සැප ලබන්න අත් හළ යුතු දේ...


භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය පුරුදු කරගැනීමෙන් තමයි, අපේ ජීවිත තුළ සැපය උදාකරගන්ට, නිර්භය භාවය උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. උන්වහන්සේ අපට පෙන්වා දෙනවා සැප කැමැති කෙනා කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය හඳුනාගෙන බැහැර කළ යුතු බව. ඒ වගේම කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය උපදවාගෙන ඒවා පුරුදු කළ යුතුයි කියලා.

දුෂ්චරිතය කිරීමෙන් අපේ සිත කෙලෙසෙනවා සිත කෙලෙසුන විට සිතේ පසු තැවෙන ස්‌වභාවය ඉපදෙන්නවා. එයින් බිය උපද්දනවා, දුක්‌ විපාක උපද්දනවා. ඒ නිසයි අපි දුෂ්චරිතය බැහැර කරන්ට කැමති වියයුත්තේ. නමුත් සුචරිතය කිරීමෙන් පසුතැවෙන ස්‌වභාවය නැති වෙලා යනවා. සුවපහසුව ඇතිවෙනවා. නිර්භය භාවය උපදිනවා. සැප විපාක ඉපදෙනවා. සුචරිතය කළ කෙනාට සතුටින් සොම්නසින් ජීවත්වෙන්ට පුලුවන් වෙනවා. ඒ නිස අපි සුචරිතය කරන්ට කැමති විය යුතුයි. දුෂ්චරිතය කරන කෙනාට මම දුෂ්චරිතය කළා, සුචරිතය කළේ නෑ කියා පසුතැවෙන්න වෙනවා. දුෂ්චරිතය අත්හැරල සුචරිතය කරන කෙනාට, මම සුචරිතය කරනවා, සුචරිතය කළා, දුෂ්චරිතය අතහැරියා කියල සතුටු විය හැකියි. ඒ නිසා අපි කවුරුත් ඒ ආකාරයට සැබෑම සතුට උපදව ගන්න ආකාරයට ධර්මය පුරුදු කරගැනීමට උත්සාහ කළ යුතුය.

ධර්මය කියන්නෙ මුළුමනින්ම පුරුදු කරන දෙයක්‌. ඒනිසයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නෙ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් කොට්‌ඨාස දෙකක්‌ සිටින බව. එක කොට්‌ටාසයක්‌ තමයි ධර්මය පුරුදු කරන අය. අනිත් කොට්‌ඨාසය ධර්මය පුරුදු කළ අය. එහෙනම් ධර්මය පුරුදු කිරීමකින් තොරව ශ්‍රාවකත්වයක්‌ තිබෙනවද? නෑ නේද? එසේනම් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ඇති කරගන්නත්, ඒ ශ්‍රාවකත්වය දියුණු කරගෙන පරිපූර්ණ කරගන්න කැමති අය විදිහට කළ යුත්තේ ධ ර්මය පුරුදු කිරීම මයි.

දුෂ්චරිතය අත්හැරීම ලෙහෙසි පහසු දෙයක්‌ නෙවෙයි. දුෂ්චරිතය ලේසියෙන් බැහැර වෙනව නම් නියපොත්තෙ පස්‌ ටික වගේ ටික දෙනෙක්‌ සුගතියෙ උපදිනවා කියන ධර්මය වලංගු නොවිය යුතුයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කුමක්‌ද? ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නෙ පින්වත් මහණෙනි, මගේ මේ නිය පොත්තට ගත්ත පස්‌ ටික වගේ ටික දෙනයි මැරිල ගිහිල්ල සුගතියේ ඉපදෙන්නෙ. මහ පොළොවෙ පස්‌ වගේ විශාල ප්‍රමාණයක්‌ දුගතියේ ඉපදෙනව කියල යි. එතකොට දුගතියේ ඉපදෙන්න සිදු වෙන්නේ දුෂ්චරිතයෙ නියෑලීමෙන්. එසේනම් මේ දුෂ්චරිතය බැහැර කර සුචරිතයට පැමිණීම විශාල උත්සාහයකින් කළ යුතු එකක්‌. ලොකු වීර්යයකින් කළ යුතු එකක්‌. සිහි නුවණ උපදවාගෙන ලොකු කැපකිරීමකින්, අත් නොහරින වීරියකින් කළ යුතු එකක්‌. එවිට තමාගේ යහපතම කල්පනා කරන, තමාට සැප ඇති කර ගැනීම පිණිස කල්පනා කරන අන් අයට අයහපත නොවෙන ආකාරයට ජීවිතය දියුණු කරන්න කැමැති කෙනා පුරුදු කරන දෙයක්‌ තමයි සුචරිතය. එයා බැහැර කරන දෙයක්‌ තමයි දුෂ්චරිතය.

