වෙසෙසින් කියම් පුන් පෝදා සඳ වරුණ

වීරකැටිය, මැදමුලන ඩී. ඒ. රාජපක්‌ෂ මහා විදුහලේ හිටපු විදුහල්පති,
ශාස්‌ත්‍රපති ජයන්ත කංකානම් පතිරණ

ජාතක පාලියෙහි සඳහන් සස ජාතකය, ඔබ අසා ඇති බවට නිසැය. අප මහා බෝසතාණන් වහන්සේ උතුම් බුද්ධත්වය පතා තම ජීවිතය පූජා කොට දාන පාරමිතාව පිරූ අයුරු ඉන් කියවේ.

එක්‌ කලෙක බෝධි සත්වයන් වහන්සේ හාවෙකුව ඉපිද වාසය කරන කල, වඳුරෙකු, සිවලෙකු සහ මස්‌කාවෙකු සමඟ මිතුරුව සිටියේය. පුන් පෝ දිනවල පෙහෙවස්‌ සමාදන්ව සිල් රකිමින් කාලය ගත කිරීමට මොවුහු පුරුදුව සිටියහ. බෝසත් හාවාගේ ශීලය පරීක්‌ෂා කිරීමට සිතූ සක්‌ දෙවිඳු දිනක්‌, මහලු බමුණෙකුගේ වේශයෙන් පැමිණ හාවා ඉදිරියේ පෙනී සිටියේය. තමන් දින කිහිපයක්‌ තිස්‌සේ දැඩි කුසගින්නෙන් පසු වන බවත්, කෑමට යමක්‌ ලබාදෙන ලෙසත් බැගෑපත්ව ඉල්ලා සිටියේය. දුප්පත් මහලු බමුණාගේ දුක්‌ත ස්‌වභාවයත්, අසරණ විලාසයක්‌ දුටු බෝසතුන්ගේ හදවත මහත්

අනුකම්පාවෙන් උණුව, බමුණාට කෑමට යමක්‌ දීම සඳහා සෙව් මුත්, නොලද තැන තම සිරුරේ මාංශ දන් දී බමුණාගේ කුස ගිනි නිවීමට අදහස්‌ කළේය. බමුණා ලවා ගිනි ගොඩක්‌ සකස්‌ කරවා මාගේ මාංශයෙන් ඔබගේ කුසගිනි නිවේවා යන අදිටනින් යුතුව ගිනි ගොඩට පැන්නේය.

එකෙනෙහිම බමුණා සිය දොaතට හාවා ගන්නා ලද්දේ කිසිදු උපද්‍රවයක්‌ සිදු වීමට ඉඩ නොතබාය. විගසින්ම බමුණු වෙස්‌ අත්හල සක්‌ දෙවිඳුන් තමා කවරෙක්‌ දැයි පවසා බෝධි සත්වයන්ගේ දාන පාරමිතාව පිරික්‌සීම පිණිස පැමිණි බව දන්වා හාවාට බොහෝ සේ ප්‍රශංසා කළේය. එපමණකින් නොනැවතී බෝසතාණන් වහන්සේ තිරිසතෙකුට ඉපිද සිටියදී පවා කළා වූ මෙම අරුමය එළඹී භද්‍ර කල්පය මුළුල්ලෙහිම සියලු සත්වයන්ට ප්‍රකාශව පෙනෙනු මැනවැයි සිතු සක්‌ දෙවිඳු, අංජනකූට පර්වතය තම ආනූභාවයෙන් මිරිකා යුෂ රැගෙන බෝසත් හාවාගේ රුව චන්ද්‍රයා මත සිත්තම් කළේය. එතැන් පටන් සඳ පූජාර්භ වස්‌තුවක්‌ ලෙස සලකන්නට යෙදුනි.

ආශ්චර්යයෙන් පිරුන, සාහිත රසයෙන් අනූන අභව්‍ය සංසිද්ධියක්‌ ලෙස මෙය ඇතැමෙකුට පෙනී යා හැක. කෙසේ නමුදු මිනිස්‌ ඉතිහාසය ආරම්භයේ සිටම සුවිශේෂී ස්‌වභාවික වස්‌තුන් පිළිබඳව ඉමහත් ගෞරවයකින් යුතුව සලකන්නටත් ඒවාට වැඳුම් පිදුම් කිරීමටත් මිනිසුන් පෙළඹී සිටියහ. ඉර, හඳ, තාරකා මෙන්ම ගස්‌ ගල් පර්වතද එම ස්‌වභාවික වස්‌තුන් අතර විය. කල් ගතවත්ම විවිධ ආගම් ලොව පහළ වූ අතර, මෙම වස්‌තුන් එම ආගම් හා සම්බන්ධ සංකේත ලෙස සලකා පූජෝපහාරයට බඳුන් විය.

