බණ පොතේ එන අපේ අප්‍රකට හාමුදුරුවරු

ඈත අතීතයේ සිට අපේ රටේ වැඩ විසූ සුපේශල ශික්‌ෂාකාමී මහ සඟරුවන විවිධ දුෂ්කරතා බාධා මැද සිය දහමට අනුව දිවි ගෙවා විවිධ මාර්ගඵලවලට පත්වූ අයුරු බණ පොත්වල සඳහන්ව ඇත. ඇතැම් භික්‌ෂුන් වහන්සේලා සහ භික්‌ෂුණීන් වහන්සේලා ඉතා සිල්වත් ජීවිතගත කරමින් සිට හදිසියේ මතුවන විවිධ ක්‌ලේශ ධර්මයන් යටත් කිරීමට නොහැකිව භික්‌ෂුත්වයෙන් පිරිහුණු අයුරු බණ පොත්වල සඳහන් වේ. නිවනම අරමුණු කරගෙන සියල්ල අතහැර වනගතව ජීවත්වන ඇතැම් ස්‌වාමීන් වහන්සේලා ගත කළ දැහැමි ජීවිත පිළිබඳව පොත පතේ සඳහන් කරුණු කියවන විට ඇතිවෙන සතුට ඉතා විශාලය. එමෙන්ම සිය ආරාමවල හා ජීවිතවල තිබුණු සැහැල්ලු බව පුදුමසහගතය. වර්තමානයේද අප රටට, දැයට එවැනි භික්‌ෂු පරපුරක්‌ අවශ්‍යව ඇත. සිල් රකින බණ භාවනා කරන ගිහියන් නොමඟින් සුමඟට ගැනීමට තණ්‌හා ආශා පොදි නොබඳින, සුපේශල ශික්‌ෂාකාමී අරහත් ධජය දරනා බුදු සව්වන් සිටින අතර, උන්වහන්සේලාගේ දෙපා සෝදන වතුර වුව ස්‌නානය කිරීමට කැමැති බෞද්ධයන්ගෙන් අප රට තවමත් හිස්‌වී නැත. බුදුසිවුරු පොරවා ගිහියන් ලෙස වෙහෙස හිමිවරුන් අප රටේ නැතුවා නොවේ. බුදුබණ ලෙස ගුඩු බණ දෙසන එවැනි හිමිවරුන් දෙලොවම පිරිහී විනාශව අපාගත වන ඇත්තන්ය. අදත් අපේ බොහෝ ස්‌වාමීන් වහන්සේලා දහමට අනුව ගෙවන පැහැබර පැවිදි ජීවිත බෞද්ධයන්ට තිබෙන එකම ශක්‌තිය හා පිsළිසරණයි. අප ඒ උතුම් සංඝයාගේ සරණ යමින් බණ පොතේ එන අප රටේ උපත ලැබ ජීවත්වූ පිsරිනිවන් පෑ හෝ අපවත්වූ ගරුතර හිමිවරු කිහිප දෙනකු හඳුනා ගනිමු.

මහාතිස්‌ස මාහිමියෝ

අනුරාධපුර ෙච්තිය පබ්බතයේ වැඩවාසය කළ මහාතිස්‌ස තෙරුන් වහන්සේ නිබඳවම අශුභ භාවනාවෙහි යෙදුණු මහ හිමිනමකි. පිඬුසිඟා වැඩ, දානවේල සපයාගෙන, සසර කෙළවර කිරීම සඳහා බවුන් වඩන මහා තිස්‌ස මහ නාහිමියන් සමාජය හා ඇලී ගැලී වැඩවල යෙදුණේ නැත. ගිහියන් සමග අල්ලාප සල්ලාපයේ නොයෙදී භාවනාවෙන්ම වෙසෙමින් ආරාමයේ වතාවත්වල යෙදුණ මහාතිස්‌ස හිමියන් සිය සසර අරමුණ වූ නිවන උදෙසා බවුන් වැඩුව හෙයින් අපතේ යවන්නටද කාලයක්‌ නොවීය. දිනක්‌ දහවල් කාලයේ මහාතිස්‌ස හිමියෝ පිඬුසිඟා වැඩියේ ශරීරයේ තිබෙන ඇට පිළිබඳව (අට්‌ඨි) අශුභ ලෙස භාවනා කරමිනි. මෙසේ මෙනෙහි කරමින් පිඬුසිඟා වඩින විට මේ හිමියන් දැක ඉතා රුව ඇති කාන්තාවක්‌ සිනාසෙමින් ඉදිරියට එනවා පෙනුණි. ඇය සිය සැමියා සමග උදැසන අමනාපව ගෙදරින් පිටත්ව තම මෑණියන්ගේ ගෙදරට යන අතරතුර මඟදී හමුවූ මහාතිස්‌ස හිමියන් වෙත සිය ළෙන්ගතු බව පෙන්වන අයුරින් මුව විවර කර හොඳින් දත් පෙන්වා සිනාසුණි.

