කතරගම දෙවැනි දින පෙරහැර අද

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යයේ 2 වැනි දින පෙරහැර අද (13 දා) වීදි සංචාරය කරනු ඇත.

අද රාත්‍රි 7.45 ට පෙරහැර ආරම්භ වන අතර කතරගම දෙවියන් වඩම්වා ගත් පෙරහැර දේවාල මාවතේ ගමන් කර පිට වීදියට පැමිණ වල්ලි අම්මා දේවාලයට ගොස්‌ චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු නැවත මහා වීදිය ඔස්‌සේ මහා දේවාලයට පැමිණ ගෙවදීමෙන් පසු අවසන් වන බව කතරගම දේවාලයේ බස්‌නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.