වෙසෙසින්ම චන්ද්‍රයා හෙවත් සඳ පිළිබඳව එලෙස සලකන්නට ඈත අතීතයේ සිටම ජනයා පුරුදුව සිටි බව ඔබ පෙර කියවන ලද සස ජාතකයෙන්ද අනාවරණය වේ. හඳ, තරුපති, සොමි හිමකර, නිසයුරු, කලාපති ආදී නේක නාමයන්ගෙන් හඳුන්වන සඳ කලාකරුවෝ වනිතා වතට උපමා කළහ. එය එතරම්ම සෞම්‍ය කාන්තිමත් හා දැකුම්කළු බැවිනි.

චන්ද්‍රයා අරමුණු කොටගෙන පෝය දින සතරක්‌ පිළිබඳව වැදගත් කොට සලකා බෞද්ධයෝ ක්‍රියා කරති. පසළොස්‌වක, අව අටවක, අමාවක සහ පුqර අටවක ලෙස නම් කර ඇති මේ දිනයන් පොහෝ දිනයන් ලෙස බොදුනුවන් විසින් සලකනු

ලබන්නේ කවරක්‌ නිසාදැයි ඔබ දැන සිටියාද?

පෝය හෙවත් පොහොය යනු උපෝසථයයි. එනම් පෙහෙවස්‌හි පිහිටීමයි. එබැවින් පෝදා හෙවත් පොහොය දින බොදුනුවෝ උපෝසථයෙහි පිහිටති. වෙනත් අයුරකින් පවසන්නේ නම් පෝදා යනු සිල් සමාදන් වන දිනයයි.

සතර පෝය අතරින් පුන් පෝ දිනය බෞද්ධයනට සුවිශේෂී වැදගත්කමකින් යුක්‌ත වුවකි. බුද්ධ චරිතයට සම්බන්ධ සිදු වීම් සියල්ලම පාහේ සිදු වී ඇත්තේ පුන් පොහෝ දිනවලදීය. බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, උත්පත්තිය, අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය පත් වීම, බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, පිරිනිවන් පෑම යනාදී සිදු වීම් පුන් පෝය දිනයන්හි සිදු වීමක්‌, ශාසන ඉතිහාසය පුරාම සිදු වූ වැදගත් සිදු වීම් බොහොමයක්‌ම පුන් පෝ දිනයන්හි සිදු වීමක්‌ යන කරුණු හේතු කොට ගෙන මෙම දිනයන් මහත් බැතියෙන් යුතුව සැමරීමට බොදුනුවෝ උත්සුක වෙති. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් මෙදින ගත කිරීමට ඔවුහු අනාදිමත් කාලයක සිටම පුරුදුව සිටිති.

වෙසෙසින්ම බුදුන් වහන්සේ සොබා දහම බෙහෙවින්ම ප්‍රිය කළ උතුමෙකි. මලින් එලින් බර වෘක්‌ෂලනාදියෙන් යුත් තන්හි වැඩ සිටිමින් ජනයාට දහම් දෙසීමටත්, විවේක සුවයෙන් ගත කිරීමටත් ප්‍රිය කළ උන්වහන්සේ සොමි කිරණින් හාත්පසම ආලෝකමත් වූ පුන් පෝ දිනයන්හි සඳ රැස්‌ දහරේ පහස විඳිමින් දහම් දෙසීම මෙන්ම, සුදුස්‌සන්ට ශාසනික පදවි පිරිනැමීම අමුත්තන් හමුව සතුටු සාමීචියේ යෙදීම ආදී නන්විධ බුද්ධ කෘත්‍යයන් සිදු කළහ.

බෞද්ධයන් පමණක්‌ නොව අන්‍යාගමිකයෝද සඳ අරමුණ කොට ගෙන ඔවුන්ගේ ආගමික කටයුතු සිදු කිරීමට වගබලා ගනිති. දේවස්‌ථාන, පල්ලි, කෝවිල් ආදියට ගොස්‌ යාඥ කිරීම, පුද පූජා පැවැත්වීම වැනි කාර්යයන්ද, මුස්‌ලිම් බැතිමතුන් සඳෙහි ප්‍රථම දර්ශනයෙන් උපවාසය අත්හැරීමද, සඳ මුල් කරගෙන සිදු කිරීම තුළින් සඳ හා මිනිසා අතරද, ඔවුහු ඉහළින් පිළිගන්නා ආගමික

සංසිද්ධීන් අතරද, අඛණ්‌ඩ සබඳතාවයක්‌ ගොඩනැඟී ඇති බව පෙනිs යයි.

