වනජීවි පශු වෛද්‍යවරු හෙට සිට වෘත්තීය සටනේ

සිරිමන්ත රත්නසේකර

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් හෙට (14 වැනිදා) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට තීරණය කර ඇත.

අලි මිනිස්‌ ගැටුම උත්සන්න වීම විසඳීමට අදාළව සිදුවිය යුතු ඵලදායි ක්‍රියාමාර්ගයන් හි යෙදීමට පරිපාලනය අසමත්වීමත්, තම වෛද්‍යවරුන්ගෙන් ඉටුවිය යුතු සේවාවන් ලබාදීමට අවස්‌ථාව සලසා නොදී පරිපාලනය සිදුකරන රාජකාරි කප්පාදු කිරීම්වලටත් සහ පශු වෛද්‍යවරුන්ට අවශ්‍ය සම්පත් ලබා නොදී වෘත්තීය ගරුත්වය නොලබාදීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගෙන යන ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හි නිරතවන බව ශ්‍රී ලංකා වනජීවි පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විජිත හේරත් මහතා "දිවයින" ට පැවසීය.

ඉහත කාරණා තුනට අදාළව පිළිගතහැකි විසඳුමක්‌ ලබාදීමට පාලනාධිකාරිය අසමත්වුවහොත් මින් ඔබ්බට ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.