කුමටද කිළි දලු කොළ මල් පොතු කැබලී
අරටුව මෙන්න ගන්නකො සෘජුවම නොසැලී


තර්කයට හසුනොවේමය
ඔබ ක්‍රියාවට නංවනු මැනේ - 27

අපි අද වැදගත් දෙයක්‌ කථා කරමු. මා යහළුවේ හොඳ අදහස. හොඳ අදහස. කුමක්‌ ගැන කතා කරමුද? ඔබම කියන්නකෝ. පුළුවන් නම් උත්තර දෙන්නකෝ මම අහන ප්‍රශ්නවලට. ඔන්න අහගෙන ඉන්න හොඳින්.

කුමක්‌ද මේ ලෝකයේ තියන වටිනාම වස්‌තුව? ම්... ධර්ම රත්නයනේ.

හරියටම හරි. එතකොට කුමක්‌ද මේ ධර්මයේ තියන වටිනාතම මාණික්‍ය රත්නය?

ඒ... ආනන්තරිකව විපාකානිශංස ලැබෙන විදර්ශනා සමාධියනේ. ඔබ හරි. එහෙනම් කියන්නකෝ... කුමක්‌ද මේ දහමේ තියන ගැඹුරුම ස්‌ථානය කියලා? ම්... ඒ පංචස්‌කන්ධය නේ. කෙළවරක්‌ නැති සමස්‌ත ලෝකයම නියෝජනය

කරනවානේ ඔය ස්‌කන්ධපඤ්aචකය.

මේ පංචස්‌කන්ධ අවබෝධයෙන් තොරව මගඵල ලැබෙනවා කියනවා නම් ඒ විහිළුවක්‌. මම යෝජනා කරනවා අපි අද පංචස්‌ඛන්ධය ගැන කතා කරමු කියලා. මම දහම කියවද්දී යහළුවේ මට මෙන්න මෙහෙම කියමනක්‌ මුණ ගැසුණානෙ. හැබැයි ඒක නම් සාවද්‍ය කතාවක්‌. අපි වැරදි හදාගෙන ඉදිරියට යං. මම එය උපුටා දක්‌වන්නම් කෝ.

''පංච උපදානස්‌කන්ධය කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන ධර්මතාවන් පහට. ඉහත කාරණා පහ ඵස්‌ස, වේදනා, සඤ්ඤා, ෙච්තනා, මනසිකාර වශයෙනුත් ගන්න පුළුවන්'' එහෙම තමයි කියා තිබුණේ.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන ධර්මතාවයෝ පහ සහ ඵස්‌ස, වේදනා, සඤ්ඤා, ෙච්තනා, මනසිකාර කියන ධර්මතාවයෝ එකමද?

නැහැ මේ තමයි අපි වරද්දා ගත්ත තැන. නිවැරදිව දකිමු අපි. මේ දෙකම එකක්‌ නොවෙයි. ඵස්‌ස වේදනා, සඤ්ඤා ෙච්තනා මනසිකාර කියන්නේ නාම ධර්මයෝ පහනේ. මේ නාම රූප සමඟ සංකලනය වුනාම තවත් දෙයක්‌ නිර්මාණය වෙනවා. ඒ තමයි සිත හෙවත් ස්‌කන්ධපංචකය.

විඳින්න ගිහිල්ලා ඇලුණාම ඉතින් උපාදාන බර පටවා ගන්නවා. බුදු දහමේ අරටුව තමයි ඔය. සමහරු අරටුව කියලා රැවටිලා මුල් ගෙන යනවා. සමහරු අරටුව කියලා රැවටිලා මල්, පල, දලු, කොළ, රිකිලි, පොතු ගෙන යනවා සමහරු අරටුව කියලා රැවටිලා එලය ගෙන යනවා. නමුත් කිසි කෙනෙක්‌ අරටුවට අත තියන්නේවත් නැහැ. ඇයි මේ?

ඒකයි මග ඵල සැඟවුණේ. ඔය ගැඹුර පෙන්වා දීමට කෙනෙක්‌ හිටියේ නෑ. ඒකයි. අපි බය නැතිව අරටුව නෙළා ගනිමු. අපි වරද නිවැරදි කරගෙන යං ඒ මං ඔස්‌සේ නිවන කරා. ඔය ගැඹුර පෙන්වන්නයි වෙහෙසුණේ බුදු පියාණෝ. මොනවද ඉතිං අපි අඳුරේ හිඳගෙන කරන්නේ.

