නැගෙනහිර බෞද්ධ උරුමය දැක
සුසුම් හෙලීමෙන් වැඩක්‌ වේද?


උතුර සහ නැගෙනහිර ප්‍රදේශ කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නිදහස්‌ කර ගත් පසු රටේ අන් ප්‍රදේශවාසීහු මේ මුදාගත් ප්‍රදේශවල සිද්ධස්‌ථාන වන්දනාවේ යැම මේ වන විට වර්ධනය වෙමින් පවතින බව පෙනේ. පසුගිය පොසොන් පොහොය වනවිට විශාල වන්දනාකරුවන් පිරිසක්‌ උතුරට ඇදී ගියහ. මග දෙපස වාසීහු මේ පිරිසට සිරිත් පරිදි ඔසුපැන්, සව්කැඳ මෙන්ම බතින්ද සංග්‍රහ කරන්නට අමතක නොකළහ.

අනුරාධපුරයට නොගොස්‌ හබරණ ඔස්‌සේ නැගෙනහිරට යැම මගින් නිස්‌කලංක වන්දනාවක යෙදීමට හැකිවේ යයි සිතූ බැවින් අපගේ ගමන වූයේ ත්‍රිකුණාමල දිසාවටයි. පුරාණ ගොකණාථතිත්ථය නමින් ප්‍රකටව තිබූ මේ වරාය සහ නගරය නැගෙනහිර වෙරළේ අතිශයින් වැදගත් ස්‌ථානයකි. ඒ අසල කොට්‌ටියාර් බොක්‌කයි. රොබට්‌ නොකොස්‌ද සිර භාරයට ගැනුනේ මෙහිදීය.

ගෝකණ්‌ණතොට පැරැණි ශුද්ධ භූමියකි. රාවණා රජුගේ කාලයේදී එහි සූර්ය දේවාලයක්‌ තිබූ බව කියෑවෙයි. පසුව එහි ගෝකණ්‌ණ විහාරය විය. මෙම විහාරය පරංගීන් විසින් ගිනි තබා විනාශ කර ඇත. අටවන සියවසේදී පස්‌වන අග්ගබෝධි රජු විසින් මෙම විහාරයේ කරවන ලද පධානඝරයේ පාදම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදී මතුකර ගන්නා ලදී. එසේම එහි තිබූ බුද්ධ ප්‍රතිමා සහ පුරා වස්‌තු රාශියක්‌ද මතු කර ගත් බව සඳහන්ය. පසුගිය වසර තිහක කාලයක්‌ පුරා පැවැති භීෂණ සමයේ දී මේ නටබුන් සියල්ල වසා කොන්ක්‍රීට්‌ දමා තිබීම අතිශයින් සංවේග ජනකය.

මේ සියල්ලම ත්‍රස්‌ත යුද්ධයෙන් සහ සාමයෙන් වසා ඇති බැවින් වත්මන් වන්දනා පරපුර ගෝකණ්‌ණ විහාර නටබුන් තනා ඇති කෝණේශ්වර කෝවිලට ගොස්‌ වැඳ පුදාගෙන එති. මුවින් නොබැන ඒ පූජනීය කඳු සිඛරයෙන් පල්ලමට බැස්‌සෙමු. කොටුවේ පසෙක පිහිටා තිබෙන වත්මන් ගෝකණ්‌ණ විහාරයද වැඳ පුදාගෙන ත්‍රිකුණාමල කොටු දොර කඩින් ඈත් වුණෙමු.

වැලිවිට සංඝරාජ හිමියන් ගේ මග පෙන්වීම මත සියම් රටින් උපසම්පදාව රැගෙන උපාලි මහ තෙරුන් ප්‍රමුඛ සියම් භික්‍ෂූන් වහන්සේලා ඔස්‌කා බෙල් නමැති නැවෙන් පැමිණ ත්‍රිකුණාමල වරායට පිවිසියේ ක්‍රි.ව. 1753 වර්ෂයේදීය. ඇහැලේපොල අධිකාරම මහනුවර සිට පැමිණෙන තෙක්‌ උන් වහන්සේලා එහි පොරොත්තුව සිටියහ. මේ සිද්ධිය අනුස්‌මරණය කිරීම සඳහා ත්‍රිකුණාමල නගරයේ බෝධීන් වහන්සේලා සතර නමක්‌ රෝපණය කර ඇත. ඒවා අදත් ජීවමානව වැඩ සිටී. එහෙත් වන්දනාකරුවන්ගේ ඇස නොගැටේ.

