පුත්තලමේ වැටලීම්වලින් වරෙන්තුකරුවෝ 45 ක්‌ දැලේ

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

පුත්තලම පොලිසිය මගින් පසුගිය දින කිහිපය පුරා සිදු කරන ලද වැටලීම්වලින් වරෙන්තු කරුවන් හතලිස්‌ පස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගහරිමින් සිටි මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය, රැගෙන යැම වැනි වැරැදි සිදුකළ අය බව පොලිසිය කියයි.

පුත්තලම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක කේ. ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.