අපි අද සෘද්ධි ප්‍රාතිහාර්යය ගැන කතා කරනවා. බුදු පියාණෝ කියනවා ප්‍රාතිහාර්යයන් අතුරින් උතුම් වන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා. පංචාභිඤ්ඤා ඇති කර ගැනීමේ හැකියාව පෘථග්ජනයින්ටත් තියනවා. හැබැයි දීර්ඝකාලීනව සිත සමාධිගතව වාසය කරන්න ඕනෑ. එවිට මේ ඉන්ද්‍රියයන්ගේ පියවි ස්‌වභාවයට හසු නොවන වර්ණ ශබ්දාදී රූපයෝ හසු වෙනවා. දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම ලෝකවලින් අපායෙන් වෙන්නත් පුලුවන්. නමුත් ගාන්ධර්ව කියන ශාස්‌ත්‍රය දන්නා ඕනෑම කෙනෙකුට මේ Rද්ධීන් පෑ හැකියි. පෘථග්ජනයින්ටත් කළ හැකියි. චින්තාමණී ශාස්‌ත්‍රය දන්නා අයට අනුන්ගේ සිත දකින්න පුළුවන්. ඉතින් මල්ලේ තියන තියන කුණු කන්දල් මදිවටද? අගය කළේ නැහැ බුදු පියාණෝ... සෘද්ධීන්.

අනුන්ගේ සිත් සතන් තුළ ධ්‍යාන ශක්‌තිය ඇති කර දීමටÑ සත්‍ය වටහලා දීලා' මඟඵල ඇතිකර ගැනීමට, අත දීමේ හැකියාව තියෙනවා නම් එයයි අනුශාසනා ප්‍රාතිහාර්ය කියන්නේ. ඒ හැකියාව තියෙන කෙනාට තමයි ධම්ම කථිකයෙක්‌ කියලා කියන්නේ. බුදු පියාණෝ අනුදැන වදාළේ අනුශාසනා ප්‍රාතිහාර්ය පමණයි. ඔය පෘථග්ජනයෙකුට පවා කළ හැකි පංචාභිඤ්ඤා ඉක්‌මවා වෙහෙසිලා සයවන අභිඤ්ඤාව වන ආශවක්‌ෂ ඥානය ලබා ගෙන ඒ තුළින් අරටුව නෙළාගනිමු.

Rද්ධින් ගැන කියමින් කාලය ගත කළාට ඵලක්‌ නෑ. එහෙම තමයි කෙළෙස්‌ සඟවලා සිත පිරිසිදු කළාම. ඔබ දන්නවාද මේ කයෙන් සිත පිට කරලා යවන්නත් පුලුවන් ප්‍රාතිහාර්යක්‌ තියෙන බව? අන්න ඒ Rද්ධිය නම් ඉතාමත් අගෙයි. ඇයි දන්නවාද එතැන දී රහසක්‌ හෙළි වෙලා පුදුමාකාර නුවණක්‌ පහළ වෙනවා. මම කියා කෙනෙක්‌ නැහැ. හිත කියන්නේ එක දෙයක්‌. කය කියන්නේ තවත් දෙයක්‌ කියන රහස හෙළි වෙනවා.

මේ සිතයි කයයි දෙකම එකම තැන තිබුණාම මම කියලා රැවටෙන බව හෙළි දරව් වෙනවා. ඒ මා පෙන්වලා දෙන Rද්ධිය තුළින් මම කියා කියන්නේ ව්‍යාජමය දිට්‌ඨියක්‌ බව අගේට හෙළි වෙනවා. ස්‌වභාදහමේ වැඩක්‌නේ මේක. මුළා නොවන්න. අපි බණ කිය කියා හිටියට විතරක්‌ම මදි. ලෝක මායාව අනාවරණය වන හැටි ක්‍රියාකාරීත්වය තුළින් පෙන්වා දෙන්න වෙනවා. ඔය Rද්ධීන් අවශ්‍ය නැහැ. සෝ සුසුම් හෙලන්න ඕනෙ නෑ. ලස්‌සන මඟක්‌ තියනවා එතෙර වෙන්න. මේ වටිනා කර්මස්‌ථානවලින් නිරත වීමෙන් යස අගේට ඇත්ත පෙනෙනවානේ. දැනගන්න ඔබ, ඒ තමයි, විදර්ශනා භාවනා කියන්නේ කියලා.

