පිණ්‌ඩපාතය

පිණ්‌ඩපාතය යනු පිඬුසිඟීම සඳහා වඩිනා භික්‌aෂුන් වහන්සේ නමකට පිළිගන්වනු ලබන ආහාරයයි. බුදුන්වහන්සේ පහළවීමටත් ප්‍රථම කාලයේ සිටම ශ්‍රමණයන් වහන්සේලා පිඬුසිඟීමෙහි යෙදුණු බව පෙනේ. එබැවින් බෞද්ධ භික්‌ෂුන් පිණ්‌ඩපාතයේ වැඩීම බුදුන්වහන්සේගේම නියමයක්‌ නොවේ.

ආදී කාලීන ඉන්දීය බ්‍රාහ්මණයෝ කාමුක ගෘහස්‌ථ ජීවිතයක්‌ ගත කළහ. ඔවුහු සැදැහැවතුන් දෙන වස්‌තුව ද පිළිගත්හ. එහෙත් ශ්‍රමණයන් නමින් හැඳින්වෙන පිරිස සම්පූර්ණයෙන් ම ගිහි ජීවිතයෙන් ඈත් වූහ. බුදුන් වහන්සේද ශ්‍රමණ පිළිවෙතට ඇතුළත් වූ අතර උන්වහන්සේ පිණ්‌ඩපාතය අනුමත කළා පමණක්‌ නොව 'භික්‌ෂුව' නමින් හැඳින්වෙන පැවිද්දන්ට මැනවින් සංවිධානය කළ විනය පද්ධතියක්‌ ද සකස්‌ කළහ. 'භික්‌ෂ' යන්නෙහි පදගතාර්ථය නම් 'පිණ්‌ඩපාතයෙන් යෑපෙන්නෝ' යනුයි. එහෙත් බුද්ධ ධර්මයේ එන භික්‌ෂු යන්නෙහි විශේෂත්වයක්‌ ඇත.

පිණ්‌ඩපාත චාරිත්‍ර ( -

තමන්ගේ පන්සලට හෝ අසපුවට මිනිසුන් විසින් ගෙනෙන දානයක්‌ පිළිගැනීමට මෙහිදී කිසිම බාධාවක්‌ නැත. එසේම දානය සඳහා සැදැහැවතුන්ගේ ගෙවල්වලට වැඩීමට ද බාධාවක්‌ නැත. එහෙත් පිණ්‌ඩපාතයෙහි වැදගත්කම රඳා ඇත්තේ භික්‌ෂූන් වහන්සේලාගේ ගුණ ධර්ම වර්ධනය කර ගැනීමට ඇති ඉඩකඩ අනුවය. සෑහීමකට පත්වීම, නිහතමානීකම ආදී ගුණධර්ම වර්ධනයට මෙන්ම පොහොසත් දුප්පත් හැමදෙනාටම පින් සිදු කර ගැනීමට ඉඩ කඩ ලබාදීම මෙහි වැදගත්කමයි.

'පිඬුසිඟායැම' යනු සාමාන්‍ය හිඟාකෑමක්‌ නොවේ. එය ඊට සම්පූර්ණයෙන් වෙනස්‌ වූවක්‌ වන අතර සුවිශේෂී අරුතක්‌ ද ඇත්තකි. සූත්‍ර පිටකයේත්, විනය පිටකයේත් එන පිණ්‌ඩපාතය පිළිබඳ බුදුන්වහන්සේගේ ඉගැන්වීමෙන් එය මනාව පැහැදිලිව තේරුම් ගත හැකි ය.

1. පිණ්‌ඩපාතයේ යන භික්‌ෂුව තනිපට සිවුරත් දෙපට සිවුරත් යන දෙකම දැරිය යුතු ය.

2. පාත්තරය වමතින් ගෙන නාභියෙන් ඉහළ කුසමත තබා සිවුරෙන් වසාගත යුතු ය.

