05/01/2010

පරංගින් අපට හුරු කළ
වෛරකාර දේශපාලනයෙන්
දැන්වත් ඉවත් විය යුතුයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
රුවන්වැල්ලේදී කියයි

පසුගිය වසර හතරක කාලයේදී
මේ ජනතාව ඉල්ලුවේ රට ත්‍රස්‌ත
වාදයෙන් නිදහස්‌ කර දෙන ලෙසයි.
2005 දී මම ජනතාවට පොරො
න්දු වුණේ ත්‍රස්‌තවාදය නැති කරලා
ඒකීය රාජ්‍යයක ජීවත් වන්න
සමස්‌ත ජනතාවටම ඉඩ ලබා
දෙන බවයි. ඒ පොරොන්දුව
මම අකුරටම ඉටු කළා.


01/01/2010

නිවුණු සැනසුණු ශ්‍රී ලාංකීය සමාජයක්‌ සමග සහජීවනයෙන් ජීවත් වන රටක්‌ අපට අවශ්‍යයි
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අනුරපුරදී කියයි

      

අපහාස කරනකොට වෛරයෙන් ක්‍රෝධයෙන් අපි දිහා බලලා අපට ගරහනකොට අභූත චෝදනා අපට ඉදිරිපත් කරනකොට අපි කඩාහැළෙන්නේ නැතිව ක්‍රෝධයෙන් වෛරයෙන් පහර නොදී සිනා සිසී ඒවාට මුහුණ දෙන්න අපිට ශක්‌තිය ලැබුණෙත් ඒ කුඩා කල දහම් පාසලෙන් ලබපු අධ්‍යාපනය නිසා කියලා මම විශ්වාස කරනවා.


30/12/2009

සමගි සම්පන්න රටක්‌ ගොඩනැගීම
මට අභියෝගයක්‌ නොවෙයි
අවුරුදු 4 ක්‌ එකට
වැඩ කළ නිසා
මම ෆයිල් එළියට
දාන්නේ නැහැ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ


අපේ හමුදාපතිවරයා සැල්වේෂන්
හමුදාවේ (ගැලවීමේ හමුදාවේ) නායකයා කරන්නත් සුදුසු නැහැ කියනකොට ඒවට උත්තර සපයන්නත් අපට සිද්ධ වුණා.
අපි ගහන්න හදනකොට ඒකට විරුද්ධව අපේම අය පෙළපාලි ගියා. මානව අයිතිවාසිකම් කොමිසන් සභාව එනවා. අනිත් පැත්තෙන් කථා කරනවා අහනවා ළමා සොල්දාදුවන් ගැන.
ළමා සොල්දාදුවන් අරන් යන්නේ ප්‍රභාකරන්, ඒත් උත්තර දෙන්නේ මම, මේවා තමයි පහුගිය දවස්‌වල වුණේ.


29/12/2009

ත්‍රස්‌තවාදය නිසා අවතැන් වූ සියලූ දෙනාම
පෙර සිටි භූමියේම ළඟදීම පදිංචි කරනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මේ රටේ මින් මතුව සුළු ජාතීන් කියා කිසිවෙක්‌ නැහැ. මේ දේශයට ආදරය කරන සෑම දෙනාම ශ්‍රී ලංකා මාතාවගේ දරුවෝ. අද ඔබ සැමටම නිදහසින්, සතුටින් හා ආරක්‍ෂාකාරීව ජීවත්වෙන්න පුළුවන්. රට පුරාම අපි සංවර්ධන කටයුතු දියත් කර තිබෙනවා. පල්ලියට යන්න, කුඹුරට යන්න, මුහුදට යන්න, දරුවන්ට පාසල් යන්න, පොළට යන්න, ගමන් යන්න දැන් කිසිම බයක්‌ නැහැ.