පෘථිවියෙහි ඇති සියලුම ජීවී අජීවී වස්‌තුන් කෙරෙහි යම් බලපෑමක්‌ සිදු කළ හැකි ග්‍රහ වස්‌තුවක්‌ ලෙස චන්ද්‍රයා ප්‍රධාන වන බව උගතුන්ගේ පිළිගැනීමයි. විශේෂයෙන්ම මිනිස්‌ සිතැඟියාවක්‌ පුබුදන හා සිත් චංචලත්වයට පත් කරන ස්‌වභාවයක්‌ චන්ද්‍රයා සතුව පවතී. මානසික අසම තුලිතතාවයෙන් යුත් අය පුන් පෝ දිනවලදී නොසන්සුන්තාවයට පත් වීමෙන් ඒ බැව් ප්‍රකට වේ. ජීවීන්ගේ සිරුර තුළ ලේ ගමනාගමනය වැඩි කිරීමට පුන් පෝ දින සඳ හේතු වන බව විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පරීක්‌ෂණ මඟින් තහවුරුව තිබේ. මෙදින සිදු වන හදිසි අනතුරකදී සිදු වන හානිය වෙනත් දිනවලට වඩා වැඩි බවත් ඒ නිසාම අසාධ්‍ය තත්ත්වයට පත් වීමේ ප්‍රවණතාවයක්‌ ඇති බවත් නෝර්ත් වෙස්‌ටර්න් විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද දිගු පරීක්‌ෂණයකින් අනාවරණය කරගෙන ඇත. ෆ්ලොරීඩාවේ රෝහලක සේවය කළ දොස්‌තර එඩ්වඩ් ඇන්ඩෲ ඇතුළු පිරිස කල පරීක්‌ෂණයකදී හෙළිව ඇත්තේ පුන් පෝ දිනවල සිදු කරන ලද ශල්‍යකර්මවලදී සියයට අනූවක්‌ පමණ දෙනා අධික ලේ වහනයෙන් පීඩාවට පත් වූ බවකි.

තවද ඇමරිකාවේ අපරාධ මැඬලීම සම්බන්ධ වාර්තාවලට අනුව පුන් පෝ දිනවලදී වෙනත් දිනවලට වඩා අපරාධ සිදු වීමේ වර්ධනයක්‌ ඇති බව හෙළි වේ. මේ සම්බන්ධයෙන් ලොව වෙනත් රටවල වාර්තාද මේ හා සමාන බැව් අනාවරණය කරගෙන ඇත.

පුන් පෝ දිනයන්හි මුහුදේ සහ ගංඟා, ඇළ දොළවල්හි ජලය උතුරා යන ස්‌වභාවයක්‌ ඇති වේ. මුහුදේ වඩදිය ගැලීම සිදු වේ. දිය රැළි නැග්ම තුළින් ස්‌වභාවික ව්‍යසනද ආපදාවන්ද සිදු වීමට ඉඩ ප්‍රස්‌ථා වැඩි බවද පිළිගත් කරුණකි. පසුගිය කාලයේ දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයද පුන් පෝදාක සිදු වූ බව නොරහසකි.

චන්ද්‍රයාගේ බලපෑම මත පෘථිවි තලයේ ඇති සියලු දේ තුළ ඇති වන මෙම වෙනස්‌කම් හේතුවෙන් පුන් පෝ දිනවලදී ජනයා තම එදිනෙදා කාර්යයන්වලින්

බැහැරව ආගමික කටයුතුවල නියලෙමින් නිවුනු සිත් ඇතිව චින්ත පාරිශුද්ධියෙන් යුතුව වාසය කිරීම වඩාත් උචිත බව දුරාතීතයේ සිටම බෞද්ධයෝ දැන සිටියහ. ඒ අනුවම ඔවුහු ක්‍රියා කළහ.

එමෙන්ම මිනිස්‌ සිතෙහි හට ගන්නා සිතුවිලිවලින් මොළය හා සම්බන්ධ බුද්ධි මණ්‌ඩලයෙත් වඩාත් විකසිත වීමක්‌ පුන් පෝ දිනවලදී සිදු වේ. ඒ නිසාම බොහෝ ක්‍ෂේත්‍රයන්ට අදාළ අවබෝධ ඥනය තීව්ර කර ගැනීම කළ හැකිවේ. බදුන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය අවබෝධ කර ගන්නා ලද්දේත් වෙසක්‌ මස පුන් පොහෝ දින වීමෙන් ඒ බැව් සනාථ වේ.

අතීතයේ සිටම බොහෝ බෞද්ධ රටවල පුන් පෝ දිනය නිවාඩු දිනයක්‌ බවට පත් කර බැතිමතුනට ආගමික වතාවත්හි යෙදීමට ඉඩ සලසා දී ඇත. චන්ද්‍රයාගේ බලපෑම මත සිදු වන අනිටු උපද්‍රවයන්ගෙන් මිදෙනු පිණිසත් මිනිස්‌ සන්තානය නිවැරදිව හසුරුවා ගනිමින් සුචරිතයෙහි යෙදීමටත්, ආත්ම දමනය ඇති කර ගෙන අවසාන නිෂ්ඨාව වූ නිර්වානය සාක්‌ෂාත් කර ගැනීම පිණිසත් ඉතා යෝග්‍ය දිනය ලෙස පුන් පෝ දිනය යොදා ගැනීම අතිශයින්ම අර්ථාන්විතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.