එ.ජා කමිටුවට එරෙහිව අන්තර් ජාතික අධිකරණයේ නඩු දැමීමට යයි

ප්‍රභාත් විතාන

එක්‌සත් ජාතීන්ගේ මහ ලේaකම්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පත්කර ඇති උපදේශක කමිටුව අහෝසි කරන ලෙස අන්තර ජාතික අධිකරණය හමුවේ නඩුවක්‌ දැමීමට දේශප්‍රෙමී නීතිඥයෝ සංවිධාන කටයුතු යොදති.

බෑන් කී මූන් විසින් පත් කළ මෙම උපදේශක කමිටුව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයේ අනුමැතියකින් තොරව පත්කර තිබෙන බව රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ පුවත්පත් නිවේදනයක සඳහන් බවත් මෙම නඩුව සඳහා එය සාක්‌ෂි වශයෙන්ද යොදා ගන්නා බවත් දේශප්‍රේමි නීතිඥයෝ සංවිධානය පවසයි.

ඒ අනුව මෙම කමිටුව නීති විරෝධී කමිටුවක්‌ බවත් එනිසා මෙම කමිටුව නීතිය හමුවේ ශුණ්‍ය හා බල රහිත කළ යුතු කමිටුවක්‌ බවත් ඊට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංවිධානයේ සභාපති නීතිඥ කේ. වී. සිරිසේන මහතා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.