16/12/2009

ලෝකයේ වඩාත් ඉදිරියෙන් සිටින
ශ්‍රී ලංකාවක්‌ අනාගත පරපුරට උරුමකර
දීමට සියලූ දෙනා අත්වැල් බැඳගනිමු

ජනපති අරලියගහ මැඳුරේදී
කිරි ගොවි සම්මේලනය අමතමින් කියයි

          
තමන් ඉපදුන මාතෘ භූමියට ආදරය කරන ජාතියක්‌ තමයි අපට අවශ්‍ය. ඒ ජාතිය අපි ගොඩනැගිය යුතුයි. මේ ඔබෙයි මගෙයි මවුබිම, අපි ජීවත්වෙන මවුබිම, ඉපදුන හැදුනු වැඩුනු සහ මියෑදුනම මිහිදන් වන මාතෘ භූමියයි. ඒ නිසා අන් සියලු දේට වඩා මේ මාතෘ භූමිය වැදගත් වෙනවා. ඔබේ දූ දරුවන්ට, අනාගත පරපුරට හොඳ රටක්‌ ලෝකයේ ඉතාම ඉදිරියෙන් ඉන්න ලංකාවක්‌ ගොඩනගන්න අපි අත්වැල් බැඳගනිමු.


15/12/2009

අපේ අත්වල මඩ නැහැ! ලේ නැහැ
අපි දුන් පොරොන්දු ස්‌ථිරවම ඉටුකරනවා

අරලියගහ මැදුරේ පැවැති වෘත්තීය සමිති
නියෝජිත හමුවේදී ජනපති මහින්ද කියයි

රණවිරුවෝ මේ රටේ වැඩ කරන ජනතාවගේ දරුවෝ. එදා මම පැහැදිලිව කිව්වා නොයෙක්‌ චෝදනා ඉදිරිපත් කරනකොට ජාත්‍යන්තරයේ, විපක්‍ෂය චෝදනා කරනකොට එදා ඒවට උත්තර දෙන්න අපි ඉදිරිපත් වුණා. අපි කිව්වා රණවිරුවන්ට බනින්න එපා. රණවිරුවන්ට චෝදනා කරන්න එපා. ඒ චෝදනා මට කරන්න කියලා.


15/12/2009

විජයග්‍රහණය ආපසු හැරවීමට ඉඩ නොදෙමු
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

එදා පාතාලයත් එක්‌ක දේශ
පාලනඥයෝ සම්බන්ධ වෙලා
තමයි පාතාලය පොලිසියට
ලොකුම හිසරදයක්‌ වුණේ. පාතාල
සාමාජිකයන් නිදහසේ සැරිසරන
කොට පොලිසියයි බැණුම් ඇහුවේ. දේශපාලනඥයෝ, මැති ඇමැතිවරු පාතාලය ආරක්‍ෂා කරනකොට පොලිසිය ගිරයට අහුවුණු පුවක්‌ ගෙඩියක්‌ වගේ වුණා. බලපෑම්වලට යටත් නොවී ඒවා ක්‍රියාත්මක කරන්න අපි පාතාලය මර්දනය කරන්න පොලිසියට බලය පැවරුවා.


11/12/2009

දේශදෝහී බලවේග කුමන වෙස්‌ ගෙන පැමිණියත්
මවුබිමට එරෙහි සියලූ අභියෝග පරදවා
මවුබිමේ ජයග්‍රහණයට කැප වී ක්‍රියා කරනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

එදා කොටි උසාවිවල, සෙරප්පු දෙකක්‌ දැම්මොත්, රත්තරන් මාලයක්‌ දැම්මොත් ඒකටත් බදු ගෙවන්න නියම කරපු සමාජයක්‌ තිබුණේ. ගෙනයන හැම දේටම බදු ගහනවා. මේවා දැන් වෙනස්‌ වෙලා. මේ සමථ මණ්‌ඩල ලොකු සහනයක්‌ වේවි. මගේ විශ්වාසය කලක්‌ යන විට මේවා ධර්මාධිකරණ බවට පත්විය යුතුයි කියලයි.


