හක්‌ බෙල්ලන් කිලෝ 400 ක්‌ සමග
ට්‍රොලර් යාත්‍රාව නාවික අත්අඩංගුවට

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත නීති විරෝධීව මුහුදු මගින් රුපියල් ලක්‌ෂ 3ක්‌ වටිනා මුහුදු හක්‌බෙල්ලන් කිලෝ ග්‍රෑම් 400 ක්‌ රැගෙන යමින් තිබූ ට්‍රොaලර් යාත්‍රාවක්‌ නාවික හමුදාව විසින් ඊයේ (12 වැනිදා) අලුයම තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉතා සුරක්‍ෂිත ලෙස අසුරන ලද මලු විස්‌සක මෙම මුහුදු හක්‌බෙල්ලන් තොගය ඉන්දියාව බලා රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මුහුදු හක්‌බෙල්ලන් තොගය සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්‍ෂණ සඳහා තලෙයිමන්නාරම් පොලිසිය වෙත බාර දී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.