අවුල
පසේ මුනි බණ කථා (4)

රණාල, බටේවල අමාදම් අරණවාසී
පූජ්‍ය වැල්ලම්පිටියේ විනයවංස හිමි

ගාථාව ;

වංසො විසාලො යථා විසත්තො
පුත්තෙසු දාරෙසුච යා අපෙක්‌ඛා
වංසකලිරොව අසඡ්ජමානො
එකො චරෙ ඛග්ග විසාණ කප්පො

තේරුම ;

උණ පඳුර පැතිරි පැතිරි විශාලව වැඩෙන්නා සේ, අඹු දරුවන් හා වස්‌තුන්, පුද්ගලයන් කෙරෙහි ඇති වන තෘෂ්ණාව ලියල, ලියලා වැඩෙන්නේය. කුඩා උණ ගොබය (කිළිලය) උණ පඳුරෙන් වෙන්ව ඒ හා නොගැටී පවතින්නේය. එසේ කඟවේණෙකු සේ හැසිරේ.

අනුශාසනාව ;

අවුල යනුවෙන් ස`දහන් වන්නේ, ලෙහා ගැනීමට අපහසු, විසඳා ගැනීමට අපහසු යම් කිසි ගැටලුවක්‌ හෝa යම් කිසි දුෂ්කර කාරණයක්‌ය. ඔබ බොහෝ වේලාවට නිතර කියන කථාවක්‌ නම්, මගේ ඔළුව අවුල් වෙලා, මම මහා අවුල් ජාලාවක පැටලිලා ඉන්නේ, මගෙA මුළු ජීවිතයම අවුල් වෙලා ඔබ මෙසේ ප්‍රකාශ කරන්නෙA, ඔබට විසඳා ගැනීමට, තේරුම් ගැනීමට නොහැකි ප්‍රශ්න ගැටලු ඇති වූ විටය. අපේ ජීවිතයට දෙයාකාරයකින් අවුල් ඇති වේ. තමා නිසා හෝ තම වස්‌තූන් නිසා අභ්‍යන්තරික වශයෙන් අවුල් ඇති වේ. වෙනත් පුද්ගලයන් නිසා හෝ වෙනත් වස්‌තූන් නිසා බාහිර වශයෙන් අවුල් ඇති වේ. මේ දෙයාකාරයෙන් ම අවුල් ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ, ආශාව හා වැරදි දැකීම (තණ්‌හා දිට්‌ඨි) යන කාරණා දෙකයි.

තණ්‌හාවෙන් බැඳුණු ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් මුල් කරගෙන වරදවා ගන්නා රූපය, ශරීරය, ගඳ සුවඳය, රසය, පහසය යන අරමුණු නිසා අපි අවුල් හදා ගන්නෙමු. අවුල් ජාලාවක පැටලෙන්නෙමු. එසේ ම රට, ජාතිය, ආගම, කුලය, ධනය, බලය, දෙAශපාලනය යන කරුණු මුල් කරගෙන, අවුල් ඇති කර ගන්නෙමු. ඒ නිසා අවි ආයුධ පරිහරණය කිරීම, යුද කලකෝලාහල කිරිම, බැණ ගැනීම, ඇන කොටා ගැනීම, මරා ගැනීම, කේළාම් කීම. බොරු කීම ආදී අනේක විධ අවුල් ඇති වේ. මුළු ලෝකයම ගත් කල එකම අවුල් ජාලාවකි.