රට දැය ගැන හැඟීමක්‌ නැති
දේශපාලන ආබාධිතයන් හැර වෙනත්
ආබාධිතයන් අප සමාජයේ නැහැ

ආබාධිතවූවන්ගේ ජාත්‍යන්තර දින උළෙල අමතමින් ජනපති කියයි

මට පේන්නේ නැහැ
අද සමාජයේ ආබාධිතයෝ ඉන්නවා කියලා. අද ඉන්නේ දේශපාලන ආබාධිතයෝ. ඔවුන්ට රටක්‌ ගැන හැඟීමක්‌ නෑ. ජාතියක්‌ ගැන හැඟීමක්‌ නැහැ. සාරධර්ම පිළිබඳ හැඟීමක්‌ නැහැ. අපි රණවිරුවන්ට කොයිවෙලාවේවත් අපහාස කරන්නේ නැහැ. අපි පසුගිය කාලයේ වැඩකළේ රට බේරාගන්න රටට සංවර්ධනය ගේන්න .
 


 

  05/01/2010

මා ජනපති වූ පසුව
නීති විරෝධී අවි දරා
සිටින අය නිරායුධ කරනවා

ජනාධිපති අපේක්‌ෂක සරත් ෆොන්සේකා


අප සියලු දෙනා අද එකමුතුව
එකම වේදිකාවකට ගොඩවී
සිටින්නේ ගිවිසුම් අත්සන් කොට
නොවේ. අප මෙලෙස එකතුවී
සිටින්නේ අප අතර තිබෙන විශ්
වාසය මත ගොඩනැඟුණ එකඟතා
වයන් මතයි. මේ නායකයන්ගේ
ඉල්ලීම මත ඔබට නායකත්වය
දීම සඳහා මා මේ තීරණය ගත්
බව කිව යුතුයි.


සාමය මතින් රට සූරාකන
ඇම්බැට්‌ටයන්ගෙන්
මෙරට ජනතාව
බේරා ගැනීමට
මා එළියට බැස්‌සා

ජෙනරාල් සරත් ෆොන්සේකා
බොරැල්ල කැම්බල්පිටියේදී කියයි


මම හමුදා පාලනයක්‌ ගෙන එන
බවට චෝදනා කරනවා. මම හමුදා
පාලනයක්‌ ගෙන එනවා නම් ඒ
දවස්‌වලම කරනවා. මම උතුරට
බලඇණි එකසිය පනහක්‌ යෑව්වා.
ඒ බලඇණි වලින් හතරක්‌ කොළඹ
පැත්තට හැරෙව්වා නම් මට එදාම
හමුදා පාලනයක්‌ ගෙන යන්න
තිබුණා.


01/01/2010

යුද සමයේදී දෙවතාවක්‌ම
මරණීය තුවාල ලැබුවත්
ජයග්‍රහණය තෙක්‌ මම
මේ රටේ ජනතාව
හැර ගියේ නැහැ

ජෙනරාල් සරත් ෆොන්සේකා කියයි
නිල ඇඳුමට ආයුබෝවන් කියලා මම ඔබ වෙනුවෙන් මේ ව්‍යාපාරයට බැස්‌සා. අස්‌වීමේ ලියුම බාර දුන්න දවසේ ඉඳල එතන ඉතුරු වෙලා ඉන්න ඇම්බැට්‌ටයො, කටුකන මිනිස්‌සු කටු ලෙවකන අය මට කියන්න පටන් ගත්තා මම ෙද්‍රdaහියෙක්‌ කියලා. මේ පාලකයන්ගේ දූෂණවලටත්, කටු ලෙවකන්නන්ගේ ක්‍රියා පටිපාටියටත් ෙද්‍රdaහිවෙලා තමයි මේ පියවර ගත්තේ මහජනතාව වෙනුවෙන්.


