සද්ධර්මය දෙසීම සහ ඇසීම කෙසේ විය යුතුද?

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස

''ඇවැත් ශාරිපුත්තයනි, භික්‌ෂුව කෙතෙක්‌ කරුණින් නොඇසූ දහමුත් අසාද? ඔහු විසින් ඇසූ දහමුත් අමතකව නොයේද? ඔහු විසින් නම් ධර්මයෙක්‌ සිතින් ස්‌පර්ශකොට ගන්නා ලද්දේ නම් ඒ දහම්ද, මනෝද්වාරයෙහි හැසිරෙත්ද? නොදත් කරුණුත් දැනගන්නේද''

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ ධම්මික වර්ගයට අයත් ආනන්ද සූත්‍රයේ අඩංගු ධර්ම කොට්‌ඨාසයකුයි. ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉහත සඳහන් කළ ධර්ම කොට්‌ඨාසයේ ඇතුළත් දහම් පැණ සැරියුත් මහතෙරුන් වහන්සේ විචාරන ලද්දේය. සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් පිළිවදන් දෙන ලද්දේ ආනන්ද තෙරුන් බහුශ්‍රැත බැවින් ආනන්ද තෙරුන් විසින්ම පිළිතුරු දිය යුතු බවයි. ඒ අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ පැහැදිළි කරති.

සාරිපුත්ත තෙරුණුවනි, මේ ශාසනයෙහි භික්‌ෂුවක්‌ සූත්‍ර (සූත්‍ර දේසනා), ගෙයH (සඡ්Cධායනා කටයුතු ගාථා), වෙයHd කරණ (සංග්‍රහ නොකළ බුද්ධ වචන), ගාථා (ධම්පද, ථෙර ථෙරි ගාථා ආදිය), උදාන (ප්‍රීති වාක්‍ය), ඉතිවුත්තක (මෙසේ යෑයි දක්‌වන ලද ධර්ම), ජාතක (ජාතක කතා), අබ්භූත ධර්ම (ආශ්චර්ය, අද්භූත ධර්මයන්ගේ එකතුව), වේදල්ල (නුවණින් සතුටින් විමසන ලද දේසනා) ඉගෙන ගනියි. පුහුණු කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට දේශනා කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට කියවයි. ඇසූ පරිදි ඉගෙනගත් පරිදි විස්‌තර වශයෙන් අන් අයට සඡ්Cධායනා කරයි. ඇසූ පරිදි ඉගෙනගත් පරිදි ධර්මය සිතින් තර්කණය කරයි. ඒ අනුව විචාරකොට විමසා බලයි. සිතින් විමසා බලයි. මේ ආවාසයන්හි බහුශ්‍රැත වූ ප්‍රාතිමෝක්‌ෂධර වූ ථෙර භික්‌ෂුවක්‌ වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස්‌ එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළැඹ ''වහන්ස, මෙසේ කියා ඇත. මේ ප්‍රකාශයෙහි අර්ථය කුමක්‌දැයි ප්‍රශ්න කරයි. ගළපා බලයි. එසේ ප්‍රශ්න කරන ඔහුට ඒ ආයුෂ්මතුන් වහන්සේ වැසී තිබෙන දහම් කරුණු විවෘත කොට දෙත්. ප්‍රකට නොවූ දේ ප්‍රකට කොට දෙත්. සැකයට හේතු වූ නන්වැදැරුම් ධර්මයෙහි සැක දුරු කෙරෙත්.

