මිහිඳු මාහිමි පුබදුවාලූ ශ්‍රි ලාංකික වූ බෞද්ධ සංස්‌කෘතිය

නිට්‌ටඹුව, විද්‍යානන්ද මහ පිරිවෙන්හි ආචාර්ය, ශාස්‌ත්‍රපති, රාජකීය පණ්‌ඩිත,
පූජ්‍ය පලුගොල්ලේ විජිත හිමි

පොසොන් පුර පසළොස්‌වක පොහොය සිහිපත් වන විට නිරායාසයෙන්ම අපගේ සිතට නැගෙන්නේ මිහිදු මාහිමියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියයි. ඒ අසිරිමත් සම්ප්‍රාප්තිය වූ මහින්දාගමනය සිංහල බෞද්ධ සංස්‌කෘතියට තෝතැන්නක්‌ වූ බව කිවමනාය.

සකස්‌ කර ගන්නා ලද දේ 'සංස්‌කෘතිය' යන්නේ සරල අර්ථයයි. ඒ අනුව පුද්ගලයෙකුට උපතින් උරුම නොවූ එහෙත් දැනුම හා අත්දැකීම් පදනම් කර කොට ගෙන සකස්‌ කර ගනු ලබන්නා වූ ජීවන රටාව සංස්‌කෘතිය බව මානව විද්‍යාඥයින් විසින්ද විස්‌තර කර ඇත. ලක්‌දිව සංස්‌කෘතියේ උදාවීම පිළිබ`දව සැලකීමේදී හමුවන ප්‍රධාන කඩයිම් 3 ක්‌ ඓතිහාසික වාර්තාවන්ට අනුව හඳුනා ගත හැකිය. එහි පළමුවැන්න ලෙස දැක්‌වෙන්නේ සම්බුද්ධාගමනයයි.ඒ අනුව, මහියංගනය, නාගදීපය හා කැලණිය යන ස්‌ථාන කේJද්‍ර කොට ගනිමින් සිදුවූ සම්බුද්ධාගමනයේ අවස්‌ථා තුනකි. දෙවන කඩයිම ලෙස සිංහල ජනවර්ගයේ ආරම්භය හා මෙරට සංස්‌කෘතියේ ප්‍රබෝධයට යම් ප්‍රමාණයක බලපෑමක්‌ ඇති කළායෑයි සැලකෙන විජයාගමනය ස`දහන් කළ හැකිය.

තෙවන කඩඉම ලෙස හ`දුනාගත හැකි වන්නේ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 ක්‌ ගත වූ තැන සිදු වූ මහින්දාගමනයයි. මීට වසර 2321 කට ප්‍රථම සිදු වූ මහින්දාගමනයෙන් පසුව ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියක්‌ සිංහල බෞද්ධයාට උරුම විය. දිග්විජය ප්‍රතිපත්තිය අතහැර ධර්මවිජය ප්‍රතිපත්තියේ නියෑලුණු ධර්මාශෝක රජුගේ උදාරතර ශාසනික මෙහෙවර ලෙස සැලකෙන තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස රටවල් රාශියකට බුදුදහම ප්‍රචාරය කිරීම ස`දහා පියවර ගත් අතර එම රටවල් අතර ශ්‍රි ලංකාවද එකකි. ලංකාවට වැඩම කළ සත් පිරිසකගෙන් ප්‍රධානත්වය දැරූයේ ධර්මාශෝක රජුගේම පුතණුවන් වූ මහින්ද මහ රහතන් වහන්සේය. මිහින්තලා පව්වේදී දෙවන පෑතිස්‌ රජතුමා හමුවී,

'මහරජතුමනි අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි පැමිණියෙමු.'

'සමණාමයං මහාරාජ - ධම්මරාජසස සාවකා

තවේව අනුකම්පාය - ජම්බු"පා ඉධාගතා'

යනුවෙන් මිහිඳු හිමියන් රජුට ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ධර්මය ප්‍රචාරය කිරීමේ උතුම් අරමුණින් ලංකාවට වැඩම කළ මෙකී ධර්මදූත පිරිස ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීම මහින්දාගමනයයි.

