ඩෙංගු මදුරුවන් බෝවීම වළක්‌වන
දේශීය බැක්‌ටීරියාවක්‌ සොයා ගනී


ප්‍රභාත් විතාන

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්‌වන බැක්‌ටීරියාවක්‌ කාර්මික තාක්‍ෂණ ආයතනයේ පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් සොයාගෙන ඇත.

බැසිලස්‌ සුරැන්ජෙන්සිස්‌ ඊස්‌ට්‍රලෙසිස්‌ නමැති මෙම බැක්‌ටීරියාව මගින් ඩෙංගු, මැලේරියා හා බරවා මදුරුවන් බෝවීම විනාශ කරන බව ජාතික තාක්‍ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනි ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය පැවසුවාය.

මෙම බැක්‌ටිරියාව නිෂ්පාදනය කරන ප්‍රොaටීනමය විෂ සංයෝගය මගින් මදුරුවන්ගේ ආහාර මාර්ගය අඩපණ වන බවත් එමගින් මදුරුවන් විනාශ වන බවත් සමරසේකර මහත්මිය කියා සිටියාය.

බැසලස්‌ සුරැන්ජෙන්සිස්‌ ඊස්‌ට්‍රලෙසිස්‌ නමැති මෙම බැක්‌ටීරියාව මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට අදාළ අංශවල නීතිමය අවසර ලැබී ඇති අතර මෙම මාසය ඇතුළත මෙය වෙළෙඳපොළට නිකුත් කෙරෙන බවද සමරසේකර මහත්මිය පැවසුවාය.

ඊට අමතරව මෙම බැක්‌ටීරියාව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ප්‍රාදේශීය සභාවලට ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡාද මේ දිනවල සිදු කෙරෙන බවත් ජාතික විද්‍යා පදනම හා ජාතික පර්යේෂණ සභාව පරීක්‍ෂණ සඳහා ප්‍රතිපාදන ලබාදුන් බවත් ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.