සුනාමි පෙරහුරුවක්‌ අද

ලසිත දුමින්ද

සුනාමි ආපදාව පිළිබඳ පෙර දැනුම්දීමේ පෙරහුරුවක්‌ අද (13 වැනිදා) දිවයිනේ වෙරළාශ්‍රිත දිස්‌ත්‍රික්‌ක 14 ක්‌ ආවරණය වන පරිදි පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව අදාළ දිස්‌ත්‍රික්‌කවලින් තෝරාගත් ප්‍රදේශ 14 ක අද සවස 3.00 සිට සුනාමි පෙරහුරු වැඩසටහන් පැවැත්වෙන බව  ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ හදිසි මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්. පී. වේරගම මහතා "දිවයින"ට පැවසීය.

ත්‍රිකුණාමලය සිට පුත්තලම දක්‌වා වෙරළාශ්‍රිත දිස්‌ත්‍රික්‌කවල සුනාමි පෙර අනතුරු දැනුවත් කිරීමේ කුළුණු 52 ක්‌ ස්‌ථාපිත කර ඇති බවත් තවත් කුළුණු 25 ක්‌ ස්‌ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් බ්‍රිගේඩියර් එම්. පී. වේරගම මහතා සඳහන් කළේය.

දිවයිනේ ඊසාන දෙසින් ඇතිවන භූමි කම්පාවකට අනුව පිළිවෙළින් මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව්, හම්බන්තොට, කිලිනොච්චිය, යාපනය, මාතර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ හා පුත්තලම යන දිස්‌ත්‍රික්‌කවල තෝරාගත් ගම්මාන 14 කට සුනාමි අනතුරු පෙරහුරුව පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.