ත්‍රිකුණාමලයට පැමිණෙන වන්දනාකරුවන් ගේ ප්‍රීතියට හේතුවන ප්‍රධානතම විවේක ස්‌ථානය නිලා වැල්ලයි. (නිලාවේලි) නිල්වන් මුහුදු තීරයත්, එහි පවතින පිරිසිදු වැල්ලත් සොභාව සෞන්දර්යත් කාගෙත් සිත් සනසාලයි. එහි මඳක්‌ නැවතී මුහුදේ ස්‌නානය කොට පිරිසිදු වී සිද්ධස්‌ථාන වන්දනාවේ යැම වරදක්‌ නැත.

ත්‍රිකුණාමල පුහුල් මොටේ (පුල්මුඩේ) මාර්ගය තීරු දෙකක්‌ සහිතව අලුතින් ඉදිවී ඇත. රත්කන්ද (එරක්‌කණ්‌ඩි) පාළම ද නවීකරණය වී තිබේ. මාවත දෙපස නැවත පදිංචිකරන ලද දෙමළ මුස්‌ලිම් ජනතාව වෙති. ඔවුන්ගේ දිවි පෙවෙත සරුසාරය. ඒ ගොවි බිම්වල නිල්ල ගසන රතුලූනු වගාව නව ආර්ථික ප්‍රවර්ධනයක අනාගතය පෙන්වා දෙයි.

ත්‍රිකුණාමල මුහුදු තීරයේ උතුරට වන්නට හමුවන පළමුවන සිද්ධස්‌ථානය කුස්‌වෙලයි. (තුච්ඡවේලී) ලංකාවේ ස්‌ථූප විකාශනයේ හැඩරුව පෙන්වන ක්‍රි.ව. හයවන සියවසට අයත් රූකම් සහිත සංස්‌කෘත සෙල් ලිපියක්‌ මෙහි පවතී. මෙහි කරන ලද ගවේෂණයන්හිදී සහ කැණීම්වලදී ක්‍රි.ව. නවවන සහ දසවන සියවස්‌ වලට අයත් ආරම සංකීර්ණයක අවශේෂ හමුවී ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉතා කලාත්මක බුදුපිළිම හිස්‌ද මෙහිදී හමුවී තිබේ. කුස්‌වෙල විහාරය පසුකොට තවත් උතුරට විහිදී ගිය මාවතෙහි ගමන් කරන විට යුද හමුදා මාර්ග බාධකයක්‌ හමුවේ. ඉන් වමට හැරී ගිය කල්හි ක්‍රි.පූ. යුගයේ ලංකාවේ නිර්මාණය කරන ලද පළමුවැනි විහාරයේ නටබුන් හමුවේ. එය වර්තමානයේදී හඳුන්වනුයේ තිරියායි වටදාගේ යනුවෙනි. බෝසතුන් වහන්සේ බුද්ධත්වයට පත්ව කිරිපලු වනයෙහි වැඩ සිටින විට උන්වහන්සේ වෙත පළමු දානය පිළිගැන්වූ තපස්‌සු සහ භල්ලුක වෙළෙඳ දෙබෑයින් තමන්ට වැඳ පුදා ගැන්මට ලබාදුන් කේශ ධාතු කරඬුවක තැන්පත් කොට තබා ගත් බව පූජාවලියේ සඳහන්ය. ගැල් පන්සීයක වෙළෙඳ ශේ්‍රණිය තපස්‌සු භල්ලුක කණ්‌ඩායම වෙළෙ¹ම පිණිස කලෙක දී ලංකාද්වීපයට පැමිණියේය.