අවුල දහමේ උපමා කර ඇත්තේ, උණ පඳුරකට හා මීයන් විසින් තැනින් තැන කපා දමා ඇති නූල් බෝලයකට ය. උණ ළැහැබ අතු පතර මුල පටන් අග දක්‌වා ද, අග පටන් මුල දක්‌වාද එකට වෙලී පැටලී සිටී. එසේ එකට වෙලී පැටලී තිබෙන උණ පඳුරක්‌ කපා දැමීම පහසු කාරණයක්‌ නම් නොවේ. ජව සම්පන්න පුරුෂයෙකු විසින් මහත් වූ උත්සාහයකින්, තියුණු ආයුධයකින් මහා උණ පඳුර කපා දැමිය යුතුයි. නමුත් ඒ උණ පඳුරේම හට ගන්නා කුඩා උණ කිළිලය (උණ ගොබය) එසේ නොවේ. උණ ලැහැබෙන් වෙන්ව හට ගනී. එය ඕනෑම කුඩා දරුවෙකුට වුවද ඉතා පහසුවෙන් කඩා දැමිය හැකිය. එයට හේතුව වෙන්ව පවතින හෙයිනි.

තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයාගේ එම අවුල කපා දැමීම අතිශය දුෂ්කර කාරණයකි. ඒ සඳහා පිරිසිදු ශීලයක පිහිටා, සමාධියෙන් මුවහත් වී, විදසුන් නුවණ නමැති ආයුධයෙන්, බලවත් වීර්යයෙන් මේ කියන අවුල කපා දැමිය යුතුය. ඒ විට සියලු අවුල්වලින් සදාකාලිකව නිදහස්‌ වේ.

බණ කථාව (

කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ, තරුණ මිත්‍රයෝ තුන් දෙනෙක්‌ පැවිදි වෙති. උන් වහන්සේලා තුන්නම හො`දින් මහණ දම් පුරා එයින් අපවත් වී, දෙව්ලොව උපදිත්, දෙව්ලොවින් චුතව, මනුෂ්‍ය ලෝකයේ උපත ලබත්. පසු කලක ඔවුන් තුන් දෙනාම රජ වෙති. ඔවුන් තිදෙනා අතරින් දෙදෙනෙක්‌ සසර කළකිරී තවුස්‌ පැවිද්දෙන් පැවිදිව, පසේ බුදු බවට පත් වෙති. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා මේ උතුම් ලෝකෝත්තර සුවය අපි පෙර කිනම් කුසලයකින් ලැබුවෙමු දැයි, ආවර්ජනා කරති. එසේ ආවර්ජනා කරන පසේ බුදුරජාණන් වහන්සේලා දෙනම පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ තවත් යහළුවෙකු සමඟ මහණ දම් පිරූ බවත්, ඒ හේතුවෙන් පසේ බුදු බවට පතA වූ බවත් දකිති.

උන්වහන්සේලා සමඟ පෙර සිටි මිතුරා දැන් කොහි සිටින්නේදැයි බලන්නේ, ඔහු බරණැස්‌ නුවර ඉපිද, එහි රජ බවට පත්ව, රට පාලනය කරන බවද දකිති. එසේම රජතුමා පෙර පසේ බුදු බව පිණිස පුරන ලද බෝධි කාරක ධර්ම ඇති කෙනෙකි. ඔහුට සුදුසු අරමුණක්‌ දක්‌වා සසරින් මුදවන්නෙමු යෑයි සිතමින්, ඊට සුදුසු අවස්‌ථාවක්‌ එළඹෙන තුරු, පසේ බුදුරජාණන් වහන්සේ බලා සිටිති. දිනක්‌ රජතුමා සියලු ආභරණයන්ගෙන් සැරසී උයනට යන බව දැනගෙන, පසේ බුදු රජාණන්වහන්සේ දෙනම අහසින් උද්‍යානය වෙත වැඩම කොට, එහි දොරටුව සමීපයෙහි ඇති උණ ලැහැබ අසල වැඩ සිටිති.