30/12/2009

රාජපක්‍ෂලාගේ
කටු ලෙවකන අයට
රට වනසන්න
ඉඩ දෙනවාද කියා
මෙවර තීරණයක්‌ ගන්න

ජෙනරාල් සරත් ෆොන්සේකා

විවාදයකට පැමිණෙන ලෙස එක්‌ අයෙක්‌ පසුගියදා මට අභියෝග කර තිබෙනවා. මා සමඟ මැතිවරණ සටනට පැමිණ සිටින ජනාධිපතිට විවාදයකට පැමිණෙන ලෙස ආරාධනා කළා. බීරි අලියෙකු සේ ඔහු ඊට ප්‍රතිචාර නොදක්‌වා සිටිනවා. ජනාධිපතිගෙන් වැටෙන කටු ලෙවකන පුද්ගලයෙක්‌ විවාදයකට පැමිණෙන ලෙස මට අභියෝග කරනවා.
කටු කන පුද්ගලයන් සමඟ මා විවාදයකට යන්නේ නැහැ. මා මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්‍ෂයේ එවැනි කටු ලෙවකන පුද්ගලයන් නැහැ. එසේ සිටියා නම් එවැනි පුද්ගලයෙක්‌ ඔහු සමඟ විවාදයට යවන්න තිබුණා.


29/12/2009

ඒකාධිපති වියරුව පරාජය කරන්න ලැබෙන
අවසාන අවස්‌ථාව පැහැර හරින්න එපා

ජෙනරාල් සරත් ෆොන්සේකා
ජනාධිපති ලේකම්වරයා මාගේ නිවසට පැමිණ පැය දෙකකට අධික කාලයක්‌ සාකච්ඡා කොට ඇමැති ධුරයක්‌ ලබාදීමට උත්සාහ කළත් මා එය ද ප්‍රතික්‌ෂේප කළා. අවසානයේ ආරක්‍ෂක ලේකම්වරයා මට බැගෑපත් වී "අනේ සරත් මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා සමග විසඳා ගන්නැ"යි ප්‍රකාශ කළා. අවශ්‍ය නම් තමා යටතේ ඇති මහජන ආරක්‍ෂාව හා නීතිය යන කොටස බාර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියා. එයද මා බාර ගත්තේ නැහැ.


16/12/2009

මට මඩ ගහන ව්‍යාපාරයක්‌ දියත් කරලා :
කොටි සංවිධානයේ කිසිදු නායකයකු
සුදු කොඩි ඔසවා භාරවීමට ආවේ නැහැ

ජෙනරාල් ෆොන්සේකා කියයි
සුදු කොඩි ඔසවාගෙන යටත් වීමට පැමිණෙන නායකයන් ඇතුළු සියලු දෙනා ඝාතනය කරන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ක්‍රියාන්විතයේ සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් නියෝග කළ බව තමන්ට මාධ්‍යවේදියකු පැවැසුවේ යෑයි තමන් සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කළ බව ෆොන්සේකා මහතා අනාවරණය කළේය.

තමාගේ එම ප්‍රවෘත්තිය වැරැදි අර්ථයක්‌ වන ආකාරයට වාර්තා කර පළකිරීම හේතුවෙන් ඉන් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ උත්සාහයක ඇතැම් දේශපාලනඥයන් නිතරව සිටින බවට ඒ මහතා චෝදනා කළේය.


15/12/2009

විධායකය අහෝසි කරන්න බැරි වුණොත්
මා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්‌වෙනවා