ලංකාවේ ඊශාන දිග වෙරළේ යාන්ඔය මුහුදට වැටෙන තැන ගල් වරායට (කල්ආර්) ගොඩබට මේ දෙදෙනා සහ පිරිස දර පැන් සොයා රට තුළට පැමිණි බවද පසුව හිරිහඬු නම් ස්‌ථානයේ ගිරි සිඛරයක්‌ මත්තේ කරඬුව තැන්පත් කර තබා බත් පිස අනුභවකොට ආපසු යන්නට කරඬුව ඔසවන්නට තැත් කළ කල්හි එතනින් ගත නුහුණු බවද පූජාවලියේ සඳහන්ය. වෙළෙඳ දෙබෑයන් දෙදෙනා කරඬුව පාෂාණ ගොඩකින් වසා පූජා පවත්වා ආපසු ගිය බවද සඳහන්ය.

වත්මන් හිරිගඬු ෙච්තිය සරය ඉතිහාසයේ නොයෙක්‌ අවස්‌ථාවලදී විවිධ වාස්‌තු නිර්මාණ මගින් විකාශනය වූවකි. අටවන සියවසේ සයවන අග්ගබෝධි රජ සමයේ ලියෑවුණු සංස්‌කෘත පද්‍යමය සෙල්ලිපියක්‌ මෙහි ගල් තලාවක වෙයි. ඒ මගින් කේශ ධාතු චෛත්‍ය පිළිබඳ පුවත මානසේ සනාථ වේ. මෙහි ඉතිහාසය බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි ක්‍රි.පූ. සයවන සියවස දක්‌වා දිවෙන බව නිසැකය. මෙම පර්වතයේ ලෙනක තිබෙන ක්‍රි.පූ. යුගයට අයත් සෙල් ලිපිය මගින්ද එය සනාථ වේ. ඉන්දියාවේ ශාක සංහාරයෙන් පසුව ඉතිරි වූ ශාක්‍යන් අතරින් පිරිසක්‌ ලංකාවට පැමිණි බව පෙනේ. අමිතෝදන ශාක්‍ය කුමරුගේ පුත් චෝරශාක්‍ය ද මෙසේ ලංකාවට පැමිණියෙකි.

ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ තඹ නිධි සොයා පැමිණි ඔවුහු වෙළෙඳ තොටුමුණු ආශ්‍රිතව සිය බලය පතුරුවා ගත්හ. එසේම රහතුන් වන්සේලා උදෙසා ගල් ලෙන් සකස්‌ කොට පූජාකරමින් බුද්ධ ධර්මයේද පිහිටා සිටියහ. චෝර ශාක්‍ය නොහොත් චොරිකිය මහතිස සටහන් කළ ලෙන් ලිපියක්‌ ත්‍රිකුණාමල මඩකලපු පාරේ දෙහිවත්තේ (ඉච්චලම් පට්‌ටෙ) හිදී දක්‌නට හැකිය. සම්පූර්ණ නැගෙනහිර පළාත පුරාවටම මේ ශාක්‍ය කුමරුවන්ගේ බෞද්ධ බලය පැතිර තිබුණු බවට සාධක හමුවේ.

වාර්තමාන හිරිගඬු ඓaතිය ඝාරය 1951 දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කරනලද සංරක්‍ෂණයෙන් පසු ජිවමාන බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ලෙසට වැජඹේ. නමුත් වසර තිහක ඊළාම් යුද්ධයේදී මේ ප්‍රදේශය රටේ මධ්‍යගත පාලනයෙන් ගිලිහී පැවතිණ. කොටි ත්‍රස්‌තවාදීහු මෙහි පැවැති බෞද්ධ ආරාමයක්‌ වනසා දමා එහි කොටි කඳවුරක්‌ පවත්වාගෙන ගියහ.