ඉහත සඳහන් දහම් කොටස විවරණය කොට ගනිමු. මේ සම්බුද්ධ ශාසනයෙහි යම් වූද භික්‌ෂුවක්‌, භික්‌ෂුණියක්‌ හෝ උපාසකයෙක්‌, උපාසිකාවක්‌ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ සද්ධර්මය මැනවින් හැදැරිය යුතුය. එය නවාංග ශාස්‌තෘ ශාසනය ලෙස ඉහත සඳහන් කළෙමු. තමා විසින් මැනවින් හදාරා අන් අය ඉදිරියේ ආචාර්යවරයෙක්‌ හෝ කල්‍යාණ සත්පුරුෂයෙක්‌ ඉදිරියේ කියවීම අවශ්‍යය. කොපමණ දැන සිටියත් යම් තැනක දුර්වල තැනක්‌ මතුවිය හැකි බැවිනි. සම්බුදුරජාණන්වහන්සේ නමක්‌ විසින් අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් යුතුව දෙසූ දහම් පෙළ, එසේ සම්මා සම්බුද්ධ නොවූ අයෙක්‌ විසින් මෙය මෙසේමයි කියා පැවසීම සිදුකළ හැකි යමක්‌ නොවේ. රහත් උතුමන් පවා නැවත නැවතත් ධර්ම සාකච්ඡා කළේ එබැවිනි. එමෙන්ම ඉගෙනගත් ධර්මය සඡ්Cධායනා කරමින් සිතින් නැවත නැවතත් විමසා බැලීම අවශ්‍යය. එතැනින්ද නොනැවතී, බහුශ්‍රැත වූ ධර්මධර විනයධර වූ ප්‍රාතිමෝක්‌ෂය මැනවින් අනුගමනය කරන්නාවූ මහ තෙරුන් වහන්සේ නමක්‌ වෙතට ගොස්‌, උන්වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ වස්‌සාන කාලයේ වස්‌ එළඹිය යුතුය. උන්වහන්සේ වෙත වෙසෙමින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහම්හි අර්ථය විමසීම කළ යුතුය. ධර්ම විනයට ගළපා බැලිය යුතුය. මෙහිදී ඒ මහ තෙරුන් වහන්සේ විසින් තමා සතු ධර්මධර හා විනයධර බවින්ද ශාසනයෙහි බොහෝ කල් වැඩ වසමින් ලද පරිණත බවද උපකාර කොටගෙන, මේ ප්‍රශ්න කළ ආයුෂ්මතුන් වහන්සේට නොපෙනෙනු, නොහැඟුණු තැන් විවෘත කොට දෙති. ප්‍රකට නොවූ සියයුම් ධර්ම කොටස්‌ ප්‍රකට කොට දෙති. සැකයට හේතුවූ නන්වැදැරුම් ධර්ම කොටස්‌වල සැක දුරුකොට හරිති. බොහෝ මහතෙරවරු ඒ මහාථෙර බවට පත්වූයේ සාමණේර භාවයේ සිට වත් පිළිවෙත් මැනවින් පුරුදු කොට ධර්ම විනය ආචාර්ය උපාධ්‍යාය යටතේ බොහෝ කලක්‌ පුරුදු කිරීමෙන් අනතුරුවමය. උපසම්පදා වීමෙන් aඅනතුරුවද ආචාර්යවරයාගේ අනුමැතිය ලැබෙන තෙක්‌ අවුරුදු පහක්‌ දක්‌වා කාලයක්‌ වුවද වත් පිළිවෙත් සම්පූර්ණ කරමින් ධර්ම විනයෙහි ශික්‌ෂණය ලැබීමට සිදු විය. ලෞකික විෂයන් කෙරෙහි කොපමණ දැනුමක්‌ පැවැතියද කාලයක්‌ පුරා ධර්ම විනයෙහි හික්‌නොවුණු අයකුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ධර්මය පිළිබඳ නිසි අවබෝධයකට පැමිණිය නොහැකි වීමට අවස්‌ථා ඇත්තේය. මේ නිසා ධර්ම විනය පිළිබඳ තම පෞද්ගලික අදහස්‌ ප්‍රකාශ කිරීමේදී සාකච්ඡාකොට විමසා බැලීම ධර්ම විනයට අනුගතවම ප්‍රකාශ කළ යුතුය.

ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති. සාරිපුත්ත තෙරුණුවනි, මේ සඳහන් කළ කරුණින් යම් භික්‌ෂුවක්‌ නොඅසන ලද ධර්ම අසයි. අසන ලද ධර්ම අමතකව නොයයි. එනම් සතියෙන් බැහැර නොයයි. එමෙන්ම පෙර සිතින් දරාගත් ධර්මයෝද ඔහුගේ මනෝද්වාරයෙහි පවතිත්. හැසිරෙත්. නොදත් කරුණුද දැනගන්නේය.

