ජූලි 2 වැනිදා සිට 9 වැනිදා දක්‌වා
සතියක්‌ ඇතුළත ඩෙංගු මරණ 4 ක්‌


ඒමන්ති මාරඹේ

ඉකුත් ජූලි 2 වැනිදා සිට 9 වැනිදා දක්‌වා ගත වූ සතියක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1073 දෙනකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 4 ක්‌ සිදුව තිබේ. මෙම සංඛ්‍යා සමගම මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්‌වා වූ කාලයේදී දිවයිනෙන් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 19,838 ක්‌ (දහ නවදහස්‌ අටසිය තිස්‌ අටක්‌) දක්‌වා ඉහළ ගොස්‌ ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 140 කි.

පසුගිය සතියේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් 1073 දෙනාත් සමගම වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වන දිස්‌ත්‍රික්‌කය බවට කොළඹ දිස්‌ත්‍රික්‌කය පත්ව ඇති අතර දෙවැනි හා තෙවැනි ස්‌ථානවලට පිළිවෙළින් යාපනය හා ගම්පහ දිස්‌ත්‍රික්‌ක පත්ව තිබේ. දිවයින පුරා පැතිර යමින් පවතින ඩෙංගු වසංගතය මැඬලීමේ අරමුණින් මදුරුවන් බෝවීම වැළැක්‌වීමේ පනත තදින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමට ද පියවර ගෙන තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.