හිත සුව දෙන භාවනාව බුදුදහමේ හදවතයි...

ශාස්‌ත්‍රපති, වැහිගල සාරද හිමි

සම්බුදු දහම තුළ මානසික සුවපත් බව ඇති කර ගැනීමෙහිලා නිර්දේශිත මාර්ගයන්ගෙන් භාවනාවට හිමි වනුයේ වැදගත් ස්‌ථානයකි. 'භාවනා' යන්නෙහි සරල සුගම අර්ථය වැඩීම, දියුණු කිරීම යනුයි. බෞද්ධ භාවනාව යනු යම් කුසල සිතිවිල්ලක්‌ මුල් කර ගනිමින් සිත වැඩීමයි. අභිධර්මාර්ථ සංග්‍රයෙහි ඒ බව සඳහන් කරනුයේ ''භාවෙති කුසලෙ ධමෙම ආසෙවති වඩෙඩති එතායාති භාවනා'' යනුවෙනි. භාවනාව කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීSන මිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්චා යන නීවරණයන්ගෙන් සිත මුදා පවිත්‍රත්වයට පත් කර චිත්ත ඒකාග්‍රතාව, ස්‌මෘතිය, බුද්ධිය, අධිෂ්ඨානය, වීර්යය, විවේචන ශක්‌තිය, ශ්‍රද්ධාව, ප්‍රීතිය, ශාන්තිsය ආදි ගුණයන් දියුණු කොට සියල්ල තත්ත්වාකාරයෙන් දක්‌නා ප්‍රඥාව ඇති කර නිවන අවබෝධ කිරීම අරමුණු කොට පවතින්නකි.

සම්බුද්ධ දේශනාගත අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ රෝග සූත්‍රයෙහි සත්වයන්ට කායික හා චෛතසික වශයෙන් රෝග ද්වයක්‌ වැළඳෙන බවත් එයින් කායික රෝග සුව කිරීම සඳහා බාහිර ප්‍රතිකර්ම කාලක්‍රමයෙන් කළ හැකි බවත් එහෙත් චෛතසික රෝගයෙන් මොහොතක්‌ හෝ මිදුණු සත්ත්වයකු ඟීණාශ්‍රවයන් වහන්සේලා හැර ලොව දුර්ලභ බවත් දේශනා කොට ඇත. (''දෙව මෙ භික්‌ඛවෙ රොගා කතමෙ දෙව ? කායිකො ච රොගො චෙතසිකො ච රොගො දිසසනති භිCඛවෙ සතතා කායිකෙන රොගෙන එකමපි වසසං, දෙවපි වසසානි, තීණිපි වසසානි, චතතාරිපි වසසානි, පඤචපි වසසානි ආරොග්‍යං පටිජානමානා,,. වසස සතමපි භියෙHdපි ආරොග්‍යං පටිජානමානා. තෙ භිCඛවෙ සතතා සුදුලලභා ලොකසමිං යෙ චෙතසිකෙන රොගෙන මුහුතතමපි ආරොග්‍යං පටිජානනති, අඤඤත්‍ර ‚ණාසවෙහි,.'')

මෙසේ හෙයින් සිතට භාවනාව පිරිසිදු කාරකයකි. බෙහෙතකි. පුද්ගලයාගේ චිත්තය ප්‍රකෘතියෙන්ම පිරිසිදුය. එහෙත් බාහිර ලොව තුළින් චCඛු, සොත, ඝාණ, ජීවහා, කාය, මන යන ඉන්ද්‍රියයන් මඟින් ඔහු ලබා ගන්නා අරමුණු අනුව සිත ක්‌ලිෂ්ට වේ.(''පභසසරමිදං භිCඛවෙ චිsතතං. තඤච ඛො අගනතුකෙහි උපක€ලෙසෙහි උපක€ලිටඨං,.) එයට හේතුව ලෙස බුදුරදුන් දේශනා කරන්නේ පුද්ගලයා සිත වැඩීමට දියුණු කිරීමට උත්සාහ නොකිරීම බවයි.

