රෙදිකඩ නියමකර නොමැති විය. එම නිසා භික්‌ෂුණින් ස්‌නානය කරන ලද්දේ වනගත ජනශුන්‍ය ඇළ, දොළවල නිර්වස්‌ත්‍රයෙන්ය. වරක්‌ භික්‌ෂුණින් වහන්සේලා පිරිසක්‌ මෙසේ නිරුවතින් වනගත දොළ පහරක ස්‌නානය කරමින් සිටින විට ඒ අසල වෛශ්‍යා ස්‌ත්‍රීන් කිහිප දෙනෙක්‌ද දිය නාමින් සිටියෝය. වෛශ්‍යා ස්‌ත්‍රීන් බැවින් ඔවුන්න් දිය නාන්නේ නිරුවතින්මය. භික්‌ෂුණින් නිරුවතින් දියනාන දුටු ඔඹවුන් භික්‌ෂුණින් වහන්සේලාත් තම වෘත්තියට පැමිණ වෙසඟනන් වී ඇතැයි කියමින් උසුළු විසුළු කර අපහාස කරන ලදී. මෙම පුවත බුදුරජාණන් වහන්සේ දක්‌වාම ගියේය.

පිටස්‌තර පුද්ගලයින් පමණක්‌ නොව සමහරවිට බෞද්ධ හික්‌ෂුන් වහන්සේලාගෙන් පවා භික්‌ෂුණින්ට හිංසා ඇතිවිය. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හයේ කණ්‌ඩායම නම් භික්‌ෂුන් කණ්‌ඩායමක්‌ විය. ජබ්බවග්ගියා කණ්‌ඩායම නමින් මොවුන් හැඳින් විය. මොවුන් මහා දඩබ්බර, අවිනීත වැඩකළ කණ්‌ඩායක්‌ විය. වරක්‌ මෙම කණ්‌ඩායම පිඬුසිඟා වඩිමින් සිටි භික්‌ෂුණින් සමූහයකට මඩ වතුර ගසා මඩ වතුරෙන් නාවා, එයින්ද නොනැවතී තම සිවුරු ඔසවා, තම රහසඟවල් එම භික්‌ෂුණියන්ට පෙන්වීමට තරම් වනචර වූහ.

මේ අයුරින් බුදුරජාණන් වහන්සේගේ සමයේද කාන්තාවන්ට විශේෂයෙන්ම භික්‌ෂුණින් වහන්සේලාට සිදුවු හිංසන අතිමහත්ය. උන්වහන්සේ භිකAෂුණී ශාසණය පිහිටුවමින් ශික්‌ෂා පද වරින්වර පනවමින මේ හිංසනවලින් මුදාගෙන ලෞකික මෙන්ම ලෝකෝත්තර විමුක්‌තිය ළබාදීමට කටයුතු කළ සේක.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.