දුෂ්චරිතය බැහැර කරන්න නම්, දුෂ්චරිතය කිරීම පිණිස පෙළඹෙන ස්‌වභාවය, දුෂ්චරිතය කරන්න කැමැති වෙන ස්‌වභාවය නැති කර යුතුයි. දුෂ්චරිතය කරන්නෙ ඒ සඳහා පෙළඹීමක්‌, කැමැත්තක්‌, රුචියක්‌ තිබෙන නිසා. දුෂ්චරිතය කරන්න පෙළඹීමක්‌, කැමැත්තක්‌, රුචියක්‌, අනුබලදීමක්‌ අපි ළඟ නැත්නම් දුෂ්චරිතය කරන්නෙ නෑ නේද? කවුරුත් බලහත්කාරයෙන් දුෂ්චරිතය කරන්නෙ නෑ. එයා තුළ උපන් කැමැත්තකින් ම තමයි දුෂ්චරිතය කරන්නෙ. එහෙනම් දුෂ්චරිතය කරන කෙනා තුළ පෙළඹවීමක්‌ එයාගෙ අභ්‍යයන්තර වශයෙන් හටගෙන තිබෙනව. අනුබල දීමක්‌ එයාගෙ අභ්‍යන්තරයෙම හටගෙන තිබෙනව. ඒ ස්‌වභාවය නිරුද්ධ කර ගත්විට දුෂ්චරිතය අපේ ජීවිතයෙන් නිරුද්ධ වෙලා යනව. ඒ වගේම තමයි  සුචරිතය කරන්න අපේ කැමැත්ත ඉපදුනොත් ඒ කැමැත්ත මුල් වෙලා සුචරිතය අපේ ජීවිතයට පුරුදුවෙනවා. ඒ විදිහට දුෂ්චරිතය කිරීමට තිබෙන කැමැත්ත, සිතේ දුගතියේ ඉපදෙන්න සිදු වෙන්නේ දුෂ්චරිතයෙ නියෑලීමෙන්. එසේනම් මේ දුෂ්චරිතය බැහැර කර සුචරිතයට පැමිණීම විශාල උත්සාහයකින් කළ යුතු එකක්‌. ලොකු වීර්යයකින් කළ යුතු එකක්‌. සිහි නුවණ උපදවාගෙන ලොකු කැපකිරීමකින්, අත් නොහරින වීරියකින් කළ යුතු එකක්‌. එවිට තමාගේ යහපතම කල්පනා කරන, තමාට සැප ඇති කර ගැනීම පිණිස කල්පනා කරන අන් අයට අයහපත නොවෙන ආකාරයට ජීවිතය දියුණු කරන්න කැමැති කෙනා පුරුදු කරන දෙයක්‌ තමයි සුචරිතය. එයා බැහැර කරන දෙයක්‌ තමයි දුෂ්චරිතය.

දුෂ්චරිතය බැහැර කරන්න නම්, දුෂ්චරිතය කිරීම පිණිස පෙළඹෙන ස්‌වභාවය, දුෂ්චරිතය කරන්න කැමැති වෙන ස්‌වභාවය නැති කර යුතුයි. දුෂ්චරිතය කරන්නෙ ඒ සඳහා පෙළඹීමක්‌, කැමැත්තක්‌, රුචියක්‌ තිබෙන නිසා. දුෂ්චරිතය කරන්න පෙළඹීමක්‌, කැමැත්තක්‌, රුචියක්‌, අනුබලදීමක්‌ අපි ළඟ නැත්නම් දුෂ්චරිතය කරන්නෙ නෑ නේද? කවුරුත් බලහත්කාරයෙන් දුෂ්චරිතය කරන්නෙ නෑ. එයා තුළ උපන් කැමැත්තකින් ම තමයි දුෂ්චරිතය කරන්නෙ. එහෙනම් දුෂ්චරිතය කරන කෙනා තුළ පෙළඹවීමක්‌ එයාගෙ අභ්‍යයන්තර වශයෙන් හටගෙන තිබෙනව. අනුබල දීමක්‌ එයාගෙ අභ්‍යන්තරයෙම හටගෙන තිබෙනව. ඒ ස්‌වභාවය නිරුද්ධ කර ගත්විට දුෂ්චරිතය අපේ ජීවිතයෙන් නිරුද්ධ වෙලා යනව. ඒ වගේම තමයි සුචරිතය කරන්න අපේ කැමැත්ත ඉපදුනොත් ඒ කැමැත්ත මුල් වෙලා සුචරිතය අපේ ජීවිතයට පුරුදුවෙනවා. ඒ විදිහට දුෂ්චරිතය කිරීමට තිබෙන කැමැත්ත, සිතේ