ජෙනරාල් සරත් ෆොන්සේකා
විශ්‍රාම යන මොහොතේ දී හමුදාපතිකම දුන්නා කියා ප්‍රතිවාදියා සහ ඔහුගේ සහෝදරයා මුසාවාද පවසනවා. හිටපු ජනාධිපතිනිය විශ්‍රාම යන වයස අවුරුදු පනස්‌අට දක්‌වා ඉහළ දැමුවා. මට විශ්‍රාම යන්න තිබුණේ අවුරුදු පනස්‌ අටේදී. රට මුළාකරන කතාවලට ජනතාව රැවටෙන්නේ නෑ. මාව හමුදාපති කළේත්, යුද්ධ කරන්න ඉගැන්නුවේත් ඔවුන් කීවා. අවුරුදු පහළොවක්‌ රටින් පැනලා පරිගණක විෂය කළා. පරිගණක විෂයට හමුදාවට ගන්නේ කෝප්‍රල් තනතුරට. මේ පුද්ගලයා කොම්පියුටර් සමග යුද්ධ කරද්දී ඒ වසර විස්‌සේදී මා රට වෙනුවෙන් යුද්ධ කළා.


දූෂණය භීෂණය නැතිකර සාමය ගෙනෙනවා
සංවර්ධනය ඉදිරියට ගෙන යා
හැකි ව්‍යවස්‌ථානුකූල වෙනස්‌ කිරීම්
ඇති කිරීමටත් පියවර ගන්නවා

ජෙනරාල් සරත් ෆොන්සේකා කොළඹදී කියයි

ත්‍රස්‌තවාදීන් විසිතුන්
දහසක්‌ ඝාතනය කළේ යුද හමුදාවයි. අනෙක්‌ හමුදා උදව් කළා. මගේ අය දවසෙ පැය විසිහතරම, අවුරුදු දෙකයි මාස නවයක්‌ සටන් කළා. අනෙක්‌ අය එහෙම නොවේ. යුද්ධයට ජනතාව ආශිර්වාද කළේ නැත්නම්, ලක්‍ෂයක්‌ හමුදාවට බැඳුණේ නැත්නම්, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය, විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් නොසිටියා නම් යුද්දෙ දිනන්න බැහැ. හමුදා භෝජනාගාරයේ සේවකයාත් නොසිටියා නම් මේ යුද්ධය දිනන්න බැහැ. ඒත් හැම තැනම කටවුට්‌ ගහලා ගෞරවය ගන්නේ එක්‌ පුද්ගලයෙක්‌ විතරයි.


12/12/2009

මං මගේ ආරක්‌ෂාවත් පරදුවට තබා
මේ අභියෝගය බාරගත්තා

ජෙනරාල් සරත් ෆොන්සේකා

රටේ ජනතාව
මාව තේරුවොත් ජනාධිපතිවරයා
හැටියට මම ඉන්නවා. මට එය අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙනවා. නමුත් රට පාලනය කළ යුත්තේ රටට වගකියන පාර්ලිමේන්තුවක්‌ හරහා. ඒ සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය වියයුතුයි. එහිදී ජනාධිපතිට බලතල තිබිය යුතුයි. රට පාලනය කරන පාර්ලිමේන්තුව වැරදි කරනව නම්, ඒවා නිවැරැදි කරන්න. එතැනයි වෙනස තියෙන්නේ.


ඒකාධිපති ජනාධිපති කොඩිවිනය
අනිවාර්යයෙන්ම අහෝසි කරනවා

ජවිපෙ වෘත්තිය සමිති නියෝජිත හමුවේදී ජෙනරාල් කියයි

මා දේශපාලනයට
පැමිණ රටේ සිටින
උසස්‌ම, පරිණත දේශපාලන
ඥයකු සමඟ මුහුණට මුහුණ
ලා හැප්පෙනවා. එය කොතරම් භාරධූර
ද කියා දන්නවා. මා ඉදිරියේ තිබූ
අනෙකුත් අභියෝගවලට මුහුණ
දුන්නා වගේ මේ අභියෝගයටත්
තීරණාත්මකව මුහුණ දී මෙය
ජය ගන්න මට හැකිවන බව
විශ්වාසයි.
 


 

 

 

           
           
           
           
           
           
           
           
 
 
 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් පුද්ගලික සමාගම
        223 බ්ලූමැන්ඩල් පාර කොළඹ 13