වීරෝදාර හමුදාවන් විසින් නැගෙනහිර ප්‍රදේශය මුදාගෙන උතුරට යොමුවූ අවස්‌ථාවේ මේ ඓතිහාසික සිද්ධස්‌ථානය නැවතත් බෞද්ධයින් අතට පත්වී තිබේ. හිරිගඬු වෙහෙර වන්දනා කිරීමට අද නිරතුරුවම බෞද්ධ වන්දනාකරුවන් පැමිණේ. අභිනවයෙන් ඉදිකරන ලද විහාරස්‌ථානයට රැකවරණය ආදී පහසුකම් සපයන්නේ හමුදාවෙනි. ජල සම්පාදනය සඳහා මූලික වැඩකටයුතු ආරම්භ කර ඇතිදු අසල ඇති නිත්තුහණ වැවෙන් හෝ යාන් ඔයෙන් ජලය ලබාගත හැකි ශක්‌තිමත්. ජල සම්පාදන ක්‍රමයක අවශ්‍යතාවය මෙයට තිබේ. යාන්ඔය නිම්නයේ සශ්‍රික ප්‍රදේශයක්‌ වූ මෙහි නැවතත් බෞද්ධ ජනපද ඇති කරලීමේ අවශ්‍යතාව අපට දැඩිව දැනුනි. තිරියාය ගෝමරන් කඩවල සිට අනුරාධපුර පාරේ තැනින් තැන සිංහල ගම්මාන පවතී. ඔවුහුද නිශ්චිත ජල පහසුවක්‌ නෙමැතිව දුක්‌ විඳිති. වරින් වර කොටි ග්‍රහණයට පත් මේ ගම්මාන අන්‍ය ජාතිකයන්ගේ ගම්මානයන්ට වඩා අසරණය. ඔවුනක්‌ගේ මාවත්වලට තාර දමමින් ඔවුන්ගේ ජීවන මග ශක්‌තිමත් කිරීම දෙවැනි තැනට පත්ව ඇත්තේ සිංහල ජන ඡන්දයට වඩා අන්‍ය ජාතියන්ගේ ඡන්දයට වටිනාකම් වැඩි නිසා දැඩි පැනයක්‌ මතුවේ.

තිරියාය වටදාගේ වන්දනා කොට අප වෙල්ගම් වෙහෙරට පැමිණියෙමු. එයට ත්‍රිකුණාමල අනුරාධපුර පාරේ ගොස්‌ දකුණට හැරී යා යුතුය. එකොළොස්‌වන සියවසේ රාජ රාජ චෝල අධිපත්‍යයට මේ ප්‍රදේශය පත්වූ කල්හි මේ බෞද්ධ විහාරයද ඔවුන් අතින් සංවර්ධනය විය. එය හඳුන්වන ලද්දේද රාජ රාජ පෙරුම් පල්ලි යනුවෙනි.

සිටි කොටි ත්‍රස්‌තයින්ට දෙවැනි නැත. මේ ස්‌ථානයේ ඓතිහාසික පුරාවෘත්තය රාවණා රජුට සම්බන්ධ කරමින් එයම දෙමළ ඉතිහාසයට යා කරමින් ඔවුහු එම ස්‌ථානයේ විස්‌තර පුවරුවක්‌ සවි කර තිබේ. ඒ මගින් දෙමළ ඊළාම් වාදය තහවුරු කිරීමට මතවාදී වශයෙන් ශක්‌තිමත් පිටුබලයක්‌ ලැබෙන බව කිවයුතුය.

කන්නියා වතුර ළිං ආසන්නයේම අනුරාධපුර පාරෙන් හැරී ගෝමරන් කඩවල දෙසට ගිය විට රන්කිරියා උල්පත නමැති විහාරස්‌ථානය අසල තවත් උණුවතුර ළිඳක්‌ සහ සිසිල් ජල බුබුල් කීපයක්‌ද තිබෙන බව බොහෝ අය නොදනිති. ගෝමරන්කඩවල මාර්ගය දියුණු කළ හොත් වන්දනාකරුවන්ට පමණක්‌ නොව සංචාරකයින්ටද ඒ ස්‌ථාන විවේක ස්‌ථාන බවට පත්වනවා නිසැකය.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ හමුවන සේරුවාවිල ස්‌ථූපය බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත්ය. ශාක්‍ය කුමාරවරුන් ගේ අනුග්‍රහය ලැබ දියුණු වූ මේ ප්‍රදේශය බුද්ධ රශ්මියෙන් ඒකාලෝක වන්නේ කාවන්තිස්‌ස රජදවස ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කොට මෙහි මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ නිර්මාණය කළ පසුවය. වසර අටසීයක්‌ පමණ කාලයක්‌ චෝල ආක්‍රමණයෙන් පසුව වල් වැදී තිබී 1921 දී එය නැවත සොයා ගන්නා ලදුව බෞද්ධ වන්දනාකරුවන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඔප් නංවන සිද්ධස්‌ථානයක්‌ බවට පත්ව තිබේ.

