ඔටු කිරි වෙළෙඳපොළට

ටෙලිග්‍රාෆ්

බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළෙඳසල්වල ඔටු කිරි විකිණීම සඳහා මැදපෙරදිග සමාගමක්‌ බ්‍රිතාන්‍යයෙන් අවසර ඉල්ලා ඇත. සුපිරි වෙළෙඳසල්වල නවතම කිරි නිෂ්පාදනය ඔටුකිරි බවට පත්වීමට ඉඩ ඇත.

මෙම කිරිවල බහුල ලෙස විටමින් .C. ඇති අතර එළකිරිවල මෙන් මේදය අඩංගු නැත.

ඔටු කිරි නිෂ්පාදනයේ නිරත වී ඇති සමාගම් සංඛ්‍යාව සවල්පයකි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔටුවකුගෙන් දිනකට ගත හැක්‌කේ කිරි පයින්ට්‌ 13 ක්‌ පමණක්‌ වීමය. එළදෙනකුගෙන්a සාමාන්‍යයෙන් දිනකට කිරි පයින්ට්‌ 50 ක්‌ පමණ ලබා ගත හැකිය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.