ඓතිහාසික පුරාවෘත්ත වලට අනුව හ`දුනා ගත හැකි වන්නේ මහින්දාගමනයට පෙර ශ්‍රි ලංකාවේ ක්‍රමවත් සංස්‌කෘතියක්‌ නොපැවති බවයි. යක්‌ෂ, දේව හා නාග ගෝත්‍රිකයන් ලෙසින් කළ ගස්‌ ගල් වන්දනයට මහින්දාගමනයෙන් නව ආගමික සංකල්පයන්ගේ වර්ධනයක්‌ සිදු විය. මහා රූස්‌ස ගසක්‌ සමීපයෙන් ගිය පිරිස එහි නිශ්ශබ්දතාවය, නිස්‌කලංක බව, මහා භයානක ස්‌වභාවය හා සිසිලස දැක එය නිදවියන් විසින් සිදු කරන ලද්දක්‌ බව කල්පනා කළහ. මහා විශාල පර්වත වල ඇති විශාලත්වය බියමුසු ස්‌වරූපයක්‌ ඇති කෙරුණි. එනිසාම එකල සිටි පිරිස්‌ වෘක්‌ෂ වන්දනය, ගස්‌ ගල් වන්දනය දේවත්වයෙන් සිදු කරනන්ට වූහ. බුදු දහමේ ගැඹුරු සංකල්ප සරලව ඉස්‌මතු කරමින් මිහි`දු මාහිමියන් විසින් වෘක්‌ෂ වන්දනයට බෝධි වන්දනයත්, පර්වත වන්දනය වෙනුවට චෙත්‍ය වන්දනයත් හ`දුන්වා දෙනනට වූහ. එනිසාම ධර්ම දේශනා පැවැත්වීම මුල කොට ගනිමින් පුද්ගලයා තුළ අධ්‍යාත්මික පරිවර්තනයක්‌ ඇති කරනන්ට විය. එහි පළමු වැනි ධර්ම දේශනය ලෙස තෝරා ගන්නට යෙදුනේ චුල්ල හත්ථි පදෝපම සූත්‍රයයි. එහි සුවිශේෂිත්වය වන්නේ ත්‍රිවිධ රත්නය පිළිබ`ද මූලික අවබෝධයක්‌ චතුරාර්ය සත්‍යය හා බුදු දහමේ මූලික ඉගැන්වීම් මෙන්ම භික්‌ෂුවකගේ හැසිêම පිළිබ`දව මනා අවබෝධයක්‌ ලබා දීමයි. එසේම ත්‍රිවිධ දහමේ මූලික ඉගැන්වීම් මෙන්ම භික්‌ෂුවකගේ හැසිêම පිළිබ`දවත් මනා අවබෝධයක්‌ ලබාදීමයි. එසේම විමානවත්ථු හා පේතවත්ථු පිළිබ`ද දේශනා මගින් අද දක්‌වා පවතින බෞද්ධ චින්තනයේ අනන්‍ය ලක්‌ෂණයන් වන පාපයට බිය වීම හා පාපයට ලැæජා වීමත් පිනට ලැéකමත් වර්ධනය වන්නට විය. දේවදූත සූත්‍රය, අග්ගික්‌ඛන්දෝපම සූත්‍රය, අප්පමාද සූත්‍රය ආé සූත්‍රයන් මිහි`දු හිමියන් තෝරා ගන්නේ පුද්ගලයන්ගේ චිත්ත සන්තානයන් තුළ සෘණාත්මක සංකල්ප දුරලා සිතුම් පැතුම් ධනාත්මක ලෙස වර්දනය කිරීමටය. ඒ අනුව පළමුකොටම පුද්ගලයාගේ අධ්‍යාත්මය සුවපත් කිරීම හා පස්‌පවින් වැළකුණු ධාර්මිෂ්ඨ සමාජයක්‌ ඇති කරවීම මිහි`දු හිමියන්ගේ ධර්ම දේශනා පැවැත්වීමේ මූලික අරමුණ විය. එමගින් බුද්ධාගම යනු කුමක්‌දැයි රජතුමා ඇතුළු පිරිසට අවබෝධය ලැබීම මගින් බෞද්ධ සංස්‌කෘතියකට අඩිතාලම වැටුණු අයුරු නොකිවමනාය. සමාජයේ සිටින පිරිස ප්‍රධාන වශයෙන් ගිහි- පැවිදි ලෙසට දක්‌වා පැවිදි පිරිස භික්‌ෂු, භික්‌ෂුණී ලෙසටත්, ගිහි පිරිස උපාසක - උපාසිකා ගෙසටත් බෙදී ගිය ආකාරය නිරූපණය කෙරෙන්නේ බෞද්ධ සමාජය සකස්‌ වූ ආකාරයයි. මිනිස්‌ තිරිසන් භේදයකින් තොරව ජීවිතය වටිනා වස්‌තුවක්‌ බව තේරුම් ගත් මිනිසාට අවිහිංසා සහගත සිතිවිලි රෝපණය වූ අතර පන්සලට එකතු වූ අවස්‌ථාවේදී සියලු බද්ධ වෛර අමතක කොට එකා මෙන් මෙත් සිතින් කටයුතු කරනන්ට විය. 'මාතා යථානියං පුත්තං - ආයුසා ඒක පුත්ත මනුරක්‌ඛෙ' (මව දිවිහිමියෙන් එකම පුතු රක්‌නා පිරිදි සියලු සත්වයන් වෙත මෛත්‍රිය දැක්‌විය යුතුයි.) යනුවෙන් දැක්‌වෙන්නේ එදා මිනිසා තුළ වර්ධනය වූ මෛත්‍රී සහගත ෙච්තනාවන්ගේස්‌වභාවයයි. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, නිල් ගොයමයි,කහ සිවුරුයි යන සංකල්පය උරුමය බෞද්ධ සමාජයේ වටිනාකම් රෝපණය වූයේ ඒ ආකාරයෙනි. මිහිඳු මාහිමිගේ ධර්මය ප්‍රබෝධයක්‌ ලාංකීය ජනයා පුබුදු කොට ආගමක්‌ හඳුන්වා දුන්නා පමණක්‌ නොව සමස්‌ථ සමාජයම දැවැන්ත වෙනසකට පරිවර්තනය කළහ.