රජුගේ දර්ශනය දැකීම ස`දහා විශාල ජනකායකA ද එතැනට රැස්‌ වී සිටිති. මග දෙපස සිටින මිනිසුන් බලමින් යන්නා වූ රජතුමාට උණ පඳුර අසල වැඩ සිටින පසේ බුදු රජාණන් වහන්සේලා දෙනම දකින්නට ලැබේ. උන් වහන්සේලා දැකීමෙන් පැහැදීමක්‌ ඇති වේ. රජු වහාම අසු පිටින් බැස උන්වහන්සේලා වෙත ගොස්‌ නමස්‌කාර කොට, 'ස්‌වාමිනී, ඔබ වහන්සේලාගේ නම් කුමක්‌ දැ'යි අසයි. 'මහරජ, අපි අසඡ්ජමාන නම් ඇත්තෝ වෙමු' යෑයි පිළිතුරු දෙති. 'ස්‌වාමීනී, අසඡ්ජමාන කීමෙහි තේරුම කුමක්‌ ද?' 'මහරජ, නොඇලීම යනු එහි අර්ථයයි.' එසේ උන්වහන්සේලා පිළිතුරු දී, ඒ අසල ඇති උණ ලැහැබ පෙන්වා, Ñමහරජ, මේ උණ ලැහැබ සියලු මූලයන් හා ශාකා, ප්‍රශාකා එකට වෙලී බැ`දී සිටී. අවියක්‌ අතට ගත් පුරුෂයෙක්‌ මුලින් කපා ගත් උණ ගසක්‌ අතින් ගෙන අදී. නමුත් ඔහු එය ඉවතට ගැනීමේ අපහසුවෙන් මහත් සේ වෙහෙසට පත් වේ. එසේම ඔබ ද ඇතුළත මෙන්ම පිටත (ආධ්‍යාත්aමික බාහිර) කෙළෙස්‌ මුල්වලින් වෙලී පැටලී අවුල් වී සිටියි. මෙසේ සිටින ඔබට සසරින් ගැලවීමක්‌ නම් නැත. ඔබ සසර මහත් සේ වෙහෙසට පත් වේ.

හුණ කිළිලය එසේ නොවේ. එය හුණ ලැහැබෙන් ඉවතට ගැනීම ඉතා පහසුය. එයට හේතුව උණ ගොබය උණ පඳුරේ වෙලී බැ`දී නොතිබීමයි. උණපඳුරෙන් වෙන්ව හට ගැනීමයි. එසේම තණ්‌හා, මාන, දිට්‌ඨි ආදි කෙළෙසුන්ගෙන් අවුල් නැති, නොගැලී, නොබැ`දී සිටින පුද්ගලයා පහසුවෙන් සසරින් ගැලවේ. සසරින් මිදේ. ඒ පසේ බුදුවරු දෙනම මෙසේ අවවාද කොට, අපි කිසිවක නොබැඳී, නොගැටී සියලු දිසාවන්හි පහසුවෙන් හැසිරෙන්නෙමු යෑයි වදාරා, රජතුමා බලා සිටියදීම අහසට පැනනැඟී නන්දමූලක පර්වතයට වැඩම කරති. ඉන්පසු රජතුමා පසේ බුදුරජාණන් වහන්සේලාගේ අවවාද පිළිගෙන මෙසේ සිතයි, මම කවරදා නම් නොබැඳී, නොගැටී කෙසේ වසන්නෙම් දැයි. එසේ සිතමින් සිටින රජතුමාට පෙර භව පුරුද්ද අනුව සමථ විපස්‌සනා භාවනා දියුණු වී පසේ බුදු බවට පත් වෙති. ඒ පසේ මුනිඳුන් මේ උදාන වාක්‍යය පළ කරති.

වැඩුණු උණ පඳුර එකට වෙළී සිටින්නේ
අඹු දරුවන් කෙරෙහි තණ්‌හාව ද
එසේ වැඩෙන්නේ
නැහැ හුණ කිළිලය පඳුරේ ගැටන්නෙ
වෙමි එසේ එකලා ක`ගවේණෙකු සේ.

අවධානය ; ලෝකය වූ කලී එකම අවුල් ජාලාවකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.