කොටි ත්‍රස්‌තයින් නැගෙනහිර පළාත සිය වසඟයට ගත් පසු සේරුවාවිල බෞද්ධ පුදබිම අසරණ වුණි. එහෙත් වත්මන් විහාරාධිපති පූජ්‍ය සේරුවාවිල සරණකිත්ති නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා මේ බෞද්ධ පුදබිමත් නැගෙනහිර සිංහල ජනතාවත් ආරක්‍ෂා වුණි. ඒ පමණක්‌ නොව කොටි ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමේ මහා සංග්‍රාමය ආරම්භ වූයේද මේ ප්‍රදේශයේ මාවිල් ආරුවෙනි. ඒ උන්වහන්සේලා මෙන්ම දේශප්‍රේමී බෞද්ධ ජනතාව ඒ වටා පෙළ ගැසුණු බැවිනි.

මේ අසිරිමත් පුද බිමට ත්‍රිකුණාමලයේ සිට පැමිණිය හැකි කෙටිම මාර්ගය කින්නියා මාර්ගයයි. කින්නියා පාළම සාදා ඇත. එය යුගයේ දැවැන්ත ඉදි කිරීමකි. එලෙසම කොට්‌ටියාර් බොක්‌කේ අවසාන නැවතුම් පොළට ගොස්‌ මූදුතොට නොහොත් මුතූර්වලට ගොඩ වදින තෙක්‌ තිබෙන පාලම් ඉදිකළහොත් එය වන්දනා චාරිකාවක්‌ පමණක්‌ නොව සෞන්දර්ය චාරිකාවක්‌ද වනු නිසැකය.

කන්තලෙන් හැරී සේරුවාවිල යන ගමන අති දුෂ්කරය. පාර සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරමින් පවතී. මෙය සේරුවාවිල මඩකලපු මාර්ගයට සම්බන්ධ වේ. මෑතකදී සේරුවාවිල සිට සෝමාවතිය දක්‌වා කපන ලද නව කෙටි මාර්ගයේ වැඩ දැන් ඇනහිට ඇත. එය සාදා නිම කළ හොත් වන්දනාකරුවන්ට සෝමාවතිය හරහා සේරුවාවිලට ඉතා ඉක්‌මනින් ළඟා විය හැකිය. පොසොන් පොහොයට සේරුවාවිල පුද බිම වන්දනා කරුවන්ගෙන් පිරී ඉතිරී ගොසින්ය. කාලාන්තරයකට පසු ඔවුහු සිත් සේ රිසි සේ සිය වන්දනාවට පේ වෙති. පෙළක්‌ පිරිස ඉඩකඩ මදිකම නිසා දෝ ගස්‌ යට සෙවණේ පැදුරු එළාගෙන නිදති. මේ සැමට පහසුකම් සපයන්නට විහාරස්‌ථානයට ශක්‌තියක්‌ නොමැති තරම්ය. දිනක්‌ පොඩි හාමුදුරුවන්ගේ කාරුණික අනුග්‍රහයෙන් විශ්‍රාම ශාලාවක ඇතුල් කාමරයක ලැගුම් ගන්නට අපට ලැබුණද සියලු වන්දනාකරුවන්ට අවශ්‍ය ජල පහසුව මෙහිදී ලබා ගත නොහැකිය. ජල සම්පාදන මණ්‌ඩලයේ වතුර බිල ලක්‍ෂය ඉක්‌මවා යන බව පොඩිහාමුදුරුවන් අපට පැවසුයේ මෙවැනි බෞද්ධ පුදබිමකට මීටත් වඩා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු බවට ඉඟි කරමිනි. වන්දනාකරුවන් විශාල පිරිසක්‌ පැමිණෙන සේරුවාවිල පුදබිම සියලු පහසුකම්වලින් අංගසම්පුර්ණ කොට සංවර්ධනය කිරීම එළඹෙන සම්බුද්ධත්ව ජයන්තියට ආලෝකයක්‌ වන්නේම යෑයි සිතමි.