3. භික්‌ෂුව ගමන් කිරීමේ දී තමාගේ දකුණත මැනවින් සිවුර රඳවා ගැනීමට භාවිත කළ යුතු ය.

4. භික්‌ෂුව සන්සුන්ව ගම දෙසට පියවර තබන්නේ වියගහක දුර ප්‍රමාණයට ඉදිරිය බලාගෙනය.

5. පොහොසත් අයය දුප්පත් අයය යෑයි ද නොසළකා එසේම උසස්‌ කුල පහත් කුල යෑයි ද නොසලකා සියලුම නිවෙස්‌වලට පිඬු පිණිස භික්‌ෂුව ගමන් කරයි.

6. ආහාරයේ රසවත් බව ද නොසලකා, කවරෙකු විසින් දෙන්නේ දැයිද නොසලකා භික්‌ෂුව සැදැහැවතුන් විසින් දෙනු ලබන ආහාර පිළිගත යුතු ය.

7. පිඬු පිණිස වඩිනා භික්‌ෂුන් වහන්සේ ගෙදරට තරමක්‌ ඈතක දුරින් ඉදිරිපස දොර පැත්තේ සිටගත යුතු ය.

8. ඔහු වහා ඇතුළු නොවිය යුතු අතර වහා පිටත්ව ද නොයා යුතු ය.

9. ගෙදර ඇත්තන්ට බඹයක්‌ පමණ ඈතින් ළංව ඔවුන් අහර පිළිගැන්වීමට සූදානම් දැයි දැනගත යුතු අතර ඔවුන් ඒ සඳහා අකැමැති නම් එතැනින් පිටව යා යුතු ය.

10. අහර පිළිගැනීමේ දී භික්‌ෂුව පාත්‍රය දෑතින්ම අහර පූජා කරන්නා වෙත ඉදිරිපත් කළ යුතු ය.

11. භික්‌ෂුව, අහර පිළිගන්වන්නාගේ මුහුණ දෙස නොබැලිය යුතු ය, පිළිගන්වන ඔහු හෝ ඇය සමඟ සිනාසීම හෝ කතා කිරීම නොකළ යුතු ය. විශේෂ ආහාරයක්‌ ගැන ද කතා නොකළ යුතු ය.

12. බත් පිළිගැන්වූ බැතිමතා වෑංජනයක්‌ පිළිගැන්වීමට සූදානම් වන්නේ නම් භික්‌ෂුව ඊට සූදානම් විය යුතුය, එහෙත් ඊට අකැමැත්තේ නම් එතැනින් ඉවත්ව යා යුතු ය.

13. පාත්තරයෙන් බාගයක්‌ පිරෙනතුරු පමණක්‌ පිණ්‌ඩපාතය පිළිගෙන, අවස්‌ථාව පැමිණෙන විට පිණ්‌ඩපාත චාරිකාව නැවැත්විය යුතු ය. කෑදර කම හෝ බොහෝ ආහාර ලබාගැනීම භික්‌ෂුවකට සුදුසු නොවේ.

14. අවශ්‍ය තරමට ආහාර ලැබුණ විට භික්‌ෂුව තමාගේ පන්සලට හෝ වාසස්‌ථානයට යා යුතු ය. බඩගිනි දැනුණේ නම් හා ආපසු පන්සලට යැමට තරම් වේලාව නොසෑහේ නම්, ගසක්‌ මුල හෝ ගල් ගුහාවක්‌ ළඟ, පානය කිරීමට පැන් ලැබෙන්නේ නම් පමණක්‌ නැවතී ආහාර වැළඳිය හැකි ය.

15. මිනිසුන් ගැවසී ඇති තැන්වල හෝ වීදිවල ආහාර ගැනීම නොකළ යුතු ය.

