පාසල් සිසුවිය ඩෙංගු උණෙන් මරුට

දෙනගම - ධම්මික රණවීර

මාතර ශාන්ත තෝමස්‌ බාලිකා විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්‌ ඩෙංගු උණ රෝගය වැළඳීම නිසා ඊයේ (12 වැනිදා) දහවල් මාතර රෝහලේදී මරණයට පත්වූවාය.

මෙලෙස මිය ගොස්‌ ඇත්තේ දෙවිනුවර මදටිවැල්ල ප්‍රාර්ථනා නිවසේ විසූ ඩිල්මි හංසිකා නමැති දැරියකි.

ඇයගේ දහතුන්වැනි උපන් දිනය යෙදී ඇත්තේ අද (13 වැනි) දිනය.

පසුගිය බදාදා උණ රෝගය වැළඳීමෙන් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස්‌ ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.