රේසර් තලයකින් කපා තරුණයකු
මරා දැමූ විත්තිකරුට මරණ දඬුවම


පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

පුත්තලම - පොලිස්‌ වසමේ දළුවආලිකට්‌ට මාදැල් වාඩියක සිටි තරුණයකු රේසර් තලයකින් කපා මරුමුවට පත් කළ අයකුට පුත්තලම මහාධිකරණ විනිසුරු එස්‌. ඩී. එA. කාසීම් මහත්මිය මරණීය දණ්‌ඩනය නියම කළාය.

2007.01.10 දා මෙලෙස මරුමුවට පත්වී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි කුලකුලසූරිය ජූඩ් ප්‍රනාන්දු නමැත්තාය. සිද්ධියෙන් වරදකරු වී මරණීය දණ්‌ඩනය නියම වූයේ වර්ණකුලසූරිය නිහාල් මුණසිංහ නමැත්තකුටය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ හා විත්තිය වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥ ඉස්‌ති ඉක්‌බාල් මහත්වරු පෙනී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.