ඉච්චලම්පට්‌ටෙ නොහොත් දෙහිවත්තෙන් හැරී උක්‌aකාලී කලපුව අයින දිගේ කි. මී. 23 ක්‌ පමණ දුරක්‌ ගෙවා ලංකා පටුනට පැමිණිය යුතුය. මේ මාර්ග තවම පිළිසකර කොට නැත. තැන තැන වළවල් හාරා අතරමග නවතා ඇති පාලම් ඉඳිකිරීම්ද දක්‌නට ලැබිණි. එහෙත් අන්‍යජාතික ගම්මානත් සහ ඒවාට යාවෙන මාර්ග ඉතා සීඝ්‍රයෙන් ඉදි වේ.

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ සොයා ගන්නට යෙදුණේ නැගෙනහිර මුදාගත් අවස්‌ථාවේදීය. ලංකා පටුනට නුදුරුව මුහුද අයිනේ පුරාපාඩි නම් ස්‌ථානයේ සුවිසල් ගල් පර්වතයක්‌ පිහිටා තිබේ. ඒ ස්‌ථානයේ තිබී විවිධ යුගවලට අයත් සෙල්ලිපි පහක්‌ මේධානන්ද හිමියන් සොයා ගත්හ.

මෙහි පවතින සෙල් ලිපි අනුව මෙම විහාරය එකල හඳුන්වාදී ඇත්තේ පාෂාණ පබ්බත විහාරය වශයෙනි. මෙහි පැරණි ස්‌ථූපය ගරා වැටී ඇත. සෙල් ලිපියක සඳහන් පරිදි මෙම ෙච්තිය මංගල මහා ෙච්තිය වශයෙන් හඳුනා ගත හැකිය. එකල මේ ප්‍රදේශයේ අවට තිබූ සමෘද්ධිමත් වෙළෙඳ නගර ආශ්‍රිතව බැංකු පද්ධතියක්‌ පිහිටා තිබූ බවද එම බැංකුවල මුදල් සහ වී තැන්පත් කර ලැබෙන පොලියෙන් විහාරය නඩත්තු කළ බවද මෙහි වැඩිදුරටත් සඳහන්ය.

කොටි ත්‍රස්‌තවාදීහු මේ ස්‌ථානය අත්පත් කරගෙන සිටි කාලයේ සිය කොටි හඬ ගුවන් විදුලියේ සම්ප්‍රේෂණ කුළුණ ගල් පර්වතය උඩ චෛත්‍යයට නුදුරුව ඉදිකර තිබිණි. යුද හමුදාව විසින් මේ ප්‍රදේශය අත්පත් කරගත් පසු සේරුවාවිල රජමහා විහාරාධිපති පූජ්‍ය සේරුවාවිල සරණකිත්ති නාහිමියන්ගේ මූලිකත්වයෙන් මෙහි විහාරස්‌ථානයක්‌ ඉදි වී තිබේ. පූජ්‍ය රත්නපුරේ දීවානන්ද හිමියන් විහාරාධිකාරී ලෙසට කටයුතු කරයි. උන්වහන්සේ ගිහි කල බටහිර වෛද්‍යවරයෙකි. දෙමළ බසෙහිද හසල දැනුමක්‌ තිබෙන උන් වහන්සේ ප්‍රදේශවාසී දෙමළ ජනතාවට ප්‍රතිකාර කරමින් පිහිට වෙති. අප එහි ගොඩවැදුණු අවස්‌ථාවේදී දින දෙකකින් පමණ උන්වහන්සේ බත් සහිත දාන වේලක්‌ ගෙන නොතිබුණි. මෙහි ජීවත්වන දෙමළ ජනතාව වසර තිහක්‌ පමණ වල්වැදී කොටි ත්‍රස්‌තවාදී ග්‍රහණයේ සිටි බැවින් ස්‌වාමීන් වහන්සේ නමක්‌ අරභයා දන් පිළිගන්වන ආකාරය හෝ වත් පිළිවෙත් හෝ අඩුම තරමින් මානුෂීය සබඳතා පවා පවත්වාගෙන යන ආකාරය නොදැන සිටි බව දීවානන්ද හිමියන් අප සමග පැවසූහ. මේ අඩු පාඩුවට ඉව අල්ලන ඇතැම් මූලධර්මවාදී ක්‍රිස්‌තියානි සංවිධාන මේ ගම්මානවලට රිංගා මේ දෙමළ ජනතාවගේ සිත් සතන් දූෂණය කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

කොටි ත්‍රස්‌තයින් සිය ගුවන්විදුලි සම්ප්‍රේෂණ කාර්යාලය පවත්වාගෙන ගිය කන්ටේනරය සිය ලැගුම් ගෙය කරගත් රත්නපුරේ දීවානන්ද හිමියන් වෙත දානය සකස්‌ කොට පිළිගන්වා උන්වහන්සේගෙන් අප සමුගත්තේ මේ ස්‌ථානය සහ අවට ප්‍රදේශය නැවතත් බොදු පුද බිමක්‌ වේවා යෑයි ප්‍රාර්ථනා කරමිනි.

