කොලොන්නාවේ පාතාල සාමාජිකයා පැහැරගෙන

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජයසිංහ - බණ්‌ඩාගම විශේෂ

පොලිස්‌ නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී වෑන් රථයකින් පැමිණි පස්‌දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ පෙරේදා (11 වැනිදා) දහවල් කොලොන්නාව පී. ටී. පෙරේරා මාවතේ නිවසක සිටි පාතාලයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු පැහැරගෙන ගොස්‌ ඇතැයි නුගේගොඩ පොලිස්‌ හදිසි ඇමැතුම් අංශය පවසයි.

මෙසේ පැහැර ගැනීමට ලක්‌වී ඇත්තේ චමින්ද අනුර ජයලත් නොහොත් "චූටි පුතා" (40) නමැති අයෙකි.

පෙරේදා දහවල් සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිස අතර, සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයකු සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගල පැහැරගැනීමේ සිද්ධියට හේතුව මෙතෙක්‌ හෙළිවී නොමැත.

මේ සිද්ධිය පිළිබඳව වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.