බෑන්කීමූන්ගේ කමිටුව
එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික අරමුණුවලට පටහැනියි
ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

අමිල අබේරත්න

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කීS මූන් මහතා පත් කළ විශේෂ උපදේශක කමිටුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ මූලික අරමුණුවලට පටහැනිව ඇති වූවක්‌ බව ජාතික නිදහස්‌ පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල ජාතික නිදහස්‌ පෙරමුණේ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජාතික නිදහස්‌ පෙරමුණේ සංවිධායක ජයන්ත සමරවීර මහතා

මෙම ඊනියා උපදේශක කමිටුව සම්බන්ධයෙන් නිසි පිළිතුරක්‌ නොලැබුණු නිසා විමල් වීරවංශ සහෝදරයා මෙසේ මාරාන්තික උපවාසයකට අවතීර්ණ වුණා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධව දෙස්‌ විදෙස්‌හි බරපතල කතිකාවතක්‌ ඇති කිරීමටද මෙම උපවාස තුළින් හැකි වුණා. මෙම උපවාසයට පෙර ජනතාවට මේ පිළිබඳව අවබෝධයක්‌ තිබුණේ නෑ. ජනතාව නින්දෙන් ඇහැරී මේ පිළිබඳව අවධානය යොමු කළේ මේ උපවාසයත් සමගයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා පත් කළ විශේෂ උපදේශක කමිටුව බෑන් කී මූන් හා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතර මීට පෙර ඇති වූ ඒකාබද්ධ ප්‍රකාශය අනුව ඇති වූවක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුqණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙම ඒකාබද්ධ ප්‍රකාශයේ කිසිම තැනක උපදේශක කමිටුවක්‌ පිළිබඳ සඳහන් වී නෑ.

එහෙත් ඔහු මාධ්‍යවේදියෙක්‌ ඇසූ ප්‍රශ්නයකදී එසේ ප්‍රකාශ කළේ නැතැයි පවසා තිබෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණට ප්‍රතිපත්තියක්‌ නොමැති බව මෙවැනි ප්‍රකාශවලින්ම පැහැදිලි වෙනවා.

මෙම උපදේශක මණ්‌ඩලය පත්කිරීම මගින් රටට විශාල හානියක්‌ සිදුවෙනවා. විමල් වීරවංශ සහෝදරයා මාරන්තික උපවාසයකට එළඹුණේ එම හේතුව නිසයි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කී මූන් මෙමගින් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ රණවිරුවන්ව යුද අධිකරණය කරා ගෙනයැමයි. මොන විදේශ අභියෝග පැමිණියත් ශ්‍රී ලාංකික ජනතාව එයට මුහුණ දීමට සූදානම්. යුද ජයග්‍රහණය නැවත ආපස්‌සට හැරවීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කී මූන් මහතා උත්සහ කරනවා. මෙම යුද ජයග්‍රහණය අපේ ජනතාව හා සෙබළුන් විශාල කැප කිරීමක්‌ සිදුකර ලබාගත් ජයග්‍රහණයක්‌. අපි මෙය ඉතාම තදින් හෙළා දකිනවා.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධ වීමට කිසිම උපදේශක කමිටුවකට අවස්‌ථාව නොදෙන බව ශ්‍රී ලංකා රජය පවා ප්‍රකාශ කර තිබෙනවා. යුගෝස්‌ලෝවියාවට හා ඉරාකය යන රටවලටද මෙවැනි උපදේශක කමිටු එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කරනු ලැබුවා. මෙම උපදේශක කමිටු පත්කිරීම සැහැල්ලුවකට ගතයුතු කාරණයක්‌ නොවේ. එය බිහිසුණු කුමන්ත්‍රණයක්‌. විමල් වීරවංශ සහෝදරයාගේ උපවාසය මේ පිළිබඳ ආණ්‌ඩුවේ අවධානය ගැඹුරින් හැදීමට ද ඉවහල් වුණා.

එහිදී අදහස්‌ දැක්‌වූ සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති වීරකුමාර දිසානායක මහතා.

විමල් වීරවංශ සහෝදරයා මෙයට මැදිහත් වුණේ ලංකාවට පැමිණෙන අභියෝග පිළිබඳ සලකා බලා. විමල් වීරවංශ සහෝදරයාගේ මෙම උපවාසය සමග දේශමාමක බලවේග අවදි වුණා. මෙම විදේශ විරෝධයට එක වේලක්‌ බඩගින්නේ හිටපු නැති සමහර දේශපාලනඥයන් මේ උපවාසය නිසා රටට හානියක්‌ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන්ගෙන් ගත්ත ඩොලර් ගණන කොපමණදැයි මම එම දේශපාලනඥයන්ගෙන් අසනවා. වහාම කූට දේශපාලනය නවත්වන ලෙස ද මම ඉල්ලා සිටිනවා. රටට එරෙහිව ක්‍රියාත්මක වන මෙම විදේශ බලවේගවලට හැම ජනතාවගේම සහයෝගය අවශ්‍ය වෙනවා.

මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ද සහභාගි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.