පුංචි ඡන්දය ජනවාරියේ

රනිල් ධර්මසේන

මීළඟ පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මස අවසානයේදී පැවැත්වීමට රජය සැළසුම් කර ඇතැයි වාර්තා වේ. මෙම මැතිවරණය කොට්‌ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට නියමිත අතර නව පළාත් පාලන මැතිවරණ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ "දිවයින" ට පැවැසීය. මේ වනවිට මැතිවරණ පනත් සංශෝධන
කටයුතු විධිමත්ව සිදුවන බව ද හෙතෙම කීය.

පළාත් පාලන ආයතනවල නිල කාලය පසුගිය අප්‍රේල් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ අතර පසුව එය වසරකින් කල් දැමීමටත් අනතුරුව ඕනෑම අවස්‌ථාවක මැතිවරණය පැවැත්වීමට පළාත් පාලන ඇමැතිවරයාට බලය පැවැරීමටත් රජය මීට පෙරදී තීරණය කළේය.

නව මැතිවරණ ක්‍රමයට අනුව මැතිවරණ කොට්‌ඨාස යළි නිර්ණය කිරීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.