ශරීරයේ අට්‌ඨි ගැන මෙනෙහි කරන මේ හිමියන්ට පෙනුණේ ඇයගේ දත් සහිත ඇටසැකිල්ල පමණි. එම දත් ඇට අශුභ ලෙස සලකා බවුන් බඩමින් ඉදිරියට වැම කරන විට උන්වහන්සේ රහත් බවට පත්විය. අතරමගදී ඇයගේ ස්‌වාමිපුරුෂයාද හිමියන්ට හමුවිය.

තමන්වහන්සේ ඉදිරියට දිගු වරලසක්‌ ඇති ඉතා ලස්‌සනවූ කාන්තාවක්‌ මුණ ගැසුණාද? යනුවෙන් ඒ පුද්ගලයා තිස්‌ස මාමියන්ගෙන් විමසූහ. අශූභ සඤ්Æව වඩමින් පැමිණ රහත්භාවයට පත්ව සිටි තිස්‌ස මාහිමියෝ තමාට හමුවූයේ ස්‌ත්‍රියක්‌ද, පුරුෂයකුද යන්න නොදන්නා බවත්, නමුත් ඇටසැකිල්ලක්‌ නම් හමුවූ බවත් පැවැසූහ. මෙය අසා හාමුදුරුවන්ගේ ප්‍රකාශය ගැන පුදුම වූ ඔහු ඇය සොයාගෙන ඉදිරියට ගියේය. සැබවින්ම හාමුදුරුවන් පැවැසුවේ සත්‍යයකි. එවිට තිස්‌ස හාමුදුරුවන් සිතේ මුල් බැස තිබුණේ සියලු දේවල් යටපත් කරගෙන ශරීරයේ ඇති අස්‌ථි පිළිබඳ භාවනාවකි. ඇයගේ අත්දැකීමෙන් තිස්‌ස හිමියෝ සිය සිතුවිල්ල අලුත්කර ගන්නේ ඇයගේ ස්‌වරූපය ගැන සිතාගෙන නම් නොවේ.

මහා ජාතක භාණක මහහිමි

මහා ජාතක භාණක මා හිමියෝ වැවාසය කරඇත්තේ දිගාවැව නම් ප්‍රදේශයේය. ඉතා සිල්වත් ගුණ සම්පන්න හිමිනමක්‌වූ උන්වහන්සේ උදැසනින්ම අවදි වී සිය ධර්ම ඥනය ප්‍රගුණ කිරීමෙහි නිබඳව යෙදුණාහ. මෙහි ප්‍රතිඵලය වූයේ උන්වහන්සේ ජාතක කතාවන් පිළිබඳ හසළ දැනුමක්‌ හිමි මහා යතිවරයකු වීමයි. ඒනිසාම මහාජාතක භාණක හිමියන් ලෙස ප්‍රසිද්ධ විය. උන්වහන්සේ වෙස්‌සන්තර ජාතකය පිළිබඳ ගාථා දහසක්‌ නිර්මාණය කර පුරා රැයක්‌ ධර්ම දේශනා කරමින් එම ගාථා සඡ්Cධායනා කරන පුවත රට පුරාම ප්‍රසිද්ධ විය. මෙම පුවත ඇසූ ච

තිස්‌සමහාරාමයේ විසූ සිල්වත් තරුණ භික්‌ෂුන් වහන්සේ නමක්‌ තමන්

වහන්සේටද මේ මහා ජාතක භාණක මාහිමියන්ගෙන් වෙස්‌සන්තර ජාතක ගාථා බණ අසන්නට සිතක්‌ හටගත්තේය. මේ හිමියන්ද තරුණ වියේප සු වුවත් පැවිදි සීලය පණ දෙවැනි කොට සලකන්නෙකි. පාන්දර අවදිවූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තුරු පැවිදි දිවියට අවැසි සියලුව තාවත්ද ඇවතුම්. පැවතුම් ද අකුරට ඉටුකරන අතර, සිය ආරාමය ඉතා පවිත්‍රව තබා ගනිමින් සියලු දෙනාගේම ප්‍රසාදය දිනාගත්හ.

