තලේබාන් සාමාජිකයන් කර්සායිට ඔත්තු සපයති

කාබුල්

ලෝකයේ ප්‍රබල ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ වන තලේබාන් සංවිධානයේ සාමාජිකයන් දැන් දැන් ඇෆ්ගනිස්‌තානු රජයට ඔත්තු සැපයීමට පටන් ගෙන ඇත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ තලේබාන් සටන්කාමී නායකයන් සෑහෙන පිරිසක්‌ මරණයට හෝ අත්අඩංගුවට පත්වීමය.

බැග්හලස්‌a සහ කුන්ඩුස්‌ යන පෙදෙස්‌වල සිටිත තලේබාන් ප්‍රධානීන් සොයා ගැනීමට හැකි වී ඇත්තේ මෙම ඔත්තු මතය.

හිස්‌බි ඉස්‌ලාමි යන ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට නායකත්වය දෙනු ලබන්නේ ගල්බුදීන් හෙක්‌මතියර් නම්වූ සටන්කාමියෙකි. ඇෆ්ගනිස්‌තානු ජනාධිපති හමීඩ් කර්සායිට එරෙහිව යුද වැදී සිටින ප්‍රධාන ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් තුනෙන් එකකිs. එහෙත් දැන් මෙම ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් අතර එකිනෙකා සටන් කිරීමට පටන් ගෙන ඇත. මෙහි ප්‍රතිඵලය වූයේ හිස්‌බිs ඉස්‌ලාම් සංවිධානයේ සාමාජිකයන් ඇෆ්ගනිස්‌ථානයේ ආරක්‍ෂාව පැතීමය.

ඔවුන් තලේබාන් සංවිධානයෙන් දුරස්‌ථවන බව ඒත්තු ගැන්වීමට සාම යෝජනා 15 ක්‌ සමග නියෝජිත කණ්‌ඩායමක්‌ කාබුල් නගරය වෙත යවා ඇත. මෙම සැලැස්‌ම ඇෆ්ගනිස්‌ථාන රජය පිළිනොගත්තද දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඉතා සුහද ලෙස පවත්වා ඇත.

ඇෆ්ගනිස්‌ථානයේ 209 වැනි බලඇණියේ අණදෙන නිලධාරි මුරාද් අලිමුරාද් ප්‍රකාශ කළේ තමන්ට අවශ්‍ය ඔත්තු සියල්ල හිස්‌බි ඉස්‌මයිල් සංවිධානයෙන් ලැබෙන බවය. "අපට දිගින් දිගටම තොරතුරු ලැබෙනවා. ඒ හරහා සාමයට බාධාවක්‌ වී ඇති නායකයන් මරා දැමීමට අපට හැකිවී තිබෙනවා" යෑයි ඔහු තවදුරටත් පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.