පාෂාණ පබ්බත විහාරයේ සිට තවත් කි. මී. හතක්‌ පමZණ ගිය කල්හි ලංකා පටුන සමුද්‍රගිරි විහාරස්‌ථානය හමු වේ. කිත්සිරි මෙවන් රජු දවස දළදා වහන්සේ වඩම්මවාගෙන පැමිණි දන්ත හේමමාලා යුවළ සිය ජල යාත්‍රාවෙන් ගොඩ බැස්‌සේ මේ පටුනෙනි. ඒ වන විටත් ඒ ප්‍රදේශය ශක්‌තිමත් වෙළෙඳ තොටුපළක්‌ වශයෙන් පැවති යෑයි අපට සිsතිය හැකිය.

ලංකා පටුන සමුද්‍රගිරි විහාරය බෞද්ධ සිත් සනහාලන පුදබිමකි. නිල්වන් මූදු තීරයත් පසෙක සොබාව සෞන්දර්යෙන් හෙබි කලපුවත් නිසා වෙසෙසි චමත්කාරයක්‌ මේ ප්‍රදේශයේ සටහන්ව තිබේ. කි. මී. 23 ක්‌ මග ගෙවා ආවද පූජනීය සේරුවාවිල මංගල මහා චෛත්‍ය ඉතා නුදුරුවෙන්ම ලංකා පටුනට දර්ශනය කළ හැකිය.

සමස්‌ත නැගෙනහිර පළාතම මේ ආකාරයට බෞද්ධ පුරා වස්‌තූන්ගෙන් පිරී පවතී. එහෙත් ඒ සියලු ස්‌ථාන නඩත්තුවට ගොදුරු ගම්මාන නොපවතී, ලංකාපටුනේ තත්ත්වයද එසේමය. මේ ප්‍රදේශවල පවතින ස්‌වාභාවික සම්පත් වෙළෙඳ ද්‍රව්‍ය බවට පත් කොට අතීතයේදී මේ නැව් තොටුපළින් විදේශගත වූ වෙළෙඳ ශ්‍රේණි වූහ. ඔවුහු ලක්‌දිව අගරජුට දැකුම් බදු ගෙවූහ. එසේම විහාරස්‌ථානද නඩත්තු කළහ. රෙදිපිළි, අලි ඇතුන් ආදිය එදා ප්‍රධාන අපනයන භාණ්‌ඩ අතර විය. ඒවායින් රජය බදු අය කළහ.

අවතැන්වූවන් පදිංචිකරවීම සහ ජීවිකාව අතර තිබෙන ප්‍රශ්නය අද විස¹ගත යුතු ආකාරය එදා අපට පෙන්වා දී ඇත්තේ එලෙසය. රටේ ජන අනුපාතයට අනුව ජනතාව පදිංචි නොකළහොත් මේ ප්‍රදේශවල තිබෙන බෞද්ධ උරුමයක්‌ තවත් යුද කෝලාහලයකදී විනාශ වී යනවා නිසැකය.

වට වන්දනාවන්ට පහසුකම් සැලසීම දෙලොව පින් ලැබෙන කටයුත්තකි. බෞද්ධ රජයක පළමු යුතුකම එය විය යුත්තේය. පැරණි රජදරුවන්ද ඒ මගම ගත් බව පෙනේ. වන්දනාකරුවන්ද ආ ගිය තැන් විමසිල්ලෙන් බලා ඒවා නගා සිටුවීමට හැකි උපකාරයක්‌ කිරීමට දායක වන්නේ නම් ඉතාමත් ඉක්‌මනින් මේ සිද්ධස්‌ථාන දියුණුවට පත්වේ යෑයි කිව යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.