දිනක්‌ උදයෙන්ම නැගිට ත්‍රිවිධ චෛත්‍යයන්ට වතාවත් කර, මල් පහන් පැන් පුදා පාත්තරයද ගෙන මහමගට බැස්‌සේ දිගාවැවට ගොස්‌ මහ ජාතක භාණක හිමියන්ගෙන් වෙස්‌සන්තර ජාතක බණ අසන්නටය. හීල හා දහවල ගෙපිළිවෙළින් පිඬුසිඟා ගෙන දිය අති තැනකට ගොස්‌ දන් වළ¹ පාත්තරයේ ඉතිරිබත් අහුර දිය පහරෙහි වෙසෙන මත්ස්‍යයන්ට ආහාර වශයෙන්දී ඒ සතුන් බත් අනුභව කරන අයුරු බලාසිට, සුළු වේලාවක්‌ විවේක සුව විඳ ආපසු දිගාවැව බලා පිටත්විය. මෙලෙසින් එක්‌ දිනකදී යොදුන් නවයක්‌ ගෙවා දිගාවැව මහා ජාතක භාණක හිමියන්ගේ ආරාමයට මෙම හිමියන් වැඩම කරන විට ධර්ම දේශක හිමියන් ධර්මදේශනය සඳහා ධර්මාසනයට වැඩම කරවාගෙන යන වේලාව වූ හෙයින් තිස්‌සමහාරාමයේ සිට පැමිණි හිමියෝ උන්වහන්සේ දහම් දෙසන ශාලාවේ සුදුසු ස්‌ථානයක අසුන්ගෙන බණ ඇසීමට සූදානම් විය. උන්වහන්සේට පළමු ගාථාව ඇසුණා පමණි. ගමන් තෙහෙට්‌ටුව නිසා නින්දට වැටිණ. උදැසන දහම් දෙසුවේ අවසාන ගාථාව කියනවිට සියලු දෙනා දුන් සාධුකාරයෙන් අවදි වූ තිස්‌සමහාරාමයෙන් වැඩම කතරුණ හාමුදුරුවෝ මේ වනවිට ධර්ම දේශනාව අවසන්වූ බව අසා ශෝකයට පත්ව වේදනාවෙන් අඬන්නට විය. මේ ගැන විමසූ ජාතකභාණක මාහිමියන්ට සියලුපුවත් පැවසූ හෙයින් උන්වන්සේ පැවැසුවේ ශෝකවන්නට දෙයක්‌ නොමැති බවත්, හෙට රත්‍රියටත් මෙම ධර්ම දේශනය තමන්වහන්සේ සිය ආරාමයේ පවත්වන බවත්ය. මෙය ඇසීමෙන් මහත් සතුටට පත්වුණු තිස්‌සමහාරාමයේ තරුණ භික්‌ෂුන් වහන්සේ ඊට පසුදින දහම් දෙසුම නිදිවරාගෙන අසාගෙන සිටියේ ඉමහත් සන්තෝෂයෙනි. එදිනට පසුදින උදයේ සිය දහම් දෙසුමේ අවසාන ගාථාව දේශනා කරන විට තිස්‌සමහාරාමයෙන් වැඩම කළ තරුණ ස්‌වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත්ව සිටියහ.