අභ්‍යන්තරයේ තිබෙන දුෂ්චරිතය ඇති කරලීමට හේතු වන කරුණු නිරුද්ධ වෙලා ගියොත් ආයෙත් අපි අතින් දුෂ්චරිතය කෙරෙයිද? කවදාවත් දුෂ්චරිතය කෙරෙන්නෙ නෑ. එහෙනම් අපි දුෂ්චරිතය කෙරෙන ස්‌වභාවය දුෂ්චරිතය කිරීම පිණිස පොළඹවන ස්‌වභාවය නිරුද්ධ වීම පිණිස වුවමනා කරන ධර්මයන් පුරුදු කළොත් දුෂ්චරිතය සම්පූර්ණයෙන් අපේ ජීවිතයෙන් පහවෙලා යනව. නිරුද්ධ වෙලා යනව.

එවිට දුගතියක ඉපදෙන්ට හේතු වන්නේ දුෂ්චරිතය නම් දුෂ්චරිතය නිරුද්ධ වීමෙන් දුගතියේ ඉපදෙන ස්‌වභාවය නිරුද්ධ වී යනව. දුක්‌ විඳින්ට සිදුවෙන්නේ දුගතියේ ඉපදීමෙන් නම්, දුගතියේ ඉපදීම නිරුද්ධ වීමෙන් දුක්‌ වීඳීම නිරුද්ධ වෙලා යනව. පසු තැවෙන්න සිදුවෙන්නේ දුගතියක ඉපදෙන්න සිදුවීමෙන් නම් දුගතියක ඉපදීප නිරුද්ධ වීමෙන් පසුතැවිල්ල නිරුද්ධ වෙනව නේද? බය ඇති වෙන්නේ දුගතියක ඉපදීමෙන් නම්, දුගතියේ ඉපදීම නිරුද්ධ වීමෙන් බය නිරුද්ධ වෙලා යනව නේද? එහෙනම් අපි පසු තැවෙන ස්‌වභාවය දුක්‌ වන ස්‌වභාවය බය වන ස්‌වභාවය නිරුද්ධ කරගැනීම පිණිස දුගතියේ ඉපදෙන ස්‌වභාවය නිරුද්ධ කරගත යුතුයි. දුගතියේ ඉපදෙන ස්‌වාභාවය නිරුද්ධ වන්නේ දුෂ්චරිතය අපේ ජීවිතයෙන් නිරුද්ධ වෙලා යාමෙන්. දුෂ්චරිතය නිරුද්ධ වන්නේ සිත අභ්‍යයන්තරයේ දුෂ්චරිතය කිරීම පිණිස පවතින පෙළඹවීම නැතිකර ගැනීමෙන්. ඒ පෙළඹවීම තමයි අනවබෝධය. අනවබෝධය නිසා සිතේ ඇතිවෙලා තිබෙන කැමැත්ත. ඒ ස්‌වභාවය නැතිවී ගිය දවසට අපි අතින් දුෂ්චරිතය කෙරෙන්නෙ නෑ. එදාට අපේ ජීවිතය පිරිපූර්ණ වශයෙන් දියුණුවෙන පැත්තට යොමුවෙලා. ආයෙ තව කාටවත් ඒ ජීවිතේ ආපස්‌සට ඇදල දුක්‌ ස්‌වභාවයට ඇදල දාන්ට බෑ. අපි කවුරුත් අන්න ඒ විදිහට ජීවිතේ දියුණුකර ගන්න කැමති විය යුතුයි.