රාගයෙන් ද්වේශයෙන් දැවෙන චරිත වලට මේ සත්‍යතාව පෙන්වා දීම තරම් අපහසු කාර්යයක්‌ ලෝකයේ වෙන නැති බව බුදු පියාණෝ කිව්වානේ. එදා රාග ද්වේශ චරිත සමථයකට පත් කර ඇත්ත දැකීමට ශක්‌තිය ලබා දීම පිණිස උපක්‍රම යෙදුවා. සෘද්ධීන් පෑවා. විවිධ දෘෂ්‍යාධාර මවා පෑවා. පෙර ආත්ම භවයන් සම්බන්ධ කතා ප්‍රවෘත්තීන් ඉදිරිපත් කළා. නමුත් ඒවා සත්‍ය වටහා දීම පිණිස භාවිත කළ ආධාරක පමණයි. ඒ සම්මා සම්බුදු කෙනෙකුගේ වැඩනේ. අපිට පාර පෙන්වලා තියෙනවානේ මෙන්න මෙහෙමයි යන්නේ කියලා. ඒවා කිය කියා රස විඳ විඳ ඉඳලා බැහැ. මගඵල සැඟවෙනවා. සුළං යහළුවේ ඔබ වටා ගැවසෙන සුවිශාල සේනාව එතෙර කරවන්නකෝ.

ඔය ගැඹුර පෙන්වාදීම පිණිස ගෙතුණු කතා ඔස්‌සේ පමණක්‌ කාලය ගත කරන්න නම් එපා යහළුවේ. එදා එහෙම කළේ ඇත්ත දැකීම පිණිස සුදුසු පසුබිම වන චිත්ත චෛතසික මධ්‍යස්‌ථ භාවය ලබා දීම සඳහා පමණයිනේ. එතෙර වෙන්න අත දෙන්නකෝ අපිට. නැතහොත් බුද්ධ කාලය ගෙවිලා යාවි. සුළඟේ. මම ඉතින් යාළු කමටනේ කිව්වේ. ඔය ගැඹුර පළමු වන වතාවට දැක බලාගත්තාම සෝවාන් ඵලයට පත්වෙන නිසා අපි නිවැරදිව ඒ රහතුන් වැඩිය මං ඔස්‌සේ පියමං කරමු පිරිසිදු නිවන කරා.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියා කියන්නේ සංස්‌කරණය වෙච්ච සිතට.... ඵස්‌ස, වේදනා, සඤ්ඤා, ෙච්තනා, මනසිකාර කියන්නේ චිත්ත වේගයේ ක්‍රියාකාරිත්වය හෙවත් නාම ධර්මයෝ ටිකටනේ. කුමක්‌ද දන්නවාද එතන සිදුවන ක්‍රියාව? ඔය නාම ධර්මයෝ රූප සමඟ සංකලනය වෙනවා. කොහොමඳ දන්නවාද? නාම රූප වෙතට නැමෙනවා.

රූපයට නැමිලා රූපය ගැන වේදනාව හෙවත් කැමැති අකැමැති බව ඇතිකරගන්නවා. රූපයට නැමිලා රූපය හඳුනාගන්නවා. රූපයට කැමති වෙලා රූපය හඳුනපුවාම රූපය දැනෙනවා. ස්‌වභාව දහම තමයි ඒ. ඕකයි කතාව. ඔහොමයි නාම රූප එක්‌ වෙන්නේ. එක්‌ වුණාමයි සිතක්‌ සංස්‌කරණය වන්නේ. දැන් තේරුණා නේද පංචස්‌කන්ධ සිතයි නාම ධර්මයි එකක්‌ නොවෙයි දෙකක්‌ විත්තිය. වරද්දගන්න එපා.

ඔබට පුලුවන් නම් කියන්න නාමවලට මෙලෙස එක්‌වන්න කොයින්ද රූප? ඇයි ඇස, කණ ආදී ආයතනවලට වැටෙන රූපනේ. ඔය තේරෙන්නේ. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ පහක්‌ වුණාට පහක්‌ නෙමෙයි එකක්‌. එකක්‌ වත් ඉදිරියට හෝ පසුපසට නොගොස්‌ එකම වර ගිනිගත් සැනින්, මේ ක්‍රියාව සිදුවෙනවා. මේවා සහජාත ධර්ම.

ඵස්‌ස - වේදනා - සඤ්ඤා - ෙච්තනා - මනසිකාර කියන්නේ නාමධර්ම නේ. දැන්වත් නිරවුල් කරගන්න. දහම මතු වෙනවා. යට යනවා. අපි නිරවුල් කරගන්නවා. යළි පිරිසිදු වෙනවා. හිතන්න, නාමධර්ම කියන්නේ කරන්නෙක්‌ නැති වුණාට ක්‍රියාවක්‌ මයි. තවදුරටත් හිතන්න. ඒ නාම ධර්ම කියන ශක්‌තීන් ටික තමයි විඤ්ඤානයේ ක්‍රියාකාරිත්වය... කරන්නෙක්‌ නැතිව සිදු වන මේ ක්‍රියාව තමයි ලෝකයේ පවතින ශුද්ධ ධර්මතාව... නාම රූප වෙත නැමිලා රූප සමඟ එකතු වෙනවා.