භාවනාව පිළිබඳ ඇතමෙකුගේ මතයක්‌ වන්නේ භාවනාව යනු හුදෙක්‌ මානසික ව්‍යායාමය සඳහා භාවිත වන්නක්‌ බවයි. එහෙත් බෞද්ධ පිටක ග්‍රන්ථයන්හි පැනෙන බොහෝ සූත්‍ර ධර්මයන්හි භාවනාව පිළිබඳ දක්‌වන කරුණුවලට අනුව එය එවැනි පටු අර්ථයක්‌ ප්‍රකට කරන්නක්‌ යෑයි පැවසීම සුදුසු නොවන බව පැහැදිලි කරුණකි. සූත්‍ර ධර්මයන්හි භාවනා යන වදන හා යෙදෙන පර්යාය පද රාශියක්‌ දක්‌නට ලැබේ. ඒවා අනුව සලකා බැලීමේදී භාවනා යන්නෙහි ගැබ්ව ඇති පුළුල් අර්ථය පැහැදිලි කරගත හැකිය.

ආසේවිත -(Frequented) නිතර සේවනය කරන ලද, භාවිත -(developed) වර්ධනය කරන ලද, බහුලීකත -(practiced frequently) බහුලව පුහුණු කරන ලද යානිකත - (Mastered)ත තමන් යටතට පත්කරන ලද : වත්ථුකත -( practiced Thoroughly) දැඩි ලෙස පුහුණු කරන ලද, අනුටඩත - (Experienced) අත් දක්‌නා ලද Ò පරිචිත -(accstomed) මනාව හුරු කරන ලද, සුසමාරදධ -(undertaken) මනාව ආරම්භ කරන ලද, මනාව භාර ගන්නා ලද.

මෙම අර්ථයන් හා සලකා බැලීමේදී භාවනාව යනු එදිනෙදා ජීවිතයෙහි සෑම ඉරියව්වක්‌ සමඟම සම්බන්ධ වූ යථාර්ථය බව පැහැදිලි කරුණකි. මුල් බුදු සමයෙහි භාවනා යන්නෙන් පුද්ගලයාගේ අංග සම්පූර්ණ සංවර්ධනයක්‌ අරමුණු කරයි. එහි අවස්‌ථා තුනකි. එනම්,

1. සීල 2. සමාධි 3. ප්‍රඥා යනුවෙනි.

සීල යන්නෙන් පුද්ගලයාගේ බාහිර චර්යාවන්හි සංවරය අපේක්‍ෂා කෙරේ. සමාධිය තුළින් මානසික ක්‍රියාකාරීත්වයෙහි සංවරයත් ප්‍රඥා යන්නෙන් මනා අවබෝධයේ සංවර්ධනයත් අපේක්‍ෂා කෙරේ. මෙම අවස්‌ථා තුන අතරින් සමාධිය හා ප්‍රඥාව පුද්ගලයාගේ මානසික සංවර්ධනය හා සුවපත් භාවය සඳහා යෙදෙන බව කිව හැකිය. එහි මුලින් දක්‌වන ශීsලය යනු පුද්ගලයාගේ බාහිර පැවැත්මෙහි සංවරය පිණිස වූවකි. බාහිර සංවරයකින් තොරව මානසික සංවර්ධනයක්‌ බුදුසමයෙන් අපේක්‍ෂා නොකෙරේ.



තවද මෙසේ විසුද්ධි මාර්ගයෙහිදි නුවණැති පුද්ගලයා ගැටලු නිරාකරණය පිණිස පළමුව සීලයෙහි පිහිටා බාහිර සංවරය ඇති කර ගෙන සිතත් ප්‍රඥාවත් වඩන බව සඳහන් කිරීමෙන් පැහැදිලි වේ. පුද්ගල කායික මානසික ක්‍රියාකාරීත්වයන් මෙහෙයවීම සිදු කරනුයේ මනසෙහි මූලිකත්වයෙනි.(මනොපුබබංගමා ධම්මා) මානසික සංවර්ධනය සඳහා බාහිර සංවරය අත්‍යවශ්‍ය අංගයකි. බාහිර සංවරයෙහිලා බුදුසමය අනුදක්‌නා පිළිවෙත වන්නේ ශීලයයි.

බුදුසමයෙහි ඉගැන්වෙන නිර්වාණගාමී පිළිවෙතෙහි මූලික අංගයක්‌ ලෙස ශීලය සඳහන් කරනුයේ එහෙයිනි. පංචසීලය, අෂ්ඨාංග සීලය, ආජීවටඨමක සීල, පාතිමොCඛසංවර සීල, උපසම්පදා සීල ආදි වශයෙන් විවිධ ස්‌වරූපයෙන් ශීලයන් නිර්දේශ කොට ඇත්තේ ගිහි හෝ පැවිදි සෑම පුද්ගයකුගේම මානසික සුවතාව ඇති කර ගැනීමේ පිළිවෙතෙහිලා මූලික අදියර නැතහොත් ප්‍රතිපදාව ශීලයක පිහිටා බාහිර චර්යා රටාවෙහි සංවර්ධනය ඇති කර ගැනීම වන හෙයිනි. ප්‍රධාන අරමුණ බාහිර චර්යාවෙහි සංවර්ධනය වුවද සීල සංවරය මානසික සංවරය කෙරෙහිද බලපෑම් ඇති කරයි. ඊට හේතු වන්නේ පුද්ගල කායික හා වාචසික ක්‍රියාකාරීත්වයන් නිතැතින්ම මනස හා බැඳී පවත්නා හෙයිනි. පුද්ගලයාගේ මනසෙහි ස්‌වරූපය ඔහුගේ බාහිර ක්‍රියාකාරීත්වය අනුව හඳුනා ගත හැකිය. කරුණු මෙසේ හෙයින් බුදුසමයෙහි ඉගැන්වෙන භාවනාව පුද්ගල බාහිර ක්‍රියාකාරීත්වයෙන් වෙන් කළ හැකි අංගයක්‌ වශයෙන් සැලකිය හැකි නොවේ.

ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව ඉන්ද්‍රිය සංවරය ලෙස දක්‌වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොටඨබභ යන ඉන්ද්‍රිය ගෝචර ආරම්මණයන්ගෙන් තම ඉන්ද්‍රියන්ගෙන් දුරස්‌ථව තබා ගැනීම නොව, එම බාහිර අරමුණු පඤ්ෙච්න්ද්‍රියන්ට ගොදුරුවීමේදී ඒ පිළිබඳ ශුභ හෝ අශුභ වශයෙන් ගෙන ඒ හා ඇලීම් හා ගැටීම් ඇති කර නොගැනීම බවයි. උත්තර නම් මානවකයා බුදුරදුන් වෙත පැමිණ තම ආචාර්යවරයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන බව සඳහන් කළ විට ඒ කෙසේදැයි බුදුරදුන් විමසූ විට ඇසින් රූප දැකීම කනින් ශබ්ද ඇසීම ආදිය නොකිරීම ඉන්ද්‍රිය භාවනාව නම් වන බව උත්තර තෙම පැවසීය. එහිදී බුදුරජාණෝ ඇස සංවර කර ගනුවස්‌ රූප බැලීමාදියෙන් වැළකී සිටීම සොතේන්ද්‍රීය සංවර කර ගනුවස්‌ ශබ්ද නොඅසා සිටීම ඉන්ද්‍රය සංවරයක්‌ වන්නේ නම්, අන්ධ හා බිහිරි පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය සංවරය කෙතරම් සංවර්ධනය විය යුත්තේදැයි පෙන්වා දෙන සේක.

මෙහිදී අවධානය යොමු කළ යුතු වන වැදගත් කරුණක්‌ වන්නේ නූතන සමාජයට භාවනාවෙන් අපේක්‍ෂා කරන කාර්ය සාධනය වඩාත් සාර්ථක වීමට නම්, පුද්ගල බාහිර චර්යාව හා මානසික චර්යාව යන අංශද්වය එක්‌වරම සංවර්ධනය කළ යුතු බවය. අපගේ එදිනෙදා ජීවන අත්දැකීම් සියල්ල ෂඩ් ඉන්ද්‍රියන් හා බැඳී අපට වඩාත් සමීප වේ. එයට හේතුව නම්, අප ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකය විෂයෙහි අත්‍යන්තයෙන්ම බැඳී සිටින හෙයිනි. ලෝකය ප්‍රතිබද්ධව පවත්නා බුද්ධි හා විශ්වාස යන අංශ දෙක ජීවිතයෙන් බොහෝවිට දුරස්‌ව පවතී. එම නිසා ජීවිතය හා බැඳී පවත්නා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව පවත්නා සත්‍ය අවබෝධ කොට ගැන්ම පුද්ගල ජීවිතය වඩාත් සාර්ථක කර ගැනීමට හේතු වේ. මේ සඳහා බුදුසමයෙහි ඉගැන්වෙන ක්‍රමවේදය වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවන් අනුපූර්ව වශයෙන් ප්‍රගුණ කිරීමයි.

මානසික සුවය සඳහාම බුදුසමය තුළ ප්‍ර්‍රකට වන භාවනාව පිළිබඳ සඳහන් කිරීමේදී සෝණ සූත්‍රයෙහි දක්‌වන්නේ අධික ලෙස වීර්යය කිරීමත් මන්දෝත්සාහී වීමත් ප්‍රතික්‌ෂේප කරන බව පෙනේ. බොහෝ දෙනකුගේ අදහස වන්නේ භාවනාව යනු හුදෙකලා ස්‌ථානයකට වී අනෙකුත් වැඩ කටයුතුවලින් ඉවත්ව එක්‌තැන්ව සිටීමක්‌ ලෙසය. එහෙත් භාවනාව යන්න අටුවාවල අර්ථ ගැන්වීමට අනුව නම්, කුසල් සිත්හි වැඩීමයි දියුණු කිරීමයි. කුසල ධර්ම යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ සිත කය වචන යන තිදොරින් සිදු කෙරෙන යහපත් ක්‍රියාවන්ය. මනස මූලික කර ගත්විට ක්‌ලේශ මූලයන් ලෙස සැලකෙන රාග, දෝස, මෝහ යන අකුසල්වලට ප්‍රතිපක්‍ෂ අලෝභ අදෝෂ අමෝහ යන කුසල සිතිවිලි මුල්කර ගනිමින් සිත කය වචන තිදොරින් සිදුකෙරෙන යහපත් ක්‍රියාවන්මය. භාවනා යන්න ආධ්‍යාත්මික ගුණයන් සංවර්ධනය කිරීම වශයෙන්ද යෙදෙන බව කිව හැකිය.

මෙම කරුණු කාරණා සැලකිල්ලට ගත් කල්හි බුදුසමය තුළ අනුදක්‌නා ප්‍රායෝගික භාවනා ප්‍රභේද වන 1.සමථ භාවනා (සමාධි භාවනා, චිතත භාවනා) 2. විදර්ශනා භාවනා (ත්‍රිලක්‍ෂණ භාවනා, පඥ භාවනා) ආදි ක්‍රමාභ්‍යාස තුළින් පුද්ගලයාගේ සම්පූර්ණ චරිත සංවර්ධනය හා මානසික සංවර්ධනය පරම අරමුණු වන අතර එය බුදු සමයේම අනන්‍ය වූ සුවිශේෂී ඉගැන්වීම ලෙස පවතී. අප ද එය සිත සුව පිණිස දෛනිකව පසක්‌ කරගත යුතුමය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.