සත්තුවත්තේ ඇන කොණ්‌ඩා පැටව් 23ක්‌ උපත ලබති

චමින්ද සිල්වා - ප්‍රදීප් සමරකෝන් - පින්සිරි ආරියරත්න - රත්මලාන

දෙහිවල සත්තු වත්තේ පෙරේදා (11 වැනිදා) අලුයම ඇනකොණ්‌ඩා පැටවුන් විසිතුන්දෙනකු උපත ලබා ඇත.

මෙම පැටවුන් ඉතා නිරෝගීව සිටින අතර කූඩු දෙකක රඳවා මහජන ප්‍රදර්ශනයට තබා ඇතැයි සත්වෝද්‍යාන ආරංචිමාර්ග "දිවයින"ට පැවසීය.

මෙම පැටවුන් බිහිකළ ඇනකොණ්‌ඩා යුවළ සතුන් හුවමාරු කිරීමේ වැඩසටහන යටතේ 2003 වසරේදී චෙක්‌ රාජ්‍යයේ "ලෙෂන් සිටි" සත්තු වත්තෙන් මෙරටට ගෙන්වනු ලැබීය. 2008 වසරේ ද මෙම යුවළ පැටවුන් 24 දෙනකු බිහිකළ අතර එම පැටවු අවස්‌ථා කිහිපයකදී මියගියහ.

එම පැටවුන් මියයැමට විෂබීජයක්‌ හේතුවී ඇති බව සත්වෝද්‍යාන වෛද්‍යවරුන් තීරණය කරතිබූ අතර එවැනි තත්ත්වයක්‌ ඇතිවීම මගහැර පැටවුන් හොඳ වාතාශ්‍රයක්‌ ලැබෙන ස්‌වභාවික පරිසරයක්‌ වැනි ස්‌ථානයක රඳවා ඇතැයිද එම, ආරංචිමාර්ග පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.