මහින්දාගමනයෙන් ශ්‍රි ලාංකිකයන් වන අපට ලැබුණ උරුමයක්‌ ලෙසට වටිනා සංස්‌කෘතිකාංග රාශියක්‌ හඳුන්වා දිය හැකිය. එහි ආරම්භය සිදු වූයේ දේවානම්පියතිස්‌ස රජතුමා තෙවන වරටත් අභිෂේක කිරීමෙනිs . එසේම මහාමේඝවන උයන සංවර්ධනය කිරීම මගින් උද්‍යාන කලාව බිහි කිරීම, භික්‌ෂුන්වහන්සේලා උදෙසා විහාර ආරාම තනවා දීමෙන් ආරාමික භික්‌ෂු සංස්‌කෘතිය හා පැවිදි උපසම්පදා වැනි ආගමික සිරිත් ඇති කිරීම, චෛත්‍ය හා බෝධි වන්දනයට නව අරුතක්‌ ලබා දීම, මහින්දාගමනයෙන් ලද සංස්‌කෘතික දායාදයන්ය. එසේම ලාංකික සංස්‌කෘතියේ ධර්ම දේශනා, දානමය පිංකම්, පිරිත් සජ්ජාධායනා, ම`ගුල් හා අවම`ගුල් චාරිත්‍ර ආදිය කේන්ද්‍ර කොට ගනිමින් ජීවිතයේ සෑම වැදගත් අවස්‌ථාවකදීම ආගමික කටයුතු කෙරෙහි නව නැඹුරුවක්‌ දැක්‌වූයේ මිහිඳු මාහිමියන් ආගමික සංකල්පයනගේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ජන ජීවිතය හා සම්බන්ධ වූ ආධ්‍යාත්මික පරිවර්තනයන් පමණක්‌ නොව වාස්‌තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය, ආරාමික අධ්‍යාපනය, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් ශිල්පය අදී කලා නිර්මාණයන්ගේ නව පරිවර්තනයක්‌ සිදු කළ ආකාරයද කිවමනාය.