එහෙම නම් ඇයි මනුෂ්‍යයා මේ දුෂ්චරිතයේ නියෑලෙන්නෙ..? මේ ජීවිතය ගිනි ගන්න ස්‌වභාවයෙන් යුක්‌තයි කියල නොදන්න කම නිස යි. මොකක්‌ද මේ ජීවිතයේ තිබෙන ගිනි ගන්නා ස්‌වභාවය? මේ ජීවිතය ජරාවෙන් ගිනි ගන්නවා. මේ ජීවිතය ලෙඩ වීමෙන් ගිනි ගන්නවා. මේ ජීවිතය මරණයට පත්වීම කියන දෙයින් ගිනි ගන්නවා. ඒ විදිහට ජීවිතය ගිනිගන්නා ස්‌වභාවය, දැවෙන ස්‌වභාවය අපි තේරුම් ගත්තොත් එපමණකින්ම දුෂ්චරිතය කිරීම පිණිස සිත අභ්‍යයන්තරයේ කැමැත්ත උපදවලා දීමට තිබෙන ස්‌වභාවය ක්‌ෂය වෙන්න පටන් ගන්නව.

දුෂ්චරිතය කරන්ට යම් කෙනෙක්‌ කැමති වෙනව නම්, පෙළඹෙනව නම්, ඒ පෙළඹවීම කැමැත්ත ඉපදෙන්නෙ ජීවිතයේ වයසට යන ස්‌වභාවය ගැන එයාට වැටහීමක්‌ නැති නිස යි. ලෙඩවීම ගැන එයාට වැටහීමක්‌ නැති නිස යි. මරණයට පත්වීම ගැන එයාට වැටහීමක්‌ නැති නිස යි. ඒ නොවැටහීම, අනවබෝධය මුල්වෙලා එයාගෙ ජීවිතය අභ්‍යන්තරයෙ දුෂ්චරිතය කරන්ට කැමැත්ත උපදිනව, පෙළඹවීම උපදිනව. ඊට පස්‌සෙ තව කෙනකුගෙ පෙළඹවීමකින් තොරව කැමැත්තෙන්ම එයා දුෂ්චරිතය කරනවා. ඉතා භයානක ස්‌වභාවයක්‌ තමයි මේ ජීවිතයෙ අභ්‍යයන්තරයෙ තිබෙන්නෙ. අපිට නොපෙනෙන අපේ ජීවිතය තුළ සැඟවිලා තිබෙන අනතුර අපි දැනගත්තෙ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් මයි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ජීවිතය පරිපූර්ණ අවබෝධය ඇතිකර ගැනීමට උපකාරවන දෙයක්‌. මේ ජීවිතයේ සම්පූර්ණ සැපවත් භාවයට දියුණු කරගන්ට උපකාර වන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මයි.

යම් කෙනෙක්‌ තමාගේ ජීවිතය ගිනි ගන්නා ස්‌වභාය, වයසට යන ස්‌වභාවය, ලෙඩ වෙන ස්‌වභාවය, මරණයට පත්වෙන ස්‌වභාවය පිළිගත්තොත්, තේරුම් ගත්තොත් එයා අන්න ඒ ධර්මයන් නිතර සිහි කරන කෙනෙක්‌ බවට පත්වෙනව. එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන වාසය කරන කෙනෙක්‌ බවට පත්වෙනව. එයාගෙ සිතේ නිවීම ඇතිවෙන්ට පටන් ගන්නව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා අපේ ජීවිතයේ ඇත්ත ස්‌වභාවය නිතර සිහි කරන්න. මොකක්‌ද ඒ ඇත්ත ස්‌වභාවය? වයසට යැම, ලෙඩ වීම, මරණයට පත්වීම. වයසට යැමත්, ලෙඩ වීමත්, මරණයට පත්වීමත් නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක්‌ තියා පුංචි ප්‍රශ්නයක්‌වත් එතන නෑ. වයසට යැමත්, ලෙඩ වීමත්, මරණයට පත්වීමත් කියන මේ අතිශයින් භයානක, දුක්‌ සහිත, දුකම උපද්දවන ස්‌වභාවයන් තිබෙන නිසාමයි අපි මේ සසරෙන් නිදහස්‌ විය යුත්තේ. ඒ ස්‌වභාවයන් තිබෙන තාක්‌ අපි අර්බුදයෙන් අර්බුදයට පැටලිලා, දුකෙන් දුකට පත්වෙලා අතිශයින් දුක්‌ සහිත වූ සසර ගමනක යන්ට සිදුවෙනවා. ඉතින් ඒ නිසා ජීවිතයේ තිබෙන මේ දුක්‌ ස්‌භාවය ගැන කල්පනා කරන්න. ඒ දුකින් නිදහස්‌ වෙන්න කැමති වෙන්න. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන උන්වහන්සේ දේශනා කළ ආකාරයට ජීවිතය හැඩගස්‌වා ගන්න මහන්සි වන්න.