සාරිපුත්ත තෙරුණුවන් වහන්සේ මෙසේ සඳහන් කරති. ඇවැත්නි, ආශ්චර්යයි. මහත්සේ ගෞරව කළ යුතුය. ආනන්ද තෙරුන් වහන්සේ විසින් මෙය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. අප විසින් ආනන්ද තෙරුන් වහන්සේ සද්ධර්මයෙන් සමන්වාගත අයෙක්‌ කොට සළකන්නේ වෙමු.

1. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සූත්‍රය, ගෙය්‍ය, වෙය්‍යාකරණ ගාථා, උදාන ඉතිවුත්තක, ජාතක අද්භූධර්ම, වේදල්ල යන ධර්ම මැනවින් පුහුණු කරත්. 2. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්‌තර විභාගකොට අන් අයට දේශනා කළත්, 3. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්‌තර වශයෙන් අන් අයට කියවත්. 4. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි ඉගෙනගත් පරිදි සඡ්Cධායනා කෙරෙත්. 5. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය සිතින් තර්කනයට ගෙනෙත්. නැවත විවරණ බලත්. මනසින් මනාව විමසා බලත්. 6. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රැත විශිෂ්ට ලෙස ධර්මයට පැමිණි ධර්මධර හා විනයධර ප්‍රාතිමෝක්‌ෂයෙන් පිරිපුන් මහතෙර නමක්‌ වෙසෙත් නම් කලින් කල ඔවුන් වෙත එළැඹ ධර්ම විමසත්, නැවත නැවත ප්‍රශ්න කරත්. 'වහන්ස, මෙසේ සඳහන් කොට ඇත්තේය. මේ භාෂණයේ එනම් මෙම බුද්ධ වචනයේ අර්ථය කවරේද? යනුවෙනි. ඒ මහතෙරහු ආනන්ද තෙරණුවන්ට වැසී තිබූ ධර්ම විවෘත කොට පෙන්වත්. ප්‍රකට නොවූ සියුම් ධර්ම පවා ප්‍රකට කොට දක්‌වත්. සැකයට කරුණු වූ නන්වැදැරුම් ධර්මයන්හි සැක ද දුරු කෙරෙත් යනුවෙනි.

පින්වත් වූ ඔබත් කවර නම් අයෙක්‌ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ සද්ධර්මය ප්‍රකාශ කරන්නේද, රාග, දොaස, මෝහ බැහැර කරගෙන කෙලෙස්‌ 'සන්සිඳුවමියි' යන අදහසින්ම භාග්‍යවතුන් වහන්සේ ශාස්‌තෘත්වයෙහි පිහිටුවාගෙන ශ්‍රවණය කරන්න. ධර්මය කියවන්න. සාකච්ඡා කරන්න. විමසා බලන්න. ධර්මධර විනයධර නවාංග ශFථු ශාසනයෙහි (සුත්ත, ගෙය්‍ය, පුහුණු වූ තෙර නමක්‌ හා සමඟ සාකච්ඡා කොට සැක දුරුකර ගන්න. මම මේ අය පමණක්‌ම පවසන දේ මිස අන් අයට ඇහුම්කන් නොදෙමියි දෘෂ්ටිගත නොවන්න. ඒ අය ධර්මය තමාටම වසා ගැනීමකි. නිතොරම අඡ්Cධත්ත (තමා කෙරෙන්ම) බහිද්ධ (බාහිර ආරම්මණයන්හි) ලෙසින්ද ගළපා බලන්න. තණ්‌හා, මද, මාන, දිට්‌ඨින්හි සිත පිහිටුවා ගත් අයෙක්‌ නොවීමට සතර සතිපට්‌ඨානයෙන් යුතු සිහියම පවත්වන්නට අදිටන් කරගන්න.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.