සිතුල්පව්ව විහාරයේ විසූ තෙරුන් වහන්සේලා දෙනමක්‌

රුහුණේ මහ තපෝවනය වූ සිතුල්පව් මහ විහාරයේ එකම කුටියක්‌ දෙකට බෙදා ගැනීම සඳහා මැදින් පැළැල්ලක්‌ තනා වෙන් කරවාගෙන විසූ ස්‌වාමීන් වහන්සේලා දෙනමක්‌ වූහ. දෙදෙනා වහන්සේලාට ඉතා කාරුණිකව දැහැමින් ආගමික ජාවීතය ගෙන ගියහ. නිබඳවම දෙදෙනා වහන්සේලා අතර වූයේ ධර්මය පිළිබඳව සාකච්ඡාවන් පමණි. දවසේ වැඩිපුරකාලය ගෙවුණේ භාවනාවටය. දිනක්‌ එක්‌ හිමිනමක්‌ අමතා අනෙක්‌ හිමියෝ පැවැසුවේ ''ස්‌වාමීන් වහන්ස, මට මේ වෙලාවේදී බොහොමඈතින් තිබෙන සිතුල්පව් චෛත්‍ය වහන්සේගේ මල් ආසනයේ පූජාකර තිබෙන සියලුම මල් වර්ගද, එහි වර්ණයන්ද හොඳින් පේනෙනවා'' යනුවෙනි. එවිට අනෙක්‌ ස්‌වාමීන් වහන්සේ පවසන්නේ 'ඇවැත්නි එය ලොකු ආශ්චර්යයක්‌ නොවෙයි. මට මේ වෙලාවේ මහ මුහුදේ යොදුන් ගණනක්‌ ඈතින් සිටින මත්ස්‍ය වර්ගද, කැසුබුවන් ඇතුළු විවිධ සතුන් ද පෙනෙනවා. එබැවින් අවැත්නි එය දිව්‍ය ඥනයක්‌ හෝ වෙනත් ඉහළ තත්ත්වයක්‌ නොව විදසුන් වඩන විට ඥනය පහළවීමෙන් ඇතිවන ආලෝකය තුළින් පෙනෙන තත්ත්වයක්‌' බව යෑයි අවබෝධ කර දුන්හ.

මිරිසවැටිය පූජාකරන දිනයේ සිදුවූ සිදුවීමකින් ගිහි වූ දෙනමක්‌ දුටුගැමුණු මහ රජතුමාගේ ප්‍රථම චෛත්‍ය කර්මය වූ මිරිසවැටි මහ සෑය තනවා පූජා කරන දිනයේ එම මහ පින්කමට සහභාගිවූ භික්‌ෂු පිරිස ලක්‌ෂයක්‌ පමණ වූ අතර භික්‌ෂුණීන් වහන්සේලා ප්‍රමාණය අනූදහසකි. පින්කමට පෙර දිනයේ පැවැති පිරිත් පින්කමෙන් පසු උදැසන ස්‌වාමීන් වහන්සේලාට උණු කැඳ රැගෙන පිරිනැමීමෙන් පසුව එක්‌ පුංචි සාමණේර ස්‌වාමීන් වහන්සේ නමක්‌ රත්වූ පාත්‍රයට උණු කැඳ ගනෙ ආපහසුවෙන් වඩින අයුරු දුටු තවත් පුංචි සාමණේවරියක්‌ ඇයගේ පාත්තරයේ පියන මේ පුංචි හාමුදුරුවන්ට දුන්හ. හාමුදුරුවෝ එය රැගෙන සිය ආරාමයට වැඩම කළහ. පසුකලකදී මේ හිමියන් දඹදිව වැඩම කළ අතර උන්වහන්සේ එරටෙහිද පිඬුසිඟා වඩින විට දැනගන්නට ලැබුණේ ලංකාවෙන් පැමිණි භික්‌ෂුණියක්‌ද එම ගමෙහි වැඩ වාසය කරන බවයි. තම රටේ භික්‌ෂුණියක්‌ මෙහි සිටින බව දැනගත්තත් ඇය හමුවීමට තරම් වුවමනාවක්‌ මේ හිමියන්ට නොවුණි. දිනක්‌ මේ ලාංකික භික්‌ෂුණිය මෙම ස්‌වාමීන් වහන්සේ සොයාගෙන උන්වහන්සේ සිටින ආරාමයට වැඩම කළාය.

දෙදෙනාම එකම රටක අය වූ හෙයින් ආගිය තොරතුරු කතා කරමින් සිටින අතර භික්‌ෂුණින් වහන්සේ ඇසුවේ ''ස්‌වාමීනි, මිරිසවැටි පූජාව පවත්වන කාලයේ ඔබවහන්සේ පැවිදි වෙලාද?' යනුවෙනි. එවිට ස්‌වාමීන් වහන්සේ විමසනුයේ ''ඔව්, මම සත් අවුරුද්දක්‌ පමණ වන සාමණේර හිමිනමක්‌'' යනුවෙන් පවසා එවිට එම ස්‌වාමීන් වහන්සේ විමසනුයේ ''එම පූජාව පවත්වන කාලයේ ඔබ පැවිදි වෙලාද?'' කියාය.''එහෙමයි මමත් එවිට සත් හැවිරිදි සාමණේරවරියක්‌'' යෑයි භික්‌ෂුණීන් පැවැසුවාය. 'එහෙම නම් අපි දෙදෙනාටම දැන් වසර හැටක්‌ වෙනවා නේදැයි'' ස්‌වාමීන් වහන්සේ ඇසීය. ''එහෙමයි, එහෙමයි'' කීව භික්‌ෂුණිය එම මිරිසවැටි පින්කම දවසේ සිදුවූ අතීත පුවතක්‌ එම ස්‌වාමීන් වහන්සේට කියන්නට වූවාය.