16. පුරුද්දක්‌ වශයෙන් ම බීම සඳහා ගන්නා ජලය පෙරහනකින් පෙරාගත යුතු ය. පෙරහන්කඩක්‌ නොලැබෙන්නේ නම් සිවුරු කොනකින් වත් ජලය (පැන්) පෙරා ගත යුතු ය.

17. යම් කිසි පන්සලක භික්‌ෂුන් වැඩි ප්‍රමාණයක්‌ සිටින්නේ නම් ඔවුන් හැම දෙනාට ම පිණ්‌ඩපාතේ එකවර වැඩිය හැකි ය. අඩි 6ක්‌ හෝ 7ක දුර ප්‍රමාණයක්‌ ඇතිවන සේ, එක එක්‌කෙනා පිටු පසින් ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙළක්‌ සෑදී එකම මාර්ගයේ ගමන් කළ යුතු ය.

18. අවශ්‍ය පමණ අහර ලැබුණු භික්‌ෂුව ආපසු පන්සලට ගොස්‌ ආහාර වැළඳීමට සූදානම් කර ගනියි.

19. සියල්ලටම පසුව ආහාර ගන්නා භික්‌ෂුන් වහන්සේ දාන ශාලාව පිරිසිදු කළ යුතු ය.

20. ආහාර ඉතිරි වුවහොත් ඒවා සතුන්ට හිඟන්නන්ට හෝ වෙනත් අවශ්‍ය කෙනෙකුට හෝ දිය හැකිය.

21. ආහාර ඉවත දැමීම හෝ විනාශ කිරීම නොකළ යුතුය. යම් කිසි භික්‌ෂුවකට ආහාර ඉවත දැමීමට සිදුවුවහොත් ඒවා තණකොළ නැති බිමක තැන්පත් කිරීමට හෝ සතුන් නොමැති ජලයකට දැමීම හෝ කළ හැකි ය.

22. උදෑසන හීල් දානය සඳහා පිණ්‌ඩපාතයට වඩින්නේ, හිරු උදාවෙන් ස්‌වල්ප වේලාවකට පසු ය. දිවා ආහාරය සඳහා දවල් කාලයේ පිණ්‌ඩපාතයේ ගොස්‌ මධ්‍යහ්නයට පෙර දන් වළඳා අවසන් කළ යුතු වෙයි. හිරු අවරට ගිය පසු පිණ්‌ඩපාතයේ නොයන්නේ සන්ධ්‍යාවේ ආහාර ගැනීම විකාල භෝජනයක්‌ වන බැවිනි.

23. බුද්ධ කාලයේ දී භික්‌ෂුන් පිණ්‌ඩපාතයේ යන ලද්දේ දවසකට එක්‌ වරක්‌ බව බෞද්ධ ත්‍රිපිටකයේ උදාහරණවලින් දැක්‌වේ.

24. බුද්ධ නීති අනුව ගණිකාවන් සිටින තැන්වලටත් සුරාසල්වලටත් භික්‌ෂුන් වහන්සේලා පිණ්‌ඩපාතයේ නොගියහ. නොදැනුවත්කමින් එබඳු තැනකට ගියහොත් භික්‌ෂුව වහා ඉන් පිටව යා යුතු ය.

25. දන් දීමට කැමැත්තක්‌ නොදක්‌වන මිනිසුන් වෙතත්, ශ්‍රද්ධාවන්තකමක්‌ නොදක්‌වන මිනිසුන් වෙතත්, භික්‌ෂුන් වහන්සේලා නොවැඩිය යුතු ය.

පිණ්‌aඩපාතේ වඩිනා භික්‌ෂුන් වහන්සේලා සඳහා බුදුරජාණන් වහන්සේ විසින් මේ පනවන ලද මාර්ගෝපදේශයයි.

මෙය පුවත්පතක ඉංගිරිසියෙන් පළවූ
"The Custom of Pindapatha" නමැති ලිපියෙහි සිංහලානුවාදයකි.

'මෙත්මග' Facebook පිටුවෙන් උපුටා ගැනිණ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.