මිහිඳු මාහිමයන් වැඩ විසූ වසර 26 ක කාලය තුල අනුරාධපුරයෙහි මහා විහාරය කේන්ද්‍ර කොට ගනිමින් ලාංකික මානවයාගේ සාරධර්ම වර්ධනය කරමින් පුද්ගල හා සමාජ සබ`දතා ජන ජීවිතයට බද්ධ කරමින් පස්‌ පවින් වැළකුණු ධාර්මිෂ්ට සමාජයක්‌ නිර්මාණය කිරීම ස`දහා ගත් වෙහෙස එකළ සමාජයේ එකී සංස්‌කෘතික උරුමයන් දෙස නෙත් යොමු කිsරීමේචී මොනාවට පැහැදිලි වන්නකි. සැබෑවටම ආධ්‍යාත්මික සුවපත් බව අගයන, ජීවිතයේ යථාර්ථය ගැඹුරින් තේරුම් ගත් ධාර්මිෂ්ට සමාජයක්‌ බිහි කිරීම උන්වහන්සේගේ ඒකායන අභිප්‍රාය විය. එදා පැවති සාමකාමී, තෘප්තිමත් ජීවන රටාව වර්තමානයේ දැවැන්ත ක්‍රියාකාරකම් මගින් සැබැවක්‌ බවට පත් කිරීමට නොහැකි වී තිබීම කණගාටුවට කරුණකි. පරාර්තකාමීත්වය වෙනුවට ආත්මාර්ථකාමීත්වයත් එමගින් එකිනෙකා අභිභවා යැමට දරන ප්‍රයන්තයක්‌ තුලින් වර්ධනය වී ඇති අතෘප්තිමත් ජීවන රටාවත්, දකින විට ඇ`ග කිලිපොලා යන අපරාධ රැල්ලක්‌ මගින් තේරුම් ගත හැකි වන්නේ මිනිසා මහා පරිහානියකට වැටෙමින් පවතින්නා වූ අන්දමයි. මිහිඳු හිමියන් හ`දුන්වා දෙන ලද්දේ අනිත්‍යතාව, සංසාරයේ ඇති භයංකර බව මෙන්ම මිනිසුන්ට ලැබී ඇති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමයි. ඒ මිනිසා ලබා ඇති බුද්ධිමය හැකියාවේ ඇති මහිමයයි. බුද්ධිය හා ඉගැනීම එකක්‌ නොව කාරණා දෙකකි. සතුන්ට මිනිසාටත් වඩා ඉගෙන ගන්නට හැකියාව ඇති අවස්‌ථා දැකිය හැක. එසේම මිනිසාට මෙන්ම සතාටද යමක්‌ ඇසෙන නිසා ශ්‍රවණය කිරීමට හැකියාවද ඇත. ඇසුනු දෙයින් හා ඉගෙන ගත් දෙයින් යමක්‌ සිතීමට හා එම බුද්ධිමය හැකියාවෙන් වැඩ ගැනීමට සතුන් අපොහොසත් වන නිසා අප්‍රමාණ සත්ත්ව ලෝකය තුළ මනුෂ්‍ය ජීවිතය පමණක්‌ම ඉතා ශ්‍රේෂ්ඨ වන බව බුදුන්වහන්සේ දේශනාවයි. අනුබුදු මිහි`දු මාහිමියන් පෝෂණය කළ ආගමික හා සංස්‌කෘතික ප්‍රබෝධයේ වටිනාකම එයයි.

වත්මන් පවතින පෙරහැර, තොරන්, විවිධ සැරසිලි හා දන්සැල් දීම් ආදී ආමිස පූජාවන්ට පමණක්‌ මුල් තැනක්‌ දෙමින් පොසොන් උත්සවය සැමරීම මූලික අරමුණු බවට පත්ව ඇත. පරිබාහිරින් පමණක්‌ විසිතුරු දෙයින් ඔපවත් වූ දෑ සිදු කරන බොහෝ දෙනා සිහිතබා ගත යුතු කරුණ වන්නේ මිනිසා ආධ්‍යාත්මික වශයෙන් මහා පරිහානියකට වැටෙමින් පවතින යුගයක එම මනුෂ්‍යත්වයෙහි හරය හරිහැටි හ`දුනා නොගෙන සිදුකරන එවැනි විච්චූරණයන්ගෙන් සැබෑ අරුත කුමක්‌ද යන්නයි. එනිසාම බුදුන් වහන්සේගේ සදහම් පණිවිඩය රැගෙන වැඩි අනුබුදු මිහි`දු හිමියන් පෙන්වා දුන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්‌ ලබාගත් බෞද්ධයාගේ සැබෑ අරමුණ කුමක්‌දැයි තේරුම් ගෙන ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක්‌ දී ජීවිත සුවපත් කර ගන්නට උතුම් වූ පොසොන් පුර පසළොස්‌වක දිනයේ අධිෂ්ඨාන කර ගනිමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.