රූප කියන්නේ? ක්‍රියාවක්‌ නෙමෙයිද? රූප කියන්නෙත් ක්‍රියාවක්‌ තමයි. හොඳට හිතට ගන්න. තල්ලු වෙමින් තද වෙමින් ඇලවෙමින් රත්වෙමින් ඝනීභවනය වෙමින් පවතිනවා නොනැවතීම. ලෝකයේ පවතින ඔය ක්‍රියාව එක තත්පරයක්‌ නැවතුණොත් හෙම ලෝකයේ රූප නෑ. ශූන්‍ය වෙනවා.

හිතන්නකෝ නාම ධර්ම කියන්නේත් ක්‍රියාවක්‌. ඒ නාම ධර්ම තමයි විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය. මෙතනත් ක්‍රියාවක්‌ තිබුණාට කරන්නෙක්‌ නෑ.

හරිම ලස්‌සනයි බුදුදහම. ඉතින් කවුද මේ සිත සංස්‌කරණය කළේ මමද? නැහැ... නැහැ... මම කියන්නේ සක්‌ඛාය දිට්‌ඨියක්‌. ඔය දිට්‌ඨිය නිසා තමයි විඳලා පිරිසිදු පංචස්‌කන්ධය පංච උපාදානස්‌කන්ධය බවට පත් වෙන්නේ.

අපි නිවැරදිව ඒ මං ඔස්‌සේ නොගියොත් හෙම අටඟි මගේ ප්‍රධානතම මං සන්ඳිය වන අටේ කණුව මුණ නොගැසේවි. මේ අහන්නකෝ යහළුවේ. මම මගේ වැඩ ටික කරගන්නේ අතින් පයින් මගේ වැඩ වගේ තමයි විඤ්ඤාණ මායා කාරයාගේ වැඩත්. එයාගෙ අත පය වගේ තමයි නාම ධර්ම පහ. එයාගේ වැඩ කරගන්නේ නාම ධර්ම යොදාගෙන. ඇයි මේ විඤ්ඤාණයට වේගය කියන්නේ?

එයා වේගයක්‌. එයාගෙ වැඩ හරි වේගවත්. රූපයට වේගයෙන් කැමති වෙනවා. වේගයෙන් හඳුනනවා. කැමැත්ත සහ හැඳිනීම විනාඩියක්‌ තියනවා නම් තත්පර වලින් බලමු. හැට වාරයක්‌. ස්‌කන්ධ. මේ කන්දක්‌. ගොඩක්‌. දිය බුබුළු මෙන් පුපුර පුපුර යනවා. මිරිඟුව... මිරිඟුව... මායාව... මායාව... මායාව.

රූපයට කැමැත්ත හැඳිනීම තියෙන නිසා සිත සංස්‌කරණය වෙනවා. විඤ්ඤාණ මායාකාරයාගේ වැඩ.

මුලින්ම විඤ්ඤාණයයි නාමයි රූපයි එක්‌ කරන්නේ ඵස්‌ස නමැති නාම ධර්මයයි. දැන් එකතු වෙන්න - දැන් කැමැති වෙන්න - දැන් හඳුනා ගන්න - දැන් සිත සැකසිලා දැනිලා ෙච්තනාව ඉටුකරගන්න යනුවෙන් මතක්‌ කර කර දෙන්නේ මනසිකාරය කියන නාම ධර්මයයි. සිත සංස්‌කරණය කරලා ෙච්තනාව ඉටුකර ගැනීම පිණිස මේ ඵස්‌ස සහ මනසිකාරය කියන නාම ධර්මයෝ නිහඬව හිඳගෙන කරන සේවය අමතක කරලා බැහැනේ.

සිතනවා සිතනවා සිතනවා - ලැබෙන සැම අරමුණම සිතනවා - විඳිනවා විඳ විඳා ඇලෙනවා - ඇත්ත දැකගත්තොතින් මිදෙනවා - දර්ශනය දර්ශනය මෙන්න බුදු දර්ශනය - දර්ශනය දර්ශනය මෙයයි බුදු දර්ශනය.

කම්මට්‌ඨානාචාරිනී
පද්මාවෝ රාජපක්‌ෂ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.