නිරවුල් දහම

නූතන සමාජයේ පවතින සංකීර්ණතා හමුවේ මිනිසා ඉතා කාර්යබහුල වී ඇත. හැල්මේ දුවන ජීවිත ඒකාකාරීබවකින් වෙලී ඇත. එබඳු සමාජය වෙසෙන මිනිසාගේ ආගමික, සංස්‌කෘතික ජීවිතය කෙමෙන් වියෑකී යැම ෙ€දනීය කරුණකි. තවකෙකුගේ දුක, වේදනාව, සන්තාපය හමුවේ සංවේදී නොවන හදවත්වලින් යුත් පංචස්‌කන්ධයක්‌ දරාගෙන අප මේ ගමන් කරන්නේ

කොහේද? සැබැවින්ම මේ පිළිබඳ අප අවධානය යොමු නොකරන්නේ ඇයි?

අප සැවොම සැප විඳීමට කැමැතිය. මේ 'සැපය' කැමැති බව සත්වයාගේ කායික, මානසික තෘප්තියේ මූලික ලක්‌ෂණයක්‌ බව බුදුදහම දක්‌වයි. එහෙත් ඒ සැප සැමටම උරුම නැත්තකි. අපි නොයෙක්‌ අයුරින් සැප අපගේ ජීවිතයට ළඟාකර ගැනීමට උත්සාහ ගන්නෙමු. පතන සැපය ජීවිතයට ළංවූවද සෑහීමකට පත්නොවීම පෘථග්ජනයාගේ ස්‌වභාවයයි. බුදුදහමට අනුව අත්හැරීම පරම සුවයයි. එම අත්හැරීම අවබෝධයෙන් සිදුවන තරමට බුදුදහමේ පරම නිෂ්ඨාව වන නිවන කරා ළඟාවීම පහසු කරවයි. එහෙත් ගිහි අප මෙකී අත්හැරීම ප්‍රගුණ කළ යුත්තේ ඉතා සීරුවෙනි. ගිහියකු වශයෙන් සියල්ල අත්හැර වනගත බවුන් වැඩිය හැකිද?

අප මීට පෙරද මේ තීරුවේ සඳහන් කළ පරිදි බුදුරදුන් ගිහිවත පැවිදි වතෙන් පැහැදිලි ලෙසම වෙනස්‌ බව දේශනා කර ඇත. විවාහකයකු නම් අඹුදරුවන් අත්හැර බවුන් වැඩීමට පමණක්‌ සිත යොමු කළහොත් එය අවසන් වන්නේ ගිහිගෙය ගිනි ගෙයක්‌ වීමෙනි. එනම් පැවිදිවත ගිහියකු අනුගමනය කළහොත්

සිදුවන්නේ සියල්ල අවුල්වීමයි. එම නිසා ගිහියකු වශයෙන් අප බුදුරදුන් පෙන්වා දුන් මාර්ගයේ ගමන් කළ යුතු වන්නෙමු. පළමුව අප කළ යුතු වන්නේ අපගේ ගිහි ජීවිතය ස්‌ථාවර කර ගැනීමය. තම දූදරුවන්, දෙමාපියන්, ඥති මිත්‍රාදීන් සමග යහ සබඳතා ඇතිකර ගැනීමයි. අද භාවනා මධ්‍යස්‌ථාන කරා යන ඇතැම් ගිහි බෞද්ධයන්ට පන්සිල් පද පහ රැකීමේ වුවමනාවක්‌ නැත.

සෝවාන්වීමට, අනාගාමීවීමට අවශ්‍ය නම් ඒ සඳහා පාඨමාලාවන් ඇත. කිසිදු විචාර බුද්ධියක්‌ නොමැති බෞද්ධයෝ මෙවැනි ස්‌ථාන කරා ඇදී යති. අවසානයේ මහා හිස්‌බවකින් ජීවිත පුවරාගෙන මෙලොව පරලොව වනසා ගනිති.

ඉදින් අධ්‍යාත්මයෙන් පිරිහුණු අසංස්‌කෘතික සමාජයක්‌ සුවපත් කළ හැක්‌කේ නිවැරැදි, නිරවුල් බුදුදහම සමාජගත කිරීමෙන් පමණකි. එකී බුදුදහම අප නිවැරැදි තැනින් අල්ලාගත යුතුය. ඒ සඳහා නිරන්තර කල්‍යාන මිත්‍ර ඇසුර අප සොයාගත යුතුය.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.