එය නම් එම පින්කම දිනයේ උදැසන උණුකැඳ ලැබුණු කුඩා සාමණේර හිමිනමක්‌ උණු පාත්තරය රැගෙන අත පිච්චි පිච්චී යනවිට තමන් සිය පාත්තරය පියන ඒ කුඩා සාමණේර හිමියන්ට පාත්තරය තබාගෙන යන්නට දුන් බවයි. මෙය අසා විමතියටත්, ප්‍රීතියටත් පත්වූ ස්‌වාමීන් වහන්සේ ඒ පාත්තර පියන එදා ලද කුඩා භික්‌ෂුව එකල තමා බව පවසා එම පාත්තර පියන සිහිවටනයක්‌ වශයෙන් එදා සිට තබාගෙන ආරක්‌ෂා කරන බව පවසමින් සිය ලැගුම් ගෙට ගොස්‌ එම පාත්තර පියන රැගෙන අවුත් භික්‌ෂුණියට පෙන්වූයේ ඇය ද ප්‍රීතියට හා විමතියට පත්කරවමිනි. අවසානයේ එම සම්බන්ධය පැවිදි දිවිය පසුකර ගොස්‌ දෙදෙනාම ගිහිවෙස්‌ ගෙන සිය ජීවිතයේ හැඩ වන වියේදී සිවුරු හැර දමා අඹුසැමියන් වශයෙන් ජීවත්වන්නට පටත් ගත්හ.

නිහඬ හිමිවරුන් පනස්‌ නමකගේ කථාව

එක්‌ වස්‌ සමයක ස්‌වාමීන් වහන්සේලා පනස්‌ නමක්‌ වස්‌ විසුවේ එකම ස්‌ථානයකය. එම ස්‌ථානය කොළොම්තොට විහාරය ලෙසද සඳහන් වේ. මෙලෙස වස්‌ සමාදන්ව සිටිමින් මාර්ගඵල උදෙසා බවුන් වැඩුවද උන්වහන්සේලා කිසිවකුට මාසයක්‌ ගෙවී ගියද මාර්ගඵලයක්‌ නොලැබිණි. මෙහිදී මේ පණස්‌ නම එක්‌වී කතිකා කරගත්තේ තමන් වහන්සේලා රහත් ඵලයට පත්වන තුරු ඔවුනොවුන් අතර කිසිම කතාබහක්‌ ඇති නොකර ගන්නා බවයි. මෙලෙස තීරණය කොට මෙම හිමිවරුන් ගමේ නිවෙස්‌වලට වැඩම කළේ මුව තුළ ජලය රඳවාගෙනය. යමෙක්‌ හාමුදුරුවන් සමග කුමක්‌ හෝ විචාළහොත් උන්වහන්සේලා සිය මුවෙහි තිබෙන ජලය ඉවතට දමා ප්‍රති උත්තර දුන්නත් උන්වහන්සේලා කිසිවටෙකත් දායකයන් සමග කතා නොකළහ. එමෙන්ම භික්‌ෂුන් වහන්සේලා අතරද කිසිම කතාවක්‌ නොවිණි. මේ පිළිබඳ කථිකා කළ ගම්වැසියෝ මේ හිමිවරුන් ගමේ අය සමග කතා නොකළත් එකම තැන සිටින හාමුදුරුවන් සමඟවත් කතා බහක්‌ නොමැති නිසා ඔවුනොවුන් සමගි කිරීම සුදුසුදැයි තීරණය කර ඊට කලින් මේ සියල්ලේම තොරතුරු දැන ගැනීමට කථිකා කළහ. මෙලෙස චරපුරුෂ සේවයක යෙදුණ උපාසක මහතාට පෙනී ගියේ හිමිවරුන් එකිනෙකා කතා නොකළත් පන්සලේ කිසිම අඬ දබරයක්‌ නැති බවයි. ගාල් ගෝට්‌ටිය නැත. සියලුම මලසුන් ගෙවල් හා මිදුල් පවිත්‍ර කර ඇති අතර අලුත් මල් ආදිය ත්‍රිවිධ චෛත්‍යයටම පූජා කර, පැන් පහසුව සකසා තබා ඇති බවයි. එමෙන්ම ගිනිහල් ගෙය වැසිකිළි, කැසිකිළි,සක්‌මන් මළු, විහාර, චෛත්‍ය හා බෝමළු සියල්ල ඉතා පිරිසිදුව ක්‍රමවත්ව තිබෙන බවට වටහා ගත්හ. මෙම පිරිස අඬදබර පිට සිටීනම් මෙවන් තත්ත්වයක්‌ තුළ කිසිවකු මෙලෙස ප්‍රසන්න බවක්‌ හෝ සිල්වත් බවක්‌ නොඋසුලන බවයි. මෙලෙස සියල්ල දැක සිත් පහදවා ගත් එම උපාසකවරයා ඒ සියල්ල ගමේ අයට අවබෝධ කර දුන්නේය. ගම්වැසියෝද පෙරළා පැමිණ ස්‌වාමීන් වහන්සේලාට වැඩි වැඩියෙන් ඇප උපස්‌ථාන කළ අතර, එම ස්‌වාමීන් වහන්සේලා සියලු දෙනාම සිය ජීවිතයේ පරම සුන්දර වූ නිර්වාණයට යොමුවීමට සැලසෙන අරහත් මාර්ගයට එම වස්‌ කාලය අවසන් වනවිට පත්වී තිබිණි.

සර්පයා දමනය කළ පිණ්‌ඩපාතික මහ තෙරුණුවෝ

එක්‌ වස්‌ සමයක තිස්‌ නමක්‌ පමණ වූ ස්‌වාමීන් වහන්සේලා එක්‌ ස්‌ථානයක වස්‌ සමාදන්ව සිට භාවනාදිය වඩමින් පෝය දිනයන්හි රාත්‍රියේ අරියවංශ සූත්‍ර දේශනාව සිදුකළහ. මෙලෙස මේ හිමිවරුන් පොහෝ දිනක අරියවංශ සූත්‍ර දේශනාව පවත්වන විටදී එය අසන්නට පැමිණි පිණ්‌ඩපාතික භික්‌ෂුන් වහන්සේ නමක්‌ ඒ දේශනාව පවත්වන ස්‌ථානය ආසන්නයේ ඇති අඳුරු තැනක වාඩිවී ඉතා නිවී සැනසිල්ලේ සිට එම සූත්‍ර දේශනාවට සවන්දීගෙන සිටින විට එම ස්‌ථානයෙන් බඩගාගෙන යන පෙළොන් තෙළිස්‌සකු මෙම පිණ්‌ඩපාතික භික්‌ෂුවට දෂ්ට කළේය. සිය පාදයේ කෙණ්‌ඩයට වැදුණු මෙම දළ පහර නිසා කලබල නොවී සර්පයාගේ බෙල්ලෙන් අල්ලා ගත් ඒ හිමියෝ ඌ රැගෙන පාත්තරයට දමා ඌට හුස්‌ම ගන්නට පුළුවන් වන ආකාරයෙන් පසුම්බියේ තැන්පත් කර සිය පාදයේ හටගෙන ඇති වේදනාව උසුලා ගෙන අරියවංශ දේශනාවට සවන්දුන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. පසුදිනට පහන්වී හිරු පායා එන විට දේශනා ධර්මය අවසන්වූ විටම තවත් කාරණා දෙකක්‌ සිදුවිය. පළමුවැන්න දේශනාවට සවන්දුන් පිණ්‌ඩපාතික තෙරණුවෝ අනාගාමී ඵලයට පත්වීමත්, එතෙක්‌ වේලාවක්‌ ශරීරය වෙලාගෙන තිබූ සර්ප විෂ බිමට ස්‌පර්ශ වී තිබුණු පාදයෙන් බිමට ඇද ගැනීමත්ය. උදැසන රැස්‌ව සිටි භික්‌ෂුන් වහන්සේලා තිස්‌නමට සර්පයා පෙන්වා සිදුවුණු විස්‌තරය පවසා ඒ හිමිවරුන්ටද සිදුකළ අරියවංස දේශනාවේ ශක්‌තිය හා තමාට ලද සැනසිල්ල පවසා උදැසනින් දායකයන් රැගෙන ආ කොළ කැඳ සමග උක්‌ හකුරු කැබැල්ලක්‌ වැළ» අතර, අර පිණ්‌ඩපාතික හාමුදුරුවන් වහන්සේ එම සමීපයේ ගල්තලාවේ ඉහළ තනා තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ අසලට ගොස්‌ තෙරුවන් වන්දනා කර යළි සිය ආරාමය බලා පිටත් වූහ.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.