රත්නපුර නගරයේ තදබදයට අද සිට පිළියම්

රත්නපුර අතිරේක - යූ. අසිත ඉන්දික වීරවර්ධන

රත්නපුර නගරයේ පවතින තදබදයට විසඳුමක්‌ වශයෙන් රත්නපුර වෙරළුප කොස්‌පැලවින්න මාර්ගයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු අද (13 දා) පෙ.ව. 9.30 ට සබරගමුව පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, රත්නපුර පුරපති චන්ද්‍රදාස ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. සබරගමුව පළාත් සභාවේ පළාත් මාලන මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සහ රත්නපුර මහ නගර සභාව ඒකාබද්ධවී මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවයි.

අදියර තුනකින් ප්‍රතිසංස්‌කරණය කෙරෙන මෙම මාර්ගය සඳහා සබරගමුව පළාත් සභාව වැය කෙරෙන මුදල රුපියල